33_වන_කොටස❄️
” හෙලෝ………… මිස්ටර් රවීන්ද්‍ර දන්තනාරායන නේද…….
භූමි ඇසුවේ සැකයෙන්……… මේ අංකය පෙර දිනයක රවීන්ද්‍ර දන්තනාරායන ළඟ තිබූ අංකයක්……..
” ඔව්…… මං තමයි…….. මේ කවුද කතා කරන්නේ ලංකාවෙන් නේද……
” ඔව්…… රවී අංකල් මං….. ඇල්නිලම්…..භූමි…….
භූමි මේ කතා කරන්නේ වේදේශ් දන්තනාරායනගේ පියාටයි………
” ඇල්නිලම්………..ඒක ඔයාගේ මැර නමනේ…….. ඉතින් මොකද දරුවෝ මේ හදිස්සියේ කතා කලේ………..
ඔහු ඇසුවේ ඉතා කාරුණිකවයි……… කොහොමත් ඔහු වේදේශ් මෙන් නරක චරිතයක් නොවේ…….
” අංකල් දැන්මම ලංකාවට එන්න කල්පනාවක් නැද්ද……..
” ම්ම්ම්ම්ම්….. මං නෙක්ස්ට් වීක් එනවා පුතා………. ඇයි මොකක්ද ගැටළුව……
” හොඳයි අංකල් මං කියන්නම්…….. අංකල් තුහින්‍යාව දන්නවනේ……..
රවීන්ද්‍ර දන්තනාරායන මහතා ගැඹුරු හුස්මක් ගත්තේය………
” තුහින්‍යා…… ඒ මගේ නංගිගේ දරුවා…… අර කාලකණ්නියාගේ නෝනා…… ඌයි මහ ගෑණියි ඒඅහිංසක කෙල්ලගේ ජීවිතේ විනාශ කලා පුතේ……..
ඔහු පැවසුවේ අවංකවම හදවතින් නැග ආ වේදනාවෙනි………
” පුතා කොහොමද එයාව දන්නේ…..
” අංකල්……… දැන් තුහී වැඩ කරන්නේ මගේ ගාව…….. එයාලා අනුරාධපුරයෙන් නුවරඑළියට ආවා……
” ඔව් මට නංගියි මල්ලියි කතා කරනවා…. දැන් මොකද වෙලා තියෙන්නේ……. අර මනුස්සයා දික්කසාද නඩුවක් දාලා නේද…… ඒක ඉවරද…..
” හ්ම්ම්ම්ම්ම් නෑ අංකල්……. මං මේ කතා කලේ ඒ ගැන කියන්නම තමයි…….. වේදේශ් දැන් දික්කසාදය දෙන්න බෑ කියනවා………
” දෙන්න බෑ කියනවා……..??? ඒකට පිස්සුද……..
” අංකල් ඒකට හේතුව මං……… තුහී මං ගාව වැඩ කරන එකෙනුයි මං තුහීගේ ගෙදර අයව ලඟින් ආශ්‍රය කරන එකෙනුයි ඌ හිතාගෙන මං තුහීට ආදරෙයි කියලා……. හැබැයි ඇත්තත් ඒකම තමා……. ඌ මගෙත් එක්ක තියන තරහට තුහීට දික්කසාදය දෙන්න බෑ කියනවා……….
රවීන්ද්‍ර දන්තනාරායන මහතාට දැනුනේ අපමණ සතුටක්……. ඒ භූමි ඇයට ආදරය කරනවා යැයි ඇසීමෙන්……
” ඔය ඇත්තමද පුතා……… මට ඔයා විශ්වාසයි දරුවො……… මගේම දරුවො වුනත් මට උන් ගැන මේ විශ්වාසය නෑ……. හරි එහෙනම් අපි බලමු දික්කසාදය නොදෙන්නෙ කොහොමද කියලා…….. ම්ම්ම්ම්…
” අංකල්………
” බය වෙන්න එපා භූමි……. මං තව දවස් තුන හතරකින් ලංකාවට එනවා…… එතකොට බලමුකො…….
” ඒ වචන ටික සැනසීමක් අංකල්……
” ආ…….. ඒක නෙවේ දැන් මොකද කරන්නේ තාම රංගන ගාවද ඉන්නේ…..
පුතා………. ඔය මැරකම් ටික නවත්තලා අම්මා ගාවට යන්න….. ඔයා ඔය විදිහට විනාශ වෙන්න ඕනි කෙනෙක් නෙවේ…. අනික දැන් තුහීව බඳිනවා නම්….
” මං අම්මා ගාව තමා ඉන්නේ…. එයාගේ බිස්නස් තමා මං කරන්නේ…….
” නෑහ්…….. හරි හොඳයිනේ….. මං ආවම එන්නම් බලලා යන්න…….. අම්මවයි රන්ජාවයි මතක් කලා කියන්නකො……
” හොඳයි අංකල්…… එහෙනම් බුදු සරණයි මං තියන්නම්…..
” බුදුසරණයි පුතා…..
භූමි ඇමතුම විසන්ධි කලේ හිතේ සැනසීමෙන්………
” දැන් බලමුකෝ වේදේශ් උඹ මොකද කරන්නෙ කියලා…… නොදෙන ඒවත් උඹට දෙන්න වෙනවා දැන්……….
භූමි තමාටම මුමුණ ගත්තේ සතුටින්….නමුත් වේදේශ් තම පියාගේ කීමට හෝ අවනත නොවේදැයි සැකයක් භූමිගේ සිත තුල නැතුවාම නොවේ……. තුහින්‍යා ගැන සිතන කල ඇය බොහෝ අහිංසකය……. අනෙක් අතට ඇය දන්තනාරායන මහතාගේ ඥාති දියණියයි…… එනිසා ඔහු ඊට මැදිහත් වනු ඇති බව භූමිට විශ්වාසය……..
ජීවිතය පුදුමාකාරය……… ගෙවුන වසර ගණනාව පුරාවටම මතකය ගෙන යන විට තමා කෙදිනකවත් ජීවිතය ගැන සිහින සිනා මැව්වා යැයි මතකයක් නැත………. ඒ සියල්ල සංසාර පුරුදු දෑසක් මුණ ගැසුන දා සිටය…….
💫💫💫💫💫💫💫
තුහින්‍යා උදෑසනින් කාර්යාලයට ආවේ නිල් පාට කටරොළු මල් ගොමුවක් මෙනි……. නිල් පැහැති සාරියට ඇය හුරුබුහුටිය………. තමා එන පෙර මඟ බලා හිඳින නන්දිතා මහත්මියව ඇය දුටුවේ මීදුම අතරින්……. සිනාමුසු මුවින් තමා වෙත එන තුහින්‍යා දෙස ඇය බලා සිටියේ ආදරයෙන්………. ඇගේ හිතේ තුහින්‍යා ගැන තියෙන්නේ පුදුමාකාර හැඟීමක්……. ආදරයක් භක්තියක්…. අත විරසකව සිටිතම පුතු තමාට මෙතරම් හෝ ලං වුයේ තුහින්‍යා නිසා වන බැවින්…….
” Good morning madam…..
උදේ පිපුණ සීත කඳුකර හිම මලක් වගේ ඇගේ විකසිත සිනාවන් ඇති කලේ නැවුම් හැඟිමක්………
” Good morning තුහින්‍යා……
” මැඩම්…… අදත් උදෙන්ම ඇවිත්……
” ඔයාව හම්බවෙන්නමයි ආවේ දුව….. ම්ම්ම්ම් මේ යමුද අදත් සීතාඅම්මාන් කෝවිලට……..
තුහින්‍යාට සිනාසුනේ ඇස් දෙක හීනි කරගෙන……. එහෙම හිනා වෙද්දි නිකම් කවුද නිළියක් වගේ කියලත් නන්දිතාට හිතුනා………
” අදත් අපේ රකුස් බොස් අැඟට කඩා පනීද දන්නෑ නේද මැඩම්……..
” අද එහෙම වෙන එකක් නෑ තුහී…… මොකද දන්නවද……. එදා ඔයා එයාට කිව්ව දේවල් අහලා අපේ ගෙදර ආවානේ……. මට සමාවක් නම් දෙන්නෑ කිව්වා…. ඒත් බැන්නට සොරි කීවා…..
” නෑ…… එහෙමද මැඩම්…. ඇති යන්තම්….
” දුව………. මට දැන් සැනසිල්ලේ භාරය ඔප්පු කරන්න පුළුවන්…….. යමුද ඔයත්….. හැබැයි පුතේ ටිකක් දවල් වෙයි……..
නන්දිතා කිව්වේ වෙලාව බලමින්….. දැනටමත් හත පහුවෙලා…….
” විනාඩියක් දෙන්න මැඩම්…. මං ශෝට් ලීව් එකක් ලියලා එන්නම්…….
තුහින්‍යා ඉන්මනින් කාර්යාලයට ගිහින් කෙටි නිවාඩුවක් සටහන් කරලා පැමිණ නන්දිතා හට එක් විය…….. දෙදෙනාම කතා කරමින් කෝවිල් බිමට ඇතුළුවුනේ එකම පුද්ගලයෙකුට සෙත් පතමින්…… භූමිගේ සුභසිද්ධිය උදෙසා සිදු කරන ඕනෑම දේකට තුහී සතුටින් සහභාගි වෙයි……..
භූමි කාර්යාලයට එන විට අට හමාරත් පසුවිය…….. ඔහු කෙලින්ම ගියේ පහල කාර්යාලයටයි ඒ තුහී බැලීමටයි…….
” ආ….. නංගිලා……. මොකද කරන්නේ…..
කාර්යාලය හාත්පසම නෙත් යොමු කර භූමි සෙව්වේ තුහීවයි…….
” සර්…… අපි…..
” සර්……. යකෝ මං තොපිලට නංගි කිව්වම මට සර් කියනවද…… මේ ඔෆිස් එකේ මට සර් සර් කියන්න තරම් කට්ටියක් වැඩ කරන්නෙත් නෑනේ…. අනිත් එක මට එහෙම සර් කියන්නෙ ඇයි….. ඔය දෙන්නා දැන් මට පිට කවුරුත් නෙවේ…… තෙනුකයි රජීව් කියන්නෙ මගේ පණ වගේ ඉන්න සහෝදරයොන්ගෙන් දෙන්නෙක්….. ඉතින් දැන් ඔය දෙන්නත් මට ඒ වගේ තමා……. හරිද….. ආයෙම සර් බෑ….. ඕනැම නම් අයියා කියන්න නැත්තම් භූමි කියන්න…….
” මේ මොනා කියනවද සර් අපි කොහොමද නම කියලා කතා කරන්නේ…….
” ඒකනේ….. එහෙනම් අයියා කියන්න….. මේ ඒක නෙවේ කෝ අර කටු අත්ත……
භූමි ඇහුවේ තුහින්‍යාගේ අසුන පෙන්වා…..
” අනේ දන්නෑ අයියා…… උදේ ඇවිල්ලත් තියනවා……. ශෝට් ලීව් එකක් මාක් කරලා ගිහින්….. ඇයි දන්නෑ………. අනික ෆෝන් එකත් වැඩ නෑ…… කෝමත් එයා අති පණ්ඩිතනේ……..
තුහී කොහේ ගියාදැයි නොදත් ජාන්වී කිව්වේ සියුම් තරහක් මවාගෙන…
” ඒ කතාව නම් ඇත්ත ජාන්වී…….
” අයියා….. ඔයා මැඩම් එක්ක කතා කරන්න ගිය එක නම් හරිම හොදයි…. එයාට හෙමින් සැරේ සමාව දෙන්න…. මොකද අපි කවුරුත් පන්දාස් කල් ජීවත් වෙන්න ආව මිනිස්සු නෙවේනේ…..
ජාන්වී දැනුම් තේරුම් තියෙන අයෙකි…… වයසට වඩා මුහුකුරා ගිය බුද්ධි මට්ටමක් ඇති ඇය සෑම දෙයක් ගැනම බැලුවේ නිවැරදි දෘෂ්ඨි කෝණයකින්…..
” ඔව් මට තේරෙනවා………
“ඒ වගේම අයියේ ඔයා අපේ තුහීව බඳින්න ගත්ත තීරණයට නම් ඔයාට පින්…… ඒත් අයියා එයා එකපාරක් නෙවේ දෙපාරක් පිරිමින්ගේ අසාධාරණයට ලක් වුන කෙනෙක්….. එයා එක්ක ගනුදෙනු කරද්දි ඔයා ප්‍රවේශම් වෙන්න…. එයාගේ හිත නොරිදාවා ඉන්න….. මං දන්නවා අයියා එයාට හොඳ හස්බන්ඩ් කෙනෙක් වෙයි……..
ජාන්වීගේ වදන් භූමිගේ හදවත පතුලේ ගොස් තැන්පත් විය…… සුසුමක් හෙළුැ ඔහු ජාන්වීට පෑවේ සුහද ශීලි සිනාවක්……
” මං පොරොන්දු වෙනවා නංගි….. ඔයාලගේ යාළුවාව අඬවන්නෑ කියලා…….
භූමි තවත් ටික වෙලාවක් එතැන රැඳී යලිත් සිය කාමරයට ආවේ හදවත වෙලා ගත් පාළු හැගීමකින් යුතුවයි…..
” මොන කෙහෙල්මලක ගියාද මෙයා….
දහ අතේ කල්පනා කරමින් සිටි භූමි යලිත් පිටතට ආවේ දහය හමාරට පමණය…….. තරප්පුපෙල බැස දොරටුව දෙසට එන භූමිට ඉන් ඇතුළු වූ දෙදෙනා
දැක සිනාවක් ආවේ ඉබේමයි…… ඉක්මන් ගමනින් එන තුහින්‍යා හා නන්දිතා ඔහු දැක ගල් ගැසී සිටගත්තේ දැන් නැතුවට දැන් කොටියෙක් වගේ ඇඟට කඩා පනී කියලා…….. නමුත් භූමි මදසිනාවක් පා නැවතත් කාර්යාලය දෙසට යන්නට හැරෙන විට නම් තුහින්‍යා සැනසුම් සුසුමක් හෙළුවේ නන්දිතා දිහාත් බලන ගමන්……
” ඇති යන්තම් රකුස් ගියා…….
” එහෙනම්…… මං යනවා දුව…….. බුදුසරණයි මැණික……
ඇය පිටව ගියේ තුහින්‍යාව ආදරයෙන් සිප වැලඳගෙනයි…….
තුහින්‍යා කඩිමුඩියේ කාර්යාලයට යන විට ගිණිමකරියන් දෙදෙනා ගිණි පිඹිමින් ඉන්නවා දැක තුහීන්‍යා මුව තද කරගෙන සිනාව පාලනය කරගත්තාය……..
” කොහේද බොල ගියෙ කියන්නැතුව…. මේ පැත්ත කළු කරලා තිබුනේ වහින්න ඔන්න මෙන්න කියලා…….
තුහින්‍යා නලල රැලි කරමින් බලාගෙන සිටියේ කියන කිසි දෙයක් තේරුම්ගන්න බැරිව…….
” භූමි අයියා මුහුණත් කළු කරගෙන හොය හොය හිටියේ…..
දිල්රූ ඇයට කතාව තේරුම් කර දුන්නාය…..
” ඒයා මොකටද මාව හොයන්නේ…..
” ඒක නම් අපි දන්නෑ…….
දිල්රූ කිව්වේ ටිකක් ඇය අසලට එමින්….
” ඇත්තටම මොකක්ද බං වුනේ…….
” මං මැඩම් එක්ක කෝවිලේ හිටියේ දිල්……
” තුහින්‍යා නෝනට ලොකු මහත්තයා කතා කරනවා……..
සිරිපාල හතිලමින් දිව විත් කියද්දි කෙල්ලගේ මුහුණ ඇඹුල් වුනා……..
” සිරිපාල මාමේ මොකද බොස්ට කේන්ති ගිහින්ද…….
ජාන්වී ඇසුවේ තුහින්‍යාගේ හිතේ තිබිච්ච දෙයක්…….
” ලොකු මහත්තයා කේන්ති නොගෙන ඉන්න වෙලාවක් තියනවද දිල්රූ නොනේ……..
සිරිපාල එහෙම කියාගෙන පඩිපෙල නැග්ගේ තවත් මොනවද මුමුණමින්…… තුහින්‍යා අසරණව ජාන්වී දිහා බලද්දි ඔවුන් දෙන්නත් ඇය දිහා බලාගෙන හිටියේ ඒ විදිහටමයි……. අදත් ඉතින් තුහීට බැනුම් තමයි කියලා හිතෙද්දිත් දුකයි……..
“ගිහින් බලපන්කො තුහී…… මොනා හරි කිව්වොත් බැනලා වරෙන් එදා වගේ…..
දිල්රූ කිවිවේ ඇගේ හිත හදන්න වගේ…… තුහින්‍යා චකිතයකින් යුතුව ඉහල මාලයට ගියාය……….
❤️••••මතු සම්බන්ධයි••••❤️