37_වන_කොටස❄️
තුහින්‍යාත් භූමිත් ආපසු පැමිනෙන විට සවස් වී තිබුණි……….. මේ ගමන ජීවිතයේ බොහෝ දේ වෙනස් කර තිබුණි……. ජීවිතය අළුතින් පටන් ගන්නට පැතුම් පොදි බැඳී තිබුණි……. තුහී සම්පුර්ණ නිදහස් ස්වාධීන ගැහැණියක් බවට පත්ව සිටියාය……. භූමි ඔහුගේ පැල තවානට ගියේ තුහින්‍යා නිවසට ඇරලවාය……….
පසුදා උදෙන්ම භූමි නිවසට පැමිණියේ අම්මා සමගින් තුහී ගැන කතා කරන්නට සිතාගෙනයි……….
” අම්මා………………..
භූමි දැන් සම්පූර්ණයෙන්ම අම්මාට සමාව දී සිටියේය……….
” ලොකු පුතා……. ඔයා ආවද…… කෝ තුහී…….??
” මං එයාව ගෙදරට දාලා ආවේ අම්මා…..
” ඒක හොදයි….. නැත්තම් නිර්මාණි කලබල වෙයි………. මේ දැන් ටිකකට කලිනුත් කතා කලා……. තේ එකක් බොමුද…….. යමුකො කුස්සියට…..
භූමි අම්මා පසුපසින් කුස්සියට ගියේය…… භූමි මේ සූදානම් වන්නේ තුහින්‍යා ගැන කතා කරන්නවත්දැයි ඇය නිකමට සිතුවාය……. ඇයත් තුහීගේ මවත් මේ ගැන කතා කලේ ඊයේ සවස් වරුවේ එහි ගිය මොහොතේදීය……
” අම්මා…… මට දෙයක් කියන්න තියනවා….
භූමි කිව්වේ තේ උගුරක් බොමින්…..
” කියන්න ඉතින්…..
” මේකයි…….. මට ලස්සන වචන කියන්න බෑ මල්ලි වගේ…….. ම්ම්ම්ම්…. මං තුහීව බඳින්න කියලා හිතුවේ අම්මා……
භූමි කියද්දි ඇයට සිනා සඟවා ගන්නට නොහැකි විය……..
” අම්මා………..????
” අපි දැනගෙන හිටියේ ඔය ගැන ලොකූ…… ඊයෙ මමයි නිර්මානියි සනත් අයියයි ඔය ගැන කතා කලා…….
” මාමා මොනවා හිතයිද දන්නෑ………
” අපි බලමු…….. කොහොමත් තේජ්ට කොල්ලෙක් ඉන්නවානේ…….
නන්දිතා කියුවේ එතැනින් නැගිටින ගමන්……..
” අපි මේ ගැන මාමටත් කියලා තුහින්‍යාගේ ගෙදර යමු……..
නන්දිතා යෝජනා කලාය………. භූමි මාමා හා මේ ගැන කතා කරන්නට සිතා ගත්තේය……….. නමුත් එය කෙසේ කරන්නදැයි ඔහු බොහෝ සිතුවේය……. මාමා තරහ කරගෙනද බැරි බව ඔහු නොදන්නවා නොවේ……..
භූමිගේ දුරකතනය නාද වුනේ මිහිරි ආදර ගීත නාදයකින්…….. නන්දිතාගේ මුවගට යලි සිනාවක් ආවේ මේ නපුරු නහට අහන්නැති හිතුවක්කාරය එක අහිංසක කෙල්ලක් ළඟ මට්ටු වුන හැටිකියලා හිතන ගමන්…….
” ලංකාවම හොල්ලගෙන හිටිය ඇල්නිලම්ට වෙච්ච දේ කියලා වෙන්න ඇති ලොකු නෝනා මට නක්නලේට හිනාවෙවී හිතුවේ නේද………
භූමි කියද්දී සඟවාගෙන සිටි සිනාව වහා එලියට පැන්නේ හඬ නගමින්……. භූමිද සිනා සෙමින්ම ඇමතුම සම්බන්ධ කර ගත්තේය……
” හෙලෝ………..
” අනේ…..ලොකු……අයියා…. මං….මං… තේජ්…… අනේ මට ඔයාව හම්බවෙන්න ඕනි අයියේ……. ප්ලීස්……
තේජස්වි හඬමින් කියද්දි භූමි මදක් කලබලයට පත් විය……
” ඇ……ඇයි නංගි…….
” එන්නකෝ මං කියන්නම්……….
” ආ….. හරි මං ඔෆිස් එකට එන්නම් ඔයා එන්නකෝ…….. අම්මා මං යනවා පොඩි හදිස්සියක්……
අම්මට කියූ භූමි වේගයෙන් ගොස් වාහනයට නැගුණි…….
💫💫💫💫💫
තුහින්‍යා උදෑසන කාර්යාලයට ආවේ වෙනදාටත් වඩා සතුටින්……. ඇය එන විට ජාන්වී හා දිල්රූ පැමිණ සිටියා……
” ගුඩ් මෝර්නින් හැමෝටම…
තුහින්‍යා ආවේ ඔවුන්ට සුභපතාගෙනමයි…
” අනේ තුහියෝ Congratulations මැණික….. උඹ කොහොම හරි ඒ මිනිහාගෙන් ගැලවුනානෙ…… දැන් ඉතින් තියෙන්නේ ආයෙත් අළුතින් ජීවිතේ පටන් ගන්න….. ඔයාගේ භූමිත් එක්ක…….
තුහිනෙකටඔහේපාවෙලාවැටෙන්නඒතමයිගැලපෙනමසුන්දරභූමිය….
ජාන්වී කිව්වේ තුහීව ආදරයෙන් වැලඳගෙන සිපගනිමින්…….
” Congratulations වස්තු……. උඹට හරියන්නෝන මැණික……. අපි හැමෝම ඔයාලා එක්ක ඉන්නවා……. උන්ට පේන්න උඹයි අ පේ ලොකු අයියයි එකතු වෙලා ලස්සනට ජීවත් වෙන්න ඕනි……
දිල්රූ ද කීවේ උතුරා යන සොම්නසින් යුතුව…….. …
” හා මෙන්න කට්ටිය අද කලින්ම ඇවිත්……..
භූමි කාර්යාලයට එබුනේ සිනාමුසු මුහුණින්ය……..
” Good morning ලොකු අයියා………
කෙල්ලො දෙන්නම සුභ පැතුවේ සිනාමුසු මුහුණින්මයි………
” තුහී ටිකක් කතා කරන්න ඕනි…… එනවද…..
භූමි එහෙම කියාගෙනම ඉහල මාලයට යද්දී ජාන්වීයි දිල්රූයි තුහීට යන්නට නොදී දෙපසින් අල්ලාගත්තේ මුහුණට මුහුණ බලමින් අමුතුවට සිනාසෙමින්…..
” මේහ්…….. අයියගේ මුහුණ නිකම් තොරණක් වගේ…… ඇයි ඒ…….
ජාන්වී ඇසුවේ තුහීගේ මුහුණට එබෙමින්……..
” මට පේන්නෙ කොළඹදි මොනවා හරිවෙලා වගේ……
” අනේ මේකට වහන් හිටපල්ලා…
තුහී ඔවුන්ගෙන් මිදෙන්න උත්සහ කරමින් කියද්දි කෙල්ලො දෙන්නා අත් ලිහිල්කලේ සිනාවෙන්මයි……
” හරිහරි දුවපන් කුමාරයා උඩ ඉදන් බලන් ඇති……. ආස අැතිනේ ටිකක් කතා කරන්නත්……..
තුහී ඔවුන්ගෙන් මිදී ඉක්මනින් ඉහල මාලයට ගියේ තවත් හිටියොත් ඔවුන්ගෙන් ගැලවුමක් නැති හෙයින්……..
තුහින්‍යා ඉහල මාලයට ගොස් මද වේලාවකින් තේජස්වි ද ඒ දෙසට යනු දුටු ජාන්වීත් දිල්රූත් මදක් බියට පත් විය……
” ඒයි අන්න අර හෝන්තුව කඩාගෙන ගියා යකූ ඇතුලට…….. අරුන් දෙන්නා මොනා කරනවද දන්නෑ යමන් යමන් උඩට…….
ජාන්වී දිල්රූ ඇදගෙන ඉහල මාලයට යන විටත් පමා වැඩිය……… තේජස්වි දොරටුව විවර කරගෙන ඇතුලට ගියාය………
තේජස්වි කාමරයට ඇතුළු වන විට තුහී සිටියේ භූමි ඉදිරිපස පුටුවේ වාඩිවීය……..
” එන්න ලොකු නංගි……..
තෙජස්වි ආවේ තුහින්‍යා දෙස බලාගෙනමයි……. ඇගේ මුහුණ මලානිකව තිබුණි…….. දෙතොල් සැළුනේ සීතලට නම් නොවන බව තුහීට විශ්වාසයි…….. තේජස්වි සිටියේ බියට පත්වයි…….. තූහී නැගිට තේජස්විට වාඩ වන්නට අසුන දුන්නාය……
” Tha……..nks…… and congratulations තුහී……… ඔයා නිදහස් වුනා කියලා දැනගන්න ලැබුනා………
” welcome තේජ්……. තේජ් ඇයි මේ ඔයා බය වෙලා වගේ…… අනේ ඔයාට මොකක් හරි අසනීපයක් වත්ද…….
තුහී ඇසුනේ තේජස්විගේ හිස පිරිමදිමින්……… නමුත් තේජස්වි ඉකිගසමින් හැඬුවා විනා වචනයක් වත් පැවසුවේ නැත……. භූමිද ඇය ලඟින් වාඩි වුනේ ඇයව ඔහු දෙසට හරවාගනිම්න්……
” ලොකූ……. මොකක්ද වුනේ කියන්නකෝ නංගා………
” අනේ අයියා…….. මට කරදරයක් වෙලා….. මට උදව් කරන්නකෝ…….
” හරි බබා අඬන්නැතුව අයියට කියන්න මොකක්ද ප්‍රශ්ණය කියලා……
” අයියා……… මං……..මං ප්‍රෙග්නන්ට්……
භූමිගේ දෑස් එක්වරම විසල් වුනේ අදහාගන්නට නොහැකිව……
” ලො…කූ………..
” අයියේ මට සමාවෙන්න….. අනේ අහන්නකෝ ඉතින් මගේ කතාව……. එයා මාව අත්හරින්න කැමති නෑ….. මං ජැපෑන් ගියෙත් එයා නිසා…… එයාට මාව අත්හරින්න බෑ…… මාත් එක්කම එයා මෙහෙත් ආවා…….. මං ප්‍රෙග්නන්ට් කියලා එයත් දන්නවා…… අනේ අයියා අපේ අප්පච්චිට කියන්නකෝ ප්ලීස්…. අනේ අයියා…. මට ඔයාව බඳින්න බෑ…. අනික….. අනික ඔයාටත් මාව බඳින්න බෑනේ…… ඔයාට තුහී ඉන්නවානේ……. අනේ අයියා මොනා හරි කරන්නකෝ
භූමි බොහෝ වේලාවක් කල්පනා කලේය…….. එක් අතකට සිදු වූයේ හොඳක්ය……… දැන් මාමා සමගින් කතා කල හැක….. ඊට පෙර මේකොල්ලා හමු විය යුතු යැයි භූමි සිතුවේය…….
” මට කොල්ලව හම්බ වෙන්න ඕනි…..
” මං……. මං එයාට එන්න කියන්නද අයියේ පහල ඉන්නවා…..
” හා කතා කරනවා……….
කෙල්ලව ආවට ගියාට දෙන්නට නොහැකිය……… මේ පවුලේ ලොකු අයියා ලෙස තමාට පැවරී ඇත්තේ සුළුපටු වගකීමක් නොවේ…….. ටික වේලාවකට පසු තේජස්විගේ පෙම්වතා ඇතුලට ආවේ බියෙන් වගේ……
” බය නොවී වරෙන් මල්ලි ඇතුලට…….
කොල්ලා දුටු පලමු දසුනින්ම භූමිගේ සිත් ගත්තේය…….
” වාඩි වෙයන්කො මල්ලි…….
ඉතින්……. මං භූමි…….. තේජස්විගේ ලොකු අයියා……….
” අයියව කවුද නොදන්නේ අයියේ….. කැම්පස් යන කාලෙ අයියව මං දන්නවා…… ඒ වගේම මං බය වුනේ නැත්තේ අයියා අපිට පිහිට වෙනවා කියලා දන්න නිසා……. මං….. මං #තිසල් අයියව දකින්න ලැබුන එක සතුටක්……
” මල්ලි මොකද කරන්නේ……. මං අහන්නේ ජැපෑන් වල…..
” අයියා මං Softwear engineer කෙනෙක්……. TANSAKI සමාගමේ වැඩ කරන්නේ…….. අයියා….. මට කොහොම හරි තේජ්ව බඳින්නම ඕනි…….. ප්ලීස්…..
” හරිහරි බං මං මොනවා හරි කරන්නම්…… ගෙදර අය එතකොට……
” අයියේ මගේ අම්මයි අප්පච්චි දෙන්නම ටීචර්ස්ලා දැන් පෙන්ෂන්….. මාත් එක්ක එහේ ඉන්නේ…… මායි නංගියි විතරයි ඉන්නේ….. නංගි මෙයාගේ හොදම යාළුවා…….
විස්තරයේ හැටියට නම් කොල්ලා මේ පවුලට නොගැලපෙන්නේ නැත……..
” හරි……. මං අදම මාමා එක්ක කතා කරන්නම්…….. මං හිතන්නෑ මාමා අකැමති වෙයි කියලා……..
භූමි ඔවුන්ව පිටත් කර යැව්වේ කෙසේ හෝ කැමැත්ත ලබා දෙන බවට පොරොන්දු වෙමින්……….
💫💫💫💫💫💫💫
පසුදා උදෑසනින්ම භූමි කඩිමුඩියේ මාමා හමුවට ගියේ තේජස්විගේ විවාහය ඉතා ඉක්මනින් ගත යුතු බැවිනි…… ඇය සිටින තත්වය අනුව එය පමා කල නොහැකිය………..
” ආ……. ඉලන්දාරියා……. මොකද උදෙන්ම……..
මාමා පෙරදා මෙන්දැන් ඔහුට තේජස්වි හා විවාහවන ලෙස බල කරන්නේ නැත…….. භූමි හා තුහින්‍යා අතර සම්බන්ධයක් ඇතැයි නිකමට ඔහුට ඉව වැටී තිබුණි………
” නිකම් බලලා යන්න ආවා……..
” හ්ම්ම්ම්ම්ම්ම…… ඉතින් වාඩ් වෙන්නකෝ………
” මාමා…….. මං ආවේ ඔයා එක්ක වැදගත් කාරණා දෙකක් කතා කරන්න
” හොඳයි එහෙනම් අපි තේ ටිකක් බීලම කතා කරමුකො…….. නෝ්නා මේ භූමි පුතා ඇවිත් තේ එකක් ගෙනාවා නම්……
ඉතින් මොකක්ද මට කියන්න තියෙන්නේ…….
රන්ජන් සමරවික්‍රම හරිබරි ගැහිලා වාඩි වෙන ගමන් කීවා……..
” මාමා……
මේකයි……. අපි හැමෝටම හිමි දෛවයක් තියනවා…… ඉතින් ඒකෙ තියන දේවල් තමයි සිද්ධ වෙන්නේ…… අපි හිතාගෙන හිටියාට ඒක එහෙම නෙවේ අපිට ඕනැවටයි ඒවා සිද්ධ වෙන්න ඕනි කියලා ඒක එහෙම නෙවේ…….. වැල්වටාරම් ඕන්නෑ….. මං කතාව කියන්නම් හැබැයි කලබල කරන්න එපා……. මං දන්නවා ඔවා එහෙම තාත්තා කෙනෙක් නෙවේ කියලා…….. අනික මාමා…… තරුණ වයසට බැඳීම් ඇති වෙනවා……. ඒවා නවත්තන්න අපිට බෑ…….. හැමෝම හිතනවා තරුණ කාලේ විසේට ගන්න තීරණ වැරදි කියලා……. ඒත් හැම එකක්ම එහෙම වෙන්නෑ…… වැරදුනත් ඒවා තමයි හරිම තීරණ…….
” පුතා දැන් මොකක්ද කියන්න හදන්නේ
” නංගිට එයා කැමති කෙනා බඳින්න දෙන්න මාමේ……
” මොකක්…….????
” ඔව්……. මං ඒ ලමයා එක්ක කතා.කලා තිසල්…. එයා නරක කෙනෙක් නෙවේ…… ඔයා ඒ ආදරේට විරුද්ධ වෙලා මාව බඳින්න කියලා නංගිට බල කල නිසා එයා එහෙම කලා වුනත් තිසල් එයාගේ ආදරය අත්හරින්න සූදානම් වුනේ නෑ….. ඔයා මේකත් දැනගන්නම ඔිනෙ මාමේ……. ලොකු නංගිට දරුවෙක් ලැබෙන්න ඉන්නේ……. අපි ඒ දෙන්නව එක් කරන්න ඕනි….. කරුණා කරලා ඔයා ඒ ගැන හිතන්න……….
රන්ජන්කිසිවක් අදහාගත නොහැකිව භූමි දිහාම බලා සිටියේය…….. පියෙකු ලෙස ඔහුගේ කිරුළ බිම වැටී අවසන් බව ඔහුට සිතේ…….. තේජස්වි තමාගේ මුහුණේ දැලි ගෑවා යැයි හැඟීමක් ඇති විය………. නමුත් දැන් කිරීමට දෙයක් ඉතුරු නැත……. නූපන් අහිංසක දරුවා මේ නොහොබිනා කම් වලට පලි නැත……. එනිසා අකැමැත්තන් නමුත් ඊට අවසර දිය යුතු බව වියපත් මනැසට තේරුණි………
” හ්ම්ම්ම්ම්ම්ම්……. අනිත් වැදගත් දේ මොකක්ද පුතා……..
” මාමා….. මේ…… මං තීරණය කලා තුහින්යාව බඳින්න……..
එයට නම් ඔහුගේ දෑස් දීප්තිමත් වුනා…….
” තුහින්‍යා කියන්නේ මේ සනත්ගේ දුව නේද……..ඒක කොච්චර දෙයක්ද පුතා…… ඒක කොච්චර ලොකු පරිත්‍යාගයක්ද…… හුඟක් සතුටුයි හුඟාක්ම ආඩම්බරයි පුතා මට…..
” මාමා……මොකක්ද ඔයා ලොකු නංගි ගැන ගන්න තීරණය………
බොහෝ වේලාවක් ගත වූ පසු භූමි ඇසුවේය……..
” හ්ම්ම්ම්ම්ම්ම්ම්……. ඒ ළමයට ඇවිත් මාව හම්බ වෙන්න කියන්න ලොකු පුතා……..
රන්ජන් සමරවික්‍රම කියද්දි භූමිගේ ඉහේ මලක් පිපුණාක් මෙන් විය………… පියෙකු මෙවන් මොහොතක ගන්නා හොඳම තීරණය එයයි……. සිතිය යුත්තේ දරුවන්ගේ සතුට ගැන බව සැබෑය……. නමුත් දරුවන් ගන්නා තීරණ නිවැරදිම දැයි දෙමව්පියන් විසින් සොයා බැලිය යුතුමය………………
💫💫💫💫💫💫💫💫
දෙසතියක් පමණ ගත වුයේ තේජස්විගේ ගැටළුව විසදීමටයි…….. චාමෙට විවාහය ලියාපදිංචි කර ඔවුන් යලිත් ජපානය බලා පිටත් වුනේ ඉතාමත් සතුටින් භූමිට පින් දෙමින්……….
එය ඉරිදා දිනයකි……….. කාර්යාලය නිවාඩු හෙයින් තුහීට ටිකක් වැඩියෙන් නින්ද ගියේ නොනවත්වා ඇද හැලෙන වැස්සත් නිසාය….. ඇය අවදි වන විට නංගී සිටියේ පාඩම් කරමින්…… විශ්ව විද්‍යාලයේ පරීක්ෂණ සදහා ඇය පාඩම් කරමින් සිටියාය……. මල්ලීද මේ දවස් වල ඉන්නේ ගෙදරය……..
තුහී අවධි වුනත් දෑස් පියන් වාවර කිරීමට නොහැකි තරම් බරව තිබේ….. ඇය ආයාසයෙන් ඇස් ඇර ගන්න උත්සහ කලත් එය අපහසු විය…… මුළු හිසම බරගතියක් දැනෙන්නට විය………
❤️••••මතු සම්බන්ධයි••••❤️