කල්පනා කර කර ඉඳල මටත් නින්ද යන්න ඇති. ආයේ මට ඇහරෙනකොට මගේ අත උඩින් ඔලුව තියාගෙන ඩියාශි හොදටම නිදි. අඬල අඬල තාමත් ඒ මුණ රතු වෙලා.මම හෙමින් සීරුවේ එයාගේ ඔලුවට කොට්ටයක් තියල අත මුදවාගත්තේ එයාට ඇහැරෙන්නේ නැති වෙන්න. තවම යන්න වේලාසන වැඩි ඇති. දහසක් දේවල් ඔලුවට එනවා. කොහෙන් පටන් අරගෙන හිතල ඉවර කරන්නද කියල මටම තේරෙන්නේ නැහැ. මේ කෙල්ලව මෙහෙම එක්ක ආපු එක වැරදී කියල මගේ හිත කියනවා.
ටිකක් වෙලා යද්දී එයාට ඇහැරුනා.
ගුඩ් මෝනින්
ගුඩ් මෝනින් කුෂ් අයියේ
තාම නිදිමතේද?
නැහැ. අපි උදේම යමු නේද?
හරි ඔයා වොෂ් එකක් දාගන්න එහෙනම්. නාන්නේ එහෙම නැහැ ආයේ. මම කිව්වා.
හිනා වෙලා මගේ දිහා බලල එයා ගියා.
අපි දෙන්නම ලෑස්ති වෙලා ආයේ පිටත් වෙනකොට හයට විතර ඇති. ඒක සැහෙන්න දිග ගමනක් උනා.
ගමන යනකම්ම අපි දෙන්න හිටියේ අපි දෙන්නගේ කල්පනා ලෝක වල. කතා කරන්න ඕන උනත් කතා කරන්නේ මොනවද කියල හිතාගන්න බැරුව මමත් හිටියේ. පුංචි කාලේ ඉදල අපි වෙන් නොවුන නම් මෙච්චර දුර බවක් තියෙන්නේ නැති වෙන්න ඉඩ තිබුන.
කල්පනාවේ ඉද්දි මට නින්ද ගිහින් තිබුන. කලින් දවසෙත් හරියට නින්දක් ලැබුනේ නැති හින්ද වෙන්න ඇති. ආයේ මට ඇහැරුනේ ඩියාශි කතා කරපු හින්ද.
කුශ් අයියේ. නැගිටින්න. මේක තමයි තැන.
කැබ් එකේ මුදල් ගෙවල පිටත් කරාට පස්සේ අපි දෙන්න වටපිට බැලුව. විසල් තාප්පයක අපිට ලැබුණු ලිපිනයේ සඳහන් අංකය ගහල තිබුන. එකේ ගේට්ටුවට දාල තිබ්බේ අමුතුම ආකාරයේ අගුලක්. සීයා ඒක විශේෂයෙන්ම හදවන්න ඇති. එච්චර පරිස්සම් වෙලත් එයාට එයාගේ පවුල රැකගන්න බැරි උනේ කොහොමද? මොහොතකට මට හිතුන සීයා ජිවත් වෙලා හිටිය නම් කියල. එහෙනම් මට එයාගෙන් අහන්න ගොඩක් දේවල් තිබුන.
ඒ නිවස පිහිටලා තිබ්බේ ගොඩාක් හුදෙකලා තැනක. ඒ මුළු පාරටම මිනිස්සුන්ට කියල හිටියේ අපි දෙන්න විතරයි.
ඩියාශි ගිහින් අගුලට යතුර දැම්ම. ඒ උනත් එයාට ඒක විවර කරගන්න බැරි උනේ අගුල ටිකක් මල බැඳිලා තිබුණු හින්ද.
මේක මට නම් අරින්න බැහැ. හොඳටම මලකඩ කාල
මමත් ටිකක් වෙලා උත්සහ කලාම තමයි හරිගියේ.
ඒ වත්තට ඇතුල් උනාට පස්සේ ඉබේටම ඒ ගේට්ටුව වැහුන. අපි දෙන්න මුළු ලෝකෙන් ම වසන් වෙලා දැන්. බාහිර සබඳකම් කිසිවක් නැති විදිහට ඒක හදල තිබ්බේ. මට නම් ඒ ගෙදර ගැන පුංචි මතකයක් වත් ආවේ නැහැ.
ඩියාශි ඔයා ඇවිත් තියෙනවද මේ ගෙදරට කලින්?
මට මතක නැහැ කුශ් අයියේ. සීයා මාව වත් එක්කන් ඇවිල්ල නැහැ.
හ්ම්ම්ම්….
ඒ නිවසේ තිබුනෙත් ඇඟිලි සලකුණු වලින් විවර වෙන විදිහට හදල. ආරක්‍ෂිත ක්‍රියාමාර්ග ගොඩක් එක්ක ඒ ගෙදර හදල තිබුණු බව පිටතින්ම පෙනුන. අපි දෙන්නගෙම ඇඟිලි සලකුණු නිවැරදියි කියල සටහන් උනාට පස්සේ දොර විවෘත උනා.
අංග සම්පුර්ණ ගෘහ භාණ්ඩ වලින් සමන්විත විසිත්ත කාමරයක්.
දැන් අපි කොතනින්ද පටන් ගන්නේ. මේක ලොකු ගෙයක්. ඩියාශි කිව්වේ සාලේ මද හිටගෙන වටේම බල බල.
මෙහෙ මොනවද අපි හොයන්නේ?
මම දන්නේ නැහැ.
සීයාගේ ඔෆිස් රූම් එකක් ඇති නේද? අපි ඒකෙන් පටන් ගමු.
නිවසේ උඩු මහලේ කාමරයක් කාර්යාල කාමරයක් විදිහට හදල තිබුන. එහි එක පසෙක පොත් රාක්කයක් ලියන මේසයක් තිබුන. තවත් තැනක තිබුනේ විවිධ කෞතුක භාණ්ඩ තිබුණු කැබිනෙට්ටුවක්. සීයා කෞතුක භාණ්ඩ වලට සැහෙන ආස කරපු කෙනෙක් වෙන්න ඕන.
හරි ඔයා පොත් රාක්කෙ බලන්න. මම මේ ලියන මේසේ ලාච්චු වල බලන්නම්. ඩියාශි එහෙම කියල හොයන්න පටන් ගත්ත.
හොයන්නේ මොනවද කියල දන්නෙත් නැතුව අපි මොනවද රෝස මේ කරන වැඩේ තේරුම.
මම දන්නේ නැහැ. මොනවා හරි හම්බවෙයි.
ඒ උනාට එකින් එක ඇදලා හෙව්වත් සැලකිය යුතු දෙයක් හොයාගන්න ලැබුනේ නැහැ. ලාච්චු වල තිබුනේ ආදායම් වියදම් වාර්තා කෞතුක භාණ්ඩ වල විස්තර පොත් වගේ දේවල් විතරයි.
මෙච්චර දේවල් අපිට හොයාගන්න වෙච්ච එකේ මම හිතන්නේ නැහැ සීයා ඔය බලපු ගමන් අහුවෙන විදිහට ලාච්චුවක මොනවා හරි දාල ඇති කියලා. මම කිව්වා. මේ කාමරේ කොහේ හරි සේප්පුවක් හරි ඇති.
ඔයා දැන් ද ඕක කියන්නේ? රෝස ඇහුවේ මගේ දිහා බලල. මෙච්චර කාලයක් නාස්ති කරාට පස්සේ?
ඉතින් මට එකහිතුනේ දැනුයි නේ.
කෝ ඉතින් එහෙම සේප්පුවක් නැහැ නේ මේ කාමරේ.
ඒක මේ කාමරේම තියෙන්න ඕන කියල නියමයක් නැහැනේ. මේ ගෙදර කොහේ හරි ඇති.
හනේ මන්ද මේ සීය නම්. මොනවද මෙච්චර හංගන්න තිබ්බේ දෙවියනේ.
අපිට මේ පැය දෙක තුනකිම් මේ ගෙදරම චෙක් කරන්න බැහැ ඩියාශි.
ඒක තමයි. අපි ට ටික දවසක් මේ ගෙදර ඉන්න වෙනවා.
මෙහෙ ඉන්න?
ඔව්.. එතකොට අපිට හෙමින් සීරුවේ බලන්න පුළුවන්නේ.
අපිට එච්චර කාලයක් නැහැ.
කරන්න දේකුත් නැහැනේ කුශ් අයියේ.
ඔයාගේ තාත්තා ඔයාව හෙව්වොත්?
අම්මිට කෝල් කරලා මට ඒ විස්තර දැනගත හැකි. ඔයා බය නොවී ඉන්න. මුලින්ම අපි කරන්න ඕන වැඩක් තියෙනවා.
මොකද්ද?
යමුකෝ ඉස්සෙල්ලම මේ ගෙදර මුලික පහසුකම් බලන්න. එයා එහෙම කියල කාමරෙන් එලියට ගියා. මාත් එයා පස්සෙන් ගියේ මේ සැරේ එයා මොකද කරන්නේ බලන්න.
හා.. මේ තියෙන්නේ කුස්සිය. හරි ගෑස් ලයින් එක වැඩ කරනවා. වතුරත් තියෙනවා. කරන්ට් එකත් තියෙනවා. මේ ගෙදර මෙච්චර කාලයක් පාවිච්චි කරලා නැතත් මේ හැමදේම වැඩ කරනවනේ. එයා කිව්වේ පුදුමෙන් මගේ දිහා බලල.
සීයා මට නම් හිතෙන්නේ මේ ගෙදර බලාගන්න කාටහරි දීල තියෙන්න ඕන. බිල් ගෙවන්න එහෙම. එයා ජිවතුන් අතර නැතත් එයාට උදව් කරන කවුරුහරි ඉන්න ඕන ඩියාශි.
ඔව්. මම හිතන්නේ සීයාගේ ලෝයර් හරි නැත්තම් වෙන කවුරුහරි මේ ගේ ගැන දැනගෙන ඉන්න ඇති. නැත්තම් මෙච්චර කාලෙකට මේක කවුරුත් නොදැන හිටියේ කොහොමද? සීයා සල්ලි හම්බ කරනවා වගේම මිනිස්සුන්ගේ හදවතත් උපයගත්තු කෙනෙක්. මට ලොකු ආසාවක් තියෙනවා කවුද සියට හතුරුකම් කරන්නේ ඇයි ඒකට හේතුව කියල දැනගන්න.
හැමදේම හරි. ඒත් අපිට කන බොන දේවල් එළියෙන් ගෙන්න වෙනවා. ඩියාශි කිව්වා.
එයා හැමදේ ගැනම හොඳට හිතනවා. මට නම් මේ වෙලාවේ කන්න බොන්න ඕන කියන එකත් අමතක වෙලයි තිබුනේ.
ඔව්. අපි ඒවා අරගෙන එමු.
නෑ .. ඔයා එන්න ඕන නැහැ. මම අරගෙන එන්නම්.දෙන්නම යන්නේ මොකටද?
කවුරුහරි දැක්කොත්?
කවුරුවත් දකින එකක් නැහැ. අපිව කවුරුත් ෆලෝ කලේ නැහැනේ. මම කවුරුත් අඳුනන්නේ නැති වෙන්න යන්නම්කො. එයා කිව්වා.
ඔයා එහෙනම් මම එනකම් තව ටිකක් හොයල බලන්න කුශ් අයියේ මොනවහරි හම්බ වෙයි.
ඩියාශි ගිය අතරේ මම ආයෙමත් සීයාගේ ඔෆිස් කාමරේට ගියා. මට හිතුන ඒක හොයල බලපු ප්‍රමාණය හොඳටම මදි කියල. වහලේ ඉඳල බිමට වෙනකම් උස පොත් රාක්කයක් හින්ද ඒක නම් දවසින් බලල ඉවර කරන්න බැරි වෙයි. කොනකින් පටන් ගමු.මම හිතුවේ හොඳ හුස්මක් අරගෙන.
විවිධ රට වල ඉතිහාසය, ග්‍රීක ශිෂ්ටාචාරය වගේ දේවල් වලින් පිරිලා තිබුණු ඒ පොත් රාක්කයේ තට්ටු දෙකක් විතර බලල ඉවර වෙනකොට හොඳ පණ ගිහින්. හම්බ වුනු කෙහෙල්මලකුත් නැහැ. මේ වැඩේ අතෑරලා දාල සමීර විදිහටම ගිහින් ජිවත් වෙන්න හිතෙනවා අප්පා.
මොකද උනේ කුශ් අයියේ? මොනා හරි තිබුනද?
ඩියාශි ගිහිනුත් ඇවිල්ල. මට තෙරුනේ වත් නැහැ.
ඔයා ගිහිනුත් ආවද?
ඔව්.. මම දැන් පැය දෙකකට කලින්නේ ගියේ.
එච්චර වෙලා ගියාද?
හ්ම්ම්… අපි කාල ඉමු නේද? මම කෑම ගෙනාව. උයන්න බඩු ගෙනාව. ආයේ දවස් තුනකට විතර කොහෙවත් යන්න ඕන නැහැ. නිදහසේ මේ ගෙදර චෙක් කරලා බලන්න පුළුවන්. එයා කිව්වේ පොත් රාක්කෙ දිහා බලල.
ඔයා මෙච්චර වෙලා බැලුවේ තට්ටු දෙකයිද?
ඔව් ඉතින් මම මැෂිමක් යැ. හොයන්නේ මොනවද කියල දන්නේ ත් නැතුව හොයන එක ලේසි වැඩක් ද?
හා හා ඒකෙන් කමක් නැහැ කාල ඉමු.
කෑම කාල මුළු හැන්දෑ වරුවම බැලුවත් අපිට හොයාගන්න පුළුවන් දෙයක් නම් තිබුනේ නැහැ.
මේ වැඩේ හරියන්නේ නැහැ. මේ ගෙදර මොනවත් නැතුව ඇති ද? මම කිව්වේ හොයල හොයල ඇති වෙලා.
වෙන්න බැහැ. මොනා හරිම තියෙන්න ඕන.
ඉතින් කෝ තියෙන මගුලක්.
තව බලමු. ඒත දැන් නම් මට බඩගිනි. හතත් වෙලා. එයා කිව්වේ අතේ බැඳගෙන හිටපු ඔරලෝසුව දිහා බලල. මම කන්න මොනා හරි හදන්නම් කුශ් අයියේ.හැබැයි ඔයත් එන්න කුස්සියට. මට තනියම යන්න බයයි.
මට හිනා ගියා එයා එක කියපු විදිහට.
මොකද හිනා වෙන්නේ?
චණ්ඩි කෙල්ලක් උනාට බයත් තියෙනවා.
ඔව් ඉතින්.. හා යමු යමු. කෑම හදල කාමරෙකුත් අස් කරගන්න එපැයි. අදට ඔය හෙව්වා මදැයි.
කෑම කාල උඩ තට්ටුවේ ප්‍රධාන නිදන කාමරය උඩින් පල්ලෙන් අස් කරගත්තේ අපි දෙන්නම හොඳටම මහන්සි වෙලා හිටපු හින්ද. ඒකෙ අල්මාරි වල ඇතිරිලි හොඳ තත්වයෙන් තිබුන.
දවස් දෙකක් විතර ඒ මුළු ගෙදරම අපි දැඩි පරික්ෂාවකට ලක් කලත් මොනවත් හොයාගන්න පුළුවන් උනේ නැහැ.
මේ වැඩේ හරියන්නේ නැහැ ඩියාශි. අපි මේ බොරු වැඩක් කරන්නේ.
වෙන්න බැහැ. මම කොච්චර කිව්වත් එයා පිළිගත්තෙම නැහැ.
අන්තිමේදී අපි හොයන දේ හම්බවුනේ ඒ නිවසේ ගත කල තුන්වෙනි දවසේ උදේ.
එදා තදින් වහින දවසක් වගේම තද සීතලක් තිබුන.
ඉවසන්න බැහැ සීතල. අර උදුන වත් පත්තු කරගමු. ඩියාශි කිව්වේ සීතලේ වෙවුල වෙවුල.
ඒක කාලෙකින් පාවිච්චි කරලා නැහැ. වැඩ කරනවද දන්නේ නැහැ. මම කිව්වේ උදුන පරික්ෂා කරන ගමන්. මේකේ දුම් බටේ කැඩිලා.
අන්තිමේදී ඒ දුම් කවුළුව ඇතුලත පරික්ෂා කරලා බලනකොට ඒකෙ නුලක් වගේ යමක් තිබුන. ඒක ඇද්දේ අහම්බෙන්. දුම් කවුළුවේ ඉහල කොටස විවෘත උනේ අපි හිතුවේ වත් නැති විදිහට.
මේ මොකද්ද? ඩියාශි ඇහුවේ එයා ඉඳගෙන හිටපු තැනින් නැගිටලා.
හාහ්… කවුද දෙවියනේ චිමිනිය ඇතුලේ සේප්පුවක් ඇති කියල හිතන්නේ!!!!!!!!!!!
ඩියාශී මා ගාවට දුවල ආව. අපි දෙන්නටම සීතලත් අමතක උනා. ඒ සීප්පුව ඇතුලේ තිබුනේ සීයාගේ වත්කම. දිනපොත් කිහිපයක්. බැලු බැල්මට කීයක් තිබුනද කියල හිතාගන්න බැරි තරම් මුදල් නෝට්ටු මිටි කිහිපයක් සහ විවිධ මැණික් ගල් එකතුවක්.
ඔය සේරම අතරින් අපි මුලින්ම අතට ගත්තේ මොනවා කියලද ඔබ හිතන්නේ?
ඔව්!!!!! සල්ලිත් නෙවේ. මැණික් ගලුත් නෙවේ. සීයාගේ දිනපොත්! සීයාගේ දිනපොත් විතරමයි! ඒවා කියවගෙන යද්දී ඒවා පරිස්සම් කරන්න සීයා මෙච්චර මහන්සි උනේ ඇයි කියල අපිට පැහැදිලි උනා.