මලක්දෝ නුඹ අරලියා 🌸🌿

_ 🌷🌿විසි තුන්වෙනි කොටස🌿🌷_

තුන් දෙනාම නුවර වැව අසල එළිමහන් Summer hut එකක වාඩිවෙලා ඉඳිආප්ප කන්න පටන් ගත්තා……….. රන්දය ආපහු වාහනේට ගිහින් තවත් පාර්සලයක් ගෙනාවා………..

❤️ ආ…. වන්දනා………….

රන්දය උදේ ඉඳි ආප්ප එක අරන් එන විටත් හිතුවා කෙල්ල ඒවා කන්නේනැති වෙයි කියලා ඒ හින්දම ඔහු perera & suns එකෙන් චීස් සැන්ඩ්විච් එකකුත් ගෙනාවේ……….

🌹 මොනාද……….

කෙල්ලගේ ඇස් දෙක දිදුලන්නට වුනේ ඒක දිගහරිනකොට………..

🌹 අනේ….. Thank u සුදු අයියේ……. මං ඉඳි ආප්ප කන්න ආස නෑ………

රන්දයට සතුටුයි හුඟක්ම සතුටුයි….. කෙල්ල Thank u කියලා සතුටුබවුනාටත් වඩා ඉස්සර වගේ සුදු අයියා කියලා කතා කරපු නිසා……….. අසෙනිය මේ දෙන්නා දිහාම බලාගෙන ඉඳලා හුඟක් හිතලා තීරණයක් ගත්තා……… ඒ ආයෙම කවදාවත් වන්දනා ගැන ඒ විදිහට හිතන්නේ නෑ කියලා…………… තුන් දෙනා කාලා ඉවර වෙලා ගම්පොල පාරට වාහනේ හැරෙව්වේ නන්දන සමරසේකර හමුවීමට යන්න……………

🌹 ඔයා දන්නවද තැන රන්දේ…….

❤️ දන්නවා දන්නවා…. මං අදුරනවා…….

🌹 හ්ම්ම්ම්….එහෙම වෙන්නත් එපැයි OIC මහත්තයා එයාලා අඳුර්නැති.වුනා නම් තමා පුදුම…………..

රන්දය වෙනදා වගේ වන්දනා එක්ක එල්ලෙන්න ආවේ නෑ රණ්ඩු කලේත් නෑ………… කෙල්ලට පුදුමයි…… ඔහු මොනවදෝ කල්පනා කරමින් යන බවක් නම් පේනවා…… ඒත් අසෙනිය ඉන්න හින්දා කෙල්ල අහන්න ගියේ නෑ……………… හොරාවක් පමණ ගත වෙද්දි ඔවුන් නන්දන සමරසේකර ගේ කාර්යාලයට ආවා………

🌿 ආ… මං ඒත් කවුද බැලුවා……… මේ අපේ OIC මහත්තයානේ…….. එන්න එන්න………….

රන්දය සිනාසෙමින් ඇතුලට ගියේ වන්දනාවයි අසෙනියවයි කැඳවාගෙනවමයි…….

🌿 මේ ආනන්දිතාගේ දුවද………

නන්දන සමරසේකර හදිසියේ යමක් මතක් වූ කලෙක මෙන් ඇසුවේය………

❤️ ඔව් Mr නන්දන මේ ලොකු නැන්දගේ දුව තමයි…….. හැබැයි වන්දනා කියන්නද අරලියා කියන්නද කියලා හිතාගන්න බැ…..

🌹 මං…… වන්දනා මේඝනාවි වික්‍රමනායක කියලා හිතාගන්නකෝ නන්දන අංකල්……………

🌿 හොදයි එතකොට මේ…..

🌹 මේ මගේ යාළුවා අසෙනිය…………

🌿 හ්ම්ම්ම්… හ්ම්මම්… ඉතින් ඉතින්…… අපි ආව කාරණාව කතා කරමු නේද…..

❤️ ඔව්… ඒ්ක හොඳයි…….මේකයි…. නංගිටත් ලොකු නැන්දගේ පරණ පොත් අතරේ තිබිලා අවසන් කැමති පත්‍රය හම්බවෙලා තියනවා.. මං හිතන්නේ ඒක කොපියක්……. එතකොට තව එයාගේ දිනපොත් වගයක් ඒ දින පොත් වල පැහැදිලිවම තියනවා සම්මානියි සුරනිමලයි එයාව මරන්න හිටියා කියලා………

🌿 හොඳයි ඒ විතරක් නෙවේ ඇසින් දුටු සාක්ෂිත් තියනවා…….. මං ඒ මනුස්සයාව අද වෙනකම් මගේ ගෙදර හංගන් හිටියා…….. ආනන්දිතා වෙනුවෙන්………..

🌹 ඔයා මගේ අම්මව කොහොමද දන්නේ අංකල්…………

🌿 කාලෙකට කලින් ඔයාගේ අම්මා මගේ හොඳම යාළුවෙක්….. එයා හරිමහොඳ උතුම් ගති ගුණ තිබුණු කෙනෙක්….. සුරනිමල කියන්නෙත් මගේ යාළුවෙක් ඒත් ආනන්දිතා සුරනිමල බැන්දට පස්සේපමට ඒ දෙන්නා කලෙකින් හම්බ වුනේ නෑ……………… ඉතින් දවසක් එයා මගෙන් උදව් ඉල්ලුවා අනාගතේ දවසක එයාගේ දරුවන්ට පිහිට වෙන්න කියලා……. එයා තව දෙයක් කීවා දුව…….. හිතාගන්නවත් බෑ ආනන්දිතාට අනාගතය දකින්න පුළුවන් ද කියන එක…… එයා කීවා දවසක එයාගේ පොඩි දුව ඇවිත් එයා වෙනුවෙන් යුක්තිය ඉටු කරාවි කියලා………….

❤️ ඔව් එයා දින පොතේ හැමදේම ලියලා තිබුනේ මෙයාට තමා…….

🌿 හොඳයි ඒක අම්මා කෙනෙක්ගේ ආදරය…….. ඒ ආදරයට ඈත දකින්න පුළුවන්……… එහෙනම් අපි වැඩේ පටන් ගනිමු……. ඔයා අරලියා යශෝරාවි නෙළුම්දෙණිය විදිහට මේ නඩුව ආයේ aply කරන්න ඕනි දුව……

🌹 අපි එහෙම කරමු………….

🌿 ඔය ගෙදරින් ඔයාට යන්න වෙන්නෙ නෑ මොකද ඒ ගේ අයිතිය ඔයාට තියන නිසා……. මං හිතනවා බිස්නස් වල කටයුතුත් ඔයාගේ අතට ගත්තොත් හොඳයි කියලා…… මං දන්න විදිහට දැන් ඒවා පාලනයකරන්නේ සම්මානියි රිතූයි අශානුයි………

🌹 රිතු කියන්නේ අප්පච්චිගේ අනිත් දුවද…………

නන්දන ඊට සිනාවක් පෑවේ වහලය දෙස බලාගෙනයි………

🌿 මං දන්න තරමින් සුරේට හිටියේ දූලා දෙන්නයි……. එක්කෙනෙක් මැරුවා……… අර ඇමතියා උපුල් මඩුගල්ලේගේ පුතා…….. ඕවා ඔක්කොම එකම අපරාධයක කොටස් දුව…… එකක් එලි වුනොත් ඔක්කොම හිර ගෙට යවන්න පුළුවන්………. සුරේට හිටියේ දූලා දෙන්නයි……. රිතූ ඉතින් ඔය සම්මානි ආශ්‍රය කරපු මොකෙක්ගෙ හරි පවක් වෙන්නැති…….

වන්දනා එක එල්ලේ බැලුවේ රන්දය දෙසයි………. ඔහුත් ඊයේ රාත්‍රියේ ගියේ මඩුගල්ලගේ නිවසට නේද කියලා වන්දනාට මතක් වුනත් එය ගැන කතා කරන්න මෙය අවස්ථාවක් නොවන බව ඇය තේරුම් ගත්තා……….

🌿 තවත් වැදගත් දෙයක් තියනවා දුව ඔයා දැනගන්න ඕනි දෙයක්………..

🌹 ඒ මොකක්ද අංකල්……….

🌿 අත්තම්මා මැරුවේ සුරනිමල ඒකෙ දෙකක් නෑ ඒක ඔයා දැක්කනේ………… ඒත් ආනන්දිතාගේ කේස් එක වෙලාවෙදි නම් දුව සුරේව මේකට අහු කරලයි තියෙන්නේ………. උන් දැනගත්තා සේරම දේපල වලව්ව ඇතුළු ව්‍යාපාර ආනන්දිතාගේ නමට තියෙන්නේ කියලා…….. ඊට පස්සේ උන් plan කලා……. උපුල් මඩුගල්ලේ ඒ දවස් වල ලොකු මිනිහෙක් නෙවේ දුව…… ඌ සල්ලි හෙව්වේ සම්මානිත් එක්ක එකතු වෙලා අහිංසක කෙල්ලෝ විකුනලා……… මේ ඔක්කොම උන්ගේ වැඩ………….

🌹 එතකොට කියන්න හදන්නේ අප්පච්චිගේ මේකට සම්බන්ධයක් නැතුව ඇති කියලද

🌿 බොහෝදුරට දුව………. ඒක එහෙම තමයි……….

🌹 අපිට මේ නඩුව දිනන්න පුළුවන් වෙයිද අංකල්………….

🌿 හරියටම කියන්න බෑ දුව……… ඇමති නම් නිකම් ඉන්න එකක් නෑ……….. හැබැයි දුව මෙතන තව වාසියක් තියනවා……….. ඒක අහම්බෙන් අපිට ලැබුණු චාන්ස් එකක්…………. අපේ prime minister Mr ජයංග වනසිංහ ආනන්දිතාගේ මගේ සුරනිමලගේ රන්දයගේ අම්මාගේ class mate….. ඔක්කොටමත් වඩා ආනන්දිතා ආදරය කලේ ජයංගට…… ඒත් ආනන්දිතාගේ තාත්තාගේ වලව් පැලැන්තියට නොගැලපෙන නිසා තමයි ජයංගටයි එයාටයි එකතුවෙන්න බැරි වුනේ අන්තිමට ආනන්දිතා සුරනිමලව බැන්දා…… එතකොටත් සම්මානි එක්ක සුරේගේ සම්බන්ධය තිබුනා… ඇත්තටම සුරේට හරි ගියේ ආනන්දිතා බැන්දම තමයි………. බලන් ඉද්දි දියුණු වුනා………. සමහර විට ජයංග අපිට උදව් කරයි….. ඒ වගේම සුරේ මේ හැම එකක්ම වමාරයි….

🌹 අනේ මන්දා මට බයකුත් දැනෙනවා…….

🌿 අපි ඉන්නවානේ මං ජයංග එක්ක හෙමින් මේ ගැන කතා කරන්නම්…….

🌹 මේකයි…….. මට අප්පච්චිවත් බේරගන්න පුළුවන් වුනොත් හොඳයි……… එහෙම නේද අංකල්…. මොනවා වුනත් ඒ මගේ අප්පච්චි……මට කවදාවත් එයාට සමාව දෙන්න බෑ අර අහිංසක දාස්පෙතිට කරපු අපරාධෙට……. ඒත් කමක් නෑ අඩු තරමේ පසු තැවී තැවී හරි ජීවත් වෙයිනේ………..

ඔවුන් තිදෙනා නන්දනගේ නිවසේ සිට නැවතත් නුවරට එන විට සවස් වී තිබුණි…….. අසෙනියව නිවසින් දමා වන්දනාත් රන්දයත් නෙළුම් දෙණිය වලව්ව බලා යමින් සිටී…… නමුත් රන්දය කිසිඳු වදනක් නොදොඩයි…….

🌹 මොකද හලෝ….. මොනා හරි කියනවාකෝ………..

❤️ මං ඊයේ ගියේ කොහෙද කියලා අහන්නැද්ද වන්දනා………..

🌹 මට මොකද අනේ කොහේ ගියත්………

රන්දය වාහනය එක් වරම නතර කලේය………..

❤️ ඔය ඇත්තමද වන්දනා…… කමක් නැද්ද මං කොහේ ගියත්………

වන්දනා නිරුත්තර වූවාය………. රන්දය නැවතත් වාහනය පණ ගන්වා ගත්තේය…..

❤️ උපුල් මඩුගල්ලේගේ ගෙදර ගියේ….. දන්නවාද වන්දනා…. අපේ අම්මා මට කසාදයක් කතා කරලා ඇමතිගේ දුවට……………

වන්දනාගේ සිත යටින් සියුම් ඊර්ෂ්‍යාවක් ඇති විය…………… ඇය කවුළුවෙන් පිටතට දෑස් යොමු කලාය

🌹 ඉතින් ඒකට ඔය තරම් කල්පනා කරන්න දෙයක් නෑනේ………. කෙල්ල ලස්සනද……….

❤️ හැමදේම විහිළුවක්ට ගන්නෙපා වන්දනා….. ලස්සන කන්නද

🌹 ඔය තරම් ප්‍රශ්ණෙ ඔයාට girl friend කෙනෙක් ඉන්න නිසා නම් ඒක අහ්මට කියන්නැත්තේ ඇයි……….

රන්දය එවර වන්දනා දෙස බැලඅවේ රෞද්‍ර බැල්මකි……..

❤️ මට එහෙම එකෙක් නෑ වන්දනා…..

🌹 එහෙනම් මොකක්ද ප්‍රශ්ණය………

රන්දය ඇගේ මුහුණ චෙස බලා ඉවත බලාගත්තේ කොපයෙනි………

🌹 රන්දය….. මොකක්ද ප්‍රශ්ණය විහිළු නෙවේ මට කියන්න

❤️ මං දැන් කෙනෙක්ට ආදරේ කරනවා වන්දනා…………

වන්දනා ගැස්සී ගියාය………. මුළු ලොවම කඩා වැටුනා සේ පරාජිත හැඟීමක් ඇති විය……..

🌹ඉ..ඉති…න් මො…කක්ද……. ප්‍රශ්…නේ….. ඒ…ක එයාට කියන්න..

❤️ ප්‍රශ්ණයක් තියනවා වන්දනා……ප්‍රශ්ණයක් තියනවා……

වන්දනාගේ දෑස් බිමට බරවී තිබුණි….. ඒ ගැන පවසන කිසිම දෙයක් ඇසීමට ඇය සූදානම් නැත….. නොඑසේ නම් එය ඇයට දැන ගැනීමට අවශ්‍යතාවක් නැත….. නැත්නම් එය ඇයට දරාගැනීමට නොහැකිය…… ඉන් එහාට ඒ ගැන ඇය කිසිවක් ඇසුවේ නැත……… වන්දනාගේ වෙනස රන්දය හොදින්ම දුටුවේය……..

❤️❤️ ඔයා ඇයි වෙනස් වුනේ චූටි නංගි….. එක පාරම කට වැහුනේ ඇයි…….. මං වගේම ඔයත් මට ආදරෙයිද………..

රන්දය ඇය දෙස බලමින් සිතුවේය……… යලිත් නිවසට එනතුරු ඔවුන් අතර කතාවක් ඇති නොවුනි………රන්දයට ඇයව කෑම මේසයේදීද හමු නොවුනේ ඇය කලින්ම සුමනා අම්මාට කියා සැන්විච් එකක් හා කිරි එකක් ගෙන්වා ගත් නිසාය………….. රන්දයට ආරය කරන්නට කෙනෙක් ඉන්නවා යැයි දැන ගැනීම ඇගේ මුළු සිතම ව්‍යාකූල කර තිබුණි……….

❤️සුමනා අම්මා කෝ වන්දනා……

🍃 බත් කන එකක් යැ…… ඔන්න මගෙන් සැන්විචස් එකකුයි කිරි එකකුයි ඉල්ලුවා……. මං කාමරේටම ගිහින් දුන්නා…………

රන්දය ඊට වඩා යමක් ඇසුවේ නැත………

පසුදා උදෙන්ම රන්දය නිවසින් පිට වන විටත් වන්දනා නැගිට සිටියේ නැත……. ඇය අද දින සේවයට වාර්තා නොකරන බව සුමනා හට පවසා තිබුණි…….. රන්දය යන්නට ගියේ ඇය ගැනම සිතමිනි…… ඇයට කොතෙකුත් ඇමතුම් ගත්තද ඒ කිසිවකට ප්‍රතිචාර නොලැබුණි……

❤️❤️ මොකක්ද වෙලා තියෙන්නේ වන්දනා……. මං දන්නවා……මට තේරෙනවා………. මං වගේම ඔයත් ආදරෙයි කියලා………… මං ආදරේ කරන කෙනෙක් ඉන්නවා කියද්දි ඔයා ඒකට ඔය තරම් අවුල් ගියේ ඒකයි………… මං ඉක්මනටම අදම අද හවසටම ඒක කියන්නම්…… අනිවාර්යෙන්ම…… මට හවස් වෙනකම් කල් දෙන්න මැණික

දවල් දොලහත් පසු වන තුරුම ඇගෙන් ඇමතුමක් නොලැබුණි……….. එක් වරම ඔහුගේ දුරකතනය නාද වූයෙන් ඔහු එය වහා අතට ගත්තේය……… ඒ ඇමතුම නෙළුම්දෙණිය වලව්වෙනි……..

❤️ හෙලෝ සුමනා අම්මා………..

🍃 මහ..ත්ත…යෝ……. සු..දු…මැණිකේව ඒකා ඇ….විත් අරන් ගියා……………

❤️ මොකක්.. කවුද මොකක්ද……

🍃 අර සම්මානිගේ කොල්ලා අශේන් ඇවිත් මගේ සුදු මැණිකේව ඇන්න ගියා………. අනේ මහත්තයෝ කෙල්ලව බේරගන්න………. උ..උන්…. නුවරඑළි තමයි ගියේ…….. එහෙට තමා ගියේ සියාතු පස්සෙන්ම ගියා………….

❤️ දෙවියනේ වන්දනා…………

රන්දය දුරකතනයද සාක්කුවට දාගෙන කුමාරසිරිට කතා කලේය….

❤️කුමාරසිරි ඉක්මනට තව පස් දෙනෙකුත් එක්ක ආයඅධත් ඇකිව වාහනයක් ගන්න ඉක්මනට දැන්මම……….

පොලිස් කණ්ඩායමද රැගත් වාහනය මහනුවර දළදා මැදුර අභියස නැවැත්තුවේ හඩමින් සිටින සියාතු දුටු නිසාය…………

❤️ සියාතු……..

🍃 මහත්තයා මගේ සුදුමැණිකේ බේරගන්න ඒ ආනන්දිතා සුදුමැණිකේගේ දුව………. ඒ දැරිවි බේරගන්න……….

❤️ උන් කොයි පැත්තටද ගියේ………..

🍃 මගහැරුනා උන්ව……………

❤️ශිට්……….. කොහේද මේ කාලකණ්ණියා මගේ කෙල්ලව අරන් ගියේ……….

🍃 නුවර එළි……… හැබැයි මං උගේ ෆාම්හවුස් එක කොහෙද තියෙන්නේ කියලා දන්නෑ………

❤️ හරි සියාතු දැන් ගෙදර යන්න………

සියාතුව නැවතත් නිවසට යවා රන්දය සිතුවේ ඔවුන් කොහේ යන්නට ඇත්දැයි කියාය………. මේ තමා සිතමින් ඉන්න මොහොතේදීද ඇගේ ජීවිතය ඇත්තේ අනතුරකය…………….

෴ මතු සබැඳියි ෴

ලියන්නේ

෴ ත්‍රිලක්ෂණා වෛශාලි