-3 කොටස-

හිමංස නිශාදිව තල්ලු කලා..

“ඇයි ඔච්චර නපුරු ..හිමංස ඔහොම කරන්නෙ ඇයි මට”

“ඊඊඊඊඊ යනවා නිශාදි මගෙ දෑහැට නොපෙනී..මට තමුසෙව පෙන්නන්න බෑ….”

හිමංස අතට අහුවුනු මල් වාස් එක පොලේ ගහන්න යද්දිම නිශාදි කාමරෙන් පිට උනා… හිමංසගෙ මේ හැසිරීම නිශාදිට දරා ගන්න අමාරුයි….

‘සතියක් තිස්සෙ සාත්තු සප්පායම් කරද්දි කරබන ඉදලා ඇයි දැන් මෙහෙම කරන්නෙ…’

‘එක අතකට මං මොකටද හිමංස ගැන හිතන්නෙ.. එයා විහින්මයි මේවා කර ගත්තෙ… මගෙ ජීවීතේට ඇගිලි ගැහැවෙ නැත්නම් මං තරුන්ව කසාද බැදලා සතුටින් ඉන්නවා අද…’

💙💙💙

එදා අනුත්තරාගෙ වෙඩින් එකේ දෙවෙනි මනාලි විදිහට ඇන්ද එක තමා නිශාදිගෙ ජීවිතේ හැරවුම් ලක්ෂය…. එදා මනමාලි දිහා බලනවට වඩා ගොඩක් අය කලේ නිශාදි දිහා බලන එක…

“හායි.. මං හිමංස…will u marry me..”

කපල් එකත් එක්ක ෆොටෝ ගහන නිශාදි ලගට ඇවිත් හිමංස රෝස මලක් දිග් කරලා අහද්දි වෙඩින් එකේ හිටපු හැමෝගෙම අවධානය යොමු උනේ එයාලට…ෆොටෝ වලත් ඒ අවස්ථාව ලස්සනට සටහන් වෙලා තිබුනා….

නිශාදිගෙ බය උනු ඇස් හතර වටේට යොමු වෙද්දි හිමංස නිශාදිගෙ දකුනු අත අරගෙන කිස් කරලා රෝස මල ඒ අතේ තිබ්බා…

අනුත්තරා ඒක බලං ඉදලා ක්ලැප් කරද්දි මුලු ශාලාවෙම හිටපු අය සතුටින් අත්පොලසන් දුන්නා… අනුත්තරා තරුන් ගැන දැනගෙන හිටියෙ නැහැ.. මොකද නිශාදිගෙ තරුන් එක්ක තිබ්බ එෆෙයාර් එක නිශාදිගෙ යාලුවෝවත් හරියට දන්නෙ නැහැ..

“නිශාදි … මෙච්චර හැන්ඩ්සම් බෝයි කෙනෙක් ප්‍රපෝස් කරද්දි ඔහොම බලං ඉන්නෙ ඇයි…. කැමතියි කියනන්කො අගේ නොකර..”

අනුත්තරා මුමුණනවා.. ඒත් නිශාදිට ඒව ඇහුනෙ නැහැ..එයා මලත් විසික් කරලා එතනින් අයින් වෙලා දුවගෙන ගියා එලියට ….

💙💙💙

” පුංචා… එන්නකො අපි එක්ක සෙල්ලම් කරන්න..”

පඩිපෙළ ලග ඉදලා කල්පනා කර කර හිටපු නිශාදිගෙ කල්පනාව බිදුනෙ හිමංසගෙ අයියගෙ පොඩි දෙන්නගෙ හඩ නිසා..

“අනේ මට අද බෑ පැටියො..”

“හරි නරකයි ඔයා. අපි කියනවා බාප්පිට.”

“ඔහ්.. එපා එපා ..යමු මං එන්නම්…බාප්පිට කේන්ති ගිහින් ඉන්නෙ”

“හොද පුංචා… “

පොඩි දෙන්නට හරි සතුටුයි.. පහුගිය ටිකේම හවස්වරුව නිශාදි හිටියෙ ඒ දෙන්න එක්ක….

“පුංචා .. අද නම් අපිට සිංදුවක් කියලා දෙන්න ඕනෙ…”

පොඩි දෙන්නගෙන් බේරුමක් නැහැ..

“කුරුල්ලනේ… නුඹලගෙ සංතෝෂය මදකට අපට දියව්

විසල් වනේ එක ලස්සන තැනකට පිවිසෙන අයුරු කියව්…🕊️🕊️🕊️🕊️🕊️🕊️”

නිශාදි ප්‍රශ්න ඔක්කොම අමතක කරලා පොඩි දෙන්නත් එක්ක නට නටා සිංදු කීවා

හිමංස කවුලුව ලග ඉදලා ගාර්ඩ්න් එක දිහා බලන් හිටියෙ ගොඩක් වේදනාවෙන්

“.. හෙට ඉදල මට විතරක් නෙවේ පොඩි දෙන්නටත් පාලු දැනෙයි…..නිශාදි කොහොමද මං ඔයා දකින් නැතිව ඉන්නෙ….ඇයි මට ඔයාව පරක්කු වෙලා මුණ ගැහුනෙ….ඔයාගෙ ජීවිතේ තරුන් කෙනෙක් හිටියෙ නැත්නම් අපි කොච්චර සතුටින්ද අද.. “

හිමංසගෙ කකුල තවම හරියටම සනීප නැහැ.. ඒත් තනියම ඇවිදින්න පුලුවන් දැන් ටිකක්.. කාර් එකේ යතුරත් අරගෙන අමාරුවෙන් කාර් එක පැත්තට යන හිමංසව නිශාදිට පෙන්නුවේ චූටි…

“බාප්පි කොහෙද යන්නෙ පුංචා… අනේ එයාට කියන්න අපිට චොකෝ ගේන්න කියලා..”

“ආ… ඔයලා ගේ ඇතුලට යන්නකො හොද පැංචො වගේ… මං බාප්පි බලලා එන්නම්…”

නිශාදි කාර් එක ලගට යනකොට හිමංස කාර් එක් ස්ටාර්ට් කරලත් ඉවරයි…

“හිමංස ඔයා කොහෙද යන්නෙ…. ඔහොම ඩ්‍රයිව් කරන්න පුලුවන්ද..”

හිමංස කලේ නිශාදිට රවපු එක..

නිශාදි ඉක්මනට අනිත් පැත්තට ගිහින් ඉස්සරහ ශීට් එකේ ඉදගත්තා… හිමංසගෙ මූණ බලන්නත් බයයි..’ ටක් ටක් කවුද ආවෙ රාස්සයෙක් .. ‘පොඩි කාලෙ කරපු සෙල්ලමක් ඒක ..ඒකෙ රාස්සයාත් මේ වගේ වෙන්න ඇති… නිශාදිට එහෙම හිතිලා නිකම්ම හිනා ගියා….

ඇත්තටම නිශාදි සැහැල්ලුවෙන් විනෝදෙන් හිටපු කෙනෙක්.. හිමංසගෙ බැදීමත් එක්ක ඒ හිටපු නිශාදි අතුරුදහන් වුනා…

“මොකද තමුසෙ විරිත්තන්නෙ….තමුසෙට හරි සතුටු ඇති දැන්… මං මෙහෙම දුක් විදිනවා දකිද්දි…”

හිමංස කාර් එක ගේට් එකෙන් එලියට දැම්මා… මොනව උනත් කෙල්ල ආපු එකට නම් හිත යටින් හිමංස සතුටු උනා…

“පිස්සුද හිමංස.. මට හිනා ගියෙ පොඩි කාලෙ අපි කරපු සෙල්ලමක් මතක් වෙලා…

ටක් ටක්.. කවුද ආවේ.. රාස්සයෙක් මොකටද ආවෙ..පාටක් හොයන්න මොන පාටද… සුදු පාට… මේං ඇල්ලුවා….”

එහෙම තාලෙට කියලා නිශාදි හිමංසගෙ සුදු පාට ෂර්ට් එක ඇල්ලුවා…

“ඒයි තමුසෙ ඒ පාර මාව විහිලුවට ගත්තද”

“අනේ නෑ… ඒකෙ හිටපු රාස්සයාගෙ මූන තමයි දැන් ඔයාට තියෙන්නෙ…”

හිමංස කට කොනින් හිනා උනා..

“හිනා වෙන්න ඔට්ටු නෑ.. රාස්සයෝ හිනා වෙන් නැහැ. හෙට හවසට චූට්ටලා එක්ක මං රාස්සයගෙ සෙල්ලම කරනවා…එයාලා ආස වෙයි..”

හිමංස නිශාදි දිහා බැලුවා… හෙට හවසට…….. නිශාදි තමන්ට කියැවුනු ඒ වචන දෙක ගැන පුදුම වුනා.. හෙට හවසට මං ඉන්න එකක් නැහැ… පොඩි දෙන්න පව්…

හිමංස කාර් එකේ වේගෙ වැඩි කලා… කෑගහලා නිශාදිව තුරුල් කරගන්න හිතෙනව හිමංසට… යන්න එපා නිශාදි.. මගෙ මැණික.. ඒ ඇස් දිහා බලං කියන්න හිතෙනවා… ඒත් කොහොමද .. නිශාදිගෙ ආදරේ නැතුව මේ බැදීම සම්පූර්න වෙන් නැහැ…නිශාදි තමන්ට අනුකම්පා කරනවට හිමංස පොඩ්ඩක්වත් කැමති නැහැ…

“හිමංස ..කොහෙද මේ යන්නෙ.”

“අපායට ..”

අම්මෝ නපුරුකම…. නිශාදි නිහඩ වුනා… යනව යනවා ඉවරයක් නැහැ….

ආයෙත් ඇහැවත් උත්තරේ ඒකමනෙ… නිශාදි සීට් එකට හේත්තුවෙලා ඇස් පියා ගත්තා…දන්නෙම නැතුව නිශාදට නින්ද ගියා..

💙💙💙💙

නිශාදි ඇහැරුනේ කම්මුල් වලට දැනුනු රස්නෙ නිසා….

ඇස් අරිද්දි.. හිමංසගෙ දිලිසෙන ඇස් දෙක….ඒ ඇස් හරිම ආකර්ෂණීයයි..

“හිමංස මේ කොහෙද.. “

හිමංස නිශාදිගෙන් ඈත්වෙලා කාර් එකෙන් එලියට බැහැල දොර දඩස් ගාලා වැහැවා…

මේ ආදරේ පුදුම වේදනාවක්…. වෙලාවකට හිතෙනවා තරුන්ට ඕන මගුලක් කරගන්න කියල නිශාදිවත් අරගෙන රට යන්න…ඒත් කොහොමද නිශාදිගෙ සතුට නැති කරන්නෙ….

ජීවිත කාලෙම ඒ ඇස් දුකින් පිරිලා තියෙන හැටි බලං ඉන්නෙ……හිමංස වාහනේ නතර කරලා තිබුනෙ වෙරල ලග… නිශාදි තාමත් බයේ ගැහෙනවා.. හිමංසගෙ ඇස් වල ඒ වගේ හැගීමක් මීට කලින් නිශාදි දැකලා තිබුනෙ නැහැ..වියරුවක්… ඔව්… වියරුවක් …..

හිමංස නොන්ඩි ගගහ වෙරලෙ බංකුවක් ලගට ගිහින් ඉදගන්න හැටි නිශාදි බලං හිටියා..

නිශාදිත් බැහැලා හිමංස ලගට ගිහින් වාඩි උනා….

එතෙන්න ආවා ආච්චි කෙනෙක් ඉස්සො වඩේ කූඩයක් අරගෙන..නිශාදි හරි ආසයි ඉස්සො වඩේ කන්න.. ඒත් මේ නපුරට ඕව කියන්න ගිහින් මොකුත් අහගන්නෙ මොකටද..

“අම්මෙ… වඩේ මල්ලක් දෙන්න.. “

හිමංස සාක්කුවෙන් අරං සල්ලි දිග් කලා…හිමංස දැක්කා නිශාදි උනන්දුවෙන් වඩේ ආච්චි දිහා බලන හැටි…

“ආ.. කනවා..”

නිශාදිට සතුටුයි.. නපුරු උනාට හොද ගතිත් තියෙනව..නිශාදි වඩේ කන දිහා හිමංස බලං හිටියා…

“ආ.. සොරි හිමංස ඔයත් කන්න… “

“මට එපා…” හිමංස හිතින් හිනාවෙනවා… වඩේ මල්ල දැක්කට පස්සෙ ඔක්කොම අමතකයි.

“හිමංස මං රැල්ල පාගලා එන්නද…”

“මගෙන් අහන්නෙ මොකටද.. තමුසෙ මුහුදට පැන්නත් මට කමක් නැහැ..”

“හරි නපුරුයි ඔයා”

“තමුසෙගෙ තරුන් හොදයිනෙ මට වඩා.. යනවා …ඕන එකක් කරගන්නවා…”

නිශාදි රැල්ල පෑගුවේ ආසාවෙන්…. හිමංස මේ ඔක්කොම මතකයන් විදිහට තියාගෙන නිශාදිට ඩිවෝස් එක ඉක්මනට දීලා රට යන්න තීරනය කලා…

නිශාදි ටික ටික මුහුද පැත්තට යනවා.. හවස නිසා රැල්ලත් ටික ටික සැර වෙනවා.මේ කෙල්ලට පිස්සුද ..හිමංස බය උනා..

“නිශාදී…. ” … හිමංස කෑ ගැහැවා…