34_වන_කොටස❄️

ෆයිල් එක දෙසටම නෙත් තිබුණු භූමි දොරෙන් ඇතුළු වූ තුහින්‍යා වෙත ඇස් යොමු කලේ ඇයව හොඳින්ම නිරීක්ෂණය කරමින්…….. ඒ වගේමයි ඇගේ දෑසුත් ඔහුව හොඳින් නිරීක්ෂණය කලා……..

” අද නම් රකුස් ගතියක් නෑ වගේ බලමුකො……… ඇත්තටම මෙයා ඒ මං කියන දේද ඇහුවේ මාරයිනේ……

තුහින්‍යා සිතුවේ ඔහු ඉදිරිපිට සිටගනිම්න්…….. නමුත් භූමි ඇයට ඉදිරිපස අසුනෙහි වාඩි වන ලෙස සංඥා කලේය……….

” සර් මට එන්න කිව්වේ……..

තුහින්‍යා කෙලින්ම කතාව පටන් ගත්තාය……..

” තුහින්‍යා මට සර් කියන්න එපා…… ඔයාට පුළුවන් මට භූමි කියලා කතා කරන්න……. මං ඒක අනිත් අයටත් කියලා තියෙන්නේ මට සර් කියන්න එපා කියලා……. මට ඔිනැ සාමාන්‍ය කෙනෙක් වගේ ඔයාලත් එක්ක ඉන්න…….

තුහින්‍යා කිසිවක් නොපැවසුවත් ඔහු එවන් නිහතමානි අයෙකු බව ඇය හොඳින්ම දැන සිටියාය………

” මට එන්න කිව්වේ……..

තුහින්‍යා යලිත් ඇසුවේ භූමි කුමක් කියන්නට සැරසනවාදැයි සිතමින්

” තුහින්‍යා ඔයත් එක්ක මට වැදගත් දෙයක් කතා කරන්න ඕනි….. මං ඔයාට එන්න කීවේ ඒකයි…….. මේක රාජකාරියට අදාල නෑ මේක පුද්ගලික දෙයක්

රාජකාරියට පුද්ගලික දේවල් අදාල නෑ කියන්න සිතුනත් ඇය කිසිවක් නොපවසා ඔහු දෙසම බලා සිටියාය……

” තුහී…………. මෙහෙමයි…… මට ලස්සනට කතා කරන්න දෙබස් කියන්න නම් බෑ……… ඒ හින්දා මං මගේ හිතේ තියන දේ මෙහෙමම කියලා දාන්නම්….. #මංඔයාටආදරෙයි_තුහී

නොසිතූ වෙලාවක භූමි කිව්ව දෙයින් තුහී ගැස්සිලා ගියා….. ඒ වගේමයි ඇගේ යටිහිත තුළින් සියුම් සතුටක් දැනෙමින් තිබුනා……..

” තූහී……….. මං ඔයාගෙන් මේ දැන් උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ……. ඒ වගේම මං ඔයාට බල කරන්නෙත් නෑ…….. ඉස්කොලේ යන කොල්ලො කෙල්ලො වගේ මල් ගස් වටේ දුව දුව බොළඳ විදිහට ආදරය ගැන හිතන්න අපිට දැන් බෑ………. අනිත් එක තුහී…… ඔයා හිතනවා නම් ඔයා බැඳපු කෙනෙක් නිසා ආයෙම ආදරයක් විවාහයක් ගැන හිතන්න බෑ කියලා ඒක වැරදි තුහී…….. කිසිම මිනිහෙක් සර්ව සම්පූර්ණ නැ….. ඔයා එක විදිහකින් අසම්පූර්ණ වෙද්දි මං තව පැත්තකින් මුළු ජීවිතයම වරද්ද ගත්ත මිනිහෙක්…… අපි දෙන්නට එකතු වෙලා මේ ජීවිත ගමන ඉදිරියට යන්න බැරිද තුහී…….. ම්ම්ම්ම්ම්….. ඔයාට මං කියන දේ තේරෙනවා නේද……..

භූමිගේ හැඟුම්බර ආදරණිය වචන තුහින්‍යාගේ නෙත් වලට කඳුළු පිරවීමට සමත්ව තිබුණි……….. මේ ආදරය තම ජීවිතය කිලිටි වීමට පෙර මුණ නොගැස්සුවේ මන්දැයි ඇය ඇගේම දෛවයෙන් විමසුවාය……….. භූමි අනෙක් පසින් නැගිට පැමිණ තුහී ඉදිරිපස මේසය මතින් වාඩි වී ඇගේ අතකින් අල්ලා ගත්තාය……..

” තුහී…………. මං දන්නවා ඔයාගේ හිතේ මං ගැන අකැමැත්තක් නෑ කියලා………. මං දන්නවා ඔයාගේ හිත මට ආදරය කරනවා කියලා……

භූමි තුහීගේ මුහුණට එබී කිව්වේ ඇගේ ඇස් වල කඳුළු පිස දමමින්………..

” තුහී…… මොනවත් කියන්න ඕනි නෑ…… ඒ වගේම අයෙත් මං ඔයාට අඬන්න දෙන්නෙත් නෑ……. ඔයාගේ ඔය අත බැදිලා තියන මර උගුලෙන් මං ඔයාව ගලවගන්න දැනටමත් ප්ලෑන් එක ගහලයි තියෙන්නේ…… අනිත් එක නෙහාරයි කෞමදී ආන්ටියි කොහොමත් වේදේශ්ට ඔයාගෙන් ඩිවෝර්ස් වෙන්න බල කරයි…. අපි මොනවා හරි කරමු……..

සුසුමක් හෙළුෑ භූමි යලිත් නැගිට ඔහුගෙ අසුනින් වාඩි විය………..තුහී බොහෝ කල්පනා කලාය……… භූමි අඩහෝරාවක් පමණ ඇයට එහෙමම කල්පනා කරන්නට ඉඩ ලබා දුන්නේය…. අවසානයේ ඇය බොහෝ කල්පනා කර භූමිගේ තීරණය හා එකඟ වූවත් එය මුවින් නොපැවසුවේ තමා කියුවත් නොකීවත් භූමි එය දන්නා බැවින්…..

” තුහී………… මං හිතාගෙන ඉන්නේ කොළඹ අපේ බ්‍රාන්ච් එකක් ඕපන් කරන්න………

භූමි කිව්වේ කතාව වෙනස් කරමින්

” ඒක හොඳයි…….. මං තව දෙයක් කියන්නද……… මේක මගේ අදහසක් නෙවේ අප්පච්චිගේ අදහසක්….

” ඒ මොකක්ද……..

භූමි ආශාවෙන් සවන් දෙන්නට සූදානම්ය……. දැන් මේ කතා කරන්නේ ඒ අහංකාර සඳවතිය නොවන බව භූමිට සිතුණි……..

” මේක අපේ අප්පච්චිගේ අදහසක්….. මටත් නෙවේ නංගි එක්ක කිව්වේ….. අර බෑවුම පැත්තට වෙන්න තියන අපේ ඉඩම මතකයි නේද……. අන්න ඒකත් ඔයාට දෙනවයි කීවේ මල් හදන්න….. අනේ මන්දා ඔයා එයාලට මොන වශීයක් කරලද කියලා……..

තුහින්‍යා කතාව අවසන් කලේ ඇනුම්පදයකුත් කියන ගමන්….. එයට නම් භූමි ලස්සන සිනාවක් පෑවා…..

” අපි එහෙම තමයි……. ඒවා තමයි ලව් ට්‍රික්ස් කියන්නේ….. තේරුනාද….. ඉස්සරලම කෙල්ලගේ ගෙදර කට්ටිය අල්ලගන්නවා….. මොකද අපි දන්නවානේ ඔය ආඩම්බරකම් ගනන්කාර කම් දැම්මට කැමති වෙනවා කියලා………

භූමි ඇඟට පතට නොදැනී කියද්දි තුහී නැගිට්ටේ බොරු තරහක් මවාගෙන…

” කෙල්ලො ගැන එක්ස්පීරියන්ස් වැඩියෙන් තියනවා වගේ…….

තුහින්‍යා සැරසුනේ පිටව යන්නට……..

” ඔෆ් කෝස් බබා….. ඕනැවටත් වඩා තියනවා……. ඔය නැගිට්ටේ යන්නද……

භූමිත් ඒ අනුවම නැගිට කිව්වේ වෙලාවත් බලමින්……..

” ඔව් මං මෙතනට ඇවිත් දැන් පැයක් විතර ඇති….. අර දෙන්නා බලනවා ඇති මොකද මෙච්චර වෙලා කියලා…….

තුහී එහෙම කියලා පහලට ගියේ ආයෙත් වරක් ආපසු හැරී ඔහු දෙස බලා…… ඒත් තුහීගේ හිතේ මොකක්දෝ බර ගතියක් දැනුනා…… භූමිගේ ආදරය එක පැත්තකින් හිතට සතුටක් ගෙන ආවත් අනෙක් පසින් ගෙන ආවේ ඉතාමත් වේදනාවක්……..

” ආ ඔය ආවේ…….. ම්ම්ම්ම්ම්….. දිල්… මල්පෙරහැර විතරක් නෙවේ බං රන්දෝලියත් ගිහින් වගේ……..

ජාන්වී කිව්වේ ඇස් තුහී වෙත පා කරමින්………

” මටත් හිතුනා උදේ බෙර සද්දෙ එහෙම ඇහෙද්දි….

තුහින්‍යා මුව තදකරගෙන ගොස් අසුනට බරවුනේ ඔවුන් දෙන්නා දිහා බලාගෙනමයි…….

” තුහී……… කට වහන් හිටියට කමක් නෑ…….. අපිත් බාල්දි පෙරලනවා උඹට දැනගනින් හරිද…….

” ඇයි….. ඔයාලා දෙන්නට ඊයේ අපි කතා කරපු නිසාද ජාන්…….. හරි වැඩක්නේ කතා නොකර ගියා නම් රජීව් අයියයි ඔයයි අපිට දොස් කියයි………

තුහින්‍යා ගනන් ගන්නෙම නැතුව කියද්දි ජාන්වී රවලා අහක බලා ගත්තේ සේරම ඉවරයි කියලා හිතන ගමන්……

” මොක…. මොකක්ද මොකක්ද ඒ කතාව……. තුහි මොකක්ද…….

මේ වන තුරු දිල්රු ඒ කතාව දැනගෙන හිටියේ නෑ………..

” නෑ මේ ලඟදි දවසක අපිට රජීව් අයියයි ජාන්වීයි දෙන්නා ග්‍රෙගරි වැව ගාවදි හම්බවුනා ඒකයි මං ඒ කිව්වේ….

” නෑහ්……. ඒකත් ජයසිරි මංගලම් කිව්වලු……. දැන් එතකොට ඒ දීගෙත් හරි එහෙනම්…….. සතුටුයි ජාන්……….

දිල්රූ කියද්දි ජනේවී පුදුමයෙන් දෙනනනම දිහා බැළුවේ…….. වෙනදා ඔය වගේ රසවත් ආරංචි අල්ලාගෙන විහිළු කරන මිතුරියන් අද නිහඬ වූ හෙයින්…….
තිදෙනාටම මේ අයුරින් මංගල සීනු හැඬවී තිබුනත් තුහී සිටියේ නම් තවමත් චකිතයක්න්…………. කලපනාවෙන් යුතුව බිමට නෙත් යොමා සිට්න තුහී වෙත ගිය ජාන්වී ඇගේ දෙසට නැඹුරු වුනා…….

” තුහී………අයියා අපිට හැම දෙයක්ම කිව්වා…….. ඔයාට ආදරය කරන එක……. අපි දන්නවා ඔයත් එයාට ආදරෙයි කියලා……… අපි බලන් ඉමු තුහී……. ඔයාට ඉක්මනින් ඩිවෝර්ස් එක ලැබෙයි බය වෙන්න එපා………

” ඩිවෝර්ස් එක පැත්තකින් තියන්නකො……… මැඩම්……..???? එයා කැමතී වෙයිද බං මට…… මට නිකම් මේවා හීන විතරයි……. මට බය තවත් මං කබලෙන් ලිපට වැටෙයිද කියලා

” තුහි හැමදේම ගැන ධනාත්මකව හිතන්න…….. හැමදේම හරියයි බය වෙන්න එපා……. ඔයා කොහොමත් නරක කෙනෙක් නෙවේ තුහී……. ඔයාට හරියනවා…….

ජාන්වී කිව්වේ ඇගේ උරහිසක් පිරිමදිමින්…….. එක් ⁣පසෙකින් බයක් එක් පසෙකින් සතුටක් ඔය හැමදෙයක්ම මුසුව දැනෙන්නට විය……..

💫💫💫💫💫💫💫💫💫

සුවිසල් දන්තනාරායන මැදුර අද කලබලකාරී ස්වරූපයක් ගෙන තිබුණි…….. සෙටියේ පසෙකින් හඬමින් සි⁣ටින නෙහාරාත් ඉදිරියේ විවෘත පෙදෙසේ ඒ මේ අත ඇවිදිමින් කෝපයෙන් යුතුව කල්පනා කරන කෞමදී දන්තනාරායනත් සිටින්නේ නොසන්සුන්වය………..

” ඇයි ආන්ටි වේද් මට එහෙම කරන්නේ……. මට පිස්සු හැදෙයි එයා මාව දැන් අත්හැරියොත්………

නෙහාරා කිව්වේ ඉකිගසමින්ය…… ඇයටදමේ පල දෙන්නේ ඇය කල පව්මය……. ඒ බව වටහා දෙන්නට කිසිවෙක් එතැන නැත…… කෞමදීට වුව ඔය කල පව් ගෙවන්නටම සිදු වනු ඇත……..

” එයා කොහොමද එහෙම කරන්නේ ඔයා බය නොවී ඉන්න………

කෞමදී එසේ පැවසුවද ඇයටත් වේදෙශ්ගේ මේ වෙනස් වීම ගැන ඇති වූයේ පුදුමයකි……..

” වේද් තාම නෑනේ අම්මා…… මට නම් අරකි ගැන විශ්වාසයක් නෑ…… තියනමායම් ඔක්කොම දාලා ආයෙම වේද්ව අල්ලගෙන වගේ……

” ඔය කොයිමායම්දැම්මත් බලමුකො ඒකි ඇවිත් ඉන්න ඕනි මාත් එක්කනේ…… කෝ මේ වේදේශ් අද තාම නෑනේ….

පැය භාගයක පමණ වන විට වේදේශ් ගේ වාහනය මිදුලේ නවත්වද්දි දෙන්නම මුහුණට මුහුණ බලාගත්තා……..

” වේද්………….

හඩා ඉදිමුන නෙත් වලින් බලමින් නෙහාරා ඔහුව අමතන විට වේදේශ්ට ඇය ගැන දුකක් ඇති නොවුනා මත් නොවේ නමුත් ඊටත් වඩා ඔහුගේ සිත මත උඩු දුවා තිබුනේ Monster orion ලා හා ඇල්නිලම් සමගින් ඇති නොසන්සිඳි වෛරයයි…….

” මොකද මේ…..

වේද් සැරෙන් වගේ අහද්දි කෞමදී කෝපයේ ගිණි පුළිඟු දැවෙන දෑසින් යුතුව වෙිදි දිහා බැලුවා…

” ලොකු පුතා මොකක්ද මේ කරන්න හදන්නේ….

” අම්මා මට බෑ දෙව්සිත්මිව ඩිවෝස් කරන්න….. එහෙම වුනොත් ඇල්නිලම් ඒකිව බඳී….. බෑ මට ඒකට ඉඩ දෙන්න බෑ……. මොකද මං ඌට වෛර කරන කරමටම ඒකිටත් වෛර කරනවා….. උන්ට එකතු වෙලා සතුටින් ඉන්න දෙන්න බෑ……..

වේදේශ් ගුගුරන්නට විය……… ඔහු කෝපයෙන් ඔබ මොබ යයි……

” වේදේශ්……. මොකක්ද මේවෙලා තියෙන්නේ……. එතකොට….. එතකොට නෙහාරාට මොකදවෙන්නේ…….

කෞමදී පැවසුවේ නෙහාරා දෙසද බලන ගමන්……

” එයාට මං කිව්වා කරන දේ ඒ ගැනආය ආයම අහන්න එපා….. මං දෙව්සිත්මිව ඩිවෝස් කරන්නේ නෑ….. එච්චරයි……..

” තමුන් කොහොමද වේදේශ් එහෙම තීරණයක් ගන්නේ……. නිකම් පිස්සෙක් වගේ වැඩ කරන්න එපා මනුස්සයෝ…….

❤️••••මතු සම්බන්ධයි••••❤️