මාරාන්තික කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදීම සදහා චීනය විසින් ඇඳන් 1,000 ක ධාරිතාවයකින් යුත් පළමු රෝහල විවෘත කල බවට එරට මාධ්‍ය වාර්තා කරනවා. එක ගොඩනැගිල්ලක් ඇඳන් 1,000 ක ධාරිතාවයකින් යුත් වෛද්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කිරීමෙන් පසු මෙම රෝහල විවෘත කර තිබෙනවා.
මෙලෙස ආරම්භ වී තිබෙන්නේ, ඩේබි මවුන්ටන් ප්‍රාදේශීය වෛද්‍ය මධ්‍යස්ථානය වන අතර ඊයේ දින ක්‍රියාත්මක වූ මෙම රෝහලට රාත්‍රී 10.30 ට රෝගීන් ඇතුලත් කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කර තිබෙනවා. මෙම රෝහල හිස් ගොඩනැගිල්ලේ සිට ඇදන් දහසක් දක්වා සම්පූර්ණ කිරීමට ගොස් ඇත්තේ දින 2ක් පමණක් වීම විශේශත්වයක්.

