විසි එක් වෙනි කොටස🌿🌷_
පොලිස්පති තුමා හමුවී එනතුරුත් ඔහු කල්පනා කලේ වන්දනා හා සිටි තරුණයා ගැනයි…………. ඔහු කල්පනා ලොවින් මිදුනේ සිය ජංගම දුරකතනය නාද වූ විටයි………… ඇමතුම සුලක්ඛණා මැණිකේගෙනි………
🌿 ලොකූ……..කොහේද ඉන්නේ ඉක්මනට එනවා මං කිව්වානේ ඉක්මනට එන්න කියලා………….
❤️ අම්මා……. මංපොලිස්පති තුමාගේ ගෙදර ඉන්නේ…….. එන්න වෙන්නේ නෑ…..
🌿 බෑ ඔයා එන්නම ඕනි……මොකද මං ඇමතිතුමාට පොරොන්දු වුනා………
❤️ අම්මා තේරුම් ගන්න……….
🌿 ඉස්සරවෙලා ඔයා තේරුම්ගන්න පුතා මං මේ කියන්නේ මොකක්ද කියලා……….
❤️ හරි හරි මේ අඬන්න එපා මං එන්නම්……….
රන්දය අසරණ වන්නේ එතැනය…….. සුලක්ඛනා මැණිකේ ප්‍රයෝජන ගන්නේද එතැනය……………
❤️ කමක් නෑ….. යනවා…….. ගියා කියලා මං ඒකිව බඳින්නෙ නෑනේ……… වන්දනාත් අපූරුවට ඔය එකෙක් එක්ක ගියේ………..
එසේ සිතූ රන්දය කෙලින්ම ගියේ නිවසටයි………… ඒ යන විටත් සුලක්ඛණා මැණිකේ හා සදහම් දෑලබණ්ඩාර සූදානමින් සිටියේය……………
💎 පුතා ඉක්මනින් ලෑස්ති වෙන්න……..
රන්දය කිසිවක් නොකියාම කාමරයට වැදුනේය හිතේ ඇත්තේ දුකක්ද කේන්තියක්ද ඊර්ෂ්‍යවෙක්දැයි හරි හැටි තේරුමක් නැතත් මේ ඇය වෙනුවෙන් උපන් ආදරය නිසා ඇති වූ තද බල අයිතිවාසිකමක හැගීමක් බව නම් ඔහුට වැටහේ……..
_🌷
වන්දනා යලිත් නෙළුම්දෙණිය වලව්වට එන විට රාත්‍රී හත පමණ වී තිබුණි………. ඇය රන්දයට ඇමතුමක් ගත්තේ අද දවසටවත් ඔහුගෙන් ඇමතුමක් නොලැබුණු බැවිනි……………. නමුත් දුරකතනය විසන්ධි කර තිබුණි……..
🌹🌹🌹 හ්ම්ම්ම්ම්ම්…… phone එක off කරලා……….. මං මොකද මෙයා ගැන මෙච්චර වද වෙන්නේ………….
වන්දනා එහෙම හිතුවත් ඇගේ හිතත් රන්දය ගැන හුඟක් හීන පුරමින් සිටියේ ඇත්තටම ඔහුගේ සම්පූර්ණ අයිතිය ඇත්තේ ඇයට යැයි හදවත තරයේ විශ්වාස කරන නිසා…………
🌹🌹 හ්ම්….රන්දය කියන්නේ මගේ මස්සිනානේ…….. ඉතින් මස්සිනා අයිති නෑනට……… මං ඔයා ගැන හිතන එකේ වරදකුත් නෑ……………. ඒත් ඔයා මං ගැන මොනා හිතනවද කවුද දන්නේ මටත් පිස්සු…………….
වන්දනා ඔය මනස්ගාත හිතමින්ම පහලට ගියේ හොඳ බඩගින්නක් දැනුනු නිසා…………… එතකොට වෙලාව නවයත් පහුවෙලා ඒ වෙනකම් රන්දය නොපැමිනි නිසා හිත මදක් කලබල වෙලයි තිබුනේ……….
🌹🌹 රෑ තිස්සේ කොහේ යනවද මන්දා……….
ඇය කෑම මේසයෙන් වාඩි වෙන විටම සුමනා අත්තම්මා නූඩ්ලස් බඳුන ගෙන ආවාය………..
🌹 සුමනා අත්තම්මා රන්දය ආවේ නැද්ද………
🍃 නෑ සුදු මැණිකේ තාම නම් ආවේ නෑ……. කෑමත් එපා කිව්වා……….
🌹 මොනවා කෑම එපා කිව්වද……….
🍃 ඔව්……. මේ කොහේද අර මඩුගල්ල ඇමතිගේ ගෙදර යනවා කිව්වේ……….
🌹 මඩුගල්ල ඇමති කිව්නේ අර සියාතු සීයා කිව්ව මේ ගෙදර හිටිය දාස්පෙතිගේ මරණයට වග කියන්ක ඔීනැ කෙනාගේ තාත්තා නේද………..
🍃 ඔව් ඒ නරුමයාගේ තාත්තා තමා……… සම්මානිගේ හොර මිනිහා…………..
සුමනා අත්තම්මා තවත් මොන මොනවදෝ කියමින් එතැනින් ගියාය…………
🌹🌹 මේ මොකද වෙන්නේ රන්දය ඇයි එහෙ ගියේ මට කිව්වෙවත් නෑනේ. මේ ගමන අපේ වැඩේට සම්බන්ධ ගමනක් වෙන්න බෑ…………..
වන්දනා යලිත් කාමරයට ගොස් අම්මාගේ දින පොතක් පෙරල ගත්තාය…………. එහි තිබුනේම වේදනාබර මතකයකි……….. වේදනාවෙම් පිරි මතකයක් පමනකි………. අම්මා විද ඇත්තේ ලේසි පහසු ජීව්තයක් නම් නොවන බව ඇයට වැටහුනේය……….
🌹🌹 තව ටික දවසක් ඉවසන්න අම්මේ………. හැමදේම මං විසදන්නම්……….. ඒත් මට ඔයාව කවුද මැරුවේ කියලා සියාතු සීයා කීවේ නෑනේ එයා දන්නවා ඒක……… ඇත්තටම අප්පච්චිමද ඒක කලේ…………. ඒක නෑ කියලා හිතන්නේ කොහොමද……… අත්තම්මා මැරුවේ එයානේ……… ඒත් මේ හම්බවෙලා තියන සාක්ෂි මදිනේ…………. මං කොහොමද තවත් සාක්ෂි හොයන්නේ……… අනික මේකෙ අගක් මුලක් මං දන්නෙත් නෑ………… අම්මා……. මේක සම්පූර්ණයෙන්ම සම්මානිගේ වැඩක් වෙන්න බැරිද………… අප්පච්චි නිකම්ම මේකට අහුවෙලාවත්ද……. ඒත් එයා කොහොමද අත්තම්මව මැරුවේ……. මට පිස්සු වගේ……… ඒත් මට අප්පච්චිව මේකට අහුකරලා දඬුවම් දෙන්න හිතෙන්නෙ නැත්තේ ඇයි……………. ඇයි එහෙම හිතෙන්නේ…………
වන්දනාට නින්ද ගියේ මධ්‍යම රාත්‍රියත් පසුවීය…………..
_🌷
සුලක්ඛණා මැණිකේ හා සදහම් දෑලබණ්ඩාර සමගින් රන්දය උපුල් මඩුගල්ලේ ගේ.සුවිසල් නිවසට ඇතුළු වන විට මදක් රෑ වී තිබුණි……….
🔥 එන්න එන්න Mr දෑලබණ්ඩාර…….. වාඩි වෙන්න…….. සුලක්ඛණා කොහොමද…………
💙 හොදින් ඉන්නවා ඇමති තුමා……..
🔥 ඇමතිතුමා……….. ඇයි අයියේ කියන්න බැරිද……………
උපුල් මඩුගල්ලේ කියන්නේ සුලක්ඛණා මැණිකේගේ අම්මාගේ අයියගේ පුතා…….. ඉතින් මෙය නෑකමක් ස්ථිර කරගන්න ආව ගමනක් කියලත් කියන්න පුළුවන්………
🔥 OIC මහත්තයා නම් අපිට සෑහෙන්න කරදර කරනවා කියලා ආරංචී…… ඊයෙත් මගේ කොල්ලෝ පහක් ඇතුලට දාලා…….
රන්දයට දැනුනේ දරාගත නොහැකි කෝපයක්………….. ඔහු කිසිවක් නොක්යා බැළුවේ අප්පච්චි දිහා……… රන්දය ඉන්නේ හොදටම කේන්තියෙන් කියලා ඔහුට වැටහුනා……. මොකද රන්දය කියන්නේ රාජකාරිය අකුරටම කරන කෙනෙක්…….. පගාවට මුදලට නැවෙන කෙනෙක් නෙවේ……………
🔥 මොකද රන්දය….. කතා නැත්තේ……. අපි හුගක් දේවල් කතා කරන්න ඕනි….. හැබැයි දැන් නෙවේ……….. මිථිලා……. ඔය දුවට කතා කරන්න…………
රන්දයගේ මුහුණ නිකම් තැලිච්ච කජුලෙල්ලක් වගේ වෙලා තිබුනේ…….
🌿 රන්දේ මොකද වෙලා තියෙන්නේ බලනවා තමුසෙගේ මූණ……..
සුලක්ඛණා මැණිකේ කුටු කුටු ගගා රන්දයට බනිනවා………. එතකොටම තරප්පු පෙල බැහැලා ආව තරුණිය දෙසට සියල්ලන්ගේම නෙත් යොමු වුනා……… කෙටි ඩෙනිම් ෂෝර්ට් එකකින් හා රතුපැහැති ටීෂර්ට් එකකින් සැරසුනු ඇය ඇත්තටම සුරූපී යුවතියක්……….. හුගක්ම සංකර තාලෙට හැදුන සමාජශීලි තරුණියක් එහෙම වෙන්නත් එපැයි මේ අමාත්‍යවරයාගේ දියණිය……… ඇගේ වරලස ස්ට්‍රේට් කරලා පිට මැදට වෙන්නට දාලා තිබුනේ……….. නහයත් විදලා ඒකට සුන්දර තනි ගලක් ඇල්ලු කරාඹුවක් දාලා තිබුනා………. ඇගේ කන්පෙත්ත දිගටම කරාඹු තුනකට වඩා දාලා තිබුනා………. නිරාවරණය වූ උරහිස මත තිබුණු සමනල පච්චය හොඳින්ම පෙනෙන්න තිබුනා………… සුලක්ඛණා මැණිකේ හොයන ජාතිවේ තරුණියක් නොවුනත් ඇය ගැන අනෙක් තරුණියන් ගැන සිතූ ලෙස සිතන්නට ඇය මැලි විය………… මේ තම ඥාති දියණියකි……. අනිත් අතට ඇය හොඳ පවුල පසුබිමක යුවතියකි……. ඇත්තම කියනවා නම් මහා ධනස්කන්ධයක අයිතිකාරියකි…………
🔥 Come darling……… මේ ඉන්නේ Mr සදහම් දෑලබණ්ඩාර මේ Mrs සුලක්ඛණා දෑලබණ්ඩාර එතකොට මේ ඉන්නේ රන්දය……………
ඇමති තුමා දුවට ඔවුන්ව හඳුන්වා දුන්නේය…………
🌿 අපි මේ දෙන්නටම කතා කරගන්න දෙමු නේද……….
❤️❤️ ඕහ් ශිට්……..මේ අම්මා නම් මට එපා වෙනවා……. දැන් මේ සක්කරවට්ටම එක්ක කතා කරපන්කෝ……………
රන්දය තවමත් ඇය දෙස බැලුවේවත් නැත……………..
🌷 යමු රන්දය Garden එකට එන්න……….
කෙල්ල ඉස්සර විය…………. කලවා වලත් උඩට නිරාවරණය වූ කකුල් දුටු රන්දයට ඇතා වුනේ පිලිකුල් සහගත හැගීමකි……… ඇය හා බලන කල වන්දනා නිකැලැල් මලක් බඳුය…….. ඇත්තෙන්ම අරලියා මලක් බදුය……….
🌷 රන්දය…………. ඇත්තටම මං මේක කියන්නම ඔනි………… මට කිසිම interest එකක් නෑ family life එකක් ගත කරන්න……. ඒත් මට හිතාගන්න බෑ ඔයා දැක්ක ගමන් මට කැමැත්තක් ඇති වුනා………… ඔයාට මොකද හිතෙන්නේ…..
රන්දයට මේ ලංකාවමද කියලා හිතුනා……… රන්දය අවඥා සහගත හිනාවකුත් මුහුනේ රඳවාගෙනම ඇය දිහා බැලුවේ හොඳ දෙකක් කියන්න…….. ඒ වුනත් කෙල්ල දැක්කම රන්දය පුදුමයට පත්වුනා……..ඔහු කිසිසේත්ම හිතුවේ නෑ මේ ඇය කියලා……………
❤️ දුෂේරා………. මේ….. ඔයා දුෂේරා නේද…………..
🌷 එහෙනම් මාව තවමත් මතකයි නේද…………
මේ රන්දයට පෙර දවසක පෙම් කල යුවතියකි……………. එදවස තමා කොලඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන විට ඇය තමාට හමුවූයේ එක් ප්‍රදර්ශණයකදීය………… එකල ඇය මෙතරම් සංකර නැත………. ආදරයක්ම නැතත් රන්දයගේ හිතේ ඇය ගැන ආකර්ෂණයක් නොතිබුනාම නොවේ……….. තමා තරයේම ඇයව ප්‍රතික්ෂේප කරන තැන ඇය ඇගේ වයසේම තරුණයෙක් හා සම්බන්ධයක් ඇති කරගත්තාය…………….. ඔහුද නම ගිය ව්‍යාපාරිකයෙකුගේ පුතෙකි………..
❤️ දුෂේරා……………. ඇත්තටම ඔයා මඩුගල්ලේ ඇමති තුමාගේ දුව කියලා මං ඉස්සරවත් දැනගෙන හිටියේ නැහැනේ……
🌷 ඒ කලේත් මං ගැන දැනගන්න ඔයාට ඕනැකමක් තිබුනේනෑනේ නේද රන්දය………. මොකද මේ අමිමා රට වටේම කෙල්ලෝ හොයන්නේ……. කෙල්ලක් නැතිද………… නැත්තම් කෙල්ලට අම්මා කැමති නැද්ද……….
❤️ මට ඕවා ගඅන හිතන්න වෙලාවක් නෑ දුෂේරා…….මේ ගමන ආවෙත් අම්මාගේ වදේ නිසා……..
🌷 ඒ කියන්නේ ඔයාගේ කැමැත්තකින් ආව ගමනක් නෙවේ කියලද……..කියන්න හදන්නේ……….
❤️ ඔව් මොකටද බොරු කියන්නේ…..
🌷 මේ සැරෙත් මාව ප්‍රතික්ෂේප කරනවද…………
❤️ තේරුම් ගන්න දුෂේරා මට දැන්මම මැරේජ් එකක් ගැන හිතන්න බෑ……….
🌷 Its ok හදිස්සි වෙන්න ඕන්නෑ……..අපි හෙමින් හිතලා තීරණය කරමු………
රන්දය ඊට හුඟක්ම අකැමති බවක් පෙන්නුවේද නැත…………… අකැමති වන්නට හේතුවක් ඔහු දුටුවේද නැත………………… හැම මොහොතකම වන්දනාව සිහියට නැගුනත් ඒ සමගම ඇය හා සිටි අසෙනියද ඔහුට සිහිවේ………………
෴ මතු සබැඳියි ෴
ලියන්නේ
෴ ත්‍රිලක්ෂණා වෛශාලි