32_වන_කොටස❄️💦
ඊටත් දින කීපයකට පසු සුදුසු වෙලාවක් බලා රන්ජන් භූමිගේ මල් තවානට ගොඩ වැදුනේ තම සිතේ ඇති යෝජනාව භුමිට දැනුම් දීමටයි…… ඔහු එහි යන විටත් භූමි හා තෙනුක මල් තවානේ මල් පැල වලට සාත්ත කරමින සිටියේය…….. මේ මල් කාලය නොවේ……. එනිසා මේ කාලය මල් පැල හොඳින් නඩත්තු කල යුතුය……..
අළුතින් දැමූ කාර්නේෂන් යාය සරුවට වැඩෙමින් තිබේ…….. අතු රිකිලි ඉවත් කර ඇති නානා විධ වර්ණවත් මල් පිපෙන රෝස ගස් හොඳින් නඩත්තු වෙමින් පවතී………..
” ආ……. භූමි පුතා……..
රන්ජන් දුටු භූමි කරමින් සිටි වැඩය නවත්වා ඔහු දෙසට හැරුනේ සිනාවකින් මුව සරසාගෙනයි……….
” මාමේ……
” ඊයෙ අමිමා බලන්න ගියා කියලා ආරංචියි
රන්ජන් අසල තිබෙන කොන්ක්‍රීට් බැම්මට හේත්තු වී ඇසුවේ කට කොණකින් සිනාසෙන භූමි දෙස විමසිල්ලෙන් බලමින්……..
” ගියා………
භූමි ඒ ගැන වැඩි යමක් කතා කිරීමට අකැමති බව එයින් වටහා ගත් රන්ජන් කතාව වෙන අතකට හැරවීය……..
” ආ……. අළුත් වර්ගයක් වගේ දාලා තියෙන්නේ….. කාර්නේෂන් වලට හොද මාකට් එකක් තියනවා භූමි…..
සරුවට වැඩුන පැල තවාන දෙස බලමින් ඔහු කීවේය…….
” ඉතින් භූමි පැල හද හදම ඉන්නද කල්පනාව……. ම්ම්ම්ම්ම්
භූමි එක එල්ලේම බැලූ බැල්මට රන්ජන් මදක් පසු බැස්සත් උත්සහය අත්හරිනන්ට සූදානම් නැත……
” මං ආවෙ අද පුතා එක්ක වැදගත් දෙයක් ගැන කතා කරන්න…….
භූමි පොහොර බකට් එක පැත්තකින් තියලා රන්ජන් දිහා බැලුවේ නලලත් රැලි කරගෙන……..
” මොකක්ද මාමේ කියන්න යන්නේ ඔය අමරුවෙන්….. කියලා දාන්නකො….
භූමි එක්ක ලේසි නැත කියන්නට ඇති දේ පොල්ලෙන් ගැසුවා සේ කියයි………
” අනික මං අහන්නත් හිටියේ……. ඔයාට මොකක් හරි අසනීපයක්ද මාමේ….. ඔයා පුදුම විදිහටනෙ කෙට්ටු වෙලා ඉන්නේ……..
” එහෙම නැ පුතා…… ඒ හැටි…….
රන්ජන් කැමතිම භූමිගේ ඔය ගතිගුණ වලටය…….. ඔහු තමා වටේට සිටින සියළුම දෙනාට ආදරණීයය…….
” භූමි………. මටත් දැන් මේ දෙවල් තනිවම බලා කියා ගන්න බෑ……. මේකයි……. මං කැමතී ඔයා තේජස්විව බැදලා මේ හැම දේපලක්ම පාලනය කරනවා නම් බලා ගන්නවා නම්… ඉදිරියට පවත්වාගෙන යනවා නම්….
භුමි ඔහුදෙසට හෙළුවේ සරදම් සිනාවකි…..
” ඒකට තේජස්විව බඳින්න ඕනි නෑනේ……. මං ඒවා බලාගන්නම්…..
ඉන් රන්ජන් බොහෝ අපහසුතාවයට පත් විය…. ඒ බව තේරුම් ගත් භූමි ඔහුගේ හිත හැදෙන්නට කතා කලේය…..
” මේකයි මාමා……. මං ඒ තරම් ඔයා හිතන තරම් හොඳ කෙනෙක් නෙවේ……. මගේ ජීවිතේ වැරදි ගොඩක්….. ඒ වැරදි වලට පව් වලට විපාක මගේ පස්සෙන් එනවා…… ලොකු නංගිට මට වඩා හොඳ කොල්ලෙක් හම්බ වෙයි…..
” පුතා……. දැන්මම ඕනෙ නෑ……. ටිකක් හිතලා බලලා කියන්න……….
රන්ජන් කීවේ කල්පනාබරවයි……. ඇත්තෙන්ම ඔහුට තේජස්විගෙන් නිදහස් වීමට අවශ්‍යය……. ඇය පිලිබඳ තියෙන කතාද එතරම්ම හොඳ නැත…… නමුත් ඇයවැනි යුවතියක් භූමිට හදාගත හැක ඒ බව ඔහුට විශ්වාසය…….
“හ්ම්මම්ම්ම් මං යන්නද පුතා……
වැඩත් හුඟක් තියනවානේ…… ඒ පැත්තේ එනවද…….
” මං එන්නම් ඒ පැත්තෙ…….
භූමි කිව්වේ ඔහු පිලිබඳ උපන් අනුකම්පාවෙනි……….
” හ්ම්ම්ම්ම්ම්ම්මම…… සමාවෙන්න මාමෙ…….. දැන් නම් මට කොහොමටවත් බෑ එයා ගැන හිතන්න….. මගේ මුළු හදවතේම ඉන්නේ එයා………..
භූමි සිතුවේ පිටව යන රන්ජන් සමරවික්‍රම දෙස බලාගෙනය……….
” ඒ මොනවා වුනත් මං ඒදෙන්නා ගැනත් බලන්න ඕනි…… මොකද ඒමගේම නංගිලා නිසා……..
භූමි තරයේ සිතාගත්තේය…………..
•°•°•°•°•°°°°°°°°°°°°°°°°•°•°•°•°•
හේෂර අම්මාගේ කාමරයට යන විට ඇය බෙහෙත් බීලා නිදාගන්නයි සූදානම…..
” ආ……..අම්මා නිදාගන්නද…….
ඇය මුව විදහා සිනාවක් පෑවාය……… එය ඇගේ මුහුනේ විරල සිනාවක්…… මේ සිනාවට හේතුව අයියාය………
” නෑ චූටි පුතා……… එන්න ඇවිත් වාඩ් වෙන්න…….
” බෙහෙත් බිව්වද අම්මා…….
හේෂර ඇසුවේ ඇය ඉදිරිපස අසුනේ වාඩි වෙමින්……..
” ඔව්…… දැන් නම් මට බෙහෙත් ඕනෙත් නැති වෙයි…….. ලොකූ ආවනේ…..
” එහෙම කියලා හරියන්නෑනේ……
” ම්ම්ම්ම්ම්… මොකද ආවේ මොනවා හරි කියන්න තියනවද
” එහෙම විශේෂ දෙයකුත් නෑ අම්මා…… නිකම් කතා කරන්න ආවේ……
නමුත් හේෂර ආවේ නිකම් ආගිය තොරතුරුකතා කරන්න නොවන වග මේ අම්මා ඉවෙන් මෙන් දැන සිටියාය…..
” අම්මා මං දෙයක් අහන්නද……….
” අහන්න……..
” අම්මා දන්නවද අයියා මෙහෙම ආවේ ඇයි කියලා
” එයාට මං ගැන අනුකම්පාවක් ඇති වෙලා වෙන්න ඇති නේද
හේෂර හිස දෙපසට හෙළුවේ නැත යැයි කීමටයි…………
” එහෙනම්……????
” තුහින්‍යා නිසා……….
” මොකක්ද…….??? තුහින්‍යා නිසා…..??
එසේ ඇසුවත් ඇය පුදුම වූයේ නැත…….
” අම්මා……. එදා සිද්ධිය මතකද……..
ඒ වෙලාවේ ඔයාව තියලා තුහී ගිහින් අයියට හොඳටම බැන්නා…… බැනලා බැනලා අස් වෙන්න ලියුමත් දුන්නා….. අයියා ඇහුවේ එයා කියපු දේ……
හේෂර තවත් ඒ සිදුවීම විස්තර කලේය………. නන්දිතා ඒවා අසා සිටියේ ඇස් යන්තමින් තෙත් වන විට……..
” දෙයියනේ තුහින්‍යා…….. ඒ තරම් දේවල් කරලද මං වෙනුවෙන්…….. මං……. මං හුඟක් ණයගැතී ඒ දරුවට…….
නන්දිතා කිව්වේ හද පතුලෙන්ම නැගි ආ හැඟුමින්………
” තුහින්‍යා පුදුම කෙනෙක් අම්මා…… ඇත්තටම එයාගේ කලින් හස්බන්ඩ් පුදුම අවාසනාවන්තයි
” ඒක නම් ඇත්ත………… ඒ දරුවා ලේසියකින් පවුලකට හම්බවෙන්නැති වටින දරුවෙක්……..
නන්දිතා කිව්වේ ලෝබකමින්……. නමුත් ඇයව තම ලේලියක් කර ගැනීමට නම් ඒ මොහොතේ තුන්සිතකින් වත් නොසිතුවාය……….
” තුහින්‍යා අපි එක්ක හිටියොත් අපේ බිස්නස් වගේම අයියගේ ජීවිතේත් හොඳ විදිහට හැදෙයි……
හේෂර මේ යමක් කියන්නට උත්සහ කරයි……… නමුත් නන්දිතා සිටින්නේ තම පුතුගේ ලංවීම පිලිබඳ සතුටින් ඉපිලෙමින්…… ඒනිසාම හේෂර පවසන දෙයෙහි නියම අරුත ඇය තේරුම් නොගත්තාය………..
හේෂරටත් ඊට වඩා දෙයක් කියන්නට නොහැකිය………… සමහර විට අම්මා මෙයට අකැමති වුවහොත් තමා එය කියූ වරදට අයියා තරහ වනු ඇත…… එබැවින් හේෂර යලිත් කිසිවක්ම නෙපැවසුවේය………….
💫💫💫💫💫💫💫💫💫
අද ඉරිදා දිනයකි……. භූමි කඳපොල පාරෙන් වාහනය හැරවුයේ දකුණු දෙසටයි……. ඔහුගේ නෙත් එක්වරම නැවතුනේ බස් නැවතුමේ සිටින තුහින්‍යා හා සෙහන්ස්‍යා ලඟයි……..
” මේ කොහේද අක්කයි නංගියි යන්නේ…….
භූමි තමාටම මුමුණ ගනිමින් වාහනය ඔවුන් අසල නැවැත්වීය……..
” කොහේද යන්නේ මං ගිහින් දාන්නම් නගින්න……..
භූමි වාහනයේ කවුළුව පහත් කර කියද්දි සෙහන්ස්යාගේ මුහුණ සිනාවකින් පිරී ගියේය…….. නමුත් තුහින්‍යා නම් සිටියේ කිසිඳු හැඟීමක් පල නොකරය්……
” මේ රකුස් ඇයි මේ අපේ පස්සෙම එන්නේ……
තුහින්‍යා සෙහන්ස්යගේ කණට කොඳුරා කිව්වාය…….
” පිස්සු කියන්නැතුව නැගපන්……
සෙහන්ස්‍යා ඇයවත් ඇදගෙන වාහනයට ගොඩ වූවාය…….
” කොහේටද යන්නේ හංසයා…..
” මේ පුස්තකාලයට අයියේ……
භූමිගේත් සෙහන්ස්යාගේත් කතා මැද මද දුරක් ගමන් කල ඔවුන් පුස්තකාලයට ආසන්නව සිටියහ…… ග්‍රෙගරි වැවේ විවෘත උද්‍යානයෙහි සිටින යුවල දැක භූමිගේ මුවින් නිකුත් වුනේ සුරුවම් හඬකි……..
” තුහි……….. යාළුවෙක් ඉන්නවා ඔය ග්ලාස් එක පහත් කරලා බලන්නකො……..
භූමි කියද්දි සෙහන්ස්යාත් තුහින්‍යාත් විමසිල්ලෙන් ඒ දෙස බැලූහ…….
” මේ…………. ජා………න්වී………….
පෙනේද මේකිගේ තියන හොර වැඩ…..
නිකමට කිව්වේ නෑ………
කරන්නම්කො හොඳ වැඩක්…….
තුහින්‍යා වාහනයෙන් බැස්සෙම එහෙම කියාගෙන……. භූමිත් අනෙක් පසින් බැස පැමිණ තුහින්‍යා අසලින් සිටගත්තේය……
” අද නම් පට්ට සීතලයි වගේ නේද……….
භූමි ගේ හඬින් ගැස්සී ආපසු හැරුණ ජාන්වී හා රජීව් බලා සිටියේ පුදුමයෙන් කරකියාගන්නට දෙයක් නැතුවය……..
” මොකෝ නිකම් යකෙක් ගහලා වාගේ බලන් ඉන්නේ ආ ජාන්……..
තුහින්‍යාත් භූමිට දෙවෙනි නැත………
” යකෝ දැන් උඹටයි මේකිටයි එකට ගමන් යන්න හොඳයි…… තෙනුකයාට දිල්රූ එක්ක ගමන් යන්න හොඳයි….. අපි දෙන්නත් එක්ක ගමනක් ගියාම ඇයි බං උඹලට ඔය තරම් රිදෙන්නේ……..
රජීව් කිව්වේ සිනාව සඟවාගනිම්න්…….
” අපි දැන් එහෙම කතාවක් කිව්වද නේද තුහී……… අපිටත් පට්ටම සතුටුයි…… කලින් කියලා තිබුනා නම් ඊටත් වඩා සතුටුයි…………..
භූමි කතා කරන විදිහ විශේෂිතය….. ඔහු බනින්නේ නැත……… නරක වචන කියා කෑ ගසන්නේද නැත…….. නමුත් කියන වචනය හදවතට වදින්නම කියයි…..
” හරි හරි ඉතින්……. මේකයි…… එහෙම කියන්න තරම් ලොකු දෙයක් නෑ තවම………
රජීව් කිව්වේ ආධුනිකයෙකු මෙනි……. ජාන්වී නම් කිසිවක්ම නොපැවසුවාය…..
” හරි එහෙනම් කරගෙන පලයල්ලකෝ…..
” භූමි උඹ කොහේ යන ගමන්ද
” මං මචං පොඩ්ඩක් රධිකගේ පැල තවානට යන්න……… අපිට අළුත් වැඩක් ඇවිත් තියනවා……. ඒකට මල් වගයක් මදි……… උදෙන්ම නොගියොත් ඌ අල්ලගන්න බෑ……. ඒකයි…….
මේ තුහී…… හන්සයා මං දැන් යන්නද……
” හා අයියේ……. පරෙස්සමින් යන්න….
සෙහන්ස්‍යා සිනාසී පැවසුවාය……..
” ඔය දෙන්නට පුස්තකාලයට යන්න පුළුවන්නේ……. තුහී……. මං යනවා…… රජීව් ජාන්වී නංගි මං යනවා…….
භූමි පිටව ගිය පසුසු තුහින්‍යාත් සෙහන්ස්යාත් ජාන්වීටත් රාජීව්ටත් බාධා නොකර නික්ම ගියේ ඔවුන්ට සුභපතමින්………..
🌙💫💫🌙💫💫🌙💫💫🌙
වැස්සක් නැති වුවත් සීතලෙහි අඩුවක් නැත……….. රාත්‍රිය ඝන අන්ධකාරය…….. කඳු හෙල් නිම්න සිසාරා වැලඳගත් අන්ධකාරය දෙසට නෙත් යොමාගෙන භූමි සිටින්නේ ලොකු කල්පනාවකය……..
” දැන් මොකද කරන්නේ……..
අර බූරුවා දැන් කොහොමත් තුහීට ඩිවෝර්ස් එක දෙන එකක් නෑ…….
මං කිව්වට ඒක අරගන්න විදිහ දන්නව කියලාමං කොහොමද එයාලා අතරට අතරමැදියෙක් වගේ යන්නේ…….. මොකද කරන්නේ………..
වේදේශ් කොහොම හරි මේ දේකරන තැනට පත් කරන්න ඕනි……..
කාටද මං මේක කියන්නේ…….
කාගෙන්ද මං මේකට උදව් ගන්නේ……
හිතාගන්න බෑ………….. නෙ…….හා…..රා.
ඒත් කැම්පස් අවුට් වුනාට පස්සේ මං එයාව දැකලා මුණ ගැහිලාම නෑ……
ඒ වැඩේ හරියන්නෙ නැති වෙන්නත් පුළුවන්…….. මොකද මං කරන්නේ……
ම්ම්ම්ම් ම්ම්ම්ම්
භූමි බොහෝ වේලාවක් කල්පනා කරමින් සිටියේය………..
” හරි……….. පත්තු වුනා………… අනිවා එයාට කතා කලොත් නම් වැඩේ කෙරෙයි………..
භූමි ප්‍රීතියෙන් ප්‍රමුදිතව දුරකතනය අතට ගත්තේය…………
ආදරණිය මතක් කිරීමක්…
🌷 තුහිනවරුසාවෙන් පසු ලියැවෙන #මාහදවීණාවේ… #සත්සරහඬාවැටේ මගේ නවතම නවකතාව දවසක් ඇර දවසක් වගේ නවකතා කියවන්නෝ සමූහයේ පල කරනවා…… ඒ කතාවත් කියවලා අදහස් කියාගෙන යන්න කියලා මගේ ආදරණිය සොයුරු සොයුරියන්ගෙන් ඉල්ලා සිටිනවා…….. 🌺🖤
❤️••••මතු සම්බන්ධයි••••❤️