මොකද සුදූ මේ බය වෙලා?අද ඔයාගෙ හස්බනුත් ගෙදරත් නෑ.මගෙ වයිෆුත් ගෙදර නෑ.ඉතින් බොරුවට දඟලන්නැතුව ඉන්න.මං ඕනි තරම් සල්ලි දෙන්නම්…”

මාලක බලෙන්ම චේතනාගෙ ගෙල සි/ප ගත්තා.ඇයව තනි කරගන්න ඔහු කීප දවසක් තිස්සෙ මාන බලමින් උන්නත් ඒ සෑම අවස්ථාවකදීම ඔහුගේ බිරිඳ හෝ චේතනාගෙ සැමියා නිවසේ උන්නා.ඉතින් අද ඔහු තේනුකව ජාඇලට පිටත් කර හැරියේ චේතනාව තනි කරගැනීමටය.

“මට එපා උ/ඹේ අසාධාරණ සල්ලි….. මාත් උ/ඹේ ගෑ/ණි වගේ කියලා හිතුවද….. සල්ලි වලට නැමෙන්න….. දුප්පත් උනත් අපි….. ආත්ම ගරුත්වයක් තියාගෙන….. ජීවත් වෙච්චි මිනිස්සු…..මට යන්න දී/ප/න්….. නැත්නම් උ/ඹේ හැටි…… මුළු රටටම කියනවා…”

බිත්තියට අයිනටම වී වෙව්ලමින් වගේ චේතනා එහෙම කියද්දි මාලක මහ හයියෙන් හිනා උනා.ඔහුගේ ඒ වියරු සිනහව කාමරේ පුරා රැව් දුන්නා.චේතනාගෙ ප/පු/වෙ ගැස්ම එන්න එන්නම වැඩි උනා.මේ අවස්ථාවේ තමාට පිහිටක් පැතීමට කිසිම කෙනෙක් හිටියෙ නැහැ.දොරේ අගුලු දාලා තියන නිසා අනෝමාට කාමරේ ඇතුලට එන්නත් බැහැ.

“ඉතින් කෑ ගහන්න ස්වීටි.කෝ.. කෝ… හයියෙන් කෑ ගහන්න.ඔය වගේ වචන කියලා මාව බය කරන්න බෑ ගොඩේ මැණිකා. මං කව්ද කියලා අමතක උනාද ආ?මං සෑහෙන දවසක් තිස්සෙ බලාගෙන හිටියෙ මේ දවස එනකල්.ඉතින් ලැජ්ජ වෙන්නැතුව ඕනි දෙයක් ඉල්ලන්න.ස්වීටි ඉල්ලන ඕනිම දෙයක් මං දෙනවා…”

මාලකගේ දබර ඇඟිල්ලෙන් චේතනාගෙ මූණෙ පුරාම ඉරි ඇඳෙද්දි ඇගේ හිතට එක්වරම අමුතු සිතුවිල්ලක් පහල උනා.ඒත් ඒක කියාගන්න තරම් ඇගේ හිත එඩිතර නෑ.

“මං….. ඉල්ලන…. ඕනිම…. දෙයක්….. දෙනවද?…”

ඇය වෙව්ලන හඬින් ඇසුවා.මාලකගෙ මූණට හිනාවක් ආවා.සල්ලි වලට ඕනිම ගැහැණියක් ළඟට ගන්න පුලුවන් කියලා ඔහු හිතුවා.මාලක හිතුවෙ ඇය මේ ඉල්ලීමට සූදානම් වෙන්නෙ සල්ලි බවයි.ඔහුගේ සිත මහත් වූ ප්‍රීතියෙන් ඉපිල ගියා.

“අනිවාර්යෙන්ම දෙනවා.ඕනිම දෙයක් ඉල්ලන්න.සල්ලි කීයක් ඕනිද?ලක්ෂ දහයක්?පහලවක්?විස්සක්?ඕනි තරම් දෙන්නම්. දෙන්නට ඉන්න ගේකුත් අරන් දෙන්නම්. හැබැයි ඔන්න මාව අමතක කරන්න බෑ හොඳේ…”

මාලකගේ දෑත් වලට චේතනාගෙ උරහිස් සිර වුනා.ඇගේ හිත පුරාම රැඳී තිබුනෙ තම දියණිය ආරණ්‍යාවයි.මාලකව රවටාගෙන ආරණ්‍යාව තමා ළඟට ගන්න පුලුවන් වෙයි කියලා චේතනා හිතුවා.

මං කොහොම හරි මෙයාව රවට්ටගෙන මගෙ දුවව මගෙ ළඟට ගන්නවා.මෙයා මං ඉල්ලන ඕනිම දෙයක් දෙනවා කියලත් කිව්වනෙ. මගෙ දුවව විතරමයි මට ඕනි.මීට වඩා වෙන අවස්ථාවක් නෑ මගෙ දරුවව මගෙ ගාවට ගන්න.

චේතනාගෙන් විරුද්ධත්වයක් නොලද හෙයින් මාලක ඇයව ඔසවාගෙන ස/ය/න/ය මතින් තැබුවා.දින ගනනාවක් තිස්සෙ තම සිතෙහි පැලපදියම් වූ ආ/සා/ව ඉටු කරගැනීමට ඔහු සූදානම් උනා.

දෙයියනේ මං මොකක්ද මේ කරන්න හදන්නෙ?මගෙ රත්තරං මනුස්සයට ද්‍රෝහි වෙන්න නේද මං මේ ලෑස්ති වෙන්නෙ?දරුවව අපි ගාවට ගන්න උනත් මෙහෙම දේකට මං කොහොමද කැමති උනේ.නොකිව්වට තේනුක මහත්තයා මට තවමත් ආදරෙයි.මට බෑ එයාට ද්‍රෝහි වෙන්න.මට බෑ.

ඇමතිතුමා මට මොනවා දෙනවා කිව්වත් එයා කවදාවත් ආරණ්‍යා දුවව මට දෙන්න කැමති වෙන්නෑ.මං වෙනුවෙන් එයා කවදාවත් එයාගෙ දේශපාලන ගමන වි/නා/ශ කරගන්නෑ.

චේතනා එකපාරටම හැකි තරම් වෙර යොදලා මාලකව තල්ලු කරගෙන ඇඳෙන් බිමට පැන්නා.තව සුළු මොහොතක් ගත වුනා නම් ඇයට සිදු වන්නේ ජීවිත කාලය පුරාම හඬා වැලපෙන්නටයි.

“එපා.මට ත/මු/න්/ගෙ සල්ලිවත් ගෙවලුත් මොකුත් එපා.කරුණාකරලා මට යන්න දෙන්න…”

චේතනා හයියෙන් කෑ ගැහුවා.මාලකට පුදුමයි චේතනාගෙ වෙනස්වීම ගැන.ඔහු කුමක් පැවසුවත් ඇගේ සිත වෙනස් උනේම නැහැ.

“එහෙනම් ත/මු/සෙ එන්නෙම නෑ?…”

“නෑ නෑ නෑමයි…”

මාලක සූදානම් වුනේ බලෙන් හෝ තම අදහස ඉටු කරගැනීමට.චේතනා උදව් ඉල්ලලා හයියෙන් කෑ ගැහුවා.

“අනේ මාව බේරගන්න අනෝමා නැන්දේ…. ප්‍රදීප්…. අනේ ප්‍රදීප් ඔයා කොහේද….

එකපාරටම කවුරුන් හෝ මහ හයියෙන් දොරට ගහන්න ගත්තා.ඒ සද්දෙට මාලක ගැස්සුනා.ඔහු හිතුවෙ අනෝමා කෝල් කරලා මනුලිව ගෙදරට ගෙන්නලා කියලයි.

“කරුණාකරලා මේ දොර ඇ/ර/ප/න් මාලක. මගෙ ගෑණිව අ/තෑ/ර/ප/න් යකෝ.මේ දොර කඩන්න කලින් ඕක න/ව/ත්/ත/ප/න්…”

කේන්තියෙන්ම ගිහින් මාලක දොර අරිනවාත් එක්කම තේනුක මාලකගෙ කම්මුලට පාරක් ගැහුවා.ඒ පාරට මාලක කැරකිලා බිත්තියෙ හැප්පුනා.

“අනේ එපා දෙයියනේ අපි මෙතනින් යමු මහත්තයො.අනේ වඳින්නම් රණ්ඩු වෙන්න එපා…”

තේනුක මාලකට ප හ ර දෙන්න හදද්දි චේතනා ඔහුව බ/දා/ගෙ/න නැවැත්තුවා.බය වැඩිකමට ඇය ගිඩි ගිඩි ගාලා වෙව්ලනවා. ගිනි පිටවෙන දෑසින් තේනුක මාලක දෙස බලන් උන්නා.

“වෙලාවට උ/ඹ බේරුනා කියලා හිතාගනින් මාලක.එදත් මං ඉවසුවා.අදත් මං ඉවසනවා මගෙ ගෑ/ණි කියන නිසා.මේ අන්තිම පාර හොඳේ.මීට පස්සෙ මෙහෙම දෙයක් වෙලා තිබුනොත්….

“ඇයි උ/ඹ මොනවා කරන්නද?මතක තියාගනින් මං මාලක විජේවර්ධන.උ/ඹ මගෙ ඩ්‍රයිවර්.කව්ද කියලා දැනගෙනත් උ/ඹ අත ඉස්සුවෙ වැරදි මිනිහට ප්‍රදීප්.මට දැන් උනත් උ/ඹ/ව ම / % / ලා දාන්න පුලුවන්. ඒත් මං ඒක මේ වෙලාවෙ කරන්නෑ.බලන් හි/ට/ප/න් මං මේකට රිටන් එක ගන්නෙ කොහොමද කියලා…”

තේනුක මහත්තයා කේන්තියෙන්ම මාව කාමරේට එක්කන් ආවා.එයා දිහා බලන්නත් බයයි.ඇස් දෙක ගි/නි බෝල දෙකක් වගේ. හොඳටම තරහ ගිහින්.හොඳ වෙලාවට මං එයාව අල්ල ගත්තෙ.නැත්නම් අද මොනවයින් මොනවා වෙයිද දන්නෑ.

“මං එදත් ත/මු/සෙ/ට කිව්වා මොනම හේතුවක් නිසාවෙත් ආපහු උ/ගෙ කාමරේට යන්න එපා කියලා.මොකටද මං එපා කියපු දේ කරේ?…”

තේනුක මහත්තයා මගෙ කොලර් එකෙන් අල්ලගෙන ඇහුවා.මට බයත් හිතුනා එයාගෙ මූණ දිහා බලන්න.තරහ ගියාම එයා යකෙක් වගේ.

“අනේ මගෙ දෙයියො මං කැමැත්තෙන් ගියා නෙවෙයි.මාලක අනෝමා නැන්දට කියලා සමාධිට කාමරේට එන්න කියලා.උ/ගෙ හැටි දන්න නිසාම අනෝමා නැන්දා කියලා සමාධිට සනීප නෑ කියලා.ඒ පාර මාලක බැනලා.මං නොගියොත් එයා අපි දෙන්නව ගෙදරින් එලවයි මහත්තයා.එතකොට අපේ දරුවා?…”

මං අඬාගෙන එයාගෙ ප/පු/ව/ට තුරුල් උනා. වෙනදා වගේ ඔහු අද මාව අහකට තල්ලු කරේ නැහැ.දරුවව අපි ගාවට ගන්න මං විඳින දුක තේනුක මහත්තයා දැන් යම්තාක් දුරට තේරුම් අරගෙන ඉන්නෙ.

“මාලක ඔයාට මොනවද කිව්වෙ චේතනා?…”

එයා අහන්නෙ ආදරයත් ශෝකයත් එකට කැටි වූ සෙනෙහසින්.

“මාලක මට කිව්වා මං එයාට ඉඩ දුන්නොත් ඕනි තරම් සල්ලි දෙනවා කියලා.මං ඉල්ලන ඕනිම දෙයක් දෙනවා කියලත් කිව්වා.මට උ/ගෙ සල්ලි වලින් ඇති වැඩක් නෑ.ඕනිම දෙයක් දෙනවා කියද්දි මට මතක් උනේ අපේ දුවව මහත්තයා.මාලකට ඕනි දේ දීලා හරි මට දරුවව අරන් ඔයාට දෙන්නයි ඕනි උනේ. මං ගොඩක් අමාරුවෙන් ඒකට හිත හදාගත්තෙ.දරුවව ඔයාට දීලා මාත් අම්මා ගිය ලෝකෙටම යන්නයි හිතුවෙ…”

“දරුවව ලබා ගන්න කියලා….. ඇයි මෙච්චර ලොකු අවධානමක් ගත්තෙ චේතනා?ඇයි තමන්ගෙ ජීවිතේට වඩා මගෙ සතුට ගැන හිතුවෙ?…”

“ඒ…. මං ඔයාට….. ආදරේ නිසා මහත්තයා…”

වෙනදා මං එයාට ආදරෙයි කියද්දි එයා මට කොයි තරම් දේවල් කියලා බනිනවද.ඒත් අද මොකුත්ම නොකියා නිශ්ෂබ්දව ඉන්නවා.

“මෙච්චර නපුරුකම් කරන මට ඇයි චේතනා ඔයා ආදරේ කරන්නෙ?…”

“ඔයාගෙ නපුරුකම් සාධාරණයි මහත්තයා. මං ඔයාට ගොඩක් වැරදි කරා…”

“ඒ වැරදි කරේ හිතාමතාම නෙවෙයිනෙ?මගෙ ජීවිතේ බේර ගන්නනෙ චේතනා එහෙම කරේ…”

“ඔව් මහත්තයා.ඒත් මහත්තයා ඒක පිළිගන්නෑනෙ…”

“මට මේක කියනවා.ඇයි ත/මු?සෙ මට මාලකය ගහන්න ඉඩ නොදුන්නෙ?ත/මු/සෙ/ට කරන්න හදපු දේට මට මාලකයව ම / % / න් / න හිතුනා…”

“ඒකට මට ඉස්සෙල්ලා ප්‍රශ්නෙට දීපු උත්තරේමයි දෙන්න තියෙන්නෙ මහත්තයා. ඔයා මාලකට හිතේ තියන කේන්තිය නිවෙනකල් ගහයි.අන්තිමේදි ඔයාටයි මටයි මෙහෙන් යන්න වෙයි.එතකොට අපේ දුව?…”

“එහෙමයි කියලා මට පුලුවන්ද ඔයාව ඌ/ට බි/ලි දෙන්න?…”

“මහත්තයා කොහොමද මෙච්චර ඉක්මනට ජාඇල ඉඳන් ආවෙ?ඉස්සෙල්ලා මං කෝල් කරද්දි මහත්තයා කිව්වෙ එද්දි ගොඩක් රෑ වෙනවා කියලනෙ…”

“මං ජාඇල යන්න තමයි ගියේ.ඒත් රවී කිව්වා එයත් යන නිසා මට ඉන්න කියලා. ඉතින් ඒ වැඩේ රවීට බාර දීලා මං ආවා.ටව්න් එකට එනකොට අනෝමා නැන්දා කෝල් කරලා විස්තරේ කිව්වෙ.මට යකා වැහුනා එවලෙ නම්.ටක්ගාලා ටැක්සියකින් ආවෙ.මං තව ඩිංගක් හරි පරක්කු උනා නම් මේ සැරේ හිරේ යන්න වෙන්නෙ ඇත්තටම මි / % / ය / ක් ම / % / ලා…”

“මාව බේරගත්තට මහත්තයට ගොඩක් පින්. අපේ දරුවව අපි ගාවට ගන්න ගොඩක් අමාරු වෙයි මහත්තයා.දැන් මාලක කොහොමත් අපිත් එක්ක තරහෙන් ඉන්න නිසා දරුවව ලේසියෙන් අපිට ගන්න බැරි වෙයි…”

මං කිව්වෙ ඇත්ත කියලා තේනුක මහත්තයත් පිළිගත්තා.ආරණ්‍යා දූව අපි ගාවට ගන්න අපි නීතියෙ පිහිට පැතුවත් මාලක එයාගෙ සල්ලියි,බලයයි පෙන්නලා නීතිය එයාගෙ පැත්තට නම්ම ගනියි.

“සර් අද අර අහිංසක කෙ/ල්ලට කරන්න ගියේ කොහෙත්ම හොඳ දෙයක් නම් නෙවෙයි.ඒ අහිංසකීට සර්ගෙ අතින් කරදරයක් උනා නම් සර්ට සිද්ද වෙන්නෙ මුළු ජීවිත කාලෙටම පසුතැවිලි වෙන්න…”

“අනෝමා…. ත/මු/න් ඒ පාර එනවද මේ මට උගන්නන්න?තමන්ගෙ මට්ටමේ ඉන්නැතුව උඩින් යන්න හදන්නෙ තමුන්ට මේ රස්සාව කරගෙන ඉඳලා ඇති වෙලාද?මගේ දේවල් වලට ඇඟිලි ගහන්න ත/මු/න් කව්ද?…”

තව දුරටත් නිශ්ෂබ්දව සිටීමෙන් පල නැතැයි සිතූ අනෝමා මාලක ළඟට ආවෙ සියල්ල පැවසීමයි.අද නොහැකි උනත් කොයිම වෙලාවක හරි තමන්ගෙ බලය පෙන්නලා මාලක සමාධිව කොටු කරගන්නවා කියලා අනෝමාට තේරුනා.ඊට කලින් මාලක සියල්ල දැන ගත යුතුමයි.

“මං සර්ගෙ කවුරුවත් නොවෙන්න පුලුවන්. ඒත් ඒ අහිංසකී සමාධි… සර්ගෙ කවුද කියලා සර් තවම හරියට දන්නෑ…”

“මොකක්ද ඒ කතාවෙ තේරුම?ඒ ගොඩේ හි/ඟ/න්/නි මගෙ කව්ද…”

මාලක කට කොනකින් හිනා වෙලා පත්තරේ කියවන්න ගත්තා.අනෝමා කියන දේවල් මොනවද කියලා ඔහු උත්සහ කරේ නැහැ.

“සමාධි හි/ඟ/න්/නි/ය/ක් නෙවෙයි සර්…”

“පුහ්…. එහෙනම් ඒ/කි මලෙන් උපන් කුමාරි හාමිනේ කෙනෙක්ද?…”

“සමාධි කෙ/ල්ල කෝටි ගානක දේපලක උරුමක්කාරියක්.නරා වලක ඉපදුනාට හැදුනා වැඩුනාට ඒ/කි රැජිනක් වගේ මාලිගාවක ජීවත් වෙන්න ඕනි කෙනෙක් සර්…”

මාලක සමච්චලේට වගේ හයියෙන් හිනා වෙලා පත්තරේ දෙකට නවලා පැත්තකින් තිබ්බා.

“මං හිතන්නෙ ත මු න් ගෙ ඔලුව කොහෙ හරි වැරදිලා අනෝමා.සමාධි කියන්නෙ අපේ සපත්තුවලට පෑගෙන දූවිල්ලක් වගේ එ කි ය ක්.නැතුව මේ මාලිගාවක ජීවත් වෙන්න සුදුසු කෙනෙක් නෙවෙයි…”

“සර් ඇත්ත නොදැනයි ඔහොම කතා කරන්නෙ.සමාධි කව්ද කියලා දැනගත්තොත් සර් පුදුම වෙයි…”

“හරි හරි.සමාධි කව්ද කියලා කියන්නකො බලන්න.මහ රැජිනද?…”

මාලක චේතනාව පහත් කරලා කතා කරන විදියට අනෝමාට කේන්තියකුත් දැනුනා.ඇය ඉවසන් හිටියෙ සත්‍යය දන්න නිසාවෙනි.

“සමාධි කියන්නෙ සේනක විජේවර්ධනගෙ දුව…”

“මොකක්??සමාධි කොහොමද මගෙ ඩැඩීගෙ දුවෙක් වෙන්නෙ?අනෝමාගෙ මොලේ හොඳ නැති වීගෙන එනවද?…”

මතු සම්බන්දයි.

අදහසක් කියාගෙනම යන්න.ගොඩාක් ස්තූතුයි හැමෝටම

Advertisment