රොඩ්රික් බර්නාඩ් අතුරලිය යන මා විසින් කරන පාපොච්චාරණය !!!!!!!!!!!!!!!!!!!!!!!
ජිවිතේ හැමදාම නිවැරදිම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. වැරදි වලින් තමයි මිනිස්සු ජිවිතේ ඉගෙන ගන්නේ. එහෙමයි කියල මගේ අතින් සිද්ධ වෙච්ච වැරදි සාධාරණිකරණය කරන්න මට අයිතියක් නැහැ. මගේම දරුවටයි එයාගේ බිරිඳටයි ජීවිතෙන් සමුගන්න උනේ මගේ වැරදි හින්ද කියල සිහි වෙනකොට මට දැනෙන වේදනාව කියල නිම කරන්න බැහැ. මගේ මුනුපුරාව මගේ ළඟ තියාගෙන ලොකු වෙනවා බලන්න මට පින නැහැ. ජීවිතේ එකම එක දවසක සිද්ධ වෙච්ච වැරැද්දක් එකම එක මොහොතක් මගේ මුලු ජීවිතේම වෙනස් කලා.
හැමදේම සිද්ධ වෙලා ඉවර වෙනකම් මට මොනවත්ම කරගන්න බැරි උනා. මේ විදිහට ලියල තියන්නේ කවමදාක හරි මේ දේවල් වල අවසානයක් තියෙන්න ඕන නිසයි. හිත පත්ලේ නිධන් කරල දාපු ඒ අතීතය එලියට ගන්න මම කොච්චර අකමැති උනත් එහෙම නොකර බැහැ.
ඔව්.. ඒ මීට අවුරුදු 50කට විතර කලින්.
රොඩ්‍රික් .. මේ තේක බීල යන්න.. මගේ පස්සෙන් දුවගෙන ආවෙ අම්මා.
අයියෝ අම්මා මට පරක්කු වෙනවා.
තාත්තයි පුතයි දෙන්නම එකයි. කෑම බීම උස්සගෙන මම පස්සෙන් දුවන්න ඕන
හරි හරි කෝ දෙන්න.
ඒක නෙවේ මේ ඉරිදා ගෙදර ඉන්න කොහේවත් යන්න වැඩ දාගන්න එපා ඈ.
ඒ මොකද ?
ඇයි මතක නැද්ද අපි නාරද අංකල්ලගෙ ගෙදර යන්න දාගත්තා.
කවද්ද එහෙම දාගත්තේ? මට මතක නැහැ. අනිත් එක නාරද අංකල්ලාගේ ගෙදර දවසක් දාගෙන යන්නේ මොකටද? මම මේ දැනුත් යන්නේ එහෙනේ
පොඩි ළමයෙක් වගේ කතා කරන්න එපා පුතා. වැඩිහිටියෝ ගිහින් කතා බහ කරගන්න එක සිරිතක්.
අයියෝ අම්මා..
අයියෝ කියන්නෙ මොකද්ද දැන් ඒ කටයුතු වල පිලිවෙලක් තියෙන්න එපැයි. ඒ ලමයව මේ ගෙදරට ගේන්නැද්ද? නිකම් ආශ්‍රය කරනවා විතරද?
එහෙම දෙයක් නෑ.. මොකෝ නොදන්න ගෙවල් දෙකක් යැ. පොඩිකාලෙ ඉඳල දන්න කියන දෙන්නෙක් අපි දෙන්න. මම ඔය විකාර සිරිත් වලට කැමති නෑ. ප්‍රියානිත් ඔව්ව පස්සෙ එලවන කෙල්ලක් නෙවේ.
එහෙම කියල බෑනෙ. දැන් ඔයාට විසි පහක්. වෙඩින් එක ගමු ඉක්මනට. චාරිත්‍රෙට එහෙ යන්නෙ.
හාපො හා .. හා.. මම එන්නම්.විකාර සිරිත් නේ. ඔයා තමා ඔව්ව කරන්න නටන්නෙ. ප්‍රියානිගෙ අම්මට නම් ගානක් නෑ.
මොකද ඒ මනුස්සයට ගානක් නැත්තෙ. එයාම තමා මට කෝල් කරලා මේ වැඩේ ඉක්මන් කරමු කිව්වේ..
හා හා අම්මලා ඕන එකක්. මම යනවා
මේ කොල්ලා නම්.. අනේ මන්දා අර කෙල්ල කොහොම ඉඳීද කියල.
එයා ඔය මතක ඇති කාලෙ ඉඳලම මාත් එක්ක යහතින් ඉන්නෙ. ඉස්සරහටත් එහෙම ඉඳී.
උඹත් එක්ක කතා කරල දිනන්න නම් මට තේරෙන්නෙ නෑ. ඔන්න ආයෙ කිව්ව දෙන්නත් එක්ක එදාට ගෙවල් වල ඉන්න ඕන.
හා හා..
හපෝ.. අම්මගෙන් ගැලවිලා එන්න තියෙන අමාරුවක්. පිස්සු විකාර සිරිත්. බුලත් හෙප්පුවකුත් අරගෙන සාරියකුත් ඇඳගෙන ඇට මාලයක් දාල ප්‍රියානි මගේ ඉස්සරහටඑන හැටි මට මැවිලා පෙනුනා.
මොකද පරක්කු වුනේ රොඩ්‍රික්?.. ප්‍රියානිගෙ ගෙදර ඉස්සරහ වාහනේ නැවැත්තුව විතරයි ප්‍රියානි දුවගෙන ආව. පව්. මම එනකම් කෙල්ල බලන් ඉන්නැති ගොඩක් වෙලා.
අම්මා නමැති කෝච්චියට අහු උනා.
හනේ හනේ ඔයා නම් මහ නරකයි රොඩ්‍රික්.
මොකද මම නරක?
ඉන්නකො මම ආන්ටිට කියන්න.
හා. කියන්නකො නැන්දම්මයි ලේලියි කේලම් කියාගෙන. මොකද මම බයවෙයිද ඕවට
ඔව් ඔව් ඔයා ගැන ඉතිං මම නොදන්නවයැ. එකා යකානෙ.
අන්න ඒකනෙ
හ්ම්ම්.
මේ එහෙම කියන්නත් එපා හරිද? අපි හොඳට විනීතව හැදිච්ච කොල්ලො.
ඔව් ඔව්. හරි දැන් ටක්ගාල යමු. අර හොල්මන එලියට එන්න ඉස්සෙල්ල.
මොන? කවුද හොල්මන? ආන්ටිට කියල යන්න එපැයි.
මම කියල ආවෙ. යමුකො ඉක්මනට. ප්‍රියානි කියද්දිම ගෙදරින් එලියට ආවෙ ප්‍රියානිගෙම වයසෙ කියන්න පුලුවන් යුවතියක්.
හායි රොඩ්‍රික් කොහොමද? ඇය මාව දැක්ක ගමන් කතා කලේ හරිම සුහද විදිහට.
හලෝ. මම කිව්වෙ සැකෙන්. පුංචි කාලෙ ඉඳන් ප්‍රියානිගෙ පවුල සමග සමීප සබඳකමක් තිබුන මට මේ යුවතිය දන්න බවක් මතක් උනේම නෑ.
රොඩ්‍රික් ට මාව මතක නෑ වගේ?
නැහැනේ. මම කිව්වෙ ඇයව මතක් කරන්න උත්සහ කරමින්.
මම විජිනි. මතකද?
මම තාමත් බලන් උන්නෙ සැකෙන්. ප්‍රියානිට නම් තරහ ගිහින් වග මට ඒ රතු වෙච්ච මූනෙන් ම තේරුනා.
ඇයි අනේ. අපි ඉස්සර එකට සෙල්ලම් කරන්නෙ අපි ගෙවල් මාරු කරානෙ තාත්තලගෙ ගමට යන්න ඕන හින්ද. ප්‍රියානිලගෙ එහා ගෙදර හිටියෙ විජිනි. ඇය කියද්දි මට යම්තම් ඇය මතකයට නැගුන. ප්‍රියානිගේ අසල්වාසී දැරියක්. ඉස්සර ඇය අපිත් එක්ක සෙල්ලම් කරන්න එනව. පස්සෙ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා හරි කොහොම හරි එයාල පදිංචිය වෙනස් කලා. ඊටපස්සෙ ඉතිම් අපි ටත් ඒ පවුල එහෙම්ම අමතක උනා.
ආ… මේ ඒ විජිනිද? මට යම්තම් මතකයි.
ඇයි අනේ එහෙම කියන්නෙ. මට නම් ඔයාලව හොඳට මතකයි.
හරි හරි ඉතින් විජිනි කොහොමද ?
හොඳයි හොඳටම හොඳයි .. ඒක නෙවේ ඔයාල යන ගමන් මාවත් ටවුමෙන් දාගෙන යන්නකො. යන ගමන් කතා කරන්න බැරියැ. එයා එහෙම කියල වාහනේ පිටිපස්සෙ දොර ඇරගෙන නැග්ගෙ අපි මොනවත් කියන්නත් ඉස්සෙල්ල.
ප්‍රියානිගෙ මූනෙ තිබ්බෙ මම ඔයාට කලින්ම කිව්ව කියන්න වගේ පෙනුමක්.
ඉතින් රොඩ්‍රික් කොහොමද දැන් මොකද කරන්නෙ? වාහනේ පාරට දැම්ම ගමන් ඒ යුවතිය ආයෙ කතාව පටන් ගත්ත.
විශේශ දෙයක් නෑ. වාසිටි ඉවර වෙන්න ලඟයි නෙ අපිට.
ඊටපස්සෙ දෙන්න මැරි කරනව වෙන්නැති නේද? මොකද ප්‍රියා කතා නැත්තෙ?
එහෙම දෙයක් නෑ විජිනි.
ඔයා ඉතින් ඉස්සරත් වැඩිය කතා කරන කෙනෙක් නෙවීනෙ.
විජිනිලා හදිසියෙම මෙහෙ? මම ඇහුවෙ කතාව වෙනස් කරන්න ඕන කමට.
ආ ඔව් අපි ටවුමෙන් ගෙයක් ගත්ත. ඒ ගමන්ම අම්මි කිව්ව පරණ යාලුවො එහෙම බලන්න යමු කියල.
එහෙම ද? කොච්චර හොඳ ද?
එයා තව ගොඩාක් විස්තර කියවන්න ගත්තෙ ප්‍රියා නිහඬවම යද්දි. මම ඒවාට හූමිටි තිබ්බෙ වෙන කරන්න දෙයක් නැති කමට. මේ මොන මරාලයක්දැයි හිතුවත් මූණට මොනවත් කියන්න බැරි කමට නිකම් හිටිය. විජිනි ව කොහෙන් ද ඩ්‍රොප් කරන්න ඕන? ඇහුවෙ බැරිම තැන.
ආ මාව ඔය ඔතනින් දාන්නකො.
මෙතන ඔව් ඔය ඔතනින් ඩ්‍රොප් කරා නම් ඇති.
මම වාහනේ අයිනට කරල නැවැත්තුව ම එයා බැස්ස.
තැන්ක් යූ රොඩ්‍රික් ආයෙත් හම්බවෙමුකො එහෙනම්. බායි ප්‍රියා.
බායි.
මොකද ප්‍රියා මූණ එල්ලගෙන? මම ඇහුවෙ විජිනිව බස්සල අපි යන්න ආපු ගමන යන ගමන්.
ඔයා දන්නවනෙ මොකද කියලා. මම කිව්ව ඉක්මනට යමු කියල ඇහුවද?
ඉතින් මම දන්නවෑ හේතුව. අනිත් එක මක් වෙනවද කාලෙකින් හම්බුන යාලුවෙක් එක්ක කතා කරපුහාම. ඒ ගර්ල්ට චුට්ටක් පිස්සු වගේ. ඒක ඇත්ත.
චුට්ටක් නෙවේ. හොඳටම පිස්සු. එයා කියනව ඒගොල්ලො ගෙවල් මාරු නොකර හිටිය නම් ඔයා කැමති වෙන්නෙ මට නෙවේ එයාටලු.
මොකක්? ඒ මොන පිස්සු කතාවක් ද?
හ්ම්ම්ම්…
ඉතින් ඒකටද දැන් ඔය තරහ ගිහින් ඉන්නේ?
ඒ විතරක් නෙවේ ඔය අපිත් එක්ක ටවුමට ආවෙත් උවමනාවකට නෙවේ ඔයත් එක්ක කතා කරන්න ඕන කමට. නැත්තම් වෙන කෙනෙක් නම් ඔහොම බලෙන්ම ඇවිල්ල අපි මොනවත් කියන්න ඉස්සෙල්ල වාහනේට නගී යැ.
ප්‍රියානි කියද්දි මටත් ඒක හිතුන.
හරි හරි දැන් ඔයා අවුල් නොවී ඉන්නකො හොඳ කෙල්ල වගේ. මම කිව්වෙ ප්‍රියාගෙ අතකිනුත් අල්ලගෙන. ඔයා දන්නවනෙ මම ඔයාට කොච්චර ආදරේද කියල. ඔය කොහෙවත් ඉන්න කෙල්ලො ආවට ඒක වෙනස් වෙන්නෙ නෑ.
මම දන්නෙ නෑ රොඩ්‍රික් මට මහ බයක් දැනෙනව.
පිස්සි. ඔයාට මාව විශ්වාස නැද්ද?
මට ඔයාව ඇරුනුකොට ලෝකෙම අවිශ්වාසයි. ඒත් මට මහ අමුත්තක් දැනෙනව. එයා කතා කලේ හරියට මම ඔයාව එයාගෙන් උදුරගත්තු විදිහට
අපේ ආදරේට මුකුත් වෙන්නෙ නෑ මාව විශ්වාස කරන්න ප්‍රියා. මේ අවුරුදු ගානකට පස්සෙ ඇවිල්ල ඔය වගේ බහුභූත කියවන්නෙ ඒ කෙල්ලට ඇත්තටම පිස්සුද කොහෙද
හ්ම්ම්ම්…
ඒක නෙවේ අපි ඉරිදට ඔයාලගෙ ගෙදර එනව වෙඩින් එකට දවස් දාගන්න
මොනව ඇත්තම ද?
ඔව් ඔව්. දැන් හිනා වෙලා ඉන්න හොඳ කෙල්ල වගේ.
ඒ සති අන්තයේ අපි දෙන්නගේ විවාහයට දවස් දාගත්ත. අම්මලා නැකැත් අනම් මනම් බලල. මාස තුනකින් වෙඩින් එක ගන්න තිබ්බෙ. අපි ගොඩාක් සතුටින් හිටියෙ.
කොල්ලෙක්ට මෙච්චර වාසනාවන්ත වෙන්න පුලුවන්ද? ගෙවල් වලිනුත් අකමැති නොවන සම්බන්දයක්. සල්ලි. වත්කම. මොනවද මට නැත්තෙ? ඔව්. මාත් ප්‍රියානිත් හිටියෙ ගොඩාක් සතුටින්.
ඊටපසුවත් කිහිප වතාවක්ම විජිනි ව අපට මුණ ගැහුනත් අපි හැකි හැමවෙලාවකම ඇයව මගහරින්න කටයුතු කලා.
එදා ඒ අවසනාවන්ත දවස උදා උනේ විවාහයට මාස දෙකක් පමණ තිබියදී.
එදා හොඳටම වැස්ස දවසක්. මම ටවුමට ගියේ මොකටද කියල මට මතක නෑ. ගිය වැඩේ කරගෙන ආයෙ එද්දි මම විජිනිව දැක්කෙ අහම්බෙන්. බස් හෝල්ට් එකකට වෙලා හිටිය එයා. බාගෙට තෙමිල. එයා මාව දැක්කෙ නෑ. එයා ප්‍රියානිට කියල තිබුන ඒව මතකයට එද්දි මගඇරලා යන්න ඕනකම තිබ්බත් දන්න කියන කෙනෙක් ඊටත් කෙල්ලෙක් පාරෙ තනියම මේ වගෙ වෙලාවක ඉන්න එක හොඳ නැති හින්ද වාහනෙ එයා ලඟ නතර කරේ.
ලඟ නවත්තපු වාහනේ හඬට එයා බැලුව. මාව දැක්කම ඒ මූණෙ ඇඳෙනෙ සිනහවක්.
විජිනි මෙතන.
අනේ රොඩ්‍රික්.. බලන්නකෝ ටවුමට ආවෙ කෝල් එකක් ගන්න. වැස්සට අහු උනානෙ.
නගින්න. මම ඇරලවන්නම්.
දෙවියනේ.. මම සිය දහස් වාරයක් පසුතැවෙනව එදා එතන වාහනේ නතර කරපු එක ගැන. එදා ඒ දේ නොකල නම් එයාව මගේ වාහනේට නග්ග ගත්තෙ නැත්තම් මේ කිසි දෙයක් නොවෙන්න තිබුනා.
හොඳ වෙලාවට ඔයාව හම්බවුනේ. එයා කියන පමාවට දුවගෙන ඇවිල්ල වාහනේට නැග්ග.
කොහෙද ගෙදර තියෙන්නේ ? මම ඇහුවෙ වාහනේ යලිත් පණ නංවගෙන.
සමගිපුර අරලිය මාවතේ. යමුකෝ මම පාර කියන්නම්. ඔය ඔතන හන්දියෙන් වමට.
මේකද තැන. වාහනේ නතර වුනේ හුදෙකලා උනු තනි තට්ටුවේ ගෙයක් ඉස්සරහ.
ඔව්.
රොඩ්‍රික් එන්න ගෙදරට.
නෑ කමක් නෑ විජිනි මම මෙහෙම ම යන්නම්.
ඩ්‍රයිව් කරන්න පාර පේන්නෙත් නෑ හරියට. ගෙදරට ඇවිල්ල ටිකක් වැස්ස අඩු උනහම යන්න පුලුවන් නෙ.
ඒ උනාට ඒක හරි නෑනෙ.
මොන හරි නැද්ද? එන්න ලමයෝ ගෙට. අම්මිත් ඉන්නව. එන්න එන්නම වැස්ස තද කරනව. මොකද ඔච්චර ගනන්.. ඔයා අර ඉස්සර මා එක්ක සෙල්ලම් කරපු රොඩ්‍රික් ම ද?
එයා කියද්දි මටත් හිතුන ඇත්ත කියල. අම්මත් ඉන්නව කිව්වනෙ. කමක් නෑ. ටිකක් ඉඳල යනව.
දෙවියනේ මම අදටත් පසු තැවෙනව ඒ මොහොතෙ එයාව විශ්වාස කරපු එක ගැන. ඒත් දැන් ඒ වෙච්ච දේවල් මට ආපහු හරිගස්සන්න බෑ.
එයාගෙ පිටිපස්සෙන් මාත් නිවසට ඇතුල් උනා. මුලු ගේම කලුවරයි. අම්මා ඉන්නවා කිව්වට ගෙදර කවුරුත් ඉන්න පාටක් පෙනුනෙත් නෑ.
කෝ විජිනි අම්මා.
රොඩ්‍රික් ඉන්න එපා මෙතන තව වෙලා. ගෙදර පලයං කියල මගේ හිත කියද්දි මම ඇහුව
වැස්ස හින්ද කරන්ට් එකත් ගිහින් වගේ. මගේ ප්‍රශ්නෙට උත්තර නොදී එයා එහෙම කියල සාලෙ මුල්ලක තිබුනු කැබිනට්ටුවක ලාච්චුවක් ඇතුලෙන් ඉටිපන්දමක් අරගෙන පත්තු කලා.
කෝ විජිනි අම්මලා. මම ආයෙත් ඇහුව.
අම්මලා ගෙදර නෑ. ලොකු අම්මලාගෙ ගෙදර ගියා.
එහෙනම් ඉන්නවා කිව්වෙ?
මම එහෙම නොකිව්ව නම් ඔයා ගෙට එන්නෑනෙ. මට බයයි තනියම ඉන්න. එයා කිව්වෙ මා දිහා නොබල. මොකක්ද රොඩ්‍රික් මේ වෙලාවෙ මම වෙනුවට ප්‍රියා හිටිය නම් ඔයා හැසිරෙන්නෙ මෙහෙම ද?
ඒකට මම ඔයාට උත්තර දෙන්න ඕන කියල මම හිතන්නෙ නෑ. ඒත් මම උත්තර දෙන්නම්. ප්‍රියා කියන්නෙ මම බඳින්න ඉන්න කෙල්ල. එතකොට ඔයා..
මම මේ කොහෙවත් ඉන්න කෙල්ලෙක්. ඒකනෙ කියන්න හැදුවෙ.
නෑ නෑ මම කියන්න හැදුවෙ ඔයා යාලුවෙක්. ඔයා දැනගන්න ඕන ඔයා කවුද කියල. ඒත් මේ වෙලාවෙ ප්‍රියා හිටියත් මම කියන්නෙ මේකම තමයි. ඔයා කලින්ම කිව්ව නම් ගෙදර කවුරුත් නෑ කියල මට ඔයාව කෙලින්ම ප්‍රියාලගෙ ගෙදරට ඇරලවන්න තිබුන.
හරි හරි ඔච්චර තරහ ගන්න ඕන නෑ. මම ඇඳුමක් මාරු කරගෙන එන්නම්. ඔයා මාව ප්‍රියාලගෙ ගෙදර ට ඇරලවන්න.
හරි ඉක්මනට එන්න.
හරි හරි මොකද ඔච්චර හදිස්සි. ඔයාට මොනවහරි බොන්න දෙයක් හදන්න ද?
විකාරද විජිනි.. මොනවත් බිබී ඉන්න බෑ. මට ඉක්මනට යන්න ඕන.
මේ වැස්සෙ කොහොම යන්නද අනේ.. මට නම් හොඳටම සීතලයි. ඉන්න මම කෝපි එකක් හදන් එන්නම්. බය වෙන්නෙපා මම ප්‍රියාට කියන්නෙ නෑ ඔයා මා එක්ක අපේ ගෙදර ආව කියලා. එයා එහෙම කියල කුස්සිය පැත්තට ගියේ මම ඊට විරුද්ධ වෙන්නත් ඉස්සෙල්ල.
මේ වැඩේ හරියන්නෙ නෑ. මේ මහා රට අම්මන්ඩියෙක්. රොඩ්‍රික් ඒකි එන්න ඉස්සෙල්ලා ගෙදර පලයන් ආයෙ මෙහෙ පස් පාගන්න එපා. මොන මගුලකට ද අනුකම්පා කරල ලිෆ්ට් එකක් දෙන්න ගියේ. ශිහ්. හිත හිතම මම යන්න ගියේ දොර දිහාට.
ඒත් දොර වහල තිබ්බ. මේකි දොරවහල අගුලු දාල.
මොනවද රොඩ්‍රික් බලන්නෙ?
මොකටද දොර ලොක් කරේ?
හිරිකඩ එන නිසානෙ. ඔයා නම් අනේ මන්ද. මමයි මෙතන බය වෙන්න ඕන.
ඔයා ට කිසිම ලැජ්ජාවක් බයක් නැති නිසා තමයි මට මෙහෙම හැසිරෙන්න වෙලා තියෙන්න. මම කිව්වෙ තරහෙන්. මේ මොන මරාලයක්ද?
මම ඔය දෙන්නගෙ යාලුවෙක්නෙ රොඩ්‍රික් ඇයි මට ඔහොම සලකන්නෙ? ප්‍රියානිත් මට හරියට මූණ දීල කතා කරේ නෑ.
මේ විජිනි. කරුනාකරල යනව නම් ඉක්මනට ගිහින් ලෑස්ති වෙන්න. ශිහ් මට තිබ්බෙ වැස්සෙට්ගෙමෙන්න බැරි නම් ඕන මගුලක් වෙච්ච දෙන් කියල මගේ පාඩුවෙ යන්න. මට කියවුනේ තරහටම.
හරි හරි ඔච්චර තරහ ගන්න එපා. මේ කෝපි එක බොන්න. මම ඉක්මනට ලෑස්ති වෙලා එන්නම්.
එයා කාමරේ ට ගිහිල්ල විනාඩි කිහිපයක් ගත උනා. මම කෝපි එක අතට ගත්තෙ ඇත්තටම උණුසුම් බීමක අවශ්‍යතාවය තිබ්බ හින්ද.
වැස්ස ධාරාණිපාත වර්ශාවක් වෙන්න ගත උනේ ටික කාලයයි. අකුණු ගහන හඬ ඇඟ කිලිපොලා යන තරම්. ඔහ්.. ඒ මදිවට ඔලුවත් කැරකිල්ල වගේ. මොකද ඒ. කෝපි එක? බිව්වා විතරයි. ඇඟ ඇතුලෙන්ම උනුසුම් වෙනව වගේ. කවදාවත් මට ඔලුව කැරකිල්ල දැනිල නෑ. දැන් නම් හොඳටම වැඩියි. ප්‍රියානි. මට ඇගේ උණුසුම ඒ රෝස දෙතොල් සිහිපත් උනේ නිතැතින්. මේ වර්ශාව මැද්දෙ මට ඇගේ මුදු පහස දැඩිව අවශ්‍ය වග හැඟෙන්නට උනා. මට ඕන ඇයව තුරුල් කරගන්න.
ඒ සමගම ඇසුනේ යටි ගිරියෙන් කල කෑගැසීමක්.
ප්‍රියානි .. ප්‍රියා මොකද? මම කෑගැසීම ඇසුනු දිහාවට ගියේ හිස තදින් රිදුම් දෙද්දි.
ප්‍රියා..
මොන ප්‍රියාද? මම විජිනි.
ඔහ් කවුද? විජිනි. ප්‍රියා කෝ..කෑගැහුවෙ කවුද
මම කෑගැහුවෙ බිත්තියෙ කැරපොත්තෙක් හිටියා.
මට දැනුනා ඇය මට ලං වෙන වග. අනතුරුව සිදු වූ හැමදෙයටම ගත උනේ එකම එක මොහොතක්. ඇය එක් වරම මාව තුරුල් කරගෙන මගේ දෙතොල් වෙත නැඹුරු උනේ උමතුවෙන් වගේ. නිරුවතින් උන් ඇගේ ලයමඬලේ පහස මටදැනෙන්නට උනේ ඇය තදින් මා වැලඳගනිත්දී.
ඒ පහසින් මිදෙන්න වගේම තව තවත් එහි කිමිදෙන්න මට දැනුනෙ නොඉවසිල්ලක්. මම හිටියෙ පියවි සිහියෙන් නෙවෙයි. ඒ දෙතොල් පහස උමතුවෙන් වගේ මට දැනෙන්නට උනා. මමත් නැවත ඇය සිපගන්න පටන් ගත්තෙ මටම මා පාලනය නොවෙද්දි.
ගත දැවටූ ඇඟලුම් එකිනෙක ගිලිහී ගියේ ඇය වියරුවෙන් මෙන් මා සිපගනිත්දී. ආශාවේ ගිනිදැල් වලින් පිලිස්සී යන වග මට නොදැනුන තරම්. හැඟුම් විසිරී පියවි සිහිය මගෙන් ඈතට පලා යන විටවේ යහනේ සිටියේ වෙනත් යුවතියක් වග මටවැටහුනේ නෑ. හැමදේම වෙන්න ගත උනේ පුංචි කාලයක්. එක නිමේශයක්.
නිවසින් අනුබල ලැබූ සම්බන්ධයක් උනත් ප්‍රියානිත් මාත් අපේ සීමා දැනගෙන හිටිය. මේ මොහොතේ ඒ පනවගත්ත සීම බැමි බිඳිල විසිරිලා ගියේ මට ම මා පාලනය නොවෙද්දි. වසර ගණනක නොකැලැල් පෙමට මගේ සොඳුරු පෙම්වතියට මම වරදක් කලා. පියවි සිහියෙන් නොවුනත් ඒ වරද සිදු වී හමාරයි.
හැමදෙයක්ම වෙනස් වෙන්න ගත උනේ පුංචි කාලයයි. එදා ඒ සිදුවීම නොවුනා නම් අද මේ විදිහට නොවෙන්න තිබුනා. මේ දේවල් මේ විදිහට අවසන් නොවෙන්න තිබුනා.