කාමරේ මේසෙ උඩ තිබුන ඩයරියක් මං අක්කට පෙන්නුවා. “අප්පච්චිගෙ ඩයරිය නේද මේ?මේක කොහොමද මේතෙන්ට ආවෙ?අනික මේ කාමරේ තිබ්බ මොකුත් හොරු ගෙනිහින් නෑ වගේ…” අක්කා ඩයරිය අතට ගත්තා.අරවින්දත් කාමරේ වටේට සෝදිසි කරමින් හිටියෙ.මං ජනේල් දෙක බොහොම අමාරුවෙන් ඇරියා.අවුරුදු ගානකට පස්සෙ
නිසාද මන්දා ජනේල් අරින්න හරිම අමාරුයි.හිර වෙලා වගේ.