මහත්මයා ඔබට හිතාගන්න බැරිද? ක්‍රෙසන්ට් ඩයමන්ඩ් කියන නම ගැන වත්. අඩ සඳක් සහ දියමන්තියක්. එදා ඔබ හමුවෙන්න ආ තරුණයාගේ අතේ එම සංවිධානයේ ලාංචනය කොටා තියෙනවා මම දැක්කා!!!!!!!!!!!!!!!
මොනවා ඔබ කියන්නේ…….?
මම නම් හිතන්නේ ඔහු එම සංවිධානයේ සාමාජිකයෙක්
නැහැ ඒක වෙන්න බැහැ
රොඩ්රික් මහත්මයා මම දැකපු දේ බොරුවක් නෙවේ.. ඊටත් වඩා.. කියූ අල්මන්සෝ මදක් නිහඬ උනා.
මොකද්ද අල්මන්සෝ?
ඔබ මම ගැන මොනවා හිතාවිද මම දන්නේ නැහැ. එත් මේ සියල්ල පවසන්න මම ඔබට බැඳී ඉන්නවා රොඩ්රික් මහත්මයා. මට නම් හිතෙන්නේ ඔබ ඉන්නේ ලොකු අනතුරක. මට බොහොම කනගාටුයි ඔබේ පුත්‍රයා මියයන්න කලින් මේ දේවල් මට සොයාගන්න නොහැකි වෙච්ච එක ගැන.
අල්මන්සෝ.. ඔබ කියන්නේ?
ඔව් ඔබ හිතන දේ හරි මහත්මයා.. නමුත් සාක්ෂි නොමැතිව මට එය ඔප්පු කරන්න බැහැ. ඔබ මුණගැහෙන්න ආ තරුණයා ඇත්තටම ඔබගේ කවුද? මට සමාවෙන්න මහත්මයා. එය පුද්ගලික ප්‍රශ්නයක් පුද්ගලික කාරණයක් බව මම දන්නවා. නමුත් මම එය දැනගත යුතුයි. ඔහුට ඔබගේ තිබෙන සම්බන්ධය මොකද්ද?
ඒ තරුණයා මම ජිවිතයේ එකම එක වතාවක් සිදු කල අත්වැරැද්දකින්….
ඉතිරිය කීමට අවශ්‍ය නැහැ රොඩ්රික් මහත්මයා මට සිතාගන්න පුළුවනි. ඔහු කවුරුන් වුවත් මෙහි ඉන්නේ හොඳකට නෙවෙයි. මට එය දැන් ඔප්පු කරන්න සාක්ෂි නැහැ. ඔහු ගැන තිබ්බ සැකය නිසාම මම මගේ මිනිස්සු දැම්මා ඔහු ගැන හොයන්න. එකක් ඔහු ක්‍රෙසන්ට් ඩයමන්ඩ් සංවිධානයේ සාමාජිකයෙක්. එහි කිසිම සැකයක් නැහැ. අනික.. ඔහු අධිකව කැසිනෝ සුදුවට ඇබ්බැහි වී ඇති අයෙක්. ඊගල් ඕෂන් සමාජ ශාලාවේ නිත්‍ය සාමාජිකයෙක්.
මොනවා?
ඔව් මහත්මයා. ඔබ හිතන දේ නිවැරදියි. ඊගල් ඕෂන් කියන්නේ මොකද්ද කියලා ඔබත් මමත් හොඳටම දන්නවා නේ.
ඊගල් ඕෂන් යනු ඉතා ප්‍රසිද්ධ සමාජ ශාලාවකි. කැසිනෝ ක්‍රීඩා පිටියකි. කැසිනෝ සුදුවට ඇබ්බැහි වූ අයෙක් ආයේ ඉන් මිදීමක් නැත. ඊටත් වඩා එම ස්ථානය සමාජයේ වැදගත් යයි සැලකෙන කිසිවෙකු යන තැනක්ද නොවේ.
දෙවියනේ!!!!!!!!! මට කියවුනේ ඉබේටම.
වඩාත් වැදගත්ම කාරණය මේකයි මහත්මයා. ඔබේ පුත්‍රයාගේ මරණයට ඔහුගේ සම්බන්දයක ඇති බව මට හිතෙනවා
මොනවා……? අල්මන්සෝ? නැහැ ඔහු එහෙම කරන්නේ නැහැ. ඔහුගේම සහෝදරයාට ඔහු එහෙම කරන්නේ කොහොමද? නැහැ ඒක වෙන්න බැහැ.
ඔව් ඔබ කියන දේ ඇත්ත වෙන්න පුළුවනි. ඒකයි මම කිව්වේ සාක්ෂි නැතිව කිසිවක් ඔප්පු කරන්න බැහැ. නමුත් ඔබ ඔහු ගැන සෙවිය යුතුයි. මට තේරෙනවා. ඔහු ඔබේ පුත්‍රයා.. නමුත්..
අල්මන්සෝ මට මොහොතක් තනියම ඉන්න ඉඩ දෙන්න.
ඔබේ කැමැත්තක් මහත්මයා. ඔබේ අවසරය නැතිව අපිට මුකුත් කරන්න බැහැ. ඔහු කාමරයෙන් පිටවී ගියේ මට තනියම ඉන්න ඉඩ දීල.
නැහැ ඒක වෙන්න බැහැ. ඒ දරුවා එහෙම කරන්නේ නැහැ. ඔහුට මම මොන අඩුපාඩුවක් වත් කලේ නැහැ. අනිත් එක ඇයි එයා එහෙම දෙයක් කරන්නේ?
ඒත් හිතට දැනිච්ච සැකය ඇහැට වැටුණු රොඩ්ඩක් වගේ මට වද දෙන්න පටන් ගත්තා. විජය මට කියපු තොරතුරු ඇරෙන්න ඔහු ගැන වෙනත් කිසිවක් මම දැනගෙන හිටියේ නැහැ. ඇත්තටම මට ඔහු ගැන විශේෂයෙන් හොයා බලන්න අවශ්‍යතාවයක් තිබ්බෙත් නැහැ. හිතේ සැකය හින්දාම ඔහුට සැකයක් ඇති නොවෙන්න ඔහු ගැන හොයන්න මට උවමනා උනා. මම තීරණය කළා මගේ උපරිම ශක්තිය යොදවන්න ඔහු ගැන සොයාගන්න. මම අල්මන්සෝ නැවත කැදෙව්වේ ඒ ගැන තීරණයක් අරගෙන
රොඩ්රික් මහත්මයා.. ඔබ මට එන්න කිව්වද?
ඔව් අල්මන්සෝ….
ඔබ මම කියපු කාරණය ගැන හිතුවද?
ඔව්.. මම කැමතියි
අපිට අපේ සීමාවල ඉක්මවා යන්න වෙන්න පුළුවන් මහත්මයා. ඔබ ඊට එකඟද?
ඔහුගේ ජීවිතය නැති කරන්න එපා. එතනදිත් මං දුර්වල උනා. මොනවා වුනත් ඔහු මගේ දරුවෙක් කියන එක මම අමතක කරන්නේ කොහොමද? ඊටත් ඔහුට පවුලක් තියෙනවා.
මහත්මයා ඒ ගැන මට සහතික වෙන්න බැහැ. ඔහු භයානක මිනීමරු කල්ලියක සාමාජිකයෙක් බව අමතක කරන්න එපා
අපි තාම කිසිවක් හරියට හොයාගෙන නැහැනේ අල්මන්සෝ
අපි නිවැරදි බව ඔප්පු උනොත් මහත්මයා
මම මොහොතක් නතර උනා තීරණයක් ගන්න බැරුව. නමුත් ඔහු මගේ පවුලට මගේ අහිංසක දරුවට කල දේ සිහි වෙද්දී මට සිද්ධ උනා ඔහු මගේ දරුවෙක් කියන එක අමතක කරන්න.
අදටත් මම පසුතැවෙන්නේ මගේ දරුවා නැතිවෙන්න කලින මට ඒ ගැන හොයාගන්න බැරි වෙච්ච එක ගැනයි. එහෙම උනා නම් මේ දේවල් මේ විදිහට ඉවර නොවෙන්න තිබ්බා. ඒත් මම එක තැනකදී අසාර්ථක උනා. ඒ හින්දයි මගේ එකම බලාපොරොත්තුව කුශින්ත් ජිවත් උනේ. එයාට මොනවත් වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. දෛවය එච්චර නපුරු වෙන්න බැහැ. විස නසන්න ඕන විසේන්මයි කියලා කතාවක් තියෙනවනේ.
මං එකඟයි අල්මන්සෝ සුදුස්සක් කරන්න
නමුත් ඒ වෙලාවෙදිත් ඔහු අපිට වඩා සුක්ෂම උනා. ඔහුව හොයාගන්න අපිට කිසිම විදිහකින් හැකියාවක් තිබුනේ නැහැ.
මහත්මයා… ඔහු දැනගෙන තිබෙනවා අපි ඔහු ගැන හොයන විත්තිය. ඔහු ගැන කිසිම විදිහකින් හොයාගන්න බැරි උනා. අල්මන්සෝ මට කිව්වේ මාස ගණනාවකට පස්සේ..
ඔහු මිය ගිහින්ද?
නැහැ. වෙන්න බැහැ.. අල්මන්සෝ කිව්වේ කල්පනාකාරීව. ක්‍රෙසන්ට් ඩයමන්ඩ් සංවිධානයේ සාමාජිකයන්ගේ විශේෂත්වය ඒකයි. ඔවුනට ඔවුන් හිතන හිතන විදිහට අනන්‍යතාවය වෙනස් කරන්න පුළුවනි. නමුත්ක්‍රෙසන්ට් ඩයමන්ඩ් සාමාජිකයෙක් කියන්නේ මරණය වැළද ගත්තා හා සමානයි. ඔහු ජිවත් වෙනවාද යන වග මම දන්නේ නැහැ
ඒ කියන්නේ අපිට කවදාවත් ඔහුව හොයාගන්න බැරි වෙයිද?
මට ඒක ස්ථිරවම කියන්න බැහැ මහත්මයා. නමුත් ඔබ වෙනුවෙන් අපි උපරිම ආරක්ෂාව සපයනවා.
ඔහු එලෙස කීවද කවදා වෙනතුරු ඔහුට බියේ ඉන්නද? මේ මහපොලව යට නිදහසේ හුස්ම ගන්නට නිදහස තිබිය යුතුය. මට නැතත් කුශින්ත්ට ඒ නිදහස තිබිය යුතුය. මම තව වැඩි කාලයක් ජිවත් නොවේවි. නමුත් කුශින්ත්ට හොඳ අනාගතයක් තිබිය යුතුය. මම අන්තිම කැමති පත්‍රය වෙනස් කලෙමි. කුශින්ත් මේ දේවල් වලට සුදානම් වන තුරු සියල්ල රහසිගතව තබා ගැන්මට කටයුතු කලෙමි. ඒ අතර අල්මන්සෝ විජයට විරුද්ධව සාක්ෂි එකතු කළේය. ශ්රිනාත්ගේත් සේයාගේත් මරණ වලට ඔහු වග කිව යුතු බව ඔප්පු කිරීමට අපට හැකි විය. නමුත් ඒ වන විටත් ඔහු මහා පොලව මත වැළලී ගිය පුද්ගලයෙකු විය. අපිට ඔහු ගැන කිසිදු හෝඩුවාවක් නොලැබිණි.
ඔහු ඇතැම් විට මියගොස් වන්නට ඇත. ඇතැම් විට ජිවත් වනවා ඇත. මේ සමග ඇති ලියවිලි වල ඔහු ගැන අවසන් වරට සොයාගත් විස්තර සියල්ල ඇත. කෙදිනක හෝ ඔහුව සොයාගතහොත් මේ සාක්ෂි ඔහුව නිතිය ඉදිරියට ගෙන යාමට ප්‍රමාණවත් වනු ඇත.
කුශින්ත් මට කීමට ඇත්තේ මෙයයි. ඔබේ සීයාට සමාවන්න.
අපි ඒ දිනපොත කියවල ඉවර වෙද්දි හොඳටම හවස් වෙලා.. වෙලාව කීයට විතරද වත් දන්නෙ නැහැ. මුලු කාමරයම අඳුරුයි. ඊටත් එලියෙ තාමත් තදින් වහිනව.
ඩියාශි… මම එයා දිහා බැලුවේ එයා වචනයක් වත් කිව්වේ නැති හින්ද. සාමාන්යෙන් නම් හැමදාම කතාව පටන් ගන්නේ එයානේ.
හ්ම්ම්ම්ම්…
මොකද නිකම් හ්ම් හ්ම් කියන්නෙ.
ඒ වෙලාවෙ මගේ හදවත ගැහෙන වේගය වැඩි වෙලාද මන්ද. එයා මගේ නංගි නෙවෙයි කියල දැනගත්තු එක මගේ හිතට ලොකු නිදහසක්. මෙච්චර කල් මේ ආදරේ හිතේ තියන් මම කොච්චර නම් පසුතැවෙන්න ඇත්ද? මුල ඉඳලම මගේ හිත කිව්වා කොතැනක හරි වැරද්දක් තියෙනවා කියල. ඇයි මම මුලින්ම හිත කියන දේ ඇහුවේ නැත්තේ.
ඒ දිනපොත අපිට තිබුණු ගොඩක් ගැටළු වලට පිළිතුරු ගෙනාව. තවත් ඉතුරු වෙලා තියෙනවා ගොඩක් දේවල් මේ ප්‍රශ්නේ විසඳගන්න. එත් ඒ හැමදේටම වඩා මගේ හිතේ තිබුනේ එක දෙයයි. ඒ තව පරක්කු නොකර හිතේ තියෙන හැමදේම ඩියාශිට කියන්න. මගේ රෝස ව මගේම කරගන්න මගේ හිතට දැනුනේ නොඉවසිල්ලක්. එයා මගේ ළඟටම වෙලා වාඩි වෙලා හිටියේ මගේ දිහා බලන්නේ වත් නැතුව. මම හෙමිහිට මගේ දෙතොල් ඒ හිසමතින් තිබ්බේ එයාව තවත් මගේ ලඟට ගන්න ගමන්. හිතේ තිබුනේ තිගැස්මක්. හදවත ගැහෙන වේගය එයාටත් ඇහෙන්න ඇති කියල මට හිතුන. දැන් ඉතීම් මේ ආදරේට තවත් සීමා වැටකඩොලු බඳින්නේ මොකටද? එයාව මගේ කරගන්න එකම බාධාවයි තිබුනේ. එකත් නැහැ දැන්.
එයා මොනවත් කියන්නේ නැතුව මට තුරුල් වෙලා එහෙමම හිටිය. මට ඕන උනා ඒ මුණ දිහා බලන්න. මට මාවම අමතක වෙලා යනකල් ඒ තරු ඇස දිහා බලන් ඉන්න. මම එයාව මගේ දිහාවට හරවගත්තේ ඒ හැඟීමෙන්මයි. එයා වචනයක් වත් කියන්නේ නැතුව මගේ දිහා බලන් හිටිය. ඒ ඇස වල තිබ්බේ මොන කතාවක්ද කියන්න මට තේරුනේ නැහැ. මට හිතෙන දේම ද එයාටත් හිතෙන්නේ. අපි මෙච්චර කල් දෙපැත්තට වෙලා හිටිය ඇති කියල. තවත් නම් ඉවසන්න බැහැ මට. මම එයාගෙ මූණ මගේ දෑතට මැදි කරගත්තෙ ඒ දෙනෙත දිහාම බලාගෙන. ඒ ඇස් වල කිමිදෙන්න මගේ මුලු ආත්මයම ඒ දෑතට දෙන්න හිත නොසන්සුන් වෙද්දි මම මගේ දෙතොලින් ඒ සුන්දර දෙතොල් අල්ලගත්තා. එයාව හම්බවෙච්ච දවසෙ ඉඳල දැනුනු හැම හැඟුමක්ම හැම පීඩනයක්ම ඒ හාදුවේ තියෙන්න ඇති. එයාගෙන් අනුබලයක් මට ලැබුනෙ නැතත් එයා මගේ හාදුව ඉවසගෙන හිටියා.
තප්පර මිනිත්තු ගනන් ගත වෙන්න ඇති. මට ඇයගෙන් මිදෙන්න කිසිම ඕන කමක් තිබ්බෙ නැහැ. කාලය විතරක් ගත වෙද්දි අපි ඒ මොහොතෙ අපේම වෙලා ඉන්න ඇති. දෙවියනේ. මේ මොහොත ගත වෙන්නැතුව තියෙනවනම්!!
මිනිත්තු ගණනාවකට පස්සෙ මම එයාගෙන් ඈත්වෙලා ඒ හිස මත නිකට තියාගත්ත.
ඩියාශි.. තව නම් ඉවසන්න බැහැ. ඔයා මගේ නංගි කියල හිතාගෙන මම විඳවපු තරම් දන්නෙ මං විතරයි. මං ආදරෙයි.. මං ආදරෙයි මගේ රෝසට කියාගන්න බැරි තරම්. කියන්න ඔයා මගේ නේද?
මම බොලඳ වෙලා.. එයා ඉස්සරහ. මටම පුදුම හිතුන. ඒ වචන ටික මගේ ඔලුවට ආවෙ කොහොමද?
සමීර…
කියන්න.. මම කිව්වෙ එයාට මොහොතකටවත් මගේ තුරුලින් ඈත් වෙන්න දෙන්නැතුව. මුලු ජීවිත කාලෙටම එයාව මෙහෙම තියාගන්න මට ඕන.
මම දැනගෙන හිටිය අපි දෙන්නා අයියයි නංගියි නෙවේ කියල!!!!! එයා එකපාරටම කිව්වෙ මම නොහිතපු දෙයක්.
මොනව..? ඔයා දැනගෙන හිටිය.. ? ඒ කොහොමද?
ඒ එලියට ආවෙ මගේ හිතේ තිබුනු කලබලය නොඉවසිලිමත් කම.. එයා මගේ පපුවෙන් මෑත් වෙලා මගේ දිහා බැලුව.
ඔව්.. මම දැනගෙන හිටිය. මට සීය කියල තිබ්බ. ඉවසිල්ලේ නැවතිල්ලේ කිව්ව එයා.. මූණෙ හිනාවක් වත් නැතුව. එයාගෙ හැසිරීම ඇත්තටම මට ප්‍රහේලිකාවක් වෙලාවකට.
ඉතින්.. ඇයි මට කිව්වෙ නැත්තෙ?
මොකද කිව්වොත් මට විශ්වාසයක් තිබ්බෙ නෑ ඔයා මාව විශ්වාස කරයි කියලා..
ඇයි ඒ?
මම දන්නෙ නෑ…
රෝස… මම මේ ජීවිතේ වෙන කාටත් වඩා ඔයාව විශ්වාස කරනව. මම කිව්වෙ ඒ ඇස් දිහාම බලාගෙන. මගෙ හැම ප්‍රශ්නෙකටම එයාගෙ ජීවිතේ අනතුරේ දාගෙන මගේ ලඟ හිටියෙ එයා.. ඇයි මං එයාව විශ්වාස නොකරන්නෙ.
මම කිව්වොත් ඔයා මම ගැන වැරදියට හිතයි කියල මට බය හිතුණ කුශ් අයියෙ.
මම ආයෙත් එයාව මගේ තුරුලට ගත්ත. මෙච්චර කල් මට නොකියා එයා හිතේ තියාගෙන විඳෙව්වෙ මේ රහස නිසා කියල මට තේරුණා. මොහොතක් වත් නාස්ති කරන්නෙ මොකටද? එයා මගේ..
රෝස.. මම කවදාවත් ඔයා ගැන වැරදියට හිතන්නෙ නැහැ.
මට ඕන උනේ එයාව ආයෙත් සිපගන්න. ඒ නාදලු වන් දෙතොල් මට ආරාධනා කරනව වගේ කියල මට හිතුන. ඒත් එයා ආයෙත් මට එයාව සිපගන්න ඉඩ දුන්නෙ නැහැ. එයා මාව නැවැත්තුව. මට දැනුනෙ හරියට එයා මාව ප්‍රතික්ශේප කලා වගේ.
ඩියාශි.. ඇයි මේ?
නවත්තන්න…
ඇයි..?
එයා වචනයක් වත් කිව්වෙ නැහැ. මොහොතක් මගේ දිහා බලන් හිටිය. අපි දෙන්නම කොච්චර සතුටින් ඉන්න ඕන වෙලාවක්ද මේක.
ඔයා මට ආදරේ නැද්ද? එතකොට මෙච්චර කල් ඔය ඇස් වල තිබුනෙ බොරුවක්ද? කියනවා ඉතින් රෝස මොකද ඔයාට වෙලා තියෙන්නෙ? දැන් නම් මගේ ඉවසීමත් නැති වේගෙන යනව වගේ මට හිතෙනව. ඇයි අප්පා කෙල්ලො මෙහෙම.
මං ඔයාට ආදරෙයි. එයා කිව්වෙි ඉවසීමෙන්. ඒ වචන වල කිසිම බොරුවක් නෑ.. කිසිම තිගැස්මක් නෑ. එයා ඒක කිව්වෙ ඒ තරම් සරලව.
ඩියාශි මම දන්නව ඒක. මම දන්නව. මොකද්ද ඔය හිතේ තියෙන්නේ ? මොකද්ද ප්‍රශ්නෙ.? එවෙලෙ නම් මගේ ඉවසිමත් නැතිඋනා. මේ ආදරය එයාට පෙන්නන්න කොච්චර කල් හිටියද කියල දන්නෙ මං විතරයි. ඇයි එයා මට ඒකට ඉඩ දෙන්නැත්තෙ?
සමීර…
කියන්න තියෙන දෙයක් බය නැතුව කියන්න රෝස.
ගීත්නා?? එයා මම දිහා බැලුවෙ ප්‍රශ්නයක් හිතේ තියාගෙන. ඔයාට කොහොමද පුලුවන් උනේ එයාව අමතක කරල මේ විදියට මට ලංවෙන්න?
එයා අහද්දි තමයි මට ගීත්නා සිහියට ආවෙ. එතකොට තමයි මට තේරුණේ මම කවදාවත් ගීත්නාට ආදරේ කරල නැහැ කියල. මගේ හිතේ ඉඳල තියෙන්නේ මගේ රෝස විතරමයි කියල ඒ මොහොතෙ තමයි මට තේරුනේ.
ගීත්නාව මේ වෙලාවෙ අමතක කරන්න රෝස.. මම එයාට කවදාවත් ආදරේ කරල නෑ.. මම ඔයාට විතරයි ආදරේ කලේ දැකපු දවසෙ ඉඳලම. මේ මොහොත වෙනකම් ඒක තේරුම් නොගත්තට මට සමාවෙන්න රෝස.
කුශ් අයියෙ.. මාත් කෙල්ලක්.. එයත් කෙල්ලක්.. මේක වැරදියි. ඔයා එයාට බලාපොරොත්තු දීල ඉවරයි කුශ් අයියෙ.
ඔයා මගේම නංගි වෙනව කියල දැනගත්තු වෙලාවෙ ඉඳන් මම උත්සහ කලා ඔයාට ආදරේ නොකර ඉන්න.
ඒ හින්ද ඔයා ඒකට ගීත්නාව ලං කරගත්ත කියලද දැන් මට කියන්නේ? ඩියාශි කිව්වේ මට චෝදනා කරන්න වගේ. ඒත් එයාගෙ චෝදනාවෙ කිසිම වැරැද්දක් නෑ. ඇත්තටම ඒක තමයි උනේ.
මම ඒක එහෙම හිතුවෙ නෑ රෝස. මට ඔයාව අමතක කරන්න ඕන උනා.. ඒත් මම එයා එක්ක සම්බන්ධයක් පටන් ගත්තෙ එයාට වැරැද්දක් කරන්න හිතාගෙන නෙවේ. ඇත්තමයි.
ඔයා දැන් එයාට කරන්නෙ වැරැද්දක් තමයි කුශ් අයියෙ.
මම එයාට තේරුම් කරල දෙන්නම් රෝස.. එයා තේරුම් ගනී.
ඒත් මට බෑ… මට හරිම වැරදිකාර හැඟීමක් දැනෙනව..
ආදරේ හංගගෙන නවත්තගෙන ඉන්න බැහැ රෝස…
අපි මෙච්චර කල් හිටිය වගේ ඉස්සරහටත් ඉමු.
ඔයා කොහොමද රෝස ඔහොම කියන්නේ?.. ඔයාට පුලුවන් ද මම නැතුව ඉන්න..
ඔයා ගීත්නා ගැන මුලින්ම කියද්දිම මම ඒකට හිත හදාගත්ත කුශ් අයියෙ.. මට බැරි වෙන එකක් නෑ…
රෝස ඇත්තටම ද ඔයා ඔය කියන්නේ??
ඔව්… එයා ඒක කිව්වෙ ස්ථිර විදිහට. ඇයි මම එයාට කොච්චර ආදරේද කියල එයා තේරුම් ගන්නෙ නැත්තෙ.
මට ඔයා නැතුව බෑ.. මගේ කටහඬේ ලොකු අසරණ කමක් තියෙන්න ඇති.
දැන් ගොඩාක් රෑ වෙලා.. මම කන්න මොනවහරි හදන්නම්. මම කියපු දේට උත්තරයක් නොදී එයා කිව්ව. ඊටපස්සෙ මගේ දිහාවත් නොබල නැගිටල ගියා.
මම කොහොමද එයාට පැහැදිලි කරන්නෙ මගෙ හිතේ තියෙන දේවල්. ඇයි එයාට තේරුම් ගන්න බැරි. ඇයි මගේ හිතේ ඉන්නෙ එයා විතරයි කියල තේරුම් ගන්න බැරි. ආදරේ හිර කරගෙන ඉන්න එක කොච්චර අමාරු වැඩක්ද? මට හිතාගන්න බෑ මම එතනම බිම ඉඳගෙන කොච්චර වෙලා හිටියද කියල.
කුශ් අයියෙ.. එන්න කෑම කන්න. මම නූඩ්ල්ස් හැදුව. එයා ආයෙ ඇවිල්ල මට කිව්ව. එයාගෙ හිතේ එච්චර දෙයක් වද දිදී තියෙද්දි එයා තාමත් මට සලකන විදිහ ගැන මගේ හිතේ තිබ්බෙ ගෞරවයක්. මේ මුලු ගමනම එයා ගීත්නා ගැන දැනගත්ත දවසෙ ඉඳල මේ ප්‍රශ්නෙ එයාගෙ හිතට වද දෙන්න ඇති. එහෙම තියෙද්දිත් එයා ලොකු කැපකිරීමක් කරල මාත් එක්ක ආව. එදා හෝටලේදි එයා ඇඬුවෙ ඇයි කියල මට දැනුයි තේරෙන්නෙ. ඇත්තටම ආදරේ කරන්නෙ මම නෙවේ එයා. මට ඕන එයාව තුරුල් කරගන්න. ඒ හැමදේටම සමාව ඉල්ලන්න. ඒත් එයා මට ඉඩ දෙන එකක් නැහැ.
කෑම කද්දි වත් අපි දෙන්නා අතර කිසිම කතාබහක් ඇති උනේ නෑ. එයා පාඩුවෙ කෑම කෑව.
ඔහොම තියන්න මම ඕව අස් කරන්නම්. මම පිඟාන අරගෙන කුස්සියට යන්න හදනකොට එයා ආයෙම මට කිව්ව.
යමු මාත් එන්නම්. ඔයා තනියම යන්න බයයිනෙ.
ඒකට කමක් නෑ සමීර.. මට පුලුවන්.
මම දන්නව එයා තනියම ඉන්න බයයි කියල. ඒත් ලඟ ඉන්න ඉඩ දෙන්නවත් එයා කැමති නැහැ.
රෝස.. මට සමාවෙන්න..
සමාව ඉල්ලන්න දෙයක් නෑ කුශ් අයියෙ… එයා එහෙම කියල සින්ක් එක ලඟට ගිහිල්ල කෑම හදපු භාජන පිඟන් සෝදන්න පටන් ගත්ත.
ඔයා යන්න කුශ් අයියෙ.. වොශ් එකක් දාගෙන නිදාගන්න.
ඇයි මම මෙතන ඉන්නවට කැමති නැද්ද දැන්.. ? මට මෙහම කරන්නෙපා රෝස.. මම කවදාවත් කවුරුත් ඉස්සරහ මෙහෙම බැගෑපත් වෙලා නැතුව ඇති.
මෙතනින් යන්න කුශ් අයියෙ.. ප්ලීස්……
මම එතනින් ආවෙ මට එතන ඉන්න හිතදුන්නෙ නැති හින්ද.
මම කාමරේට ඇවිල්ල වොශ් එකක් දාගෙන ඇඳට ආව. නිදාගන්න ආවත් නින්ද අහලක වත් නෑ.
එයා ආවෙ තව පැයකට විතර පස්සෙ. නිදන ගවුමක් ඇඳලා කොණ්ඩෙත් ලිහල දාල හිටිය එයාව කාමරේ තිබුණු මඳ ආලෝකයෙන් මට පෙනුනෙ සුරංගනාවියක් වගේ. එයා ඇවිත් මොනවත් උනේ නැහැ වගේ මගේ එහා පැත්තෙන් ඇල උනා.
රෝස…..
හ්ම්ම්ම්ම්…
දැන් තරහ නිවිලද
එයාම මගේ පැත්තට හැරිල මගේ පපුවට තුරුල් වෙද්දි මට මගේ උත්තරේ ලැබුණ.
අපි මෙහෙන් ගියාට පස්සෙ මොනව වෙයිද කියන්න බැහැ කුශ් අයියෙ.. මට අද දවසෙ මම ආදරේ කරන කෙනා එක්ක සතුටින් ඉන්න හිතුණ. එයා එහෙම කියල මගේ දෙතොල් ඒ මුදු ලවන් අතරට මැදි කරගත්තෙ තවත් අපි අතරෙ සීමා තියාගන්න ඕන නැහැ කියල මට නොකියා කියමින්.
ආයෙත් නම් මොනම හේතුවකට වත් එයාව හුස්ම වැටෙන මානෙන් එහාට නොයව ඉන්න මටම පොරොන්දු වෙමින් මම එයාව මගේම කරගත්තේ මෙච්චර කල් හිතේ තියාගෙන හිටපු ආදරේ මටම දරාගන්න බැරි වෙනකොට.
ඩියාශි.. මම ගොඩාක් ආදරෙයි.. මම ඒ සවණතට කෙඳිරුවෙ උණුසුම් සුසුම් මැදින්..
එයා නිහඬවම ඒ ජීවිතේම මට දුන්නෙ ඒ හිතේ තියෙන ආදරේ තරම ගැන මට ම හිතාගන්න බැරි වෙද්දි. සීතළ සුලඟ ගත දැවටෙන්නට උනේ අපේ ආදරය තව තවත් වැඩි කරන්න වගේ. ඒ මුලු රාත්‍රියම අපි දෙදෙනාගෙ වෙද්දි නොකඩවා ඇද හැළෙන වර්ශාවත් අපිට ආශිර්වාදයක් වෙන්නට ඇති