-1 කොටස-

“මනමාලියෙක් උනාම සිරියාවට හිනාවෙලා ඉන්න ඕනෙ… මගෙ යකා අවුස්සන් නැතිව හිනා වෙලා ඉන්නවා”

අද හිමංසගෙ වෙඩින් එක… හිමංස හිටියෙ පුදුම සතුටකින්…. පෝරුවෙ චාරිත්‍ර පටං ගත්තා…..හැමෝම වටවෙලා බලං ඉන්නවා…..හැමෝගෙම මූණු සතුටින් පිරිලා….හිමංස වගේ ලොකු සල්ලිකාරයෙක් නෑදෑයෙක් වෙන එක හැමෝටම ආඩම්බරයක්..

ඒත් මනමාලි…. නිශාදි විතරක් දුකින් ….. අවුරුදු ගානක් ආදරේ කරපු තරුන්ව අත ඇරලා හිමංසව බදිද්දි දුක් නොවී කොහොමද….

“මං ආයෙ කියන් නැහැ නිශාදි….ඇහුනද තමුසෙට “

පෝරුවෙ ඉන්න ගමන් හිමංස මිමිනුවේ නිශාදිට විතරක් ඇහෙන්න….

හිමංස නිශාදිව දැක්කෙ යාලුවෙක්ගෙ වෙඩින් එකකදි…. නිශාදි තමා ඒකෙ දෙවෙනි මනාලි….හිමංසගෙ ඇස් නිශාදිව ලුහු බැන්දෙ හිමංසගෙ මුලු හිතම නිශාදිට සින්නක්කරේටම අයිති කරලා දීලා… ඒ උනත් නිශාදිට අයිතිකාරයක් ඒ වෙනකොටත් හිටියා….

තරුන්……දුප්පත් අහිංසක කොල්ලෙක්… හිමංස තරුන්ව බාධකයක් කරගත්තෙ නැහැ… හිමංසගෙ සල්ලිවලට රගපෑම් වලට මේ කසාදෙ තීරනේ කරන එක සුලු දෙයක් උනා. නිශාදිගෙ අකැමැත්ත හිමංසට වැඩක් උනේ නැහැ….

නිශාදිට වෙන කරන්න දෙයක් තිබුනෙ නැහැ…. පවුලයි… ආදරෙයි අතරෙ අතරමං වුනු නිශාදිට සම්මතෙන් පිට පනින්න හයියක් තිබුනෙ නැහැ….

නිශාදි හිමංසට ඇත්තටම බයයි.. බය නිසාම බොරු හිනාවක් මූනට ආරූඩ කරගත්තා…

පෝරුවෙ චාරිත්‍ර ඉවර උනා . මුදුත් මාරු කලා.. දෙන්නම පෝරුවෙන් බැහැලා ඇවිත් රෙජිස්ට්‍රාර් ලග හිට ගත්තා…

නිශාදිට මේ හැම දේ ගැනම තිබුනෙ ලොකු කල කිරීමක්… අද ඉදල ජිවිත කාලෙම මේ වගෙ නපුරු මනුස්සයෙක් එක්ක ඉන්නෙ කොහොමද…

“හිමංශ දෙනුවන් දෑලබන්නඩාර වන මම… මෙහි සිටින නිශාදි සකුන්තලා සේනාරත්න යන අය මගේ නීත්‍යානුකූල භාර්යාව වශයෙන් පිලිගන්නා බවත්…..”

හිමංශගෙ ඇස් වලින් සතුට දෝරෙ ගලනවා…ඒත් නිශාදි රූකඩයක් වගේ හැම දේටම මූණ දුන්නා…..හිමංශ කොච්චර නපුරුද කියනව නම් තරුන්ටත් වෙඩින් කාර්ඩ් එකක් අතටම දීලා වෙඩින් එකට ආරාදනා කලා…

ඒත් නිශාදි ඒක දැනගෙන හිටියෙ නැහැ. නිශාදි තමන්ට අකැමැති වුනු එකට වාඩුව ගන්නයි එහෙම කලේ….

වෙඩින් එකේ ඩාන්සින් ෆ්ලෝ එකට ගෲප් එකේ ලීඩර් කපල් එකට ඉන්වයිට් කලා..හිමංස බලෙන්ම නිශාදිව ඇදගෙන ගියා…

“දම්පාට හැන්දෑවේ ..

ඉර බහින මේ යාමේ…

සුලගෙ අපි දැවටීලා…

පාවෙමුද ආකාසේ…..”

සිංදුව අනුව තාලයට දෙන්න ඩාන්ස් කලා.. ඩාන්ස් කලා කීවට ඒක අංග චලනයක් විතරයි කීව නම් වඩාත් සුදුසුයි….

“සිහින දෙව්ලියේ…ඔබට තුන් ලොවේ..

එකම නමයි මා දුන්නේ

ඒ නම ආදරේ…..”

ඒ කටහඩ.. නිශාදි බැලුවෙ ගෲප් එක දිහා… ඔව්… තරුන්….තරුන්.නිශාදි දිහා බලාගෙන.ඒ සිංදුව කීවෙ ගොඩක් වේදනාවෙන්…නිශාදි සිතුවිලි හිර කරගෙන හිටියෙ හරිම වේදනාවෙන්….

නිශාදිගෙ මූන වෙනස් වෙන හැටි හිමංස බලගෙන හිටියා….හිමංශ්ගෙ මූනෙ මැවුනෙ කුරිරු හිනාවක්…

”නිශාදි… දැන්වත් තේරුම් ගන්නවා… මට කරන්න පුලුවන් දේවල් ගැන….මට ඕනෙ දේ මං කොහොමහරි ලබා ග්න්නවා…”

දුකත් වේදනාවත් එක්ක නිශාදිට තව දුරටත් නිහඩව ඉන්න බැරි උනා…

“මොන දේ… බලෙන් ලබා ගත්ත වුනත්.. ආදරේ බලෙන් ගන්න බෑ මිස්ටර් හිමංස ….””

වෙඩින් එකේ කටයුතු ඉවර වෙලා හිමංස නිශාදිව හොටෙල් එකට එක්කගෙන ගියා… නිශාදි අන්තිමට කීව වචන ටික හිතුවෙවත් නැති විදිහට හිමංශගෙ හිතට වැදුනිශාදී පුටුවක ඉදගෙන කල්පනා කරනව…

හිමංස හෙමීට පහල රෙස්ටුරන්ට් එකට ගියා …..රෙස්ටුරන්ට් එකේ තැන් තැන් වල අලුත් කපල්…බොහොම සංතෝසෙන් කෑම කනවා…..

හිමංසට ඕන උනේ කොහොමහරි නිශාදිව කසාද බදින්න .අරමුණ ඉශ්ට උනා..ඒත්…..උදේ වරුවෙ තිබුනු සතුට දැන් කෝ…….තමන්ට අනිත් කපල් වගේ කවදාවත් සතුටින් ඉන්න බැරිවේවි කියල හිමංසට තේරුනා..

.නිශාදගෙ මූනෙ හිනාවක් දකින්නෙ කොහොමද ….අයිතිකර ගත්තට වැඩක් නැහැ…..හිමංස ආසාවෙන් ඇති කර ගත්ත මේ බැදීම හිතට බර වැඩියි…..

අන්තිමේදි හිමංස තීරනේ කලා නිශාදිට එයාගෙ කැමැත්තට ඉඩ දෙන්න ….හිමංස කාමරෙට ආවා…ඒත් නිශාදි පේන්න හිටියෙ නැහැ….වොශ් රූම් එකෙත් නැහැ..හිමංශ කලබල උනා….

“නිශාදී..”

ඒත් සද්දයක් නෑ…බැල්කනි එකේ දොර ඇරලා….හිමංසගෙ පපුව ගැහෙන්න ගත්තා…

හිමංශ බැල්කනියට ගියා….බැල්කනියෙ අදුරු මුල්ලක ඉකිබිදින්නෙ නිශාදි …හිමංශ නිශාදි ලහට ගියා….

“නිශාදි… හෙට උදෙන්ම ලෑස්ති වෙන්න තරුන්ලගෙ ගෙදර යන්න…. ඔයා තරුන්ව මැරි කරන්න.. මං ඩිවෝස් පේපර් හදලා එවන්නම්…..”

එහෙම කියපු හිමංස කාමරේ සෙටියෙ නිදාගත්තා.

නිශාදිට හිතාගන්න බෑ..හිමංස ඇත්තටමද කීවෙ….

🖤🖤🖤🖤🖤

නිශාදි හිටියෙ තරුන්ගෙ ගේ දොරකඩ… තරුන් පුදුමෙන් බලං හිටියා..

“තරුන් මං ආව ඔයා ලගට”

නිශාදි තරුන් ලගට ගියා….ඒත්

“අහ්”

තරුන් නිශාදිට කම්මුල් පාරක් ගැහැවා…නිශාදිට හිතාගන්න බැහැ

“ලැජ්ජ නැද්ද … බැදලා ගිහින් ආයේ මං ලගට එන්න…. යනව මෙහෙන්..”

දඩාස් ගාලා තරුන් දොර වැහැවා ….

“ආ…”නිශාදි නින්දෙන් ඇහැරුනා…

“ඒක හීනයක්ද… ඒක ඇත්ත උනොත්….”

හිමංස පුටුවෙ නිදි තවම….හිමංස වෙනස් වෙලා… නිශාදි තීරනයක් ගත්තා….

“මං දැන් කසාද බැදලා… ආයෙ තරුන් ලගට යන්න බැහැ……”

“හිමංස මං කොහෙවත් යන් නැහැ…”

නිශාදි හෙමීට මිමිනුවා……..ඒත් හිමංස අකැමැති උනොත්…..නිශාදි දෙලොවක් අතර අතරමං වුනා..