සූවස් කලාගාරය කියන්නෙ ඉතාම ලස්සන තැනක්. එය මට සිහි ගැන්වූයේ ඉපැරණි මාලිගාවක්. එය නැරඹීමට විසල් ජනකායක් අපි ගිය වෙලාවෙත් ඇවිත් හිටියා. මේ කලාගාරය දැන් අයිති මට කියලා සිහිවෙනකොට මට දැනුනා මගේ හදවත වේගෙන් ගැහෙනව. මේ හැම ප්‍රශ්නයකටම හේතුව මේ කලාගාරය කියලා සිහිවෙනකොට මට දැනුනු හැඟීම මට වචනෙන් විස්තර කරන්න බැහැ. මම ඩියාශිගෙ අතින් තදින් අල්ලගත්තෙ ඒ බව සිහිවෙද්දි.

ඔව්. සමීර. මේ හැමදේම ඔයාගෙ. ඔයාගෙ විතරයි. මම නොකිව්වත් එයාට තේරුනා මගේ හිතේ තියෙන දේ.

කලාගාරෙට ඇතුල් වෙන තැනම තිබ්බෙ සීයයි මමයි ඩියාශියි ඉන්න පින්තූරයක්. දෙවියනේ! ඒ කාලෙට ආයෙත් යන්න ඇත්නම්.

ඔව් ඔව් ඒකෙ ඉන්නෙ අපි තමා. ඒත් ඔච්චර වෙලා ඒ ෆොටෝ එක දිහා බලන්න එපා.. කාටහරි සැක හිතෙන්න පුලුවන්. මම දැහැනින් මිදුනෙ ඩියාශිගෙ කටහඬ ඇහිලා.

අහ්… ඔව්.. සොරි. මම කිව්වා.

හනී.. අර පින්තූරෙ හරි ලස්සනයි නේද?

හනී..

ඔව් ඔව්.. ඔයත් මට ඔය මොකක් හරි කියන්න හනී බනී නැත්තම් ඕන එකක්. නම නම් එපා.

හ්ම්ම්.. ඔයාගෙ තාත්ති නැද්ද පේන්න..? මම ඇහුවෙ හෙමීට

නෑ. එයා ඔෆිස් එකේ ඇත්තෙ.

කොහෙද ඔෆිස් එක තියෙන්නේ?

උඩට යන්න ඕන. අපි හිතමු එයා අපේ වාසනාවට පහලට එන එකක් නෑ කියලා.

ඔයා හිතනවද මේ ප්‍රශ්න වල කොණකට එයා සම්බන්ද ඇති කියලා? මම ඇහුවෙ මගේ හිතට වද දෙන ප්‍රශ්නයක්.

හරියට මොනවත් නොදැන මට ඒක කියන්න බෑ. අපි හොයාගමු.

මම මෙහෙට ආවේ සීයා මට කිව්වා ඔයාව මෙතනට එක්කන් එන්න කියලා. අපිට මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න මොනවමහරි දෙයක් මෙහෙ තියෙන්න ඕන.

සීයාගෙ ඔෆිස් කාමරේ තමයි බලන්න ඕන.

තාත්තට නොපෙනී කොහොමද ඒක කරන්නෙ?

අපිට එයාව එලියට යවන්න වෙනවා.

කොහොමද ඒක කරන්නෙ?

මම දන්නෙ නෑ. බලමු. ඩියාශි කිව්වෙ වටපිට බල බල.

අහ්. වෙලාව නරකම නෑ. අඳුරන කෙනෙක් ඉන්නව.

එතකොට එතනට ආවෙ කලාගාරයෙ ආරක්ශකයෙක් වගේ නිල ඇඳුමක් ඇඳල හිටපු කෙනෙක්.

සිංඤෝරෙ පෙස්කා. ඩියාශි ඒ මනුස්සයට කතා කලා.

ඒ මනුස්සයා ඩියාශි ලඟට ආවෙ සැකෙන් බලලා. ඒ මනුස්සයා එයාව අඳුනගත්තෙ නැති පාර ඩියාශි කණ්නාඩිය ගැලෙව්ව.

සිංඤෝරෙ පෙස්කට මාව අඳුනන්න බැරිද?

දෙවියනේ සිංඤෝරා ඩියාශි. ඔබව දකින්න ලැබීම සතුටක්. ඔබ සෑහෙන්න වෙනස් වෙලා කවදද ආවෙ? එයාටත් මටත් ආචාර කරපු ඒ මනුස්සයා ඇහුවා.

ටික දවසක් වෙනව. ඩියාශි කිව්ව.

සිංඤෝරා ඩියාශි විවාහ වෙන්න වත් ලෑස්ති වෙනව වගේ. ඒ මනුස්සය ඇහුවෙ මගේ දිහා බලලා.

ඔව්. ලඟදිම. ඒක නෙවේ මගේ තාත්තා මේ වෙලාවෙ ඉන්නවද?

ආ සිඤෝරාට මුණ ගැහුනෙ නැද්ද? ඔහු දැන් ටිකකට කලින් පිටවෙලා ගියානේ.

ආ කමක් නෑ මම ඔහුට කතා කරන්නම්. අපි එහෙනම් ඔහුගෙ කාර්‍යාලයට යන්නම්.

හොඳමයි සිංඤෝරා උවමනාවක් තිබ්බොත් මට කතා කරන්න.

ඉතාලි ජාතිකයො හරිම ආචාරශීලී නේද? ඩියාශි කිව්වෙ කාර්‍යාලයට යන ගමන්.

ආ ඒ ඉතාලි ජාතිකයෙක්ද?

ඔව් සීයගෙ පරණම සේවකයෙක් ඔයා කවුද කියල කිව්ව නම් සතුටට මැරෙයි ඔය මනුස්සයා.

හ්ම්ම්ම්.. දැන් ඒ මනුස්සය කියයිනේ අපි ආඑව කියලා.

නෑ අහන දේට මිසක් ඕපදුප කියන්නෙ නෑ මේ රටවල් වල මිනිස්සු. අනිත් එක කිව්වත් කමක් නෑ. තාත්ති ආයෙ එන්නෙ හෙට. එයා හාංකවිසියක් දන්නෙ නෑනෙ මම මෙහෙ කියල .

හරි මේ තමයි සීයගේ ඔෆිස් එක. යමු ඇතුලට. බෑග් එකෙන් යතුරක් ගත්තු ඩියාශි ඒ කාර්‍යාලය විවෘත කලා.

එය ඉතාම ලස්සන කාර්‍යාල කාමරයක්. සීයගේ ෆොටෝ එකක් සහ අපේ පවුලේ චායාරූප පැත්තක එල්ලලා තිබුන. මාත් අම්මාත් තාත්තාත් ඉන්න චායාරූප මගෙයි ඩියාශිගෙයි ඒවා තමයි එතන තිබුනෙ. ඒ තමයි මම මගේ අම්මවයි තාත්තවයි ෆොටෝ එකකින් හරි හරියටම දැකපු වෙලාව. මට මහා අමුතු හැඟීමක් දැනුනෙ. එයාල නැති ලෝකෙ මම තනිවෙලා.

මට නිදහසේ පින්තූර ටික බලන්න දීල ඩියාශි කාමරේ පිරික්සන්න පටන් ගත්තා.

සමීර.. ඔයාට ඕව පස්සෙ බලන්න පුලුවන් ඕන තරම්. ටිකක් මට උදව් වෙන්න.

අර පෙස්කා නොකිව්වත් තාත්ති දැනගනී අපි ආව කියලා. මම කිව්වෙ සීසීටීවී කැමරාවට ඇහැ යද්දි.

ආ කැමරා ද? ඒ ගැන හිතන්න එපා . මම ෆුටේජ් ටික අයින් කරන්නම් යන්න ඉස්සෙල්ල.

මේ වැඩෙ කරන්න බැහැ සමීර. ඩියාශි කිව්වෙ තව හොයල බලල.

මට කියන්න අපි දැන් මොනවද මෙතන හොයන්නෙ?

මම දන්නෙත් නැහැ. මම හොයන්නෙ සීයගෙ ඩයරියක් නැත්තම් අපි වෙනුවෙන් මොනවම හරි ලියවිල්ලක්. මට විශ්වාසයි එයා මැරෙන්න කලින් එයාගෙ හතුරා කවුද කියලා හොයාගන්න ඇති. අපිට ඒ ගැන මොනවම හරි හෝඩුවාවක් තියෙන්න ඕන.

හරි හිතන්නකො සමීර. මේ ඔෆිස් එකේ තමයි සීයා ගොඩක් වෙලාවට හිටියෙ. ඒ නිසා මොනවා හරි තියෙනවනම් තියෙන්න ඕන මෙතන. ඔයා සීයා උනා නම් අනිත් කාටවත් අහුවෙන්නෙ නැති වෙන්න ඔයාට මොනවහරි හංගන්න ඕන උනා නම් ඔයා කොහෙද ඒක හංගන්නේ?

හ්ම්ම්. සමහරවිට ෆොටෝ එකක. මම කිව්වා. ඒ අදහස මට කොහෙන් ආවද මන්දා. සමහරවිට මම පවුලෙ ෆොටො බල බල හිටපු හින්දා වෙන්නැති.

ෆොටෝ එකක්? මොන විකාර මෝඩ තැනක්ද ඒ? අපරාදෙ ඇහුවෙ ඔයාගෙන්

ඇයි මොකද්ද වැරැද්ද? මාත් ඇහුවා. ඇයි යකූ ඒකිට සෙකන්ඩ් වෙන්න පුලුවනෑ.

ෆොටෝ එකක් කියන්නෙ මිනිස්සු බලන නිතර පේන තැනක්.

ඉතින් ඔයා ඇහුවෙ කාටවත් සැක නොහිතෙන තැනක්නෙ. නිතරම පේන්න තියෙන දේවල් වල කවුරුත් මොනවත් හොයන්නෙ නෑ. හැංගිලා තියෙන තැන් වල තමයි හොයන්නෙ.

අනේ මේ දැන් අර ෆොටෝ ෆ්‍රේම් ඇතුලෙ ඩයරියක් වගේ හංගන්න පුලුවන්ද ?

මොකද බැරි?

සමීර ඔයාගෙ ඔලුව වැදුනද කොහෙහරි?

එයා මොනව කිව්වත් මගේ මතේ වෙනස් කරන්න මම කැමති උනෙත් නෑ.

අපි මේ කාමරේ හැමතැනම බැලුවනෙ ඩියාශි. ෆොටෝ ටික තමයි බලන්න ඉතුරු. මම කිව්වෙ ඒ ෆොටෝ එල්ලල තිබුනු බිත්තිය ලඟටම ගිහිල්ලා.

අපි හැමතැනම බැලුවනෙ ඩියාශි.. කෝ මොනවත් තිබ්බෙ නෑනෙ. මම කිව්වෙ ෆොටෝ ටික ලඟටම ගිහිල්ලා.

මොන හේතුවකටද මන්ද මට හිතෙනව මේ ෆොටෝ වල මොකක් හරි ඇති කියලා. මම කිව්වෙ ඒ ෆොටෝ එකින් එක බිත්තියෙන් අරගෙන පරීක්ශා කරන ගමන්. මුලින් අතට ගත්තු ඒවල කිසිම අමුත්තක් තිබුනෙ නෑ .

ඊටපස්සෙ මම අතට ගත්තෙ මමයි සීයයි ඩියාශියි හිටපු ෆොටෝ එක. ඒකෙ වීදුරුවට මගේ මහපටැඟිල්ල තියවුනේ අහම්බෙන්. එතකොටම ෆොටෝ එකෙන් කොලපාට එලියක් ඇවිල්ල ඒකෙ ඉස්සරහ වීදුරුව වෙනස් උනා.

හහ්.. බයෝමෙට්‍රික් කෝඩ් සිස්ටම් එකක්. ඒකට තව ඇඟිලි සලකුනක් අඩුයි. ඩියාශි මේ පෙන්නන තැන ඔයාගෙ ඇඟිල්ල තියන්න.

ඔව්. ඒ ෆින්ගර් ප්‍රින්ට් එක හරියටම ඩියාශිට ගැලපුනා. වීදුරුව එලියට විවෘත උනා.

ඒක ඇතුලෙ තිබිල පුංචි කොලයක් වැටුන.

ඩියාශි ඉක්මනට ඒක ඇහිඳල අරගෙන දිග ඇරිය.

මේකෙ තියෙන්නේ එඩ්‍රස් එකක්. ඩියාශි කිව්ව.

වෙන මොනවත් නැද්ද?

නැහැනෙ.

කොහේ එඩ්‍රස් එකක්ද මේ?

දන්නෙ නෑ.

ෆොටෝ එක ඇතුලෙ තව මොනවත් නැද්ද බලන්න.

තියෙනව. යතුරක් තියෙනව. මම කිව්වෙ ඒ යතුර පිටතට අරගෙන.

එඩ්‍රස් එකක් එක්ක යතුරක්. කොහෙ වෙන්න පුලුවන් ද? මම කිව්වෙ මටම කියාගන්නව වගේ.

සීයගෙ ගෙදර !!!!!!!!! මායි ඩියාශියි දෙන්නම කිව්වෙ එකට.

ඒ අපේ අම්මා කියපු රහසිගත ගෙදර වෙන්න ඕන. ඒ ගෙදරට යන විදිහ එයාලවත් දැනගෙන හිටියෙ නෑ කිව්වෙ.

ඒ කියන්නේ සීයට ඕන උනා අපි විතරක්ම ඒ ගෙදර තියෙන තැන දැනගන්න. නැත්තම් අපේ ඇඟිලි සලකුණු වලට ගැලපෙන විදිහට මේ පින්තූරය හදන්නෙ නැහැනෙ.

අපි මේ තැන හොයාගෙන යන්න ඕන. ඉක්මනට යමු. මම කිව්වා..

ඒ උනාට මට මහන්සි.. බඩගිනියි. අද බෑ. අපි දැන් හොටෙල් එකට ගිහිල්ල කාල හෙට උදේට යමු. ඩියාශි කිව්වා.

ඕකේ මැඩම්. යූ ආ ද බොස්. මම කිව්වම එයා මගේ දිහා රවල බලල කැබ් එකක් නැවැත්තුව.

ද විලාස්.. කැබ් එකේ රියදුරාට කිව්වෙත් ඩියාශිමයි. මට වඩා කාලයක් ප්‍රංශයේ ගත කරපු හින්දමද මන්ද එයාට පාරවල් හෝටල් යන්න ඕන තැන් ගැන දැනගෙන හිටිය. මම තනියම ආව නම් මෙච්චර දෙයක් කරගන්න වෙන්නෙ නෑ. මම දන්න ටිකත් මට අමතක වෙලා තියෙද්දි.

දැන් පුරා රැයක් මම එයත් එක්ක තනි වෙන්න ඕන නේද කියල මතක් වෙනකොට මට දැනුනෙ අමුත්තක්. එයා නම් කිසිම ගානක් නැතුව හිටිය.

මේ වෙලාවෙත් එයා ගත්තෙ යුගල කාමරයක්.

මිස්ට ඇන්ඩ් මිසිස් අතුරලිය. එයා කිව්වා. මගේ දිහා නොබලන්න එයා පරිස්සම් උනාද කියල මට හිතුන.

ඒ සර්නේම් එක අයිතියක්. ඒක අයිති ගීත්නාට. සමීර උඹ මේ කරන්නෙ වැරැද්දක්. ඩියාශි උඹේ නංගි. හදවතේ පැත්තක් මට තර්ජනය කරන්න පටන් ගත්ත.

එහෙනම් ඇයි මට මතක දවසක් සීයා කියනව අයියා කැමති නම් ඔයා ලොකු උනහම කුශ් අයියව බඳින්න රෝස කියලා. ඇයි සීයා එහෙම කිව්වේ. මෙතන මම නොදන්න මොනවහරි දෙයක් තියෙනව.

ඒ කොහොම උනත් උඹ ඒ අයිතිය ගීත්නාට දීල ඉවරයි. දැන් පරක්කු වැඩියි. හිත කියනව.

සමීර.. මොනවද ඔතන ඉඳන් කල්පනා කරන්නෙ? යමු.

කාමරේට ගියපු ගමන් බෑග් දෙක ඇඳ ලඟ බිමින් තියල එයා ඇඳේ ඇලවුනා. මුනින් අතට හැරිල කකුලෙ දාං හිටපු සපත්තු දෙක කකුලෙන්ම ගලවල එක අතක් ගාල්ලෙයි අනිත් අත යාපනෙයි හිටින විදිහට ඇඳේ ඇලවෙලා හිටියෙ මම ඒ ලඟම හිටගෙන ඉද්දි.

ඔයා ඔතන හිටගෙන බලන් ඉන්නෙ නැතුව ගිහින් වොශ් එකක් දාගෙන එන්න කුශ් අයියෙ. එයා කිව්වෙ මගේ දිහා වත් බලන්නෙ නැතුව.

දැන් මෙතන කොල්ල මම ද එයාද කියල මට සාදාරණ සැකයක් එනව. මම මගේ ඇඳුම් ටික අරගෙන වොශ් රූම් එකට ගියා. ආයෙ එනකොටත් එයා අර විදිහටම නිදි. මේකි යකෝ.

ඩියාශි වොශ් දාන්නෙ නැද්ද?

හ්ම්හ්.. මට මහන්සි අප්පා. එයා කිව්වෙ ඇඳෙන් නැගිටල. ඒ උනාට යන්න ඕන. මට නින්ද අන්නෙ නෑ නැත්තම්.

ඊටපස්සෙ එයා නැගිටල කොණ්ඩෙ ලිහුව.

ඔය කොණ්ඩෙ ලිහන්න ඕන නෑනෙ. මම කිව්වෙ ඒ දිහා බලන් ඉඳල.

නැතුව කොහොමද මම නාන්නෙ?

නාන්න ? මේ රෑ?

ඔව්. මම මේ විදියට කොණ්ඩෙ හදාගත්තෙ හෙයා ස්ප්‍රේ බෝතලයක්ම ඔලුවෙ හලල. මට නිදාගන්නද කියන්නෙ ඒ පිටිං.

අහ්. දැන් ඔය කොණ්ඩෙ වේලෙයිද රෑ නෑවම. එයාගෙ කොණ්ඩෙ ගැන එයාටත් වඩා මට ප්‍රශ්ණ.

ඒකට තමා ඔයා ඉන්නෙ. එයා කිව්ව.

ඒ කිව්වෙ?

ගෙදර දි නම් මම රෑට නෑවම අම්මට කියල කොණ්ඩෙ පිහිදගන්නව. දැන් එයා නැහැනෙ. ඒ හින්ද ඒ ජොබ් එක ඔයාට භාරදෙනව. එහෙම කියල එයා වොශ් රූම් එකට ගියා.

පුදුම කෙල්ලක් තමයි. එයත් එක්ක ගෙවන ජීවිතේ හරි සරල වෙයි. ඒත් ඒ වාසනාවන්තය මම නෙවේ. මට දැනුනෙ කාටවත් එයාව දෙන්න බැරි තරම් ලෝබකමක්. එයා ඇත්තටම මගේ නංගිද? නැද්ද? දෙවියනේ මට පිස්සු හැදෙයි ඔය ගැනම හිතන්න ගියොත්. අපි දෙන්නා මේ ආපු ගමනත් එක අතකට වැරදියි කියල මට හිතෙනව. ඒත් එහෙම නෑවිත් මේවා හොයාගන්නෙ කොහොමද?මගේ අම්මටයි තාත්තටයි සාදාරණයක් වෙන්නෙ කොහොමද? සීයා මෙච්චර මහන්සි වෙලා හංගගත්තු රහස් නිකරුණේ වැලලිලා යන්න දෙන්න පුලුවන්ද? හරිහැටි දන්නෙ නැති සීයගෙ හතුරා කවුරු වෙන්න පුලුවන්ද ? ඒ ඩියාශිගෙ තාත්තා වෙන්න පුලුවන්ද? සීයගෙම පුතා එයාට මෙච්චර දේවල් කරයිද?

මම නාන්න යනකොටත් ඔයා හිටියෙ ඔහොම. එද්දිත් එහෙමයි? ඇයි කුශ් අයියෙ? මොකක්ද ප්‍රශ්නෙ?

ඔයා දන්නවනෙ ඉතිං මට තියෙන ප්‍රශ්නෙ.

ඒක විසඳගන්න නෙ අපි ආවෙ ඉතින්. එච්චර හිතන්න එපා. එයා කිව්වෙ ඇඳේ ඉඳගෙන.

ඔයාට බඩගිනිද? එයා ඇහුව. මේ හොටෙල් එකේ කෑම රසයි.

කොහොමද දන්නෙ ඔයා?

මම ඉතින් මෙහෙ ආවම හැම තැනම යනවනෙ. ඊටත් සීය ඉන්නකම් එයා එක්ක ගියා. ඩියාශි කිව්වෙ සුසුමක් හෙලල. එයාට සීයා මතක් වෙන්න ඇති. කොහොමත් මට වඩා කාලයක් එයා සීයත් එක්ක ගත කලානෙ.

අපි කොහොමහරි මේ ප්‍රශ්න වලට මුල හොයාගමු රෝස!!

ප්‍රශ්න වලට මුල හොයන්න දෙයක් නෑ කුශ් අයියෙ. සල්ලි තමයි මුල. ඒත් ඒව කරන්නෙ කවුද කියන එකයි හොයාගන්න ඕන. එයා අපිට ඒ කිව්වෙ සීයට ගොඩාක් ලඟ කෙනෙක් කියල මට හිතෙනව.

අපි කෑම රූම් එකට ගෙන්නගමු. ටිකක් වෙලා ඉඳල එයා ආයෙම කිව්වා. කොහොමත් දන්න කියන අය ඉන්න පුලුවන්. ඔයාව නම් දන්නෙ නෑ. ඒත් මාව දන්නවනෙ. මට ආයෙ පහලට යන්න වෙස්වලාගන්න බෑ.

ඔයාගෙ කැමැත්තක්. මේ ටුවර් එකේ ඔයානෙ බොස්. මම කිව්ව.

හරි දැන් අවශ්‍යතා ඔක්කොම සම්පූර්ණ යි. ගන්න බලන්න අර එඩ්‍රස් එක. අපි ගූගල් මැප් එකේ බලමු කොහෙද ඒක තියෙන්නේ මෙහේ ඉඳන් කොච්චර දුරද කියලා. ඩියාශි කිව්වෙ කෑම කාල ඉවරවෙලා.

හ්ම්.. සෑහෙන්න දුරක් තියෙනව. අපි උදෙන්ම යමු. දැන් නිදාගනිමු. එයා කිව්ව.

කොහෙද නිදාගන්නෙ? මම ඇහුව. ඇහුවට පස්සෙ තේරුණේ ඒක මෝඩ ප්‍රශ්නයක් කියල.

ඇඳේ.. එයා කිව්වෙ මගේ දිහා බලල.

නෑ මං කිව්වෙ මම කොහෙද නිදියන්නෙ.

ඔයා නිදියන්නෙත් ඇඳේ තමයි. ඇයි ඔයා ගෙදරදි නිදියන්නෙ බිම ද? නැත්තම් මේ ඇඳේ ඉඩ මදිද? මේ ඩබල් බෙඩ් එකක්නෙ. ඔයා රෑට රෝල් වෙවී යනවද?

හනේ ඉතිම් මේ කෙල්ලට තේරෙන්නෙ නෑනෙ මම අහන දේ. මට හිතුන. එහෙම අපි දෙන්නා එක ඇඳේ නිදාගන්න එක හරි නෑනෙ. මම කිව්ව.

ඇයි ඒක කොහෙහරි පොතක ලියල තියේද? ඔය ආදි කල්පික මානසිකත්වෙන් මිදෙන්න කුශ් අයියෙ.

එයා එහෙම කියල ඇඳෙන් බැහැල මගේ දිහාවට ආව. ඒ ඇස් මගේ ඇස් වල දැවටිලා තිබුනෙ මට ඉන් මිදෙන්න බැරි විදිහට. එයා මගේ ලඟටම ඇවිල්ල එයාගෙ දෑත් මගේ කම්මුල් මතින් තිබ්බ. දෙවියනේ!! මේ මොහොත ගත නොවී තියෙනවනම්.

මේ බලන්න කුශ් අයියෙ! මම ඔයාගෙ රෝස!! එයා කිව්වේ මගේ ඇස් වල පතුලටම එබිල. මේ මොහොතෙ මගේ හැඟීම් එයාට තේරෙන්නෙ නැති වෙන්න බැහැ. මට තේරෙනව ඔයාගෙ හිතේ තියෙන දේ. ඒ ප්‍රශ්නෙට මේ වෙලාවෙ මට උත්තරයක් නැහැ.

කාලය සමහරවිට අපිට විසඳුමක් දෙයි. එයා කිව්වා. මේ අපි දෙන්නා එකම ඇඳක් ශෙයා කරගන්න පලවෙනි අවස්ථාව නෙවේ. එකම වෙනස අපි දැන් ලොකුයි. ඒත් මම තාමත් ඒ රෝසමයි.

එතකොට ඔයා දැන් වෙනස් කෙනෙක් කියල හිතන්න මම ලෑස්ති නැහැ. මට ඔයත් එක්ක ගත කරන්න තිබ්බ කාලය ගොඩක් මගහැරුන. දැන් ඔයාව හොයාගත්තට පස්සෙ මට ඒ හැම මිනිත්තුවක්ම විඳින්න ඕන. ඔයා එයාගෙ වෙන්න ඉස්සෙල්ල.

රෝස!!! මම…..

ශ්.. ශ්.. මුකුත් කියන්න එපා. මම දන්නව. මම දන්නව දෙවියනේ!! එයා එහෙම කියල මාව තදින් වැලඳගත්ත. මට තේරුනා එයා අඬනව කියල.

නිදාගන්න කුශ් අයියෙ. එයා කිව්වෙ හදිසියෙම මාව අතෑරල.

මගේ පැත්තට හැරෙන්නැතුව එයා අනිත් පැත්ත හැරිල එයාගෙ පැත්තෙ තිබ්බ පහන නිව්ව. ඒ උරහිස් ගැස්සෙන විදිහට මට හිතුන එයා තාමත් අඬනව කියල. ඒ හිත සනසන්න ඕන මට. ඒත් බැහැ. මොනව කිය්න්නද? ඇයි දෙවියනේ එයාව මගේ සහෝදරියක් කලේ. ඇයි අපි මේ තරමට විඳවන්නෙ.

අඬ අඬම ඉඳල එයාට නින්ද ගිහිල්ල. මට නම් නිදිමත අහලකවත් නැහැ. නිදිමතේම එයා මගේ පැත්තට හැරුන. කෙස් රොදක් ඒ මූණට වැටිල මම ඒක කන අගින් රැඳෙව්ව. දිගටි ඇස් පියවිලා තිබුනමත් ලස්සනයි. එයා හරියට චිත්‍රයක් වගේ. තාරුණ්‍යයේ සීමා බිඳින්න හිත බල කරද්දි මම ඒ හිතට වැටකඩොලු දැම්මෙ සහෝදරකම මතක තියන්. කොහේහරි වැරැද්දක් තියෙනව. ඒ කොතනද?