-2 කොටස-
“නිශාදි.. ලෑස්තිවෙන්න… මං පල්ලෙහාට ගිහින් එන්නම්”
නිශාදිගෙ කල්පනාව බිදුනෙ හිමංසගෙ හඩින්….හිමංස යන දිහා නිශාදි බලං හිටියා… එන දේකට මූන දෙනවා කියලා නිශාදි හිතාගත්තා..
නිශාදිව තරුන් ලගට ඇරලනවා කියලා කීවට හිමංසට ගොඩක් දුකයි….හිතේ තිබුනු අප්සෙට් එක නිසාම හිමංස එයාගෙ හොදම යාලුවට කෝල් එකක් අරන් මේ විස්තරෙ ඔක්කොම කීවා.
“හිමංස… උඹට පිස්සුද බං… ඔහොම දන් දීලා උඹට සතුටින් ඉන්න පුලුවන් වෙයිද.. පිස්සෙක් වෙන්න එපා…..”
“විනෝද්… තේරුම් ගන්න මාව….මට මාර අප්සෙට්.. ඒත් නිශාදි මට පොඩ්ඩක්වත් කැමති නැහැ…
“ඒක දැනගෙනමනෙ බැන්දෙ….පොඩ්ඩක් හිතනවා.. කොහොමද රටට ලෝකෙට මූණ දෙන්නෙ…”
“ප්ලීස් විනෝද් දැන් ඇති..”
“හරි.. ඔය තරුන්ගෙ ගෙදර කොහෙද තියෙන්න කියන්නකෝ ..”
“ඒ මොකටද”
“දැන ගන්න ඇහැවෙ…. උඹ බය වෙන්න එපා. විනෝද් ඉන්නකල් උඹෙ කූඩුව කැඩෙන්න දෙන් නැහැ..”
.🖤🖤🖤🖤
උදේ කෑමත් රෙස්ටුරන්ට් එකෙන් අරගෙන හිමංස නිශාදිත් එක්ක ගමන පිටත් උනා… නිශාදි හිටියෙ සතුටින් .. ඒ වගේම බයෙන්…..තරුන් තමන්ට ආදරේ කරපු විදිහට අර හීනෙ නම් ඇත්ත වෙන්නෙ නැතිවේවි කියල එයාට හිතුනා…
හිමංස සද්ද නැතුව ඩ්‍රයිව් කරනවා…
“හිමංස.. අම්මලාට මොකද කියන්නේ අපි….” නිශාදි අහද්දි හිමංස සුසුමක් හෙලුවා…ටික දවසක් ගියාම ඇත්ත කියමු
තරුන්ගෙ ගේ දොරකඩ වාහනේ නතර කලා…
“යන්න නිශාදි .. ඔයාගෙ ලෝකෙ හොයගෙන යන්න… හිමංස කීවෙ හිතකින් නෙවේ… “
“ඔයාට ගොඩක් ස්තුතියි හිමංස …”
නිශාදි බැහැලා ගිහින් ගෙදර දොරට තට්ටු කලා..ඒ උනාට දොර ඇරුන් නැහැ….කවුරුවත් ඉන්න බවක් පෙනුනෙත් නැහැ…හිමංස ටිකක් වෙලා බලං ඉදලා වාහනෙන් බැස්සා..
“හිමංස කව්රුත් නැහැ ගෙදර …”
හිමංස අල්ලපු ගෙදරින් අහද්දි කීවෙ උදෙන්ම තරුන් බෑග් එකකුත් අරන් කොහෙදෝ ගියා කියලා.. තරුන්ගෙ ගෙදර අනිත් අය ඔක්කොම ගමේ ගිහින් දැන් ටික දවසක් වෙනවලු….
හිමංස ෆෝන් එක දීලා නිශාදිට කීව තරුන්ට කතා කරන්න කියලා.. ඒ උනත් තරුන්ගෙ ෆෝන් එකත් වැඩ නැහැ….
“නිශාදි…තරුන් ගැන මං කොහොමහරි තොරතුරක් හොයා ගන්නම්… යමු දැන්….”
නිශාදිට විකල්පයක් තිබුනෙ නැහැ .තරුන් වැඩ කලේ කම්පැනි එකක.. ඒ විස්තරත් හිමංසට දුන්නා
.. කම්පැනි එකට කතා කලාම කීවෙ තරුන් ඉල්ලා අස් උනා කියලා.. නිශාදිට හරි පුදුමයි…තරුන් එයාගෙ රස්සාවට ගොඩක් කැමැත්තෙන් හිටියෙ.. මෙහෙම උනේ මං නිසාද…
හිමංසට පුදුමයි… ඒ වගේම ටිකක් සතුටුයි.. නිශාදි ටික කාලයක් හරි ලග තියා ගන්න පුලුවන් නෙ….හිමංස වාහනේ හැරෙව්වෙ වෙරල පැත්තට…
🖤🖤🖤🖤🖤
“පුතා. හෙට හෝම් කමින් එකට ඔක්කොම ලෑස්තියි… ඔයලා සතුටින් නේද…”
හිමංසගෙ අම්ම කතාකලේ වෙරලෙ ඉද්දි…
“ඔව් අම්මා…අපි වෙරලට ආවා.. හෝම් කමින් එකක් ගන්නම ඕනෙද…”
“මොනවද පුතා මේ අහන්නෙ…..”
“හරි හරි මං පස්සෙ ගන්නම්”
හිමංසට තමන් ගත්ත තීරනේ බරපතලකම තේරෙන්නේ දැන්….අම්මට මූන දීගන්න බැරුව කොහොමද ලෝකෙට මූන දෙන්නෙ…
“හිමංස ඇයි”
හිමංස කල්පනා කරන නිසා නිශාදි ඇහැවා..
“අම්ම කතා කලේ හෙට හෝම් කමින් එක ගැන කියලා…මං හවස එයාලට කියන්නම්..”
“එපා හිමංස ….හෙට අපි හෝම් කමින් එකට යමු…එකපාරටම එයාල අප්සෙට් කරවන්න බැහැනෙ…”
🖤🖤🖤🖤
..පහුවදා හෝම් කමින් එකත් ලස්සනට කෙරුනා…එදා වගේ නිශාදි බුම්මගෙන හිටියෙ නැහැ..නිශාදි ලග නැති වෙලාවක විනෝද් ආව හිමංස ලගට …
“හිමංස අරූ අතුරුදහන් නේද..”
“කවුද බං”
“උඹේ හතුරා..”
“කවුද”
“ඇයි බං තරුන්..”
” විනෝද්.. ඇත්ත කියපන් .. උඹ සම්බන්ධද ඒකට”
“පිස්සුද බං.. මං හොයලා බලද්දි ආරංචි උනේ…
නිශාදි හිමංසගෙ ගෙදරට ආවා.. හිමංසට තිබුනෙ ලොකු පවුලක්… ගෙදර කීප දෙනෙක්ම හිටියා….හිමංස ටික දවසකින් නිශාදි එක්කම රට යන්න ප්ලෑන් කරගෙන හිටියෙ.. ඒත් දැන් ඔක්කොම වෙනස් කරන්න වෙනවා….
“හිමංස තරුන් ගැන විස්තරයක් හොයා ගන්න බැරි උනාද….නිශාදි ඇහැවෙ නිදන්න යද්දී …”
ඒත් හිමංස නිහඩව හිටියා…නිශාදිට වෙලාවකට හිතුනා මේක හිමංසගෙ ප්ලෑන් එකක්ද කියලා.. මොකද හිමංසට කරන්න බැරි දෙයක් නැහැ…
“හිමංස ඇත්ත කියන්න.. ඔයා තරුන්ට මොනවද කලේ..”
නිශාදි අහපු ඒ ප්‍රශ්නෙන් හිමංසගෙ ඉවසීමේ සීමාව පැන්නා.. නිශාදි ව බිත්තියට හේත්තු කරගෙන මූනටම ලංවෙලා ගිනි පිටවෙන ඇස් වලින් බලද්දි නිශාදි වෙව්ලන්න ගත්තා ..
“නිශාදි දැන ගන්නවා.. මං හොදට හොදයි .. නරකට නරකයි…තමුසෙ මං ගැන අවතක්සේරුවට හිතනවා නම් ……”
එහෙම කියලා හිමංස නිශාදව තුරුල් කරගත්තා…
නිශාදි ගොඩක් බය උනා…
“අනේ සොරි හිමංස ..මං හිතලා කීවෙ නැහැ……හිමංස එක පාරටම නිශාදිව අත් ඇරලා කාමරෙන් එලියට ගියා… එදා මුලු රෑම නිශාදි කලේ කොට්ටෙ ඔලුව ඔබාගෙන අඩපු එක ..හිමංස කාමරේ පැත්තටවත් ආවෙ නැහැ…
පහුවදා උදේ හිමංස කාර් එකට නැගල පිටත් උනේ නිශාදිගෙ මූන වත් බලන් නැතුව…නිශාදිට හරි දුකයි…..හිමංස රෑ වෙනකල්ම ආවෙ නැහැ.
හිමංස ඇක්සිඩන්ට් වෙලා කියල දැන ගද්දි නිශාදිට හිතා ගන්න බැහැ.. නිශාදි හොස්පිට්ල් එකට ගියෙ පිස්සුවෙන් වගේ. දවස් තුනකින් හිමංසගෙ ටිකට් කැපුවා…ඒත් කකුල ඩැමේජ් වෙලා…සතියක් විතර ගත උනා.. හිමංසව බලා ගත්තෙ නිශාදි ….
“නිශාදි… හෙට තරුන් මෙහෙ එනව… ඔයා බඩු ලෑස්ති කරගන්න…එදා තරුන්ව හම්බවෙලා එද්දියි මං ඇක්සිඩන්ට් උනේ… මං තරුන්ට හැමදේම තේරුම් කලා..”
නිශාදි හිමංසගෙ ඇස් දිහා බලං හිටියා.. ඒ ඇස්වල තිබුනු ජීවය එහෙම් පිටින්ම නැතිවෙලා ගිහින්..හිමංස කොච්චර නපුරු උනත් මේ විදිහට කරන්නෙ කොහොමද..
“හිමංස… මං නැතුව ඉන්න පුලුවන්ද ඔයාට…”
‘‘ඒක තමුසෙට වැඩක් නැහැනෙ නිශාදි … යනවා මෙතනින් මට ඉන්න දීලා…තමුසෙ සතුටින් ඉන්නවා….”
“බෑ හිමංස .. මං යන් නැහැ ඔයාව දාලා.. ඔයා මාව බලෙන් කසාද බැන්දට මං දන්නවා ඇත්තටම මට ආදරෙයි කියලා. නැත්නම් මගෙ සතුට වෙනුවෙන් මෙහෙම කරන් නැහැ….”
“යනව නිශාදි මාව කේන්ති නොකර.. මගෙ කකුල කවදා හොද වෙයිද දන් නැහැ…”
“හිමංස… මං දන්නව ඔයා මාව එලවන්නෙ ඇයි කියලා.. ඒත් මතක තියාගන්න දැන් මං ඔයාගෙ වයිෆ්…ඒ බැදීම මැරෙනකල් එහෙමයි..
නිශාදි හිමංසගෙ පපුවට ඔලුව තියාගෙන ඇස්දෙක පියා ගත්තා .
“මට තමුසෙගෙ අනුකම්පාව වැඩක් නැහැ.. යනව එහාට”
🌹🌹🌹🌹🌹