31 වන_කොටස❄️💦
” පලයන් වේදේශ් මං නැත්තම් උඹව මෙතනම ඉවරයක් කරනවා……. උඹේ දික්කසාදය උඹම තියාගනින්……. මං දන්නවා ඒක අරගන්න හැටි…….
භූමි තවත් අඩියක් ඉදිරියට පැමිනෙන විට වේදේශ් වාහනය පණගන්වාගෙන පිිටව ගියේ වේගයෙනි………
” යං පුතා ඇතුළට………
තුහින්‍යා රවාගෙනම ඇතුලට යද්දි භූමිට හිනාවකුත් ගියා…….. ඇය ගිය පසු භූමි තුහීගේ අප්පච්චිව මදක් නවත්ත ගත්තා……..
” අප්පච්චි……… මං ඔයාට දෙයක් කියන්නත් එක්ක තමයි ආවේ……
“, මොකක්ද පුතා….. ටිකක් ඉන්න…..
සෙහන්ස්‍යා……. චුටි…… තේ හදන්න අපිට………
ඉතින් මොකක්ද පුතා කියන්න තියෙන්නෙ………
දෙන්නත් එක්ක කඳුකරයට මුුහුණලා තියෙන ඉස්තෝප්පුවේ සැපපහසු පුටු වලට බර වුනේ දිගු පිලිසදරකට…….
” අප්පච්චි ……….. මං කැමතී තුහින්‍යාව ජීවිත කාලෙ පුරාවටම ආදරයෙන් බලාගන්න……… අප්පච්චි මට ඒකට අවසර දෙනවද…..
භුමි එය පැවසූ ආකාරයම ඔහුගේ සිත්ගත්තේය……..
” ලොකු ලමයා නම් කැමති නැති වෙයි පුතේ……… අනික මේ මිනිහා දික්කසාදය දෙයිද……..
” දුන්නැත්තම් මං ඒක අරන් දෙන විදිහ දන්නවා අප්පච්චි…. ඔයාලා බය නොවී ඉන්න……….
” පුතාගේ ගෙදරින් මේකට කැමති වෙයිද…….
” මට ගෙදරක් නෑනේ අප්පච්චි…….. ඒ හින්දා ඒවා ගැන බයවෙන්න දෙයක් නෑ……. මං කොහොමත් අප්පච්චි මගේ මල් තවාන ගාවම ගේ හදන්න පටන් ගන්නවා……. කොහොමත් තුහීව බැදලා එයාව එක්ක යන්න තැනක් මට තියෙන්නත් එපැයි……. අප්පච්චි බය වෙන්න එපා මං ආයෙම තුහීට දුක් විදින්න දෙන්නෑ……….
බොහෝ වේලාවක් කතා කරමින් සිටි භූමි පිටව ගියේ රාත්‍රි ආහාරයත් ගෙනය……. එය නම් තුහීගේ අම්මා නිර්මානිගේ බලවත් ඉල්ලීමටය……….
” අක්කා………… මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද…….
සෙහන්ස්‍ය කිව්වේ තුහී පොරෝණයත් ඇඟට දාගත්තට පසුවයි……..
” කියන්න අනේ….. මට නිදිමතක් නෑ…….
” මේකයි අක්කා…… භූමි අයියා හරිම හොඳ කෙනෙක්……….එයා ඔයාගෙන් ආදරය කරන්න ඇහුවොත් බෑ කියන්න එපා……. ඒ වගේ කෙනෙක් හම්බ වෙන්නෑ ඒකයි……… මං පණ්ඩිතකම් කියවනවා කියලා ඔයා මට බනී එ්ත් අක්කා ඇත්ත ඒක……..
තුහී අනෙක් පසට හැරුනේ කිසිවක්ම නොපවසායි…….. සෙහන්ස්‍යාද යලිත් කිස්වක්ම නොපවසා පොත වෙත නෙත් යොමු කලාය……… අක්කා හොඳින් සිතා බලා හොඳ තීරණයක් ගනු ඇතැයි ඇයට සිතේ……….
” අක්කා……. ඇත්තම ආදරය හම්බවෙන්නෙ එක පාරයි…….. එයා හම්බ වුනාම හිතෙනවා මේ තමයි ඒ කෙනා කියලා…… ඔයාට වේදේශ් අයියා ගැනද සාකේත් අයියා ගැනද භූමි අයියා ගැනද එහෙම හිතුනේ කියලා ටිකක් හිතන්න………
තුහින්‍යා තදින් දෑස් පියාගත්තාය…….. ඇගේ හදවත නොසන්සුන්ය……. තුහින්‍යා නිදාගන්නට පැමිණියේ දිල්රෑටත් ජාන්වීටත් කතා කරය……. අද දවස තුල භූමි කල කී දේ තුහින්‍යා යලි යලිත් සිහි කලාය……….
” #කොහොමදමංඑහෙමහිතන්නෙවත්මැඩම්ඔයාවමටකවදාවත්දෙනඑකක්නෑ
තුහින්‍යාගේ හිතේ ඒ වන විට මැවුනේ භූමිගේ කඩවසම් සුන්දර රුවත් ඒ අහංකාර බැල්මත්….. හැඟීම්බර සිනාවත්ය………. 🌙 රාත්‍රිය වෙදාටත් වඩා දිගුය සිතලය…… නමුත් නින්ද අහලකටවත් නොඒ…… තුහින්‍යාගේ සිතුවිලි අතරමංව ඇත……..
“#හාස්කමක්වුනොත්ඔයාවමටලැබෙයි_භූමි…
” ඔයා මට වඩා අවුරුදු හතරක් වැඩිමල්…… එච්චර කල් ඔයා තනියමමද හිටියේ…….. ආදරය කරන්න කවුරුත් හිටියෙම නැද්ද…….. ඔයාට මං කොච්චර බැන්නත් මං දන්නවා ඔයා ලොකු අසාධාරණයකට ලක් වුන කෙනෙක් කියලා……. අනිත් එක ඔයාගේ ඇත්ත අම්මා මෙයා නෙවේ කියලා දැනගත්තොත් ඔයාට මොනවා හිතෙයිද… ඒ මොනවා වුනත් මැඩම් ඔයාට හුඟක් ආදරෙයි…….. ඒ වගේමයි……
ලැබුනත්නැතත්භූමිමාත්ඔයාට_ආදරෙයි
🌺🖤🌺🖤🌺🖤🌺🖤🌺
කාලය සති කීපයක් ගතව ගියේ විශේෂ සිදුවීමක් නොවීම වුනත් ඒ ටික කාලය තුල භූමිත් තුහින්‍යාත් හදවත් වලින් ලංවී සිටියහ………..
භූමි ඔය කාලය ඇතුලත ඔහුගේ අම්මා ගැන බොහෝ සිතුවේය…… දිනක් ඇගේ ආශාව සඵල කරමින් භූමි ඔහුගේ මව හමුවීමට ගියේය…….. ඒ ඔහු ඔහුගේම නිවසට ගොඩවැදුන පළම අවස්ථාවයි…….. ඇස් අදහාගත නොහැකිව ගල් ගැසී බලා සිටින නන්දිතා එක් වරම හේෂරට කෑ ගැසුවාය…… ඔහු කලබලයෙන් දිව ආවත් දොරකඩ සිටින භූමිව නොදුටුවේය………
” හේ……ෂ්…… භූමි ගැන හිතලා හිතලම මට එයාව මේ ගෙදර මැවි මැවී පේනවා පුතා….. මට psychiatrist කෙනෙක් ගාවටවත් යන්න වෙයි…… අර අර අතනත් එයා ඉන්නවා…..
අම්මා අතදිගු කර පෙන්වූ ඉසව්වට නෙත් යොමු කල හේෂර දුටුවේ දොරකඩ සිට ඔවුන් දෙස බලාගෙන ඉන්න භූමිවයි……… හේෂරට එය පුදුමයක් නොවුනේ ඔහු දැනගෙන හිටියා කොයි මොහොතක හරි භූමි තුහින්‍යා කිව්ව දේ අහනවා කියලා…….
” අමිමේ පිස්සුද අනේ…. ඔයාව මේ psychiatrist කෙනෙක්ට පෙන්නන්න ඕනි නෑ අයියා තමා ඇවිත් තියෙන්නේ….. ලොකු අයියා…. එන්න ඉතින් ඔතන ඉන්නැතුව……….
හේෂර එහෙම කියලත් එතන ඉන්නෙ නැතුව භූමි ඉන්න තැනටම ගියා…… භූමිගේ අහංකාර කෙටි සිනාව දසත පතුරවලා ඔහු ඇවිත් වාඩි වුනේ කිසි දෙයක් නොකියාමයි……
” ලොකු පුතා……. අනේ ඔයා ආව එක මට මහ මෙරක් වගේ……
නන්දිතා කිව්වේ සතුටින් ඉපිලෙමින් වුනත් භූමිගෙන් කිසිම මිත්‍රශීලි බවක් නම් පෙනුනෙ නෑ……
” ඊයෙ කතා කරපු විදිහ වැරදී ඔයාගේ හිත රිදුන නම් සමාවෙන්න කියන්න ආවේ……..
” අනේ ඒකට සමාව ඉල්ලන්න ඕනි නෑ මගේ රත්තරනේ…. ඔයා ආව එකම මදැයි……
” මේ මේ…… මං ඊයේ එකට සමාව ඉල්ලුවා මිසක් ඔයාට සමාව දුන්නෙ නෑ හරිද……. ඒවා පස්සෙ මං හිතලා බලලා කියන්නම්……
භූමිට අම්මාගේ හිතේ තියන ආදරය නොතේරෙනවාත් නෙවේ….. තුහී කිව්ය දේවල් වලට ඇය ගැන ඇත්තටම ආදරයක් අනුකම්පාවක්ඇති වෙලා තිබුනා වුනත් භූමිට උත්පත්තියෙන්ම හිමි බොරු අහංකාරය මේ මොහොතෙදි ඉස්මතු වුනා………
” මං ඒක කියලා යන්න ආවේ…..
භූමි හදන්නේ යන්න කියලා හිතුව නන්දිතා නැගී සිටියේ දුක්මුසු බැල්මක් හෙලලා….. ඒ හින්දා භූමි ආයෙම වාඩි වුනා…..
” හා…. හරි හරි ඔයාගේ තේ එකත් හදන්නකෝ මං බීලම යන්නම්…..
නන්දිතාට ඊට වඩා දෙයක් නෑ……. ඇය මුළුතැන්ගෙය දෙසට දිව ගියේ කඳුළුත් පිසිමින්…… එ් සේරම උඩ ඉඳන් බලන් හිටිය ගිහන්ස්‍යා ආව ගමන් භූමිව වැලඳලත්තේ අඬාගෙනමයි….
” ලොකු අයියා…. ඔය තරහ අමතක කරලා අපි එක්ක මෙහෙ ඇවිත් නතර වෙන්නකෝ…….
” හ්ම්මම්ම් හ්ම්ම්ම් බලමු බලමු ඒවා පස්සේ………
” පස්සෙ නොවේ මෝඩයෝ…… මෙහෙ ඇවිත් නතර වෙනවා…… තුහී අක්කිව මැරි කරලා එක්ක යන්නේ මල් තවානටද…… ඇඟ සයිස් වුනාට මොළයක් නම් නෑ අපේ ලොකු අයියට…….
භූමිට එක්වරම දෙව්ශිව මතක් විය….. ඇය තමා මෙහි පැමිණි පසු කිසිවිටෙකත් කතා නොකලේය…… නමුත් දැනට විදේශගතව සිටින ශාරද් නම් ඔහුට හැමදාමත් කතා කරයි……
” මේ පැහිච්ච කම් කියවන්නැතුව ඉන්නවා…….
නන්දිතා ගෙන ආ තේ එක අතට ගත් භූමි යලිත් සිනාසුනේ නැගණියගේ හිස අතගාමින්…….. සැබෑවටම ඔහුගේ පණත් හරි මේ දෙන්නාත් හරිය…… ඔවුන් හා ජීවත් වීමට ආශාවක් හදවතේ ඇත…….
ඔහු තවත් වෙලාවක් රැඳී සිට පිටව ගියේ කාර්යාලයටයි……….
🌷🌷🌷🌷🌷🌷
සති කීපයකට පස්සෙ දවසක රන්ජන් සමරවික්‍රම නන්දිතා බලන්න ආවේ කාගෙකට පස්සෙ මේ ගෙදරට අඩිය තියන්නවත් වෙලාවක් නොතිබූ නිසාත්…… තවත් හේතුවකුත් හදවතේ තබාගෙනයි…….. භූමි දැන් ඇය සමගින් සාමාන්‍ය අයුරක සබඳතාවයක් ඇති බවත් නිතර මෙහි යන එන බවත් පෙර මෙන් ඇයට වෛර නොකරන බවත් ඔහුට දැනගන්නට ලැබී තිබුණි…….
” ආ….. නංගි…… පුතන්ඩියා ආවට පස්සේ අයියව අමතකම කරලා නේද
රන්ජන්ගේ සරදමට නන්දිතා සිනාවක් පෑවාය…….
” අනේ එහෙම නෑ අයියේ…… එන්නකෝ ඇවිත් වාඩි වෙන්න මොනවා හරි බොමුද…….. ආ….. මොනවද බොන්නෙ අයියා…… තේ කොෆී…….
” ම්ම්ම්ම්ම්… මේ සීතලට අපි බොමු ඉඟුරුදාපු තේ එකක් නංගි….. මේහ්…. කන්න මොකුත් නෑ…….
” තියෙනවා තියනවා….. මං අද උදේට ඉඳි ආප්ප හැදුවා අයියේ… යං ඇතුලට කන ගමන් කතා කරමු…….
අයියයි නංගියි දෙන්නා කෑම කාමරයට ගිහින් වාඩි වුනේ කතා කරමින්මයි…..
” ඇත්තද අයියේ මේ අපේ තුහින්‍යා අර සනත් අයියගේ දුව කියන්නේ….. මට හේෂර තමා කීවේ……..
” ඇයි මං නංගිට කලින් කීවේ නැද්ද…. මේ සනත්ගේ දුව තමයි………. පව් අහිංසක කෙල්ල අර පව්කාරයාට අහුවෙලා නිකරුනේ විනාශ වුනා……..
” ඒක ඒ ළමයාගේ වරදක් නෙවේනේ අයියේ…… එයාට දැන් තියෙන්නෙ ඩිවෝස් එක ලැබුනාම හොදටහිතලා මතලා හොඳ කොල්ලෙක් බඳිනඑක…. මොකද දික්කසාද වුනා කියලා හැමදාම තනියෙන් ඉන්න ඕනි නෑනේ……..
” ඒකත් ඇත්ත…….
” කෝ හේෂර එහෙම…….
” එයා ඉතින් දැන් අල්ලන්න බෑ අයියේ….. භුමිත් එක්කම තමයි….. මොකද තනියෙන් ආවේ අක්කව එක්න එන්න එපැයි……..
” අක්කත් එන්න ඕනි කිව්වා…. ඒත් මං මේ වෙන ගමනක් යන ගමන් ආවේ වැදගත් දේකට…..
” ආ……. මේ ලමිස්සියෝ දෙන්නටත් නිකමටවත් නැන්දව මතක් වෙන්නෑනේ අයියේ….. ආ…. මේ ටිකත් කමු….
නන්දිතා තවත් ඉඳි ආප්ප බෙදමින් කීවාය……
” තේජස්වියි මාන්වීයි එන්න ඉන්නවා කෝ එයාලටත් වෙලාවක් නෑ….. මොන මොනවා හරි වැඩ තමයි… ටී ෆැක්ට්‍රි එකේ……. මේ නංගි……. මං ආවෙත් වැදගත් දෙයක් කියලා යන්න….
” ඒ මොකක්ද අයියේ ඒ……..
නන්දිතා රන්ජන් අතට තේ එකක් දෙමින් ඇසුවාය………
” නංගී…… මං හිතන්නේ අපේ හැමදෙයක්ම භූමිට දෙන්න කාලය හරි කියලා…….
” ඒ කිව්වේ……. මට තේරුනේ නෑ…..
නන්දිතා කීවේ තේ එක පැත්තකින් තියලා…….
” භූමි තේජස්විව බැන්දොත් නංගි මේ හැමදේම භූමි පුතාට පවරලා අපිට ටිකක් විවේකෙන් ඉන්න පුළුවනි නංගි මොකද කියන්නේ…….
රන්ජන් කියූ යෝජනාවට නන්දිතා මදක් බියට පත් විය……… තවමත් භූමි වැරදි වැටහීම සම්පූර්ණයෙන්ම ඉවත් කරගෙන නැත……. එහෙම තත්වයක භූමිට මෙවන් යෝජනාවක් කලහොත් ඔහු කෙසේ ප්‍රතිචාර දක්වාවිදැයි සිතාගත නොහැක….. මේ නිසා භූමිගේ මේ ආදරය හෝ නැති කරගැනීමට නන්දිතා කැමති නැත……
” නංගි කල්පනා කරන්නේ මගේ යෝජනාව හොඳ නැද්ද…..
” ආ..අනේ…..එහෙම එකක් නෙවේ…. මං මොකටද ඒකට අකැමති වෙන්නේ…. තේජස්වි මං නොදන්න කෙනෙක්යැ…… අයියාගේ දුවනේ…… හැබැයි මේක ඔයාම භූමි එක්ක කතා කලොත් හොඳයි මොකද මං තවම එයාට පිට කෙනෙක්………
රන්ජන් හිස වැනුවේ එය අනුමත කරමින්……..
” මං භූමිට කියන්නම්……………
❤️••••මතු සම්බන්ධයි••••❤️