මලක්දෝ නුඹ අරලියා 🌸🌿

_ 🌷🌿දහනව වෙනි කොටස🌿🌷_

වන්දනා සමගින් පැමිණ වාහනයෙන් බසින විට රන්දයට ඇමතුමක් පැමිණියෙන් ඔහු පමාවීය……… ගත්තේ සුලක්ඛණා මැණිකේයි………..

🌿 ලොකූ…… හෙට වැඩක් දාගන්න එපා හරිද………..

❤️ ඇයි මොකද මං කොහොමත් හෙට වැඩ අමුතුවෙන් දාගන්න දෙයක් නෑ……..

අම්මා මේ එන්න හදන්නේ හොඳ පොටකට නෙවේ කියලා දන්න නිසාම රන්දය කිව්වේ ටිකක් තදින්…….. වන්දනා ගැස්සුනා ඒ නපුරුකමට……….

🌿 ලොකූ……. මොකද යකෙක් වැහිලද…… හෙට එන්නම ඕනි අපිට වැදගත් ගමනක් යන්න තියනවා…..

❤️ ඔයා මේ කියන කියන වෙලාවට ගෙදර ඉන්න මං වැඩ කරන්නේ සපත්තු හදන තැනක නෙවේ අම්මා හරි

🌿 ඒවා මං දන්නෙ නෑ……. හෙට තමුන් එන්න ඕනි යන්න ඇමතිතුමාගෙන් අප්පච්චිට ආරාධනාවක් තියනවා ඩිනර් එකට………………..

❤️ බලන්නම්… තියන්නම්…..

🌿 අපි යන්නෙ මනමාලියක් බලන්නත් එක්ක හරිද………..

රන්දය කෝපයෙන්ම ඇමතුම විසන්ධි කරලා කාමරේට ගියේ වන්දනා දිහාවත් බලන්නැතුව…………..

🌹🌹 අපොයි මොකක්ද ඒ වුනේ……. අම්මා කතා කලේ කෙල්ලක් බලන්න යන්න වගේ……….. ඒත්…………………

වන්දනට නොතේරෙන මොකක්ද වේදනාවක් හදවතට දැනෙමින් තිබුනා………

🌹🌹මට පිස්සු හැදිලද……. මෙච්චර දුක් වෙන්නෙ මෙයාට කෙල්ලක් බලන්න යනවා කියලා හිතද්දි………

වන්දනා කල්පනාබරව ගිහින් බෑග් එකත් පැත්තකින් තියද්දි සුමනා අත්තම්මා ආවා…………

🍃 සුදු මැණිකෙ පමා වෙච්ච හින්දා පපුව ගැහි ගැහී හිටියේ………

🌹මං රන්දය එක්ක ආවේ අත්තම්මා…. වාහනේ නැති හින්දා මං හවසටත් එයාට එන්න කිව්වා………..

🍃 ඒක හොඳයි…… වාහනේ හදන්න කෙනෙක් ආවා……….

🌹 ඈ……. මං කාටවත් කිව්වේ නැහැනේ……. හදන්න එන්න කියලා………

🍃 රන්දය මහත්තයා තමා එවලා තියෙන්නේ………….. හ්ම්ම්…… සුදු මැණිකේ නාගෙන එන්නකෝ පහලට මං ආප්ප හැදුවා………..

සුමනා අත්තම්මා ගියාට පස්සෙ කෙල්ල නානකාමරයට ගිහින් හොදට නාගෙන දම්පාට මල් මල් ගවුමත් ඇඳගෙන පහලට එනකොට රන්දය TV එක බලනවා………… කෙල්ල ගිහින් රන්දයට එහා පැත්තෙන් වාඩි වුනා………

🌹 Thank u රන්දේ්…………..

කෙල්ල හෙමින් සැරේ කියද්දි රන්දය හැරිලා බැලුවේ ඇත්තටම කෙල්ල කතා කරනකම්ම ඇය ලඟට ආ බවක් ඔහුට දැනුනේ නැති හින්දා………….

❤️ ඒ මොකටද………

🌹 වාහනේ හදන්න කෙනෙක් ගෙන්නලා දුන්න එකට…………

❤️ ආ….ඒකද….. සුළු දෙයක්……..

රන්දය අද වැඩි කතාවක් නැත……….. වෙනදා ඇති දඟකාර කටකාරකම නැතිවත් කෙල්ලට පාළුය……….

🌹 මොකක් හරි ප්‍රශ්ණයක්ද…….

❤️ම්ම්ම්ම්හු… නෑ…………

🌹 නැත්තේ මොකද කෙල්ල තරහා වෙලාද……….

❤️මගේ යකා අවුස්සගන්න එපා වන්දනා……….

රන්දයගේ උස් හඬට වන්දනා සිටි තැනින් නැගිට්ටුනා………… කෙල්ල බය වෙච්ච පාර උඩට යන්නයි ආපහු හැරුනේ……. ඒත් කෙල්ලගේ අතක් තදින් අල්ලගත්ත රන්දය ඇයව නැවතත් අසුනේ වාඩි කෙරෙව්වා……….

❤️ I am so sorry වන්දනා………. මාත් මහ පිස්සෙක්………….

වන්දනා කිසිත් නොකියා ආයෙම නැගිට්ටේ යන්න……. මෙතන ඉන්න බෑ කියලා හිතුනා……. ඇත්තම කියනවා නම් වන්දනාට හොඳටම දුක හිතිලයි තිබුනේ ඒ පුංචි සැර කිරිල්ලට……… ඇයත් සමගම රන්දයත් නැගිට්ටා………..

❤️ වන්දනා………කාලා යන්න…… please මගේ මෝඩ වැඩ නිසා ඔයා නොකා ඉන්න එපා…… එනවා යන්න…….

දෙන්නම කෑම මේසෙට ගිහින් කෑවත් එක වචනයක් වත් කතා කලේ නම් නෑ……………. රන්දය කාමරයට ගියේ හිතේ සැනසීම සම්පූර්ණයෙන්ම අහිමි කරගෙන……… ඇඳේ වැතිරිලත් ඔහු කල්පනා කලේ වන්දනා ගැන……… හිතාගන්න බැරි හැගීමක්…….. රන්දයට කවදාවත් කෙල්ලක් ගැන මෙහෙම හුරුපුරුදු බවක දැනිලා නෑ………..

❤️❤️ කවුද වන්දනා…… ඔයා…… මට හිතෙන්නෙම ඔයා මගෙ කියලා….. මට අයිති කෙනෙක් කියලා….. අනේ මන්දා….. මගේ හිත නම් ඔයාට නොසැහෙන්න ආදරය කරනවා…….. පිස්සුවෙන් වගේ මං ඔයා ගැනම හිතනවා……….. හෙට අම්මා එන්න කියන්නෙත් කවුරුහරි සක්කරවට්ටමක් බලන්න වෙන්න ඇති….. ඒත් මගේ හිතේ ඉන්න කෙනා හම්බවෙලා ඉවරයි…….. ඒ ඔයා වන්දනා….. ඒ ඔයා………. මට ඒක ඔයාට කියන්නම ඕනෑ…………… ඒක මං අනිවාර්යෙන්ම හෙට කියනවා………..

රන්දයට නින්ද ගියේ මැදියමත් පහු වෙලා…………. උදේ ලෑස්ති වෙලා රන්දය වන්දනාගේ කාමරයට ගිහින් තට්ටු කලේ හැම දෙයක්ම කියන්න හිතාගෙන…….. ඒත් කිසිම ප්‍රතිචාරයක් නම් තිබුනේ නෑ…… රන්දය දොරට අත තියද්දිම දොර ඇරුනා…………..

🍃 රන්දේ මහත්තයා සුදු මැණිකේ උදේම ගියානේ……………

❤️ එහෙමද………මාර හොල්මනක්නේ මෙයා…… මං ඉන්නවා මේකි එනකම්….. හරි හරි මං එන්නම් පහලට ඔයා කෑම ගේන්න…………

එහෙම කිව්වට රන්දය පහලට නොගිහින් ඇගේ කාමරයට ගියා………….. කාමරය පිළිවෙලයි….. ලස්සනයි……….. ඇඳ හදලා තියනවා එක රැල්ලක්වත් නැති වෙන්න……… අතට අහුවෙන තැනක කිසිම දෙයක් නෑ……….. කොල්ලා ආපහු යන්න හදනකොටම කෙල්ලගේ කොට්ටේ අස්සේ තියන දිනපොත දැක්කා…………..

❤️❤️ අනුන්ගේ දින පොත් බලන එක නම් හොඳ දෙයක් නෙවේ රන්දය……….. ඒත් ඉතින් මං ගැනවත් මේකෙ තිබුනොත්………

රන්දය එක පිටුවක් පෙරලුවා…….. ඒත් විශේෂ යමක් තිබුනේ නෑ……….. ඔහු උඩින් පල්ලෙන් කියවගෙන කියනගෙන ගියා……. හුඟක් තිබුනේ hospital එකේ memories වගේම ඇය කරපු operation ගැන………ඔහු ආයෙත් ආපස්සට පොත පෙරලුවා…….. අහම්බෙන් එක තැනක ඔහුගේ ඇස් නැවතුනා……….

2019.07.02

අන්තිමේ අවුරුදු විස්සකට පස්සේ මට ඒ මනුස්සයා හම්බවුනා අම්මේ……….

එහි ඊට වඩා දෙයක් තිබුනේ නැත…….. රන්දය යනු CID OFFICER කෙනෙක් ඔහුටම ආවේණික ඉවක් තිබුනා ඔහු සතුව………. තවත් කොල කීපයක් ඔහු ඉදිරියට පෙරලුවා……..

2019.07.03

අයියව හම්බවුනා අම්මේ…… මගේ අයියා…. දුකම දුක හිතුනා මට…… ඒත් පස්සේ එයා ගැන මට සතුටකුත් ආඩම්බරයකුත් ඇති වුනා……… මං සල්මල් ආරාමයේ උගන්නන්න යනවා… මට එයාව හම්බ වෙන්න පුළුවන් කාටවත් සැකයක් හිතන්නැතුව……..

රන්දයගේ දෑස් විසල් විය…………. ඔහුට අදහාගත නොහැකි වූයේ දැනටමත් ඔහු ඇය කවුද කියා හඳුනාගෙන සිටි නිසාය…….. හදවත හාරාගෙන එන වේදනාවෙන් පපුව අල්ලාගෙන ඔහු එතැනම තිබූ පුටුවට වැටුනේය……….

❤️❤️ අරලියා………….. චූටි නංගි…….මේ ඔයා නේද……. දෙවියනේ…… ඇයි මං ඔයා ඇදිරුවේ නැත්තේ….. නෑහ්.. නැ නැ.. මං ඔයාව ඇදිනුවා….. මට තේරුනා ඔයා මට හුඟක් හුරුයි කියලා……… එ..එත..කො…ට ඔයත්…… මේ කේස් එක හොයනවද………… මට හිතාගන්න බෑ….. ඒ වගේම මට හුඟක්ම සතුටුයි……. ඔයා මගේම තමයි….. මගේමයි……. මටමයි අයිති…… මොකද මගේ නෑනානේ….. අයිති මට………… මං ඇත්ත නැත්ත දැනගන්නම් අනුරුද්ධ පොඩිහාමුදුරුවන්ගෙන්ම…………..

කොල්ලා දෑස් පොඩි කරමින් දුවගෙන ගිහින් වාහනයට නැගුනේ කන්නෙවත් නැතුව…………. ඔහු එහෙමම ප්‍රධාන පාරට දාලා වේගයෙන් ගියේ සල්මල් ආරාමයට…………. සල්මල් ආරාමයට ඇතුළු වෙන තැනම ඇගේ වාහනය තිබෙනු ඔහු දුටුවා………..

❤️ එහෙනම් ඔයා මෙතන ඉන්නවා චූටි……බලමුකෝ අයියයි නංගියි අද කොහොමද මගෙන් හංගන්නෙ කියලා….. දෙන්නටම මං කරන්නම්කෝ හොඳ වැඩක්………

රන්දය වේගයෙන් ආවාස ගෙය දිහාට යන විට දෙන්නා ඉන්නවා බෝමළුව ලඟ ඇවිදමින්……. රන්දයත් එතැනට ගියා……..

❤️ ආ……..දෙන්නටම Good morning…..

රන්දය එහෙම කියන ගමන් පහත් වෙලා අනුරුද්ධ පොඩිහාමුදුරුවන්ට වැන්දා………

❤️ මෙයත් මෙහෙනේ…… කියන්නෙවත් නැතුව ඇවිත්………….

🌹 ආ……මේ…ඔව්…..මං ටිකක් කලින් ආවා………

❤️ ඉතින් මොනවද අලුත් තොරතුරැ පොඩිහාමුදුරුවනේ………

🌼 කියන්න තරම් ලොකු දෙයක් නෑ………

❤️ මං නම් හිතන්නේ හුඟක් ලොකු දෙයක් තියනවා ඔබවහන්සේට මට කියන්න……. එහෙම නේද චූටි නංගි……

වන්දනාගේ වටකුරු බෝල ඇස්දෙක ලොකුවුනා……… අනපේක්ෂිතව රන්දයගේ මුවින් චූටි නංගි යැයි අමතන විට එය ඇසුනේ අතීතයෙන් ඇසුන හඬක් වගේ………. වන්දනා වේගයෙන් ඇසි පිය සැළුවේ ඇගේ දෑස් තෙත් වුන නිසා….. වන්දනාත් හඳුනගත්තා ඔහුව…. චූටි නංගි කියා මෙතරම් ආදරයෙන් කතා කල එක්කෙනයි මේ ජීවිතයේ හිටියේ ඒ ඇගේ සුදු අයියා හැබැයි පුංචි කාලේ ඔහුව දන්නේ නිර්වාන් කියලා…………. ඒ හින්දයි කෙල්ලට රන්දය කියද්දි වැඩියේ ගානක් ගියේ නැත්තේ………….

🌹 සු….සුදුඅයි…යා………………………😭

❤️ ඔව් සුදු අයියා තමා………. පොඩිහාමුදුරුවනේ ඔබ වහන්සේත් හරිම නරකයි හොදේ……… මට කිව්වෙ වත් නෑ…….. ඒ මදිවට මෙයත් බයක් නැතුව ගිහින් රහස්පරීක්ෂක වැඩේට………… මේ අහනවා……… උන් එක්ක කෙල්ලෙකුට හැප්පෙන්න බෑ……….

🌼 රන්දේ දැන් සන්සුන් වෙන්නකෝ…..

❤️ සන්සුන් නෙවේ………. තව ටික කාලයක් ගියා නම් සුන් වෙන්න වෙන්නේ…….

🌹 පොඩි හාමුදුරුවනේ මෙයා තවමත් මෙහෙමද………….

❤️ ඔව් ඇයි….. යමුකෝ…… මං ඔයා ගැන බලාගන්නම්…………….

🌼 දැන් ඔය රණ්ඩුව නවත්තලා මේ ටික බලන්නකෝ රන්දේ………….

රන්දයගේ දෑස් විමතියෙන් පිරී ගියේ එය දුටු විටයි…….

❤️ ක්…….. කොහෙන්ද…. මේක…… මාත් මේක කොච්චර හෙව්වද……..

🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹

෴ මතු සබැඳියි ෴