“නැන්දෙ මොකක්ද එදා සිද්ද උනේ?නැන්දා කොහොමද දන්නෙ මනුලි මැඩම් අපේ කාමරේ කැමරා හයි කරන්න ආවෙ කියලා?…”
මාකට් එකට එළවළු ගේන්න යන අතරමගදි මං අනෝමා ඇන්ටිගෙන් එහෙම ඇහුවා. අවස්ථාවක් ලැබෙනකල් මං මග බල බලා හිටියෙ අනෝමා ඇන්ටිගෙන් මේ ගැන අහන්න.මගෙ හිතට සැකයක් දැනුනා අනෝමා ඇන්ටි අපි ගැන ඇත්ත දන්නවද කියලා.
“මැඩම් මට කිව්වා දුවේ ඒ කැමරාව ඔයාලාගෙ කාමරේ හයි කරන්න ඕනි කියලා. ඒකෙන් ඔයයි ප්‍රදීප් පුතයි කතා කරන දේවල් ඇහෙනවලු.මොන විලි ලැජ්ජ නැති වැඩක්ද අනුන්ගෙ කාමර වල කැමරා හයි කරන එක…”
ඒ කියන්නෙ එතකොටා අනෝමා ඇන්ටි දන්නැද්ද ආරණ්‍යා අපේ දුව කියලා.දැනගෙන මෙයා සද්දෙ නැතුව ඉන්නවද?හැබැයි මොනවා උනත් අනෝමා ඇන්ටි කරපු දේ නම් ගොඩක් හොඳයි.නැත්නම් මේ වෙද්දි මාලක අපිට මොනවා කරලා තියෙයිද කියන්න බෑ.
එදා මනුලි මැඩම් අපේ කාමරේ කැමරාව හයි කරලා එලියට බහිද්දි අනෝමා ඇන්ටි හතරට පහට නවපු කොල කෑල්ලක් මගෙ අතට හොරෙන් වගේ දුන්නා.එයාලා ගියාට පස්සෙ මං ශේප් එකේ ඒක කියවද්දි ඒකෙ තිබුනෙ
දුවේ මැඩම් ඔයාලගෙ කාමරේ ඇඳේ කැමරාවක් හයි කරා.ඒකෙන් ඔයාලා කරන දේවල් පේන්නෑ.ඒත් ඔයාලා කතා කරන දේවල් එයාට ඇහෙනවා.ඒ නිසා පරිස්සමෙන්.
“දුව බේබිගෙ ඇත්තම අම්මා නේද?…”
ටිකක් වෙලා යද්දි අනෝමා ඇන්ටි අහපු දෙයින් මගෙ ඇඟ සීතල වෙලා ගියා. එහෙනම් අනෝමා ඇන්ටි හැම දෙයක්ම දන්නවා.එයා ඒ ගැන මනුලි මැඩම්ටයි මාලකටයි කියයිද.එහෙම උනොත් එහෙම අපිට කවදාවත් අපේ දුවව අපි ගාවට ගන්න වෙන්නෑ.තේනුක මහත්තයා මට කවදාවත් සමාවක් දෙන එකක් නෑ.
“නැන්දා….. කොහොමද… ඒක…. දන්නෙ?…”
“මට ඒක නිකමට වගේ හිතුනා දුව.ඒක බොරු නෙවෙයිනෙ.අනික මැඩම් දුවගෙ ඇත්තම අම්මා නෙවෙයි කියලා මං දන්නවා. මං ඔය ගෙදර වැඩට ආවෙ ඇමතිතුමාගෙ තාත්තා තරුණ කාලෙදිමයි.එතකොට ඇමතිතුමා ඉපදිලාවත් නෑ.ඔය පව්ලෙ සිද්ද වෙන ගොඩක් දේවල් මං හොඳට දන්නවා…”
“එයාලා මගෙ දුවව හොරකම් කරගෙන අරන් ආවෙ නැන්දෙ…”
“මං ඒක දන්නවා දුව.මහ හිතක් ප/පු/ව/ක් නැති මිනිස්සු.තාත්තටයි පුතාටයි මාලතී මැඩම් නම් හොඳටම කෑ ගැහුවා කරපු දේට…”
“කව්ද නැන්දෙ මාලතී මැඩම් කියන්නෙ?…”
“ඇමතිතුමාගෙ අම්මා.ඔය තාත්තයි පුතයි වගේ නෙවෙයි.ඒ නෝනා හරිම හොඳ රත්තරං ගතිගුණ තියන කෙනෙක්. අවාසනාවකට අර ඇක්සිඩන්ට් එකෙන් එයත් යන්න ගියා…”
මගෙ අම්මත් ඒ වගේ හොඳ කෙනෙක් උනා නම් අද මගේ දුව මගේ උණුහුමේම ජීවත් වෙනවනෙ.මං හරිම අවාසනාවන්තයි.මගෙ දුවත් මට අහිමි උනා.මගෙ සැමියත් මට වෛ/ර කරනවා.මගෙන් කාටවත් කිසිම සැනසීමක් නැහැ.
“එයාලට දරුවො නැහැ කියලා මං ප/ලි/ද නැන්දෙ.දරුවෙක් අරන් හදාගන්න ඕනි නම් එයාලට තිබුනා නීත්‍යානුකූලව ඒක කරන්න. ඇයි එයාලා මගෙ දරුවව මගෙන් හොරකම් කරේ?…”
“ඕක එදා මාලතී නෝනත් කිව්වා දුවේ.ඒත් එහෙම කරොත් මනුලි මැඩම් ව/ඳ/යි කියලා හැමෝම දැනගන්නවනෙ.ඒ දෙන්නා ගාව ඉන්නෙ අනුන්ගෙ දරුවෙක් නිසා ඒක ඇමතිතුමාගෙ දේශපාලන ගමනට ප්‍රශ්නයක් වෙන නිසාලු ඔහොම දරුවෙක් හොරකම් කරේ.මනුලි මැඩම්ට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා පෙන්නන්න ඒ දවස් වල එයා බඩට කොට්ටෙකුත් බැඳගෙනයි හිටියෙ.මොනවා කරත් එක අම්මා කෙනෙකුගෙ හිතට ගි/නි දීලා මේ කරපු දේ නම් උන්ට සා/ප වෙනවා…”
“මේ දේවල් වලට මුල්ම වැරදිකාරයා අපේ අම්මා නැන්දෙ.එයා තමයි මගෙ දුවව ඇමතිට දුන්නෙ.දුන්නා නෙවෙයි ලක්ෂ පනහකට විකිණුවා…”
අනෝමා නැන්දා කම්මුලේ අත තියාගත්තා අපේ අම්මා කරපු දේ කියද්දි.කිසිම කෙනෙක් ලේසියෙන් විශ්වාස කරන්නෑ අම්මා කෙනෙක් ඒ වගේ දෙයක් කරා කිව්වම.
“අනේ දෙයියනේ ඒ මොන අපරාද වැඩක්ද?උ/න් දරුවව අරන් යද්දි දුව හිටියෙ කොහෙද?…”
“එදා මං දුවව නාවලා කිරි දීලා නිදි කරවලා කාමරෙන් එලියට එද්දි අම්මා කාටදෝ මන්දා මිදුලෙ ඉඳන් ෆෝන් එකෙන් කෝල් කරලා කලබලෙන් වගේ ගේ ඇතුලට ආවා.මට ටිකක් සැක හිතුනා.ඊට පස්සෙ අම්මා මට කාමරේට කතා කරලා දුව ගාවින් ඉන්න කියලා අම්මා එහා කාමරේට ගියා.
මං හිටියෙ අනික් පැත්ත හැරිලා නිදාගෙන ඉන්න දුව දිහා බලාගෙන.ආපහු මං අනික් පැත්ත බලද්දිම අම්මා එකපාරටම කාමරේට පැනගෙන ඇවිත් ලේන්සුවක් මගෙ නහයට තියලා තද කරා. මට සිහිය එද්දි උ/න් අම්මට ලක්ෂ පනහක් දීලා මගෙ දුවව අරන් ගිහින්.එදා මං පාරක් පාරක් ගානෙ පි/ස්/සි/ය/ක් වගේ අඬ අඬා ගිහින් මගෙ දරුවව හෙව්වෙ…”
“දුවගෙ අම්මා සේනක ඇමතිතුමාව අඳුරන්නෙ කොහොමද?…”
“ඒක නම් මං දන්නෑ නැන්දෙ.අපේ අම්මා මහ අමුතු කෙනෙක්.එයා කරපු රස්සාව………. මට ඒක කියන්නත් ලැජ්ජයි.ඒ වගේ අය ගාවට ඔය ලොකු ලොකු ඇමතිවරු සල්ලිකාරයො එහෙම යනවනෙ…”
“දුවලගෙ ගෙවල් කොහෙද තියෙන්නෙ?…”
“අපි ජීවත් උනේ මුඩුක්කු වත්තෙ.තේනුක මහත්තයා මාව කසාද බැඳලා අලුත් ගෙදරකට එක්කන් ආවා.අම්මත් ආවා අපිත් එක්ක පදිංචි වෙන්න…”
“දුවගෙ… අම්මගෙ නම මොකක්ද?…”
අනෝමා චේතනාගෙන් එහෙම ඇහුවෙ මදක් පුදුමයෙන් වගේ.ඇගේ හිතට මොකක්දෝ අමුත්තක් දැනුනා චේතනා ගැන.
“අපේ අම්මගෙ නම ප්‍රේමා.මුඩුක්කු වත්තෙ ප්‍රේමා කිව්වම ගොඩක් අය අම්මව දන්නවා…”
හත් දෙයියනේ…. එතකොට මේ ඉන්නෙ මුඩුක්කු වත්තෙ ප්‍රේමාගෙ දුවද?
“ඇයි නැන්දෙ?ඔයා අපේ අම්මව දන්නවද?…”
අනෝමා නිශ්ෂබ්ද බව නිසා චේතනා එහෙම ඇහුවා.
“මං…. දුවගෙ අම්මව දැකලා නම් නෑ…. ඒත් නම ටිකක් අහලා පුරුදුයි වගේ…”
අනෝමා කිව්වෙ බොරුවක් කියලා චේතනාට හිතුනෙ නැහැ.ඇය අනෝමා කියපු දේ විශ්වාස කරා.කතාවෙන් කතාවෙන් දෙන්නා පයින්ම ගෙදරට ආවා.චේතනා ඇය ගෙනාපු එළවළු ටික කාමරෙන් තියලා අනික් බඩු මල්ල අනෝමාට ගිහින් දුන්නා.
“සමාධි මං පොඩි ගමනක් යනවා.එන්න ටිකක් රෑ වෙයි.ඇමතිතුමා හවස ගෙදර එයි. එයාට රසට ඩිනර් එක හදලා දෙන්න හොඳේ…”
“හා මැඩම්…”
අත් කොට දිලිසෙන ගව්මක් ඇඳගෙන උස අඩි තියන සපත්තු දෙකක් දාගෙන ඇඟ පුරාම සෙන්ට් හලාගෙන මනුලි මැඩම් කොහෙදෝ යන්න ලෑස්ති වෙලා ආවා මනුලි මැඩම් එන්න කලින් ඇගේ සුවඳ සාලෙ පුරාම පැතිරුනා.
ඇමතිතුමා හවස හයට විතර ගෙදර ආවා. හැබැයි තේනුක මහත්තයා ආවෙ නැහැ.මං කාමරේ පැත්තට ගිහින් බැලුවත් එයා හිටියෙ නැහැ.ඇමතිගෙන් අහන්නත් මොකක්ද වගේ තේනුක මහත්තයා කෝ කියලා.
මං ශේප් එකේ කුස්සිය පැත්තෙන් මිදුලට බැහැලා තේනුක මහත්තයට කෝල් එකක් අරගෙන බැලුවා.ඇමතිතුමාගෙ වැඩකට එයා හදිස්සියෙම ජාඇල ගියාලු.එද්දි එකොළහ විතර වෙයි කිව්වා.
“දුව යන්න එපා.කෝ දෙන්න මං මේක ගිහින් දෙන්නම්…”
මං ඇමතිතුමාට කූල් ඩ්‍රින්ක් එක හදලා ට්‍රේ එක උඩ තියද්දි අනෝමා නැන්දා ළඟට ආවා. මං කොහොමත් අනෝමා නැන්දට මේක අරන් යන්න කියලා කියන්නයි හැදුවෙ.
“මං කොහොමත් මේක නැන්දට මේක අරන් කියන්නයි හැදුවෙ…”
“ඒක හොඳයි.කෝකටත් එයා ගෙදර ඉන්න වෙලාවට දුව ප්‍රවේශමෙන් ඉන්න එක හොඳයි.ඔය වගේ උන්ව සත පහකට විශ්වාස කරන්න හොඳ නෑ…”
අනෝමා එහෙම කියලා ට්‍රේ එක අරන් මාලකගෙ කාමරේට ගියා.මාලක බලන් හිටියෙ චේතනා එයි කියලා.අනෝමාව දකිද්දි ඔහුගෙ බලාපොරොත්තු සුන් උනා.
“කෝ අනෝමා සමාධි?…”
“පල්ලෙහා ඉන්නවා සර්…”
අනෝමා කිසිම වෙනසක් නොපෙන්වා උත්තර දුන්නා.
“පොඩ්ඩක් එන්න කියන්න…”
“ඒ ඇයි සර්?…”
අනෝමාට බය හිතුනා මාලක චේතනාට එන්න කියද්දි.
“අනෝමාට මොකටද ඒකෙ වගක්?ප්‍රශ්න අහන්න නෙවෙයි මං කියපු දේ කරන්න…”
මාලක ටිකක් තදින් කතා කරා.අනෝමාට කරකියාගන්න දෙයක් නැතුව එකපාරටම හිතට ආපු දේ කිව්වා.
“සමාධිට කෙලීට ඔලුව කැක්කුමයි කිය කියා හිටියා සර්.උණ හැදෙන්නද මන්දා…”
මාලට සමච්චලේට වගේ කන කොනකින් හිනා උනේ අනෝමා කිව්වෙ බොරු කියලා තේරුනු නිසයි.
“නිකන් බොරු එපා අනෝමා.මං කව්ද කියලා අමතක උනාද තමුන්ටයි එයාටයි?මං කියපු දේ විතරක් කරනවා.ගිහින් එන්න කියනවා එයාට…”
මාලක හයියෙන් කෑ ගහද්දි අනෝමා ට්‍රේ එකත් අරන් පල්ලෙහාට යන්න හැරුනෙ හිත බයෙන් ගැහෙද්දියි.
“පොඩ්ඩක් ඔහොම ඉන්නවා…”
“ඇයි සර්?…”
“සමාධිට එන්න කියලා ත මු න් ගිහිල්ලා පල්ලෙහා තණකොළ ටික පොකුණ සුද්ද කරලා දානවා…”
“හා සර්…”
අනෝමා ඉක්මනින් කුස්සියට ආවා.ඇගේ ඉක්මන් බව චේතනාගෙ හිතට ගෙනාවෙ අමුත්තක්.
“ඇයි නැන්දෙ?…”
“දුවේ ඔයාට ඇමතිතුමා කතා කරනවා…”
“ඒ මොකටද?…”
“මං ඇහුවා.කිව්වෙ නෑ…”
“අනේ මට නම් බයයි නැන්දෙ.එදත් එයා මට කරදර කරන්න හැදුවා.බොහොම අමාරුවෙන් බේරිලා දිව්වෙ…”
“මට දුවට එයාගෙ කාමරේට යන්න කියන්න බැහැ.එයා මොනවගේ කෙනෙක්ද කියලා දන්න නිසා.එපා කියන්නත් බැහැ. නොගියොත් දුවටයි පුතාටයි රස්සාවෙන් එලියට දායි.එහෙම උනොත් දරුවා?…”
“මං ඇමතිතුමාගෙ කාමරේට යන්නම් නැන්දෙ.නැන්දා පොඩ්ඩක් දොර කිට්ටුවට වෙලා ඉන්නකො.ප්‍රශ්නයක් උනොත් මං කෑ ගහන්නම්…”
“හා දුවේ.එහෙනම් යන්න…”
චේතනා බියෙන් වගේ සෙමින් අඩි තබමින් පඩිපෙළ නැගලා මාලකගෙ කාමරේ දොර ළඟට ගියා.ඇය පිටුපස හැරිලා බලද්දි අනෝමා පඩිපෙළ ළඟ ඉන්නවා.
චේතනා මාලකගෙ කාමරේ දොරට තට්ටු කරා.
“කව්ද?…”
“සර්…. මං…”
“එන්න.දොර ඇරලා තියෙන්නෙ…”
චේතනා වෙව්ලමින් වගේ දොර ඇරගෙන මාලකගෙ කාමරේට ඇතුල් වෙනවාත් එක්කම කාමරේ ඇතුලෙ හිටපු මාලක දඩාස් ගාලා දොර වහලා ලොක් කරලා දැම්මා.
“සර්…. ඇයි… දොර…. ලොක්…. කරේ?…. අනේ දොර….. අරින්න….. මට බයයි…”
චේතනා බියවී දොර අරින්න හදද්දි මාලක ඇයව අල්ලා බිත්තියට හේත්තු කරගත්තා.
මතු සම්බන්දයි.
ඊළඟ කොටසින් සප්‍රයිස් එකක්…..
ඊළඟ කොටස අදම ඕනි නම් (ලයික් 3K) දෙන්න ඉක්මනට.ගොඩක් ස්තූතුයි හැමෝටම