මලක්දෝ නුඹ අරලියා 🌸🌿
_ 🌷🌿විසි දෙවෙනි කොටස🌿🌷_
අම්මාගේ මුහුණේ නම් තිබුනේ ජයග්රාහී හිනාවක්……. එය දැක රන්දයට දැනුනේ කෝපයක්……. වචනයක් වත් කතා නොකර ඔහු කවුළුවෙන් පිටත බලාගෙන හිතුවේ වන්දනා ගැන…….. ඒ වගේම ඔහුට දුෂේරාගේ කෙලිලොල් දඟකාර වතද සිහි නොවුනාම නොවේ……… දුෂේරා පිරිමි සිත් ගිණි තබන අවුස්සන සරාගී ගිණි සිළුවක් වෙද්දි,,,, වන්දනා හිතම සනසන භාවනාවක් සේ රන්දයට දැනුනි……… කොහොම බැලුවත් හදවත පිලිගත්තේම වන්දනායි……………..
🌿 රන්දේ මොකද කියන්නේ කෙල්ල හොදයිද……….
❤️ හොඳයි……. මොන හොදක්ද…. ඇමති යා හිතාගෙන ඇති උගෙ කෙල්ල මට බන්දලා දීලා මගෙන් වැඩ ගන්න………. ඌ දන්නෑ මේ රන්දය කවුද කියලා………
🌿 වහගන්නවා කට රන්දය…….. තමුසෙට ඉතින් හැම මගුලකටම කියන්න ඇදයක් තියනවානේ………..
❤️ ඇදයක් නෙවේ……. තාත්තා දැක්කනේ ඌ පලවෙනියටම කීවේ මොකක්ද කියලා…….. මං ඊයේ උගේ කුඩු suplier ලා පහක් ඇතුලට දැම්මා……….. උගෙයි අර සම්මානිගෙයි ගණිකා මඩම තමා මට තව අල්ලගන්න ඕනි ඊට පස්සේ මං ඕකාවත් ඇතුලට දානවා………..
🌿 කළුගල් වල ඔළුව හප්පගන්නැතුව පාඩුවේ ඉන්නවා රන්දය………..
❤️ මොනවද ඔයා මේ කියන්නේ අම්මේ…….. පිස්සුද වෙන අම්මලා නම් රට ජාතිය වෙනුවෙන් ළමයින්ට උපදෙස් දෙන්නේ නරක දේවල් විනාශ කරලා සමාජය හොඳ තැනක් කරන්න කියලා…. ඒකට අපේ අම්මා………විලි ලැජ්ජයි ඔයාගේ පරම්පරාවටත්……. ඔන්න ඕකට තමා වංසෙ කබල් ගානවා කියන්නේ…. මහා ලොකුවට පුරාජේරු කිව්වට කරන වැඩ වලින් third class
🌿 කට වහගන්නවා රන්දය……… තමුසෙට ඕනැ ඕනැ විදිහට නටන්න මං දෙන්නෑ…………..
සදහම් දෑලබණ්ඩාරට මේ රණ්ඩුව හිසරදයකි……….. ඔහුගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් තිබුණි………….
👑️ දෙන්නම දැන් කට වහගත්තොත් තමා හොඳ…….. සුලක්ඛණා කසාද බැඳලා එකට ජීවත් වෙන්නේ තමුසෙවත් මං වත් නෙවේ.. රන්දය…….. ඒ හින්දා ඒ ළමයට කැමති තීරණයක් ගන්න ඉඩ දෙනවා…………..
අම්මා කිසිවක් කියන්න කලින්ම වාහනය ඇවිත් ඔවුන්ගේ බංගලාවේ දොරටුව අසල නැවැත්තුවා……….. රන්දය කතා කරන්නෙත් නැතුව සිය වාහනය පණගන්වාගෙන පිටව ගියා…………. නෙළුම්දෙණිය වලව්වට යන විට රාත්රී එකට පමණ විය…………. ඔහු යන විටම සියාතු පැමිණ දොර විවර කලේය……….
❤️ සියාතු……………. වන්දනා කීයටද ආවේ…………
👇 සුදු මැණිකේ එද්දි හයහමාරට විතර මයේ හිතේ………….
රන්දය කාමරේට ගිහින් දොර වසාගත්තා……. හිතට දැනුනේ පුදුම කලකිරීමක්………. වන්දනා හමු නොවුනා නම් සමහර විට තමා දුෂේරා හට කැමති වන්නට ඉඩ තිබුණි……….. දැන් නම් එය කිසිසේත්ම කල නොහැකී………. ඔහුගේ හිතේ වන්දනා ගැන තිබුනේ සැබෑම ආදරයක්…………
🌷
වන්දනා අද උදේම රෝහලට යා යුතුයි අද ETUඑකේ ඩියුටි ඇය………. ඉතින් එහෙම දවසට වන්දනා හය වෙද්දිවත් නැත්තම් ඊට කලින්වත් යනවා ඒක ඇගේ පුරුද්ද…… කහ පාටයි කොල පාටයි හෑන්ඩ්ලූම් සාරියට ඇය දිස්වුනේ උදයේ පිපුණු අරලිය මලක් වගේ………. වෙලාව පහ හමාරට විතර ඇති………. කෙල්ල පහලට යන විට සුමනා අත්තම්මා තාම උයන්න හිතලා වත් නෑ………
🌹 මං යනවා සුමනා අත්තම්මා……..
🍃 සීවරම් දෙයියනේ සුදු මැණිකේ උදෙන්ම යනවා කීවෙත් නැහැනේ….. මං තාම උයන්න හිතුවේ වත් නෑ………..
🌹 ඒකට මොකද මං මොනා හරි කන්නම් අනේ……. මං යනවා…………
වන්දනා යන දිහා සුමනා අත්තම්මා බලන් හිටියේ දැවෙන සිතින්………….
🍃🍃 සුදු මැණිකේ………… ඇයි මේ අපායට ආවේ……….. මං ඉන්නේ පිච්චි පිච්චි මුන් මගේ මැනීකෙට කරදර කරයි කියලා……… මං උන්ව කැති ගානවා……. ඔව්…… ආනන්දිතා සුදු මැණිකෙ වෙනුවෙන් මං උඹ රකිනවා මැණිකේ……
ඉඳිආප්ප කන්න කිරි හොදි ඉල්ලද්දිත්,,,, නිදාගන්න කොට කිරි කෝපි ඉල්ලද්දිත්,,,,, පඩියක් හැර පඩියක් තරප්පු ලගපෙල නගිද්දිත්,,,, වමතින් ආහාර ගනිද්දිත්,,,, ඒ ඔක්කොටමත් වඩා ඉස්සරහ නෙළුම්දෙණිය වලව්වේ මිය ගිය අයගේ පින්තූර අතර ඇති ආනන්දිතාගේ පින්තූරයට රහසින් වඳිද්දිත් සුමනා සැක කලා මේ අරලියා බව……………. නමුත් ඒ බවක් ඇය තම සැමියාටවත් නොකීවාය………….
වන්දනා ගොස් පැය දෙකකට පමණ පසු රන්දය පහලට ආවේ ඇඳගෙනමයි………….
❤️❤️ ශ්ට්…….. කිසිම තේරුමක් නැති ගමනක් ගිහින් අද නැගිටිනකොටත් පරක්කු වුනා……. වන්දනා ගියාද දන්නෑ……
එහෙම හිත හිත රන්දය පඩිපෙල බැස්සා……..
❤️ සුමනා අම්මා බඩගිනී…………..
🍃 වාඩි වෙන්න මහත්තයා…….. මං ගේන්නම්………..
❤️ වන්දනා කෝ…… තාම නිදිද……..
🍃 සුදු මැණිකේ උදේම ගියා……… පාන්දරම……
❤️ මොනවා පාන්දර ගියාද……. ආ.හ්… අද ETU එකේ වෙන්න ඇති වැඩ…… කාලා යන්නත් නැතුව ඇති….
🍃 මං උයලා තිබුනේ නෑ මහත්තයා……. කඩෙන් කන්නම් කීවේ…………
❤️ මහ පණ්ඩිතයි එයා නම්…. ඊයේ රෑ ඔයාට ටිකක් කිව්ව නම් හරිනේ කලින් යනවා කියලා……..මොනාද හදලා තියෙන්නේ………
🍃 අදත් ඉතින් ඉඳියාප්ප තමා………..
❤️ ම්ම්ම්ම්ම්ම්…. එහෙනම් මට ඒක ඔතලා දෙනවද……… මං ගිහින් කන්නම් වන්දනා එක්ක……. මට එයාව හම්බවෙන්නත් ඕනැ………….
සුමනා ඇතුලට ගියේ කොල්ලා දිහා තවත් වරක් බලමින්………… ඇය වන්දනා අඳුනගත්තට රන්දය නම් කවුද කියලා හඳුනගත්තේ නෑ…… ඒත් රන්දයගේ හිතේ ඇය ගැන ලෙංගතුකමක් ඇති වෙලා තියන බව නම් ඇය නිකමට සිතුවා……….
🍃🍃 රන්දය මහත්තයා හොඳයි……… ඒත් ඉතින් කාට වුනත් සුදු මැණිකේ ලං වෙද්දි හුඟක් හිතලා බැළුවොත් තමා හොඳ කවුද හිතුවේ සුරනිමල හාමු මෙහෙම වෙනස් වෙයි කියලා…………
සුමනා එහෙම හිතමින්ම පාර්සලයන් එකටම බැන්දා……… බැඳලා ඒක රන්දයගේ අතෙන් තිබ්බා………….රන්දය සුසුමක් හෙලලා ඒකත් අරන් ඉගිල්ලුනේ කුරුල්ලෙක් වගේ………. නන්දන සමරසේකර ඉන්න තැන ඔහු දන්නවා….. අද මේ යන්න හදන්නෙත් ඔහු හමුවීමට….. නමුත් වන්දනාට යා හැකි වෙයිදැයි නොදන්නා නිසා ඔහු නන්දනට ඇමතුමක් ගත්තේ නෑ………..
මුලින්ම ඔහු Office එකට ගියේ එහි වැඩ ටික බලලා එන්න මොකද අද දවසේම ඔහුට එනනන වෙන්නේ නැති නිසා
🦅 Good morning sir
කුමාරසිරි ඉදිරියට ආවේ දුවගෙන වගේ…….
🦅 මං ගත්තා කීප සැරයක්ම සර්ගේ phone එක වැඩ කලේ නෑ……..
❤️ මොනාද අළුත් තොරතුරු…….
🦅 මහතතයා මං හොයලා බැළුවා අර කෙනා ගැන ඒත් කිසි දෙයක් හොයාගන්න බැරි වුනා…… හැබැයි ඒ කෙනා වන්දනා නෝනාගේ යාළුවෙක් කියලා තමා ආරංචි වුනේ
❤️ හා.. ඒකට කමක් නෑ….. මේ මොකා ආවත් අරුන් තුන් දෙනා යවන්න එපා මං එනකම් මං කියන්න ඕනි තැන් වලට කියලා තියෙන්නේ…….
🦅 ok sir
❤️ මොනවා හරි තිබුනොත් මට කතා කරන්න…..
රෝහලේ ETU එකේ දොරෙන් ඇතුළු වෙද්දිම රන්දය ඇයව දුටුවා ඇය පමණක් නොවේ ඇය හා සිටින අසෙනියවත් දුටුවා………… ආපහු හැරිලා යන්නම හිතුනත් ඔවුන් දෙදෙනා ඔහුව දුටු නිසා යාමට නොහැකිව එතැනම සිටගත්තා……
🌹 ආහ්…. රන්දේ ඔයා ආවද එන්න එන්න…………..
කෙල්ල වෙනසක් නොපෙන්වාම කතා කලා….. රන්දය කිසිත් නොකියා ඔවුන් අතරට ආවේ අසෙනිය දිහා හොදින්ම බලාගෙනයි………… අසෙනිය සුහද හිනාවක් පෑවා….. රන්දයත් නිකම් සානාවක් පෑවේ කරන්න දෙයක් නැති හින්දා…………
🌹 ඉතින් ඔය දෙන්නා හඳුනන්නෙත් නෑනේ……….. රන්දේ මේ මගේ හොඳම යාළුවා අසෙනිය………… අසෙනිගේ අම්මයි නිවේදිතා අම්මයි හොඳ යාළුවෝ ඉතින් අපි දෙන්නත් පුංචි කාලේ ඉඳන්ම හොඳම හොඳ යාළුවෝ……….. එතකොට අසෙනි මේ රන්දය අයියා…….. මගේ මාමාගේ පුතා…… මං ඔයාට කිව්වේ ඊයේ…
💙 කොහොමද මචං රන්දේ මට මේකි ඊයේ කිව්වා……. උඹ ගැන……….
❤️ ඒ වුනාට මෙයා මට උඹ ගැන කීවේ නෑ……..
🌹 අනේ මේ රන්දේ ඔයා මගෙන් ඇහුවෙත් නෑනේ නේද
දෙන්නා රණ්ඩුවක් පටන්ගන්න හදන්නෙ කියලා අසෙනියට හිතුනා…….
💙 මොකද බං උඹහැම තිස්සෙම කෙක්ක වගේ එල්ලෙන්නම යන්නේ
🌹 මෙයාගේ හැටි ඔයා දන්නෑ අසෙනි…….
❤️ හරි හරි මං හොද නෑ…… ඉතින් කියන්නකෝ මේ දොස්තර නොනා උදේට කාලද ආවේ……….ම්ම්ම්
🌹 නෑ අනේ………. මං උදෙන්ම ආවා එනකොට තමා සුමනා ආත්තම්මා නැගිට්ටෙත්……
❤️ ඇයි ළමයට ලැජ්ජද රෑට ටිකක් කියන්න සුමනා අම්මට……. නිකම් කඩවල් වලින් කන්න හදන්නේ doctor කෙනෙක් නේද………
💙 මෙයා ගැන කතා කරලා වැඩක් නෑ රන්දේ…….. මෙයා කෑම කන්නේ හරියට අපිට ඕනැවට වගේ………..පුදුම වදයක් දෙන්නේ………
වන්දනාගේ ඇස් ගියේ රන්දය අතේ කියන පාර්සලයට…………
🌹 OIC මහත්තයෝ මොනාද ඔය කන දෙයක්ද………..
❤️ හ්ම්ම්ම්ම්ම්……… අනින්න හිතෙනවා ටොක්කක්……… අසෙනි උඹත් ඔය කීවට කාලා නෑ නේද……….. යන්ද එලියට මට කියන්න දෙයකුත් තියනවා…………මං හිතන්නේ අසෙනි මේ ඔක්කොම දන්නවා ඇතිනේ……….
🌹 ඔව්……. මේ මොනාද ඔයා ගෙනාවේ……..
❤️ සුමනා අත්තම්මා හදපු ඉඳිආප්ප තමයි……. ඔයා වැඩියේ කැමති නම් නෑ කියලා දන්නවා……. ඒත් කමක් නෑ……. අපි යමු එලියට………. අසෙනි ඔයා free නේද……
💙ඔව් බං මං off… මේ හොල්මන හින්දා මං හිටියේ……………
🌹 තව ටිකක් ඉන්න වෙනවා ලිහිණි ආවම අපි යමු මං එතකම් leave එකක් mark කරලා එන්නම් දෙන්නා කතා කර කර ඉන්නකෝ………
කෙල්ලට ඕනැ වුනෙත් රන්දයයි අසෙනියයි ටිකක් ලං කරන්න……..
❤️ කොහොමද බං මේකි එක්ක ඉන්නේ……… බෝම්බ කාලා වගේ ඉන්නේ එල්ලෙන්නමයි එන්නේ වචනයක් වරදින්න බෑ………..
අසෙනිය සිනාසුනේ බිම බලාගෙනයි……… ඔහුට මේ ඇගේ නපුරුකම් හොඳට හුරුය………..
💙 එයා පොඩි කාලේ ඉඳන්ම එහෙමයි…….. මහ නපුරි……….
❤️ මෙයා ඉක්මනට එයිද……අපි අද Mr සමරසේකර හම්බ වෙන්න යන්න ඕනෙ………..
💙 ඔය ගියාට කෝප්ප ටික ඔක්කොම හෝදලා එයි…………
❤️ මං Mr සමරසේකරට කියන්නම් අපි එනවා කියලා………
💙 හ්ම්ම්ම… මං වන්දනා එනවද බලන්නම්………
❤️ අසෙනි මට කතා කරන්න ඕනි
💙කියපම්………. රන්දේ…….
❤️ උඹ වන්දනා ගැන බලාපොරොත්තුවකින් නෙවේ නේද ඉන්නේ…………. ආ….අසෙනි…………..
💙 ඇයි උඹ එහෙම අහන්නේ රන්දේ………
❤️ නෑ නිකම්………..
නිකම් කිව්වට රන්දයගේ මුහුනෙන් දැක්කේ බලාපොරොත්තු සත බවක්………..