මලක්දෝ නුඹ අරලියා
🌷🌿විසි වෙනි කොටස🌿🌷_
❤️ මොකක්ද…….කෝ දෙන්න බලන්න……..
රන්දය පුදුමයෙන් දෙදෙනා දෙසම මාරුවෙන් මාරුවට බැලුවේය…….
❤️ මේ…….මේ… මේක මේ ලොකු නැන්දගේ දින පොත……… මං කොච්චර හෙව්වද……. මං එහෙ ආවෙම මේක හොයාගෙන……….
🌹 ඇයි… සුදු අයියේ ඔ…යා….. න් නෑ මේ රන්දය ඇයි ඔයා මේ දින පොත හෙව්වේ……….
❤️ ඇයි දැන් සුදු අයියේ කිව්වම මොනා වෙනවද කටේ පණුවෝ දානවද……….
🌹 මෙයා බලන්නකෝ……. හැම තිස්සෙම රතිඤ්ඤා කාලද ඉන්නේ………
❤️ ඔව් තමුසෙ ඉන්නේ බෝම්බ ගිලලනේ……..
🌹 එන්නෙපා මට තමුසේ කියන්න හරිද………..
🌼 මොකද්ද මේ රණ්ඩුව……… වන්දනා…….. නවත්තගන්න……..
❤️ හරි හරි…… මේකයි මට අප්පච්චි කිව්වා ලොකු නැන්දා කුඩා කාලෙ ඉදන්ම දින පොතක් ලියන්න පුරුදු වෙලා හිටියලු…….. මං හිතන්නේ එයාගේ දාන පොතේ ගොඩක් දේවල් අැති………….
🌹 මේ එයා අවසානෙට ලියපු පොත…… අනිත් පොත් ටිකත් තියනවා…….. මට ඒවා හම්බ වුනේ සියාතු සීයාගෙන්……… මට ඒ ටික කියවන්න බැරි වුනා…….. ඒත් ඒවා ඒ ගෙදර තියන්නත් බැරි නිසා පොඩිහාමුදුරුවන්ට ගෙනත් දුන්නා………..
🌼 මේකත් බලන්නකෝ…………..
ඒ ආනන්දිතාගේ අවසන් කැමති පත්‍රයයි………… එය කියවූ රන්දයට ඇති වුනේ ආනන්දිතා ගැන දුකක්………. අවසන් මොහොතේ ඇය විශ්වාස කල එකම කෙනා අරලියා පමණයි………..
❤️ හ්ම්ම්ම්ම්ම්………. එහෙනම් දැන් හුඟක් දේවල් හරි…… අපි දැන් යන්න ඕනි නන්දන අංකල් හම්බවෙන්න……….
🌹 What …… නන්දන කියලද ඔයා කිව්වේ………..
❤️ ඔව් ඔයා එයාව දන්නවද……….
🌹 නෑ අම්මාගේ පොතේ තිබුනා………..
🌼දැන් අපි මොකද කරන්නේ රන්දය……
පොඩිහාමුදුරුවෝ ඇසුවේ රන්දයගෙන් වුනාට මාරුවෙන් මාරුවට දෙන්නාම දිහා බැලුවා…………
❤️ අපි ආපහු මේ නඩුව ආයෙම aply කරනවා…………. මේක කරන්න චූටා නංගිට හොඳටම පුළුවන් මේ තියන තත්වයත් එක්ක…………. මේකෙන් සම්පූර්ණයෙන්ම නෙළුම්දෙණිය වලව්ව ව්‍යාපාර ඔක්කොම නංගිට අයිති වෙනවා……. මේවා සත්‍යයි කියලා ඔප්පු කරන්න පුළුවන් නන්දන අංකල්ට තමා……….. ඊට පස්සේ පුළුවන් අපරාධකාරයින්ගෙන් ඇත්ත වමාරන්න………….. මං ඔක්කොම ටික කරන්නම්………..
වන්දනා නිකමට වෙලාව බැලුවාය………
🌹 අනේ මට පරක්කු වුනා….. මං යන්නම්……. අපි හවසට කතා කරමු……….
❤️ මං ගිහින් දාන්නද………..
🌹 නෑ කරදර වෙන්න එපා OIC මහත්තයා……. මට යන්න පුළුවන්……..
❤️ මේකි යකෝ……. වරෙන්කෝ කාර් එක කැඩුනා කියලා………..
වන්දනා යන්න ගියේ සිනා මල් වටිටියක් හතර වටේටම විසුරුවලා……….. අනුරුද්ධ පොඩිහාමුදුරුවෝත් ඒ දිහා බලන් තනියම සිනාවෙනවා……..
🌼🌼 කතාවක් යයි වගේ……………
හුඟක් වෙලා පොඩිහාමුදුරුවෝ එක්ක කතා කර කර හිටිය රන්දය යන්න ගියේ තොරතුරුත් ගොඩක් අධ්‍යයනය කරලා…………..
❤️❤️❤️__
අසෙනිය හුඟක් කල්පනා කලා……. ඔහුට බොහෝ සිහි වුනේ ඇය හා ගෙවූ සුන්දර ළමා විය………….. ඔහුට සිටිි හොඳම මිතුරිය වන්දනා…….. ඔහුට වෙන කිසිඳු මිතුරෙකි හිටියේ නෑ…………. තමන්ගේ මුළු ජීවිත කතාවම අකුරක් නෑර දන්නේ ඇය…………… අසෙනිය හුඟක් පසු තැවැවුනා ඇය ගැන එලෙස සිතූ එකට…………
💙💙 මං……. අැයි එහෙම හිතුවෙවත්…… වන්දනා කියන්නේ මගේ යාළුවා…….. එච්චරයි……… එයාගේ ආදරය ඕනෙ නෑ මට……. යාළු කම තිබුන නම් හොඳටම ඇති………. මට මේ කෙහෙල්මල් ආදරයක් හින්දා ඒකිව නැති කරගන්න බෑ…….. දැන් මාත් එක්ක හොඳටම තරහෙන් ඇත්තේ…. ශිට් මං වගේ බූරුවෙක්…… ගන්න ඕනි කෝල් එකක්………
දුරකතනය දෙවරක් නාද වුනත් අසෙනියගේ අංකය දුටු වන්දනා එය සම්බන්ධ කරගත්තේ නෑ………. ඒත් තුන් වෙනි වතාවේ ඇයටත් එහෙම ඉන්න බැරි වුනා මොනවා වුනත් වන්දනා අසෙනියට ඇගේ සොයුරෙකුට මෙන් ආදරෙයි………
🌹 මොකද වල් ඌරෝ…………
💙 මේකි බලපල්ලකෝ ඉබ්බි……….
🌹 ඇයි දැන් තමුසෙ මට ගත්තේ………
💙 මට ගන්න බැරිද……… අනේ පලයන් බස්සි………….
🌹 මං තරහ වෙලා ඉන්නේ උලමෝ……….
ඔය යාළුකම තනිකරම සත්තු වත්තක්……. දෙන්නා පොඩිකාලේ ඉදන්ම ඔහොම තමා…….. මේ සත්තු හොදයි හුඟක්ම රණ්ඩු වුන වෙලාවට මේ ලෝකෙට තාම බිහිවෙලත් නැති සත්තුන්ගේ නම් කියනවා………….
💙 මේ වන්දු…….. sorry හොඳේ………..
🌹 අන්න එහෙම එනවා………….
💙කොහේද ඉන්නේ………….
🌹 මං අද වැඩ…….. ඔයා කොහේද ගියේ…..
💙 ගෙදර ඉන්නේ……….. හිටින් මං එන්නම්……… උඹ යන්නෙපා මං එනකම් හොදද හිවලි………….
වන්දනා හිනාවෙමින් ඇමතුම විසන්ධි කලාය………….. වන්දනා අසෙනියට හුගක්ම ආදරෙයි ඒත් ඒක තම සැමියා කරගන්න පෙම්වතා කරගන්න තියන ආදරයක් නෙවේ…………….. හැබැයි ඇයට අසෙනියත් ඕනැ………….. ඔහු නැති වුනොත් තම ජීවිතය බොහෝ පාළුවෙයි කියලා තමයි ඇයට හිතෙන්නේ……..
අසෙනිය ආවේ සිනාමුසු මුහුණින් වුනත් වන්දනා නම් ඔහු දිහා බැලුවේ මුහුණ පුළුටු කරගෙන…………
💙 මොකද බං……… මං කිව්වනේ සමාවෙන්න කියලා……. මට ඉතින් උඹ අරෑ එක්ක එද්දි ඉරිසියා හිතුනා……… යකෝ මාර මගුලක්නේ මගේ යාළුවාව හරියට ඌ එක්ක ආවේ උගේ යාළුවා වගේනේ….
🌹 යාළුවෙක් නම් නෙවේ අසෙනි…… ඒ මගේ මාමාගේ පුතා……. මාත් අදයි දන්නේ………. පොඩිහාමුදුරුවෝ බලන්න ගියපු වෙලාවේ තමයි දැනගත්තේ……..
💙 නෑහ්….. එහෙමද…… මටත් ඉතින් මුණගස්සපන් ඔය මස්සිනාව………
🌹 හාකො…….
💙 යමුද………..
🌹 යමු නෙවේ මට ඔයාට පෙන්නන්න හුඟක් වැදගත් දේවල් තියනවා….. ඒවා තියෙන්නේ පොඩි හාමුදුරුවෝ ලඟ…………
💙 එහෙනම් යමු ඉතින්……..
දෙන්නත් එක්ක සල්මල් ආරාමයට යන්න කියලා එළියට ආවේ හැබැයි වන්දනාගේ වාහනය දාලා යමු කියලා අසෙනිය යෝජනා කරපු හින්දා දෙන්න ගියේ ඔහුගේ වාහනේ……..
💙 පොඩි හාමුදුරුවන්ට මොනාහරි ගෙනියන්න ඕනි…….. එනව යන්න………
අසෙනිය වන්දනත් එක්ක සුපර්මාර්කට් එකේ ඇවිදලා අවශ්‍ය දේවල් ගත්තා……… රන්දය ඔවුන්ව දුටුවේ වාහනේ යන ගමන්……..
❤️ වාහනේ නවත්තන්න……..
ඔහු සිය රියදුරාට අණ කලේ ඉක්මනින් බිමට බසින ගමන්………. රන්දය ලඟ ලඟම ඔවුන් දෙදෙනා දුටුවත් අසෙනියත් වන්දනාත් සිටියේ ලොකු කතාවක නිසා ඔවුන් රන්දයව දුටුවේ නෑ………..
❤️ මට මේ මනුස්සයා කවුද කියලා හොයලා දෙන්න ඕනා පුළුවන් තරම් ඉක්මනට තේරුනාද කුමාරසිරි…….
🌿 තේරුණා ලොකු සර්……….
රන්දය යලිත් වාහනයට නැගුනේ ඔහු පොලිස්පති තුමා හමුවීමට යමින් සිටි නිසයි…………..
නමුත් රන්දයගේ මුහුණ හරි නැත…….. කුමාරසිරි එය තේරුම් ගත්තේය……
🌿 සර් මොකක් හරි ප්‍රශ්ණයක්ද……..
❤️ නෑ……………
නෑ කිව්වද හදවතට දැනෙන්නේ පුදුමාකාර දුකකි………. වන්දනා සම්පූර්ණයෙන්ම තමාට පමණකි අයිති යැයි හිත හඬගා කියන්නට විය……….. ඇය තරුණයෙක් හා දකින විට මේ තරම් වේදනාවක් ඊටත් වඩා දරාගත නොහැකි ඊර්ෂ්‍යාවක් දැනෙන්නේ ඇය කෙරෙහි තම හදවතේ අළුතින් පූදින ආදරණිය හැගීම් නිසාමය…………..
රන්දය ජීවිතයේ පලමු වරට කෙනෙක් ගැන ආදරයෙන් සිතුවේ මීට වසර විසිගානකට පෙරය…….. ඒ මේපතම නෑනා වූ අරලියා යශෝරාවි නෙළුම්දෙණිය ගැනය…………
බාලිකාවේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල දිනයේදී පලමු වරට දුටු ඇයව ඔහු යලිත් නොදුටුවේ රන්දය කොලඹ පාසලකට ඇතුලත් වීමත් ඉන් ටික දිනකින් අැය අතුරුදන් වීමත් නිසාය…………. නමුත් ඉන්පසු කිසිම දවසක ඔහුගේ හදවතේ ආදරයක් නම් ඇති වුනේ නැත……….. රන්දය සුසුමක් හෙළුවේ කිසිවක් හිතාගත නොහැකිව හදවතට අසරණ බවක් දැනෙද්දිය……………
❤️❤️ කරන්න දෙයක් නෑ රන්දේ…….. ඒ කොල්ලා එයාගේ ජීවිතේට කලින්ම ඇවිත්……………
🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹
෴ මතු සබැඳියි ෴