36_වන_කොටස❄️💦💙
සිනාමුසු මුහුණින් යුතුව ඔවුන් වෙත ආවේ රවීන්ද්‍ර දන්තනාරායන මහතායි…….
” ආ……… කොහොමද ජෝඩුව නම් නියමෙට මැච් වෙනවා………
ඔහු ආවේ එහෙම කියාගෙන…….. තුහින්‍යා ඔහුට හිනා වුනේ හිතේ කහටක් නැතුවමයි……..
” දුව………. අනේ මට සමාවෙන්න පුතේ…. මං තමයි ඔයාගේ ජීවිතේ මේ විදිහට වරදින්න හේතු වුන මුල්ම කෙනා……. මට තමයි ඕනැ වුනේ ඔයාවම මගේ ලේලි කරගෙන ගේන්න……… ඒ තිරිසන් සත්තු ඔයාට හිතේ සැනසිල්ලේ ඉන්න දුන්නෙ නෑ පුතේ…….. ඒකට මට සමාවෙන්න…..
රවීන්ද්‍ර දන්තනාරායන දෑත් එක් කර කියද්දි තුහින්‍යා ඔහුගේ දෑතම අල්ලා ගත්තාය……..
” මේ මොනවද මාමේ කරන්නේ……. අනේ පිස්සුද එහෙම කරන්න එපා…….. ඔයා මොනවා කරන්නද එයාලා කරපු දේවල් වලට…….
තුහින්‍යා කිව්වේ කඳුළු අතරින්……. ඇය කොහොමත් මාමාට හුඟක්ම ආදරය කලා……….
” නංගි කොහේද….. අනුරාධපුර ගියාට පස්සෙ මං නංගිට කතා කලා වුනත්…. නුවරඑළියට ගියාට පස්සේ මං අංක එහෙම හැමදේම අයින් කලා……. නංගි නම් තරහ වෙලා ඇති……
තුහින්‍යා කියුවේ කනස්සල්ලෙන් හා පසුතැවීමෙන්…….. ඔය සුවිසල් මැදුරේ තමාගේ කියන්න හිටියේ මාමාත් වෛදහීත් පමණයි…….. ඔවුන් ඇය වෙනුවෙන් කල කී දෑ ඇයට කොහොමටවත් අමතක නෑ……..
” දැන් මාත් එක්ක ඕස්ට්‍රේලියා වල ඉන්නෙ එයා……… හැම තිස්සෙම මතක් කරනවා ඔයාව……… මං ඔයා ගැන හැමදේම එයාට කිව්වා……. ම්ම්ම්ම්ම්…. ලඟදිම එයි…… මං එයාගේ මංගල්‍යය ගන්න ඉන්නේ තව අවුරුද්දක් විතර ඇතුලත………..
” අනේඒක කොයි තරම් හොඳද මාමේ…. පිරිමි ලමයා මොනවා කරන කෙනෙක්ද….
” එයාගේ කැම්පස් එකේ ලමයෙක්…… දැන් නම් ඕස්ට්‍රේලියා වල ඩොක්ටර් කෙනෙක්…….. මෙහෙ ඇවිත් වෙඩින් එක අරන් ආපහු යනවා…..
” මට නම් හරිම සතුටුයි…..
“උසාවියේ වැඩ පටන් ගන්න හදන්නේ…. අපි යමුද ඒ පැත්තට
භූමි කිව්වේ ඔවුන් දෙන්නාගේ කතාවට බාධා කරමින්…..
ඔවුන් තිදෙනාම උසාවි සංකීර්ණය තුළ පනවා ඇති අසුන් වල වාඩි විය……. වේදේශ් නෙහාරා හා කෞමදී පැමිණියේ ඊටත් මොහොතකට පසුය……… කෞමදී තුහින්‍යා දෙස හෙළුවේ නොපහන් බැල්මකි…….. උසාවියේ වැඩ කටයුතු ආරම්භ විය……..කාලය ගත වී ගියා දැනුනේ වත් නැත….. මුලින්ම පැමිනිල්ල දැමුවේ තුහින්‍යාගේ පාර්ශවයෙන් බැවින් ඇයව පැමිණිලි කූඩුවටද……. වේදේශ් විත්ති කූඩුවටද කැඳවන ලදී……… මෙය දෙදෙනාගේම කැමැත්තෙන් සිදුවන දික්කසාදයක් බැවින් බොහෝ වේලා ගැනීමට අවශ්‍ය නොවීය…….
” පැමිණිලිකාරිය සහ විත්තිකරු අතර විවාහය නැවත යථා තත්වයට පත් කළ නොහැකි තරම් බිඳ වැටි ඇති බැවීන් ද විවාහය විසුරුවා හැරීම සඳහා දෙපාර්ශය විසින් ම කැමත්ත පල කරන හෙයින් ද ගරු අධිකරණය විසින් මෙසේ තුහින්‍යා දෙව්සිත්මි රණසිංහ හා වේදේශ් අකලංක දන්තනාරායන යන අය අතර පැවතුනු විවාහය විසුරුවා හරින බවට දැනුම් දෙමු..අද පටන් මෙකී දෙපාර්ශවය අතර කිසිඳු ආකාරයේ වෛවාහක සබඳතාවයක් නැති බවත් වින්නිකියුලියෝ මැට්රිමෝනියෝ දික්කසාද තීන්දුව ලබා දෙමින් පාර්ශ්වයන් අතර පැවති වලංඟූ විවාහය මෙසේ විසුරුවා හරින බවට ගරු අධිකරණය විසින් තීන්දු කළ බවට මෙසේ අවසන් වශයෙන් දැනුම් දෙනු ඇති…”
ඒ අයුරින් විනිසුරුවරයා විසින් නඩුවේ අවසන් තීන්දුව ලබාදෙන ලදී………
සංසාරගත කරුමයක අවසානය දකින ලදැයි තුහින්‍යා හට සිතුණි…….. ඇය සුසුමක් හෙලා භූමි දෙස බැලුවාය…… භූමි ඇගේ අත මදක් තද කලේ සන්සුන් වන දෙසට ඉඟියක් කරමින්…….
” අපි එළියට යමු නේද පුතා…… දැන් හරිනේ…….
රවීන්ද්‍ර පසුපස ඔවුන් දෙන්නාත් උසාවි සංකීර්ණයෙන් පිටවී මිදුල කොණ ඇති සුවිසල් මාර ගස් අසලට ආවේ නිහඬවමය…….. නමුත් ඔවුන් එන පෙරමඟ සිටි වේදේශ් කෞමදී හා නෙහාරා භූමි දෙසට හෙළුවේ සරදම් සිනාවකි………
” තවත් අහිංසකයෙක් රවට්ටගත්තද….. ආ….. කුමාරිහාමි……… උඹ නම් කිසිම ලැජ්ජාවක් නැති ගෑණියක්…….
කෞමදී උසාව් බිමේදීම තුහින්‍යාගේ ඇඟට කඩා පැන්නේ හේතුවක් නැතිවමය……. පිටට නොපෙන්නුවද ඇගේ හිත තුල කැකෑරෙමින් තිබූ ඊර්ෂ්‍යාව හා තරහ අළු යට ගිණි පුලිඟු මෙන් බුර බුරා නැගුනත් එසේ වන්නට තුහින්‍යා ඔවුන්ට කල දෙයක් නැත…….
” දික්කසාද වෙන්නත් කලින් වෙන මිනිහෙක් හොයාගත්තද……
කෞමදීගේ රළු වචන වලට මුනිවත රකින්නට තුහින්‍යාගේ කැමැත්තක් නොවීය………..
” ඔයාගේ පුතා අම්මේ මාව බැඳලා අවුරුදු හතරක් පුරාවටම හොර ගෑණියෙක් තියාගෙන හිටියේ…… ඔයාගේ පුතාට තියා ඔයාටවත් ලැජ්ජාවක් තිබුනේ නෑ නේද……. අනික දැන් මං තවදුරටත් මේ මනුස්සයගේ වයිෆ් නෙවේ…… මේ ඉන්නේ මං බඳින්න ඉන්න කෙනා…….. ඔයා ඒක ලොකු ප්‍රශ්ණයක් කරගන්න එපා……
තුහින්‍යා එලෙස කතා කරනු ඇතැයි ඔවුන් කිසිවෙකු සිතුවේ නැත………. වේදේශ් කෝපයට පත් වුනේ ඇගේ අහංකාර වචන වලටයි…….
” බඳින්න ඉන්න කෙනා……… හහ්….. මහ ලොකු බඳින්න ඉන්න එකා….. මූ ගැන දන්නවා නම් තමුසෙ මුගේ මූණවත් බලන්නෑ තුහින්‍යා……..
” මිස්ටර් වේදේශ්…… තමුන් මට කියන්න ඕනි නෑ එයා කවුද කියලා……. මං එයා ගැන හොඳට දන්නවා…….. තමුන්ට වඩා එයා කෝටි ප්‍රකෝටි ගානක් හොඳයි….. වැදගත්………
තුහින්‍යාගේ වචන ඔහුට ගැසූ කම්මුල පහරක් වැනිය……….
” මොකක්ද උඹ කිව්වේ මුසලී……… ආ….. මේ දරුවො…… මෙන්න මේකිව අයින් කරලා දාන්න දැන්මම නැත්තම් මේ වහන්තරාව ඔයාගේ ජිවිතෙත් විනාශ කරයි……. #මේකිවඳඑකියක්
දරුවෙක්වත්වදන්නබැරිවඳ_එකියක්
මූසලී……… තුක්…. විතරක්……
” කට වහගන්නවා කෞමදී……. විකාර කියවන්නැතුව යනවා මෙතනින්…..
රවීන්ද්‍ර දන්තනාරායන එසේ පැවසුවත් කෞමදී පැත්තකට කෙල පහරකුත් ගසමින් එහෙම කියන විට භූමිගේ හිස යක්ෂාරූඩ විය…….. ඊටත් වඩා තුහීගේ දෑස් වේගයෙන් කඳුළින් පිරෙනු දුටු ඔහුගේ කේන්තිය පාලනයකින් තොර විය…………… ඒ වචන ටිකට නම් තුහීගේ හිත හොඳටම පෑරුණි…….
” මේ……….. ඒක මං බලාගන්නම්….. තමුන් වැඩිහිටියෙක් නිසා ඉවසන්නේ….. නැත්තම් මං තමුසෙට හොඳ වැඩක් කරනවා…..
” මං ඔයාගේ.හොඳට කිව්වේ දරුවෝ…. ඔයත් මගේ පුතා වගේ නිසා……
” අනේ මේ ඔයාගේ අනුකම්පාව ඔයා ගාවින් තියාගන්න…….. කරුණා කරලා යන්න මෙතනින් මගේ යකා අවුස්සන්නැතුව…….
භූමිට කේන්ති ගොස් ඇති බව තේරුන වේදේශ් කෞමදීවත් කැඳවාගෙන එතැනින් පිටවුනේ ඔහුගේ ක්ෂණික කෝපය කවුරුන් හෝ මරන්නට වුව පසුබට නොවන බව දන්නා නිසාය……..
” පුතා……. ඒවා ගැන දැන් අමතක කරන්න…….උන් හැදෙන උන් නෙවේ…. ම්ම්ම්ම් දැන් මෙහෙමම යනවද…..
” නෑ අංකල්…… අද අර මීටින් එකක් තියනවා…… අර සම්මාන උත්සවයේ ඩෙකරේෂන් අපිට හම්බ වුනානේ ඒකෙ…. අපි ඒකටත් ගිහින් යන්නේ……
” හොඳයි…… පරෙස්සමින් යන්න……
භූමි තුහීගේ අතින් අල්ලාගෙන වාහනය ලඟට ආවේ තරමක් වේගයෙන්…….
” තුහී……… මොකද මේ….. නිකම් බොරුවට අඬන්නැතුව ඉන්නවා….
භූමි කිව්වේ තුහීට වාහනයේ ඉදිරිපස දොරටුව විවර කර දෙමින්….. තුහී කිසිවක් නොකියා නිහඬවම වාහනයට නැගුණි……… ඔවුන් පිටවුනේ ශැංග්‍රීලා හෝටල් පරිශ්‍රයටයි……….
💫💫💫💫💫💫💫💫💫
මීටින් එක අවසන්වී භූමි හා තුහී දෙන්නා පැමිණියේ ශැංග්‍රීලා හෝටලයේම මාලයක ඇති සුඛෝපභෝගී කාමරයක් වෙතයි…….. ඒ මොහොතේ වෙලාව රාත්‍රි අටට පමණය……. ඔවුන් පහල ඉන්දියන් අවන්හලෙන් රාත්‍රී කෑමද ගෙන ආවේ හොදටම බඩගින්නක් දැනුන හෙයිනි……. අද කොහොමටවත් පැමිණිමට හැකි නොවන බව දෙපාර්ශවයේම නිවැසියන් හට දැනුම් දී ආවේ රැස්වීමේ තත්වය මෙන්ම උසාව් කටයුතු වලටද ගත වන කාලය ගැන හරි හැටි නිගමනයකට පැමිණිමට නොහැකි හෙයිනි………
ඔවුන්ට ලැබුනේ ගාලුමුවදොරට හා මහා සමුදුරට මුහුණලා ඇති කාමරයකි……….
” තුහී……… තවත් රෑවෙන්න කලින් නාගන්න……. මං ගෙවල් වලට කතා කරන්නම්……… ම්ම්ම්ම්ම්ම්……
තුහින්‍යා හිස සලා ඇඳුම්ද රැගෙන නානකාමරයට වැදුනේ මුවින් කිසිවක් නොපවසායි……… ඇය එකම වචනයක් හෝ නොපවසන්නේ හිතේ ඇති දුකට බව භූමිටද හොඳින් වැටහෙයි…… ඔහුගෙි දෙසවන් වල රැව් දෙන්නේද කෞමදී දන්තනාරායන පැවසූ ඒ කටුක වදන්ය……….. නමුත් ඒ වදන් සත්‍ය නොවන බව නම් භූමිට ඉඳුරාම විශ්වාසය……….
” ඔයා වගේ හොඳ කෙනෙක්ට අම්මා කෙනෙක් වෙන්න බැරි වෙන්නෑ තුහී……
එහෙම වෙන්න තරම් පවක් ඔයා කරලා නෑ…….
භූමි තනිවම සිතුවේ ක්ෂිතිජ රේඛාව දිගේ ඇදෙන විදුළි බුබුලු දැල්වුන නෞකාව දෙසට නෙත් යොමාගෙනයි……..
” කමක් නෑ දැන් හැමදේම හරිනේ…… මං අම්මටත් කියලා මාමටත් කියලම තුහීගේ අම්මයි අප්පච්චියි හම්බවෙනවා……. පුළුවන් තරම් ඉක්මනින් තුහීව මගේ ගාවට ගන්නවා…… ඔව් නැත්තම් මේ කෙල්ල තව තවත් මානසිකව විඳවනවා….. තව ටිකක් තියෙන්නේ ගෙදර වැඩ තමා……. ඒ ටික ඉවර වෙනකම් මහ ගෙදරත් ඉන්න පුළුවන්නේ…….
භූමි බොහෝ වේලාවක් කල්පනා කලේ අනාගතය ගැනයි…….
” භූමි……… මොනවද කල්පනා කරන්නේ……
නානකාමරයේ සිට එලියට පැමිණි තුහීගේ හඬින් ඔහු හැරී බැලුවේය………. එවිටම ඔහුගේ දුරකතනය නාද වූයෙන් වහාම එය අතට ගත්තෙ ගෙදරට කතා කරන්න ආවට කතා කලේ නෑ නේද කියලා හිතන ගමන්…….
ඇමතුම ආවේ සම්මාන උත්සවයේ සංවිධායක අංශයේ ප්‍රධානියාගෙනි…..
ඒ ඔහුට පහල සැරබීම අංශයට පැමිනෙන ලෙසයි…… ඔහු මත්පැන් පානය නවත්වා තිබුනත් මේ ඇරයුම ප්‍රතික්ෂේප කරන්නට ඔහුට නොහැකි විය………
” තුහී……. මං ටිකක් පහලට ගිහින් එන්නම් මිස්ටර් තිසේරා කතා කරනවා…….. මං බොන්නෙ නෑ හොඳේ…….
භූමි පිටව ගිය පසු තුහී බැල්කනියට පැමිණ එහි ඇති අසුනේ වාඩි වුනේ බොහෝ දේවල් හදවතේ කැකෑරෙමින් තියෙදිදී……… ඇය ඇඳ සිටි දම් පැහැ මල් ගවුම සුළගේ ලෙලදෙන්නට විය……..
” වෙිදේශ්ගේ මුහුනේ පසුතැවීමක්වත් තිබුනේ නෑ………. පුදුම මිනිස්සු…….. එහෙම සැරින් සැරේ මිනිස්සු වෙනස් වෙන්නේ කොහොමද අනික නැන්දා…..
……. #මේකිවඳඑකියක්
දරුවෙක්වත්වදන්නබැරිවඳ_එකියක්
එයා කොහොමද මටඑහෙම කිව්වේ…. ගෑණියක් වෙලත්……. අනේ ඇත්තටම ඒ දේවල් ඇත්ත වෙයිද……… මට භූමිව බඳින්නත් බය හිතෙනවා………
තුහීගේ සිහින් ඉකිබිඳුම ඇහෙන කවුරුත් නොමැතිය…….. ඇය කොතරම් කල්පනා බරව හඬමින් සිටියාද කියනවා නම් භූමි පැමිණ නානකාමරයටද ගොස් එනතුරු ඇයට දැනුනේ වත් නැත…….. භූමි පිටතට පැමිණ කෝපි ඇනවුම් කර මොහොතක් ඇය දෙසම බලා සිටියේය
” මොනාද මගේ නෝනා මේ කල්පනා කරන්නේ ආ……….
භූමිගේ හඬින් ගැස්සී ආපසු හැරෙද්දී තුහීගේ දෑසේ වූ කදුළු දැක ඔහු කලබලයට පත් විය….
” මොකද……. මේ මොකද වෙලා තියෙන්නේ…… ආය කවුරු හරිකතා කලාද…… කියනවා තුහී ඇයි මේ…….
” අනේ භූමි……… නැන්දා කිව්ව දේවල් ඇත්ත වෙයිද………. මට නම් හිතාගන්න බෑ…………
තුහී හඬමින්ම භූමිගේ පපුවට හිස තබාගත්තේය………. භූමි ඇයව සනසන්නට බොහෝ දේ පැවසුවත් තුහී සිටියේ කෞමදීගේ ශාපලත් වචන වලට බියෙනි……….. කොළඹ අහසම කළු කරගෙන මහා වැස්සක් ඇද හැළුනේ සීතල සුළගක්ද හමා යන විටයි……..
” තුහී………… මොනවා වුනත් මං ඔයාට ආදරෙයි……….. හුඟක්ම ආදරෙයි…….. ඒකට මට වෙන කිසිදෙයක් අදාල නෑ…… අපි බලමු තුහී……… ජීවිතේ ඔය කියන තරම් අහිමිවීමක් නොවෙන්න පුළුවන්……. කොහොමත් ඔයා දැන් මගේ මගේ විතරයි…..
භූමිගේ හැඟුම්බර හඬ…….. ආදරණීය දෑස්……….. තුහීගේ හදවතම ආදරයෙන් පුරවන්නට සමත් විය…….. භූමි දෑතින්ම ඇගේ මුහුණ අල්ලාගෙන ඇගේ නෙත් දෙසම බලා සිටියේය………..
හාත්පසම වැහි බිඳු වල දඟකාර හඬ හැරුන විට කිසිඳු ශබ්දයක් නැත……. සඳවතිය කළු වලාකුළු අතර සැඟව ගොසිනි…… ඔත්තු බලන එකදු තාරුකාවක් හෝ අහස් තලාවේ නොමැත………. හමා එන සුළං රැල් ශාන්ත අනුරාගී සුයාමයටකට ආරාධනා කරයි…….. භූමි නැගී සිට තුහී දෝතින් ගත්තේ ඇගේ ආදරණිය දෙනෙත් වල ගිලෙමිනි………
❤️••••මතු සම්බන්ධයි••••❤️