සැරෙන් සැරේට මෙහෙම මගෙ හිත රිද්දන්න එපා මහත්තයො.වෙච්චි කිසිම දෙයක් මං හිතාමතා කරපු දේවල් නෙවෙයි.මං එදා මගෙ කැමැත්තෙන් අම්මගෙ පැත්ත ගත්තෙ ඔයාගෙ ජීවිතේ බේරගන්නයි.මං එදා වගේම අදටත් ඔයාට ආදරෙයි මහත්තයා…”

මං එයාගෙ දණිස්ස උඩ ඔලුව තියාගෙන මගෙ දුක කියලා ඇඬුවා.මං දන්නෑ එයා මාව තේරුම් ගත්තද නැද්ද කියලා.මං මේ ජීවිතේ සතුටට වඩා වැඩි ප්‍රමාණයක් වින්දෙ දුක විතරමයි.

මං ඔලුව උස්සලා බලද්දි එයා ලොකු කල්පනාවකට වැටිලා මුහුදෙ එහා කෙලවර දිහා බලන් ඉන්නවා.හුලඟට අවුල් වෙලා ගිය කොණ්ඩෙ අතින් හදාගෙන මං නැගිටලා ඉස්සරහට ආවා.ඒත් එයා මාත් එක්ක ආවෙ නැහැ.තාමත් එකම ඉරියව්වෙන් දුර ඈතට නෙතු යොමාගෙන ඉන්නවා.

මං හිමිහිට ඉස්සරහට ඇවිදගෙන ආවා. සාර්ථක කරගන්න පුලුවන් කිසිම අරමුණක් නැහැ කියලා මට හිතෙනවා.අපි දෙන්නා මේ ගමන ආවෙ එකම බලාපොරොත්තුවකින් උනාට දවසින් දවස ඒ බලාපොරොත්තුව තවත් ඈතට යනවා.ඒ දිහා හූල්ල හූල්ල බලාගෙන ඉන්නවා ඇරෙන්න කිසිම දෙයක් කරන්න අපිට පුලුවන් කමක් නැහැ.

මුහුදු වෙරලට අඳුර ටිකෙන් ටික ගලාගෙන එද්දි බැම්ම මත හිඳ උන් තේනුක බොහෝ වේලාවකට පසු තමා උන් ඉරියව්ව වෙනස් කොට අනික් පස බැලුවා.චේතනා එහි සිටියෙ නැහැ.ඔහු නෙතු හරවා දුර ඈත බැලුවා. චේතනා ඔහේ අරමුණක් ඇතුව ඈතින් ඇවිදගෙන යනවා.

ශෝකානුකූල දෙනෙතින් ඔහු චේතනා දෙස ටික වෙලාවක් බලාගෙන උන්නා.නිකමටවත් ඇය පිටුපස හැරී බැලුවෙ නැහැ.තමා ඇයට සළකන ආකාරය දරදඬු වැඩිදෝ කියලා ඔහුට සිතුනා.ඇගේ පැත්තෙන් බලනා කල සිදු වූ දේවල් වලට සම්පූර්ණ වරද ඇය පිටින් පැටවිය නොහැක.ඇය සිදු කරේ ඇගේ මවගේ නොහොබිනා ක්‍රියා කලාපයෙන් තම ජීවිතය ම/@/ණ/යෙ/න් ආරක්ෂා කර ගැනීමයි.තම සැමියාගෙ ප්‍රාණය ආරක්ෂා කිරීම වරදක් නොවේ.

නමුත් ඇයට එදා තම දරුවාත් රැගෙන මවට හොරෙන් කොහේ හෝ යන්නට ඉඩ තිබුනා. තම මවගේ ආකල්ප,සිතුම් පැතුම් හරි හැටි දන්නා ඇය මවත් සමඟ එම නිවසේම දරුවා සමඟ පදිංචි වී සිටීම ඔහුගේ කේන්තිය වැඩි උනා.

අඳුර ඩිංග ආලෝකය ගිල ගනිද්දි චේතනා ඈතින් අඳුරු චායාවක් බවට පත් උනා.කුමක් සිදු කරන්නද කියලා අවබෝධයක් නොමැතිව ඇය ගෙවී ගිය තමාගේ ජීවිතය නැවත දෙස හැරී බැලුවා.

සතුටු වන්නට කිසිවක් එහි සිදු වී නොමැත. සිදු වී ඇති සෑම දේටම දැන් වැරදිකාරිය වී ඇත්තේ තමාමයි.තමා මේ වැඩියෙන් ආදරේ කල ඔහුත් අද තමාගේ සිත බෙහෙවින් රිදවයි.කිසිවක් ඔහු පිලිගන්නේද නැත.

දැන් මට කාත් කවුරුවත් නෑ.එයා මං කියන කිසිම දෙයක් පිළිගන්නෙ නැහැ.හැමෝම මාව තනි කරා.මං ජීවත් උනා කියලා කාටවත් වැඩක් නැහැ.ආරණ්‍යා දවසින් දවස අපේ ජීවිත වලින් ඈතට යනවා.මං නැති උනොත් තේනුක මහත්තයා උනත් සතුටින් ඉඳියි.

ඇගේ දෑස් තුලින් ගලාගිය කඳුලැලි කම්මුල් තෙමාලමින් ඇද වැටුනා.තව හෝරාවක් පමණ ගත වී යද්දි හාත්පසම අන්ධකාරයෙන් ගිලී යයි.

අඩියෙන් අඩිය තබා ඇය මුහුද අයිනෙ සාදා ඇති පාලමේ එහා කෙලවරටම ගියාය.එහි කිසිවෙක් සිටියේ නැත.ඇය ඉන් පහතට එබී මහ මුහුද දෙස බැලුවාය.එහි රැල්ල භයානක පෙනුමක් ගනී.විටෙක එය රකුසෙකුගේ වෙස් ගනී.ඒ රකුසා දෑත දිගු කර තමාට පැමිණෙනැයි ආරාධනා කරනවාක් වැනිය.

ඇය ඒ ආරාධනාව පිලිගත්තාය.මේ ගෙවෙන්නේ තමාගේ ජීවිතයේ අන්තිම තප්පර කිහිපය බව සිතා ගත් ඇය දෑස් පියාගෙන තේනුකවත් පුංචි ආරණ්‍යාවත් සිහිපත් කරා.ඔවුන්ගේ ලෝකයට ඇය සදාකාලික සතුට,සැපත,සුවය ප්‍රාර්ථනා කරා.

“මොකක්ද තමුසෙ ඒ කරගන්න ගියේ?පි/ස්/සු හැදීගෙන එනවද ගෑ/ණි/යෙ උ/ඹ/ට?…”

කොහේදෝ සිට ඉක්මන් ගමනින් මවෙත දුවගෙන ආ ඔහු මගේ අතින් අල්ලා ඇද කම්මුලට හයියෙන් පාරක් ගැහුවා.ඒ ඇස් බලන්න බැරි තරමටම කෝප ගින්නෙන් ගිනියම් වෙලා.මා වෙත කඩා පැන්න ඔහු තවත් වරක් මට ගහන්නට සැරසෙද්දි මං ඔහුගෙ ප/පු/ව බදාගෙන මහ හයියෙන් ඇඬුවා.

ඔහු එන්නට තව තප්පර කිහිපයක් ප්‍රමාද වූවා නම් මගෙ ජීවිතය මහ මුහුදු පතුලේ අවසන් වන්නට තිබුනා.ඉන් පසු ඔහුගෙ දිවිය වෙනස් වෙයි.දෛවය කාරුණික වී ඔහුට ආරණ්‍යාව ලබා ගත හැකි වුවහොත් ඔහු දෙවැනි විවාහයක් සිදු කරගෙන ඇයත් දරු පැටියාත් සමඟ සතුටින් ජීවත් වේවි.

මා සිදු කරන්නට ගියේ ඔහුගේ ජීවිතයට යහපත් ගෙන දෙන දෙයකි.නමුදු ඔහු එය වැලැක්කුවා.මගේ ජීවිතය ඔහු බේරාගත්තෙ ඔහුට මාව වටින නිසාවෙන්ද?නැතිනම් මා ආරණ්‍යාගේ මව නිසාද?

“ඔය අඬන එක නවත්තලා කරුණාකරලා කියනවා චේතනා.ඇයි ත/මු/සෙ මැ/%/න්/න හැදුවෙ?…”

ඔහු අහනවා.මාව වෙව්ලනවා වගේ. බියෙනුයි දුකෙනුයි මගෙ හිත පිරීලා ගිහින්. ඒක ඔහුට දැනෙන්නෑ.

“එතකොටවත්…. ඔයාට…. සැනසීමෙන්…. ඉන්න….පුලුවන්…. වෙයිනෙ…”

“ත/මු/සෙ හිතනවද ත/මු/සෙ මැ/@/න/ම මේ හැම දෙයක්ම වෙනස් වෙලා මට සතුටින් ඉන්න පුලුවන් වෙයි කියලා?ඊට පස්සෙ මට ආරණ්‍යාවත් ලැබෙයි කියලා හිතනවද?කතා කරනවා චේතනා…”

ඔහු අහන්නෙ සැරෙන්.මං ඒ ප/පු/ව/ට ඔලුව තියාගෙන ඔහුව බදාගෙන අඬනවා.වෙනදට මං එයාගෙ ප/පු/ව/ට තුරුල් වෙද්දි එයා බැනලා මාව අහකට තල්ලු කරනවා.ඒත් අද එහෙම කරේ නැහැ.

“මං…. දන්නෑ…”

“ත/මු/සෙ හරිම මුරණ්ඩුයි චේතනා.බලනවා මං තව තප්පර තුන හතරක් පරක්කු උනා නම් වෙන්නෙ මොකක්ද කියලා.මෝ/ඩ ගෑ/ණි…”

“මං මෝ/ඩ නෑ…”

“ඔව් ඔව්.ත/මු/සෙ මෝ/ඩ නෑ.ත/මු/සෙ හෙන නුවණක්කාරයි.එහෙමනෙ හිතාගෙනනෙ ඉන්නෙ.එ ළ දෙ න…”

එයා මගෙ අතින් ඇදගෙන පාලමෙන් බැහැලා පල්ලෙහාට ආවා.දැන් නම් මුළු මුහුදු වෙරලම රාත්‍රී අන්ධකාරයෙන් ගිලගෙන හමාරයි.රෑට තමයි මුහුද ලස්සනම කියලා මට හිතුනා.

“ඔයා ඇයි මාව බේරගත්තෙ මහත්තයා?…”

“මං දන්නෑ…”

ඔහු මුරණ්ඩු අයෙකු ලෙසින් කියනවා.

“මං දන්නෑ නෙවෙයි.මට උත්තරයක් ඕනි. මහත්තයා අහන ප්‍රශ්න වලට මාත් උත්තර දුන්නනෙ.ඉතින් දැන් මහත්තයත් උත්තර දෙන්න…”

“ත/මු/සෙ මට තර්ජනේ කරනවද?…”

“ඔයා ප්‍රශ්නෙන් පිට පනිනවා මහත්තයා. උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් මං ඇහුවෙ නෑනෙ.මං ඇහුවෙ මහත්තයා ඇයි මාව බේර ගත්තෙ කියලා…”

“ත/මු/සෙ මගෙ දරුවගෙ අම්මනෙ.ඉතින් මං කොහොමද ත/මු/සෙ/ට මැ/%/න්/න දෙන්නෙ?…”

තියන කපටිකම.උගුරට හොරා බෙහෙත් බොනවා වගේ වැඩක් තමයි මෙයා ඔය කරන්නෙ.ඔය මොනවා කිව්වත් තේනුක මහත්තයා මට තවමත් ආදරෙයි.මං එයාගෙ දුවගෙ අම්මා නිසාම විතරක් නෙවෙයි මාව බේර ගත්තෙ.

“ඒක විතරද?…”

“ඔව්…”

“බොරු කියන්න එපා.මාව බේර ගන්න වෙන මොකුත්ම දෙයක් බලපෑවෙ නැද්ද?…”

“නෑ ඕයි.වෙන මොනවටද?…”

“උගුරට හොරා බෙහෙත් බොන්න බැහැ මහත්තයා…”

“හ්ම්ම්…”

මං හොරාට ශේප් එකේ එයාගෙ මූණ දිහා බැලුවා.තියන නපුරුකම.හිත යටින් මට ආදරෙයි.ඒත් ඒක පිළිගන්නෑ.

අපි ගෙදරට එද්දි වෙලාව රෑ අටයි විස්ස උනා. එද්දිත් අපි කතා වෙවී ආවෙ කාමරේ තියන කැමරාව ගලවන්නෙ කොහොමද කියලා. එකපාරටම ඒක ගැලෙව්වොත් මනුලි මැඩම් සැක හිතයි.එහෙම උනොත් අනෝමා ඇන්ටිවත් අහු වෙනවා අපිට කේලම් කිව්වා කියලා.එහෙම වෙන්න දෙන්න බෑ.අනෝමා ඇන්ටි නිසයි අපි බේරුනේ.

“හෙට ඔයා උදේට කොහෙවත් ගමනක් යනවද ප්‍රදීප්?…”

ඇඳේ කැමරාව හයි කරලා තියන නිසා ඒක ගලවනකල් අපිට කොහොමත් ප්‍රදීප්,සමාධි කියලා තමයි කතා කරන්න වෙන්නෙ.

“ඔව් සමාධි.හෙට උදේම ඇමතිතුමාගෙ රැස්වීමක් තියනවා කොච්චිකඩේ.ඔයාටත් මනුලි මැඩම් කතා කරයි වැඩට.බේබි ගෙදර ඇවිත්නෙ ඉන්නෙ…”

මනුලි ඇගේ කාමරේ ඉඳන් චේතනාගේත් තේනුකගේත් කටහඬට සවන් දුන්නා.ඒ බව දන්නා නිසාම ඔවුන් දෙදෙනාම බොහෝ ප්‍රවේශමෙනුයි වචන හුවමාරු කරගත්තෙ.

“මොකෝ මේ අප්සට් මූඩ් වගේ?බේබි ගෙදර ආවා කිව්වම සතුටු නැද්ද?…”

“සතුටුයි.කාගෙ උනත් දරුවෙක්නෙ.බේබිව දැක්කම මට අපේ නැති වෙච්චි දුවව මතක් වෙනවා.එයාටත් අපි දාන්න හිටපු ආරණ්‍යා නෙ.මනුලි මැඩම් නම් මහ පුදුම අම්මා කෙනෙක්.තමන්ගෙ දරුවෙක්ව බලා ගන්න ගෙදර සවන්ට් කෙනෙක් ඉන්නවා නම් කොයි අම්මත් කැමති ඒ සවන්ට් තමන්ගෙ දරුවව අම්මා කෙනෙක් වගේ ආදරෙන් රැක බලාගන්නවට.ඒකට මනුලි මැඩම්.එයා හිතන්නෙ මං එයාගෙ දුවව හොරකම් කරන්න ආවා කියලා.අනේ මන්දා එයාට මොනවා හිතිලද කියලා.වැඩි ආදරෙත් නරකට හිටිනවනෙ…”

කියන්න ඕනි ටික චේතනා ගානට කැමරාව ළඟට වෙලා කිව්වා.තේනුකත් බලන් හිටියෙ දෙයක් කියන්න.ඔහු නිශ්ෂබ්දවම හිටියොත් මනුලි සැක හිතන්න පුලුවන්.

“ඔයා ඕවා ගනන් ගන්න එපා සමාධි. තමන්ගෙ තත්වෙ දැනගෙන හිටියම හරිනෙ. කාට උනත් වැඩි හොඳ කරන්න හොඳ නෑ…”

“ඒක ඇත්ත.පොඩ්ඩක් නැගිටින්නකො අනේ…”

“මොකටද?මට නිදිමතයි…”

“කාමරේ පොඩ්ඩක් අස් කරලා දාන්න ඕනි. මනුලි මැඩම් දැන් දෙපාරක් අපේ කාමරේට ආවා.මේක අස් නොකරොත් එයා හිතයි ම ළ පෙ රේ ත යො දෙන්නෙකුට කාමරේ දුන්නෙ කියලා.කෝ ඉක්මනට නැගිටින්න.ඇඳ යට අස් කරලා ඉම්මු මුලින්ම…”

කට කොනකින් හිනා වෙලා තෙනුක ඇඳෙන් බිමට බැහැලා කොස්ස අරන් ඇඳ යට අතුගාන්න ගත්තා.එකපාරටම යමක් බිමට වැටෙන සද්දෙ ඇහුනා.

“මේ මොකක්ද සමාධි?…”

“අනේ මන්දා ප්‍රදීප්.ඔන්න ඔය මගුල ලිපට දාමු…”

මතු සම්බන්දයි.

හරිනෙ වැඩේ..