35_වන_කොටස❄️
උස් හඬින් කෑ ගසාගෙන එතැනට ආවේ රවීන්ද්‍ර දන්තනාරායන මහතායි
” තාත්තා……..
වේදේශ් හඬ නගා කිව්වා නොව ඒ නම මිමිනුවා පමණි……
” මොකක්ද උඹ දැන් කියන්නේ වේදේශ්…… මහ අම්මන්ඩියි මෙන්න මේ මනුස්සයයි එක්ක එකතු වෙලා අර කෙල්ලට පුදුම දුකක් දුන්නා මදිවට තව දික්කසාදය දෙන්නෙත්නෑ කියලද කියන්නේ…….
රවීන්ද්‍ර දන්තනාරායන වේදේශ් ලගටම පැමිනෙද්දි ඔහු තවත් නොසන්සුන් වුනා…….. නමුත් ඔහුගේ පැමිණිම මේ අයුරින් සිදු වීම ගැන කෞමදී හා නෙහාරා නම් සතුටු වුනා…….
” උඹ ලෑස්ති වෙයන් නඩුවට…….
රවීන්ද්‍ර දන්තනාරායනගේ විධානය නොසලකා හැරි වේදේශ් ඔහු දෙස බැලුවේ නුරුස්නා බැල්මක්……..
” මේ තාත්තේ ඒක මගේ පුද්ගලික දෙයක් හරිද ඔයා ඒකට හවුල් නොවී ඉන්න
💥💣 ච……..ටා…….ස්💣💥 රවීන්ද්‍ර දන්තනාරායන එල්ල කල පහරට වේදේශ් විසිවී ගොස් සෙටියට කඩා වැටුණි……… වේදේශ් සිය දෑතින්ම කම්මුල් අල්ලාගෙන රවමින් පියා දෙසබැලුවේ කෝපාග්නියෙන් දැවෙමින්……..
” මොකද තෝ මට රවන්නේ……..
නැවත නැවතත් එල්ල කල පහර වේදේශ් දරාගත්තේ දත්මිටිකමින්……
” පාහරයා………. දැනගනින්……. ආයෙම ඒ කෙල්ල දිහා ඇහැක් හරි බලලා තිබුනොත් බලාගෙනයි…… උඹ වගේ පාහර බල්ලෙක් නෙවේ භූමි කියන්නේ…….. නියම කොන්ද පණ තියන පිරිමියෙක්……… වෙලාවට ඒ කොල්ලා තුහීව භාරගන්නවා….. ඒ ලමයට ආදරය කරනවා…… දැන් මේක අහගනින්…….මං හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ…….. තව සති දෙකකින් නඩුව පටන් ගන්නවා…… එච්චරයි…… නටන්න හදන්න එපා වේදේශ්…… එහෙම වුනොත් මේ සේරම මං මල්ලිටයි නංගිටයි ලියනවා……..
එයට නම් වේදේශ් මදක් බියට පත්විය…… ඔහු ඇස ගසාගෙන සිටින්නේ මේ දේපල සියල්ලගේම ප්‍රධානියා වී භූක්ති විඳිමටයි…….. වේදේශ් පියාට රවමින් කාමරයට යද්දි රවීන්ද්‍ර දන්තනාරායනත් කෝපයෙන් දැවෙමින් කාමරයට ගියා…….. කෞමදී හා නෙහාරා ඉක්මන් ගමනින් වේදේශ්ගේ කාමරයට ගියහ……. ඒ යද්දීත් වේදේශ් කාමරයේ ඔබ මොබ ගමන් කරමින් සිටියේ කෝපයෙන් යුතුවයි…….
” වේදේශ්….. පුතා…… කලබල වෙන්න එපා දරුවෝ………
කෞමදීගේ සන්සුන් හඬට මදක් මෙල්ල වූ බවක් පෙනුනත් ඔහුගේ හදවත පුරා භූමිත් තුහින්‍යාත් ගැන ඇති වුන කෝපය අවසන් වී නැති ……….
” අම්මේ……. උන් දෙන්නට මං එකතු වෙන්න දෙන්නෑ……. එහෙම වුනොත් මං පරදිනවා……. කොහොමත් ඌට පරදින්න මට බෑ………
වේදේශ් කෑ ගසා කිව්වේ ඇඳ විට්ටමට පහරක් ගසමින්…….
” වේදේශ්……. භූමි තුහින්‍යා බඳින එක ඔයාගේ පරාජය නෙවේ පුතා ඒක එයාගේ පරාජය…….. මොකද එයා බඳින්නේ #වඳ_ගෑණියක්… ඒ වගේම ඔයාගෙ දික්කසාද බිරිඳ…….. ඉතින් ඒකම එයාට ලැබුන පරාජයක් නෙවේද………
කෞමදීගේ කපටි වදන් වලට වේදේශ් හැරුනේ ස්වයංක්‍රීය බෝනික්කෙකු මෙනි……..
” අම්මා……
” ඔව් වේද්….. ඒ ගෑණිට දික්කසාදය දීලා ඔයා නෙහාරා එක්ක සතුටින් දරුවෙක් මල්ලෙක් හදාගෙන ඉන්නවා දකිද්දි ඔය භූමිට හිතෙයි මොකක්ද මං මේ කරගත්ත මෝඩ කම කියලා…….
අම්මාගේ කතාව සත්‍යයයැයි ඔහුට සිතුණි……….. සුසුමක් හෙළුැ ඔහු තුවායද රැගෙන නානකාමරයට වැදුනේ තවත් ටිකක් ඒ පිලිබඳ සිතන්නත් එක්කය…….. දැන් අවශ්‍ය කොහේ හෝ සිට නිදහසේ සිටින්නටයි………
••••••°°°°•🖤••••••••🖤•°°°°••••••••
රන්ජන් සමරවික්‍රම භූමි සොයා එන විටත් ඔහු සිටියේ ඔහුගේ මල් තවානේය……… මල් වලට සාත්තු කරමින් සිටියද ඔහුගේ සිත තිබුනේ නම් තුහින්‍යා නැමැති හිමමල අසලය……..
” සන්……..මොකද භාවනා කරන්නේ…..
කහ පාට ස්වීටරයක් ඇඳගෙන සිටි රන්ජන් අත් දෙක පපුවට බැඳගෙන පසෙක වූ බැම්ම මත වාඩි විය……..
” මාමා…….. මොකද මේ මහ පාන්දරින්…
මොනවා පැවසුවත් අද ඔහුගේ මුහුණ හරිි නැති බව භූමිට සිතෙයි…….
” ඇයි මොකක් හරි අවුලක්ද……..
” හ්ම්ම්ම්ම්ම්ම්….. ඔව් සන්…… ලොකු නංගි අද පාන්දරින්ම අයෙත් ජැපෑන් ගියා……….
ඔහු පවසද්දි භූමි ඔහු දිහා බැලුවේ නලලත් රැලි කරගෙන…….
” ලොකු නංගි ගියා…..???
” හ්ම්ම්ම්ම්ම්ම්ම්…..Certificate වගයක් ගන්න තියනවා කිව්වේ…… අනේ මන්දා පුතා මේ ළමයින්ගේ වැඩ නම් මට එපා වෙනවා……..
” ආ ඒවාට මාමා කලබල වෙන්න එපා…… අපි බලමුකෝ…….. ම්ම්ම්ම්ම්ම්
භූමි ඔහුව සනසවන්න එහෙම කිව්වට තේජස්විගේ මේ හිතුවක්කාර ක්‍රියා කලාපය ගැන නම් ඔහුගේ හිතේ කිසිම පැහැදීමක් නම් තිබුනේම නෑ………
” ඔයාට කියන්න පුතා……. තේජස්වි මීට කලින් ලමයෙක් එක්ක සම්බන්ධයක් තිබුනා…….. නමුත් ඉතින් අපිට පෑහෙන කෙනෙක් වෙන්නත් එපැයි……. මේ ළමයි තරුණ කාලෙට ගන්න සමහර තීරණ ඇත්තමයි හරි වැරදී පුතා……….
ඒ වදන් වල ගැබ්ව ඇත්තේ කලකිරීමකි….
” මාමා……… එහෙමම කියන්නත් එපා…… හොඳද කියලා හොයලා බලලා කරලා දෙමු………
” ඒත් මං හිතන්නෙ පුතා මගේ ලොකු දුව බැන්දොත් හරි කියලා……..
භූමි කිසිවක් නොකියා මුණිවත රැක්කේ තවත් ඔහුගේ සිත රිදවිය නොහැකි බැවින්………
” මං නිකම් ආවේ……… එහෙනම් මං යන්නම්…….. නංගිත් බලලාම යනවා……
මාමා සිටින්නේ අපහසුවෙන් යැයි භූමිට සිතේ…….. ඔහුට මාමා ගැන ඇත්තේ අපමණ දුකකි……..
ඔහු පිටව ගොස් මද වේලාවකින් භූමිට තුහීගෙන් ඇමතුමක් ලැබුණි……. දුරකතන මුහුණතේ වැටෙන ඇගේ අංකය දැක ඔහුගේ මුවගට නැගුනේ සුන්දර සිනාවක්……… ඒ හිනාවෙන් යුතුවම භූමි ඇමතුම සම්බන්ධ කර ගත්තේය…….
” භූමි………………..??????
එ් හඬ ආදරණීයය………… මධ්‍යම කඳුකරයට වැටෙන සීතල හිම වැහි බිඳක් තරමටම ඒ හඬ ආදරණීයය……
” තුහි…………. මං අද උදෙන්ම තවානට ආවා බබා…….. තවමත් පාන්දර නිසයි ඔයාට ගත්තෙ නැත්තේ……. මොකද කරන්නේ……… අද නිවාඩු දවසේ ම්ම්ම්ම්……..
” ඔයා එනවද බලන්න ගත්තේ භූමි…… මෙහෙ අම්මා බලන් ඉන්නවා ඔයා එනකම්……….
තුහින්‍යා කිව්වේ බොරුවක් නොවේ….. සාමාන්‍යයෙන් භූමි දැන් හැම උදේකම ඇගෙන් බත් කටක් කන්නට යන නිසාම තුහීගේ මව අද උදයේත් ඔහු බලාපොරොත්තු වුනේ පාන්දරින්ම ඉඳිආප්ප හදමින්……..
” එන්නම්………. මං කොහොමත් එන්න හිටියේ……….ම්ම්ම්ම් අප්පච්චි හම්බවෙන්නත් මට ඕනැ……… තව ටිකකින් එන්නම් …….
ඇගේ ඇමතුම විසන්ධි කරන විටම ඔහුට නැවතත් ඇමතුමක් ආයෙන් එයද ඔහු සම්බන්ධ කර ගත්තේය…….
” හෙලෝව්………
” භූමි පුතා……..මං රවීඅංකල්…….
” හප්පට……. රවී අංකල්……. ඔයා මෙහෙ ආවාද එහෙනම්…….
” හ්ම්ම්ම්ම් ඔව් පුතා……. ආවා විතරක් නෙවේ ලෑස්ති වෙන්න එහෙනම් වෙඩින් එකට…… මූ ඩිවෝර්ස් එක දෙයි……. බය වෙන්න දෙයක් නෑ…….
ඒ කතාවට කොල්ලාගේ ඉහේ මල් යායක් පිපුනාක් මෙනි……….
” ඒක නම් ලොකු දෙයක් අංකල්……. කියන්න වචන නෑ…… හුගක් පින්……
” ඒක මොකක්ද පුතා…… අනිත් එක තුහීගේ ජීවිතේට හොඳක් වෙනවා නම් මං ඒක අනිවාර්යෙන්ම කරනවා….. මොකද මගේගේ ඇතුලෙන්මයි ඒ කෙල්ලගේ ජීවිතේ විනාශ වෙලා ගියේ…… ම්ම්ම්ම් එහෙනම් මං තියන්නම්…….. මාත් එනවා ඔය පැත්තේ ඇවිත් යන්න එතකොට හම්බවෙමුකො එහෙනම්……
” හරි අංකල් අපි බලන් ඉන්නවා එනකම් බුදුසරණයි……
ඇමතුම විසන්ධි වී ගියේය…… භූමිගේ හිතට දැනුනේ සතුටක්…….. ඒවගේමයි රවීන්ද්‍ර දන්තනාරායනටත් ඇති වුනේ භූමි ගැන පැහැදීමක්…….
” ඒ දරුවා හුගක්ම වෙනස් වෙලා…… හිතාගන්නවත් බෑ……….
රවීන්ද්‍ර තමාටම කියාගත්තේය………….
•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•
කාලය ගතව ගියේ සුලගක වේගයෙනි…….. බොහෝ දේ සිදු වෙමින් පැවතුනි…….. තුහින්‍යා මේ වන විට දික්කසාද නඩු වාර තුනකට පමණ සහභාගි වු අතර අද එම නඩුවේ අවසන් තීන්දුව ලැබෙන දිනයයි…….. කොළඹ කොච්චිකඩේ උසාවි සංකිර්ණයේ පිටත මිදුලේ වාහන අංගනයේ සිය වාහනය නැවැත්තූ භූමි තුහින්‍යා දෙස කීපවරක් බැලුවත් ඇය සිටියේ ලොකු කල්පනාවකය…… අද පැමිණියේ භූමිත් තුහීත් පමණි…….. උසාවි කටයුතු වලින් පසු ඔවුන් සුප්‍රසිද්ධ ආයතනයකට යාමට නියමිතය……… අග්‍රාමාත්‍යවරයාගේ පුතුගේ විවාහ උත්සවයෙන් පසු ඔවුන්ට විශේෂ අවස්ථා උත්සව ආදියට ඇරයුම් ලැබේ…….. ප්‍රකට සම්මාන උලෙලක මල් සැකසුම් සකස් කිරීමේ අවස්ථාව භූමිට හිමි වුනෙ පසුගිය සතියේය…… එහි රැස්වීමක් අද හවස පැවැත්වේ….. එනිසාම එයටද සහභාගි වීමට ඔවුන් සිතා සිටියහ………..
” තුහී……….. මොකද කල්පනා කරන්නේ…….
සුසුමක් හෙළුෑ තුහින්‍යා ඔහු වෙතට මද සිනාවක් පා හිසසැළුවේ කිසිවක් නැති බව ඉඟිකරමින්……..
” එහෙනම්……..?? කල්පනා කරන්නේ…… දුකයිද………
භූමි උපහාසයෙන් කියා වාහනයෙන් බැස්සේ ඇගේ අතට තට්ටුවක්ද දමමින්….. තුහී අනෙක් පසින් බැස භූමි අසලට ආවේ ඔහු දෙසම බලාගෙනය…… සුදු පැහැ අත්දිග කමිසයට කළු පැහැති කලිසමක් ඇඳ සිටි ඔහු වෙතින් ආවේ වෙනස්ම ලස්සනක්….. තුහී මොහොතක් ඔහුගේ ලස්සන රස වින්දාය……. අද මේ තමා බැඳ ඇති නීතිමය ලියවිල්ලෙන් මිදෙන්නට හැකි වුවහොත් තමා සදහටම මේ ආදරණීය මිනිසාට හිමි වනු ඇත………..
” මොකද හලෝ මං දිහා කන්නවගේ බලන් ඉන්නේ මිනිස්සුත් බලනවා…..
තුහී ගැස්සී වට පිට බැලුවේ එය ඇත්තදැයි කියා සිතීමෙන්…….. නමුත් භූමිගේ උපහාසාත්මත හිනාව දුටු ඇය ඔහු වෙත රවා බැලුවාය……. සුදු පැහැති සාරියක් ඇඳ සිටි තුහින්‍යා උදෑසන පිපුන කඳුකර හිම මලක් බඳුය………
” භූමි………….. මං ඔයාට දෙයක් කියන්නද……..
උසාවියේ වැඩ කටයුතු ආරම්භ වීමට තවත් සුළු වෙලාවක් තිබේ…….
” කියන්න……
භූමි තුහින්‍යා දෙස බැලුවේ වාහනයේ බඳට හේත්තු වෙමින්……..
” භූමි…………………… ඔයාට හුඟාක් පින්… ඇත්තටම ඔයා මට විතරක් නෙවේ මගේ ගෙදර අයගේ ජීවිතත් ආදරයෙන් බලාගන්නවා……. ඔයා මට මේ දුන්න අළුත් ජීවිතය මට මහාමෙරක් වගේ වටිනවා…….. මේ පොරොන්දු වෙනවා ඔයාට ඔයාගේ ආදරයට කවදාවත් වරදක් කරන්නෑ කියලා…… මං හුඟක් දුක් වෙන්නේ ඇයි ඔයාව මට පරක්කු වෙලා හම්බ වුනේ කියලා…… ඒ මොනවා වුනත් #මංඔයාටහරි_ආදරෙයි…
තුහින්‍යාගේ වචන භූමි අසා සිටියේ පරෙස්සමින්…….. ඇය කෙරේ ඇත්තේ අපරිමිත නිමා නොවන සෙනෙහසකි…. එය සැබෑය එසේම එය දිනෙන් දින වැඩි වූවා මිසක් කිසිදා වෙනස් නොවුනි……
” මේ නෝනා……. පින් අනුමෝදනාව ඉවර නම් අපි යමු නේද…….. අනික ඔයා කියන තරම් පරක්කු වෙලා අපි හම්බ වුනෙ නෑ….. ජීවත් වුනාටත් වඩා දිග කාලයක් අපිට ඉස්සරහට තියනවා ලස්සනට ආදරයෙන් ජීවත් වෙන්න…… ඒ හින්දා ඒ ගැන හුඟක් හිතන්න එපා…….. මං මේ කල්පනා කලේ වේදේශයා අද මොන කස්තිරමක් නටයිද කියලා………
එසේ කියූ භූමි තුහීගේ අතින් අල්ලාගත්තේ උසාවිය වෙත පිය මැනීමටයි……… නමුත් ඔහු තමා ඉදිරියට එන පුද්ගලයා දුටුවේ අහම්බෙන් මෙනි……………
❤️••••මතු සම්බන්ධයි••••❤️
_