තාරා ✧✧✦

සත්‍යසිදුවීමකි. #නම්ගම්සියල්ලමනඃකල්පිත_වේ.

දොලොස්වන_කොටස ( අවසන් කොටස )

“දෝණි මේ දොර අරිනවා. බඩගින්නේ ඉන් නැතුව කලා නිදා ගන්නවා…”

විනාඩි වීසකට විතර පස්සේ මම කාමරේට වෙලා අඩ අඩා ඉද්දි අම්මා දොරට ගහලා කතා කරේ මට කන්න එන්න කියලා..

“මට එපා. මට ඕනෙම නෑ. බඩගින්නේ ඉදලා මැරිලා ගියාවේ. අඩුගානේ වතුර බිදක්වත් එපා. මම මැරුණාමවත් මේ ගෙදර ඉන්න සමහර එවුන් සතුටින් ඉදිනේ…”

මන් හයියෙන් එහෙම කියලා ආපහු කොට්ටේ මුහුණ හොවන් අඩද්දි පොඩි අක්කා ආපහු මාත් එක්ක රණ්ඩුවට ආවේ කෑ ගහගෙනම හරියට පරණ තරහක් පිරි මහගන්න වගේ…

“අනේ ඔව් ලොකු දෙයක් මැරිලා යනවා නම්. කන්න දෙන්න එපා. මැරිලා ගියාමවත් අපට සැනසිල්ලේ ඉන්න පුළුවන්…”

“ඔව් ඔව් පේනවා මම මැරෙනකම් තමා ඉන්නේ කියලා…”

“පොඩි , දෝණි දෙන්නාම නවත්ත ගන්නවා ඔය රණ්ඩුව. හරියට පොඩි උන් වගේ මෙතන…”

අපි දෙන්නාගේ රණ්ඩුව බලන් ඉන්න බැරි තැන අම්මා කෑ ගහලා නැවත්තුවත් ඊට පස්සේ නොහිතුව දෙයක්..

“අම්මලාත් කොහොමත් ආදරේ මෙකිටමනේ. මන් යනවා යන්න ආච්චිලාගේ ගෙදර මේකි මේ වහල යට ඉන්නකම් මන් ආයේ මේ පැත්ත පලාතේ පස් පාගන්නේ නෑ…”

එහෙම කියලා පොඩි අක්කා එයාගේ ඇදුමුට්ජ් පැක් කරන් යන්න ගියේ මාව තවත් අසරණ කරමි. මොන තරහක් එයා පිරිමහනවද කියලා මට හිතා ගන්න බැරුව අසරණ වෙලා හිටියේ. අම්මා එහෙන් අඩනවා මල්ලි එහෙන් අඩනවා. මට මන් ගැනම මහ කලකිරිමක් දැණුනේ.

තවත් එතැන නොරැදි මන් ආවේ කාමරයට මොකද කරන්නේ කියලා හිතා ගන්න බැරුව. කොහේ කියලා යන්නද මටවත් තෙරෙන්නේ නැති කොට මට මහ අසරණකමක් තනිකමක් දැණුනේ.

ඒත් එක්කම මට මතක් උනේ එකම එක කෙනයි. ඔව් නිමේෂ්ව. ගමේදි මගේ පස්සෙන් ආදරේ ඉල්ලන් ආව ඔහු. දිල්නටවත් මන් ගැන ආදරයක් නැති කොට ඔහුට කතා කරලා වැඩක් නැති නිසා මට මතක් උන එකම කෙනා උනේ නිමේෂ්…

නිමේෂ් කලින් ආමි එකේ වැඩක් කලත් දැන් ඒ ජොබ් එකෙන් අයින් වෙලා දුර පාළාතක වෙන ජොබ් එකක් කරනවා කියලා විතරයි මන් දැනන් හිටියේ.නිමේෂ්ගේ නම්බර් එකක්වත් මන් ගාව නැති තැන මන් කතා කලේ ඔහුගේ යහළුවෙක් වන ගායාන්ට. ගයාන් ලව්වා නිමේෂ්ට කතා කරලා මට ඔහුට ඉක්මනට ඇමතුමක් ගන්න කියලා මම ඇදේ හාන්සි උනේ අඩලා අඩ්ලා හොදටම හෙම්බත් වෙලා හිටිය හින්දා…

ඇදට වෙලා ඉද්දි මගේ ඇස් ලාවට පියවි ගෙන එද්දි මන් ගැස්සිලා ඇහැරුණේ මගේ පුංචි ෆෝන් එක රින් වෙන සද්දෙට. නොදන්න නම්බර් එකකින් කෝල් එකක් එන හින්දා මුලදි චකිතයක් ඇති උනත් පස්සේ නිමේෂ්දෝ යන සැකයෙන් මන් දුරකථනය සවනතේ තබා ගත්තා…

“හේලෝ…”

“හෙලෝ තාරා නංගි මම නිමේෂ්…”

හිතුවා වගේම නිමේෂ්. මගේ හිතට ලොකු සැනසීමක් දැණුනේ ඔහුගේ ඇමතුමෙන්…

“නිමේෂ් අයියේ මාව බදින්න කැමතිද…”

“නංගි…”

ඔහුගේ පුදුමය පිරුණු වචන සවනතේ වැකෙද්දි මන් ආයේමත් ඒකම විමසුවේ ඔහුගෙන්…

“කියන්න. මාව බදින්න කැමතිද…”

“ඔයා හොදටම දන්නවා මන් කොයි කාලෙ ඉදන්ද ඔයා පස්සෙන් එන්නේ කියලා. දැන් උනත් මන් කැමති ඔයාව මන් ගාවට ගන්න…”

“එහෙනම් මාව ඇවිල්ලා එක්ක යන්න දැම්ම…”

“නංගි…”

“ඔව්. මට ආදරයක් තියනවා නම් මාව ඇවිල්ලා දැන්මම එක්ක යන්න….”

එහෙම කියලා මන් දුරකථනය ක්‍රියාවිරහිත කලේ ඔහු එයිදෝ යන සැකයෙන්. ඔහු නාවත් හෙට හෝ මම කොහේ හරි යනවා කියලා හිතන් ඇදුම් ටිකයි මගේ කියලා වැදගත් වෙන ලියකියවිලි ටිකයි බෑග් එකකට පැක් කරගෙන ඇදට වෙලා හිටියා…

පැය තුනක් විතර මන් කාමරේ එහා මෙහා ඇවිද්දේ ඊලගට මොකද කරන්නේ කියලා කරන ගමන්. ඒත් එක්කම මගේ ෆෝන් එකට කෝල් එකක් ආවේ නිමේෂ්ගෙන්..

“හෙලෝ…”

“හෙලෝ නංගි මන් ඇවිල්ලා ඉන්නේ…”

“ඉන්න මන් එන්නම්…”

“හෙලෝ නංගි…”

“කියන්න අයියේ..”

“ඔයා ඔය තීරණේ ගත්තේ හොදට හිතලද…”

“ආයේ හිතන්න දෙයක් නෑ හිතලා තමා ගත්තේ…”

“ශුවර්…”

“සීයට දෙසියක්…”

“එහෙනම් එන්න…”

එහෙම කියලා මන් ෆෝන් එක ඕෆ් කරලා මගේ ඇදුම් ටිකත් අරන් කාමරයෙන් එලියට ආවේ සදහටම මේ ගෙදරට සමු දෙන්න කියලා හිතන්…

“දෝණි මොකද මේ…”

“මන් යනවා. එක තත්පරයක් මට මේ ගෙදර ඉන්න ඕන් නෑ. අරකිට එන්න කියනවා. ගිහින් කියනවා දෝණි මැරිලා කියලා..”

මන් කඳුලු පාලනය කරගනිමින් අම්මාට එහෙම කියලා බෑග් ටික උස්සන් එළියට බහින්න හදද්දි අම්මා අඩාගෙන මගේ ගමන වැලැක්කුවේ..

“දෝණි පිස්සු නැතුව ඉන්නවා. මන් අප්පච්චි ආවම අක්කා එක්ක කතා කරන්නම්..”

“මොනවද තවත් කතා කරන්නේ ආ අම්මා. දැක්කානේ මොකුත්ම නාහා අප්පච්චිත් අක්කාගේ පැත්ත ගත්ත හැටි. නිකන් නිර්දෝශි මාව වැරදිකාරයෙක් කරා….”

“දෝණි කියන දේ අහන්න ළමයෝ…”

අම්මා කොච්චර අඩ අඩා ඇවටිලි කලත් මේ වෙද්දි මගේ හිත ගලක් වෙලා හොදටම පැරිලයි තිබ්බේ. කාගෙවත් කඳුළු මට නොපෙණුන තරම් මේ වෙද්දි අපේ ගෙදර ප්‍රශ්ණය හින්දා ගෙදරට කිහිප දෙකෙන් ඇවිල්ලයි හිටියේ…

“මන් යනවා. දැන් කට්ටියට සතුටින් හිටියැහිකි…”

එහෙම කියලා ගෙදරින් එළියට අඩිය තියන්න හදනකොටම අප්පච්චි ගේ ඇතුලට ආවේ. ඒ ඇස් තරහෙන් රතු වෙලා. ගේ ඇතුලට ආපු අප්පච්චි මට වැරෙන් කනේ පහරක් ගැහුවේ මාව විසික් වෙලා බිමට වැටෙද්දි. පුපුරු ගහන කම්මුලත් අල්ලන් මන් අප්පච්චි දිහා බලන් හිටියේ තරන්…

“මොකද මේ කරන නාඩගම ආ. මුළු ගමටම ලැජ්ජාවක් වෙන්නද ඕනේ…”

“මම නෙවේ අප්පච්චි ඔයාගේ පොඩි දුවයි විගඩම් නැටුවේ. මන් ඉන්නකම් මේ ගෙදර පස් පා ගන් නෑ කියලා එයා ගියේ.. හැමෝටම ඕනි මාව මේ ගෙදරින් එලවා ගන්න…”

“දෝණි කටවහන් ඉන්නවා මගේ මාරයා අවුස්සගන් නැතුව…”

“මාරයා ඇවිස්සුනත් එක්ක නැතත් එකයි. මන් යනවා යන්න. ඔයාලාට සතුටින් හිටියැකිනේ එතකොට…”

මන් පුලුවන් තරම් තදින් කෑ ගහලා එහෙම කියලා මන් එළියට යන්න හදනකොටම අප්පච්චි මාව ඇදන් ගේ ඇතුලට ආවේ නිමේෂ්ටත් එන්න කියන ගමන්…

“තමුන්ට දැන් කසාද බදින්නද ඕනේ…”

“ඔව්…”

“එහෙනම් සඳුදා ලැස්ති වෙනවා බදින්න. බැදලා ඔන දිහාවක යනවා. අපි මැරුණා කියලා හිතා ගන්නවා. තමුන්ටත් එක්ක කිවේ. සඳුදා වෙද්දි ලැස්ති වෙලා ඉන්නවා කසාද බදින්න…”

මටයි නීමේෂ්ටයි එහෙම කියලා අප්පච්චි මගේ දිහා බැලුවේ මරන්න තරම් තරහකින්…

“තවත් මෙතන මිනිස්සුන්ට නාඩගම් පෙන්නන් නැව යනවා කාමරේට…”

තාත්තා තරහින්ම මාව තල්ලු කරලා දොර වහලා යන්න ගියේ මගේ දිහා බලන්නේවත් නැතුව. ඇඩුවත් වේදනාවට මට මේ වෙලාවේ කුරිරු සතුටක් දැණුනේ හැමෝමවම රිද්දන්න පුලුවන් උන හින්දා…
අඩ අඩාම නින්දට වැටුණ මගේ තරහාව උදේ වෙනකොට කොහෙන් ගිහිල්ලද දන් නෑ. ඊයේ රෑ වෙච්ච කිසිම දෙයක් ගැන හිතේ කිසිම තරහක් කා ගැනවත් තිබ්බේ නෑ… ඊයේ ගත්ත තීරණය මතක් වෙද්දි පපුවට දැණුනේ ලොකු වේදනාවක්. ඒත් තීරණය අරන් ඉවරයිනේ කියලා හිතුණා…

“දෝණි අක්කේ ඔයාව හම්බෙන්න ඉස්සරහා ගෙදර ටිචර් ඇවිල්ලා…”

මල්ලි මගේ කාමරේට ඇවිල්ලා කතා කරද්දියි එයාගේ මුහුණ හරියට දැක්කේ. අඩලා අඩලා මල්ලිගේ මූණත් හොදටම රතු වෙලා. මම දිගු සුසුමක් හෙලලා ටිචර්ව හම්බෙන්න සාලෙට ගියේ..

ටිචර් මට ගොඩාක් තෙරුම් කලා. ගෙදර ඉන්න බැරිනම් එයාගේ ගෙදර ඇවිල්ලා පාඩම් කරලා එක්සෑම් ලියන්න කිවා. මම මොකුත්ම නොකියා කිවේ හිතලා බලලා කියන්නම් කියලා ටිචර්ටත්.

තවත් එහා පාසලේ ප්‍රින්සිපල් වෙච්ච ධම්මික සරුයි එයාගේ වයිෆුයිත් ආවා මාව හම්බෙන්න. ගොඩාක් තෙරුම් කරලා කිවා ආදරෙන් මේ තීරණය නවත්තන්න ගෙදර ඉන්න බැරිනම් එයාලාගේ ගෙදර එන්න එයාලාගේම දරුවෙක් වගේ බලා ගන්නම් කියලා කිවා එයාලාට දරුවෝ නැති හින්දා. මේ විහට ගොඩාක් දෙනෙක් ඇවිල්ලා මගේ තීරණය වෙනස් කරද්දි මගේ හිතත් වෙනස් උනේ මටත් නොදැණිම.

මම හොදට හිතලා කාමරයට ඇවිල්ලා දිල්නට ඇමතුමක් ලබා ගත්තේ ඔහුට මේ දේවල් කියලා හිතේ ආදරයක් තියනවා නම් මට කියයිනේ හිතලා. ඒත් උනේ නොකුතුව දෙයක්. මගේ දුක මගේ අසරණකම මගේ මේ ඉන්න තත්වය තෙරුම් නොගෙනම එයා කිවේ සදුඳා ස්කූල් වරෙන් කියලා.

දැන්වත් මාව තෙරුම් ගනේ හිතේ ආදරයක් තියනවා නම් කියයි කියලා හිතපු එයා එහෙම කියද්දි , ස්කූල් ගිහින් අමන්දියි එයායි දිහා බලන් ඉදලා විදවනවාට වඩා නිමේෂ්ව බදින එක හොදයි හොදයි කියලා හිතුණා. තවත් මේ ගැන කතා කරලා වැඩක් නැති හින්දා මම හිත හදන් නීමේෂ්ව බදින්න ලෑස්ති උනා. දවස් ගෙවි ගිහින් සඳුදා උනේ හරි ඉක්මනට.

“ඔයාට හොදටම විශ්වාසද මේ ගත්ත තීරණය ගැන…”

අන්තිම මොහොතෙත් නිමේෂ් මගෙන් ඇහුවේ තීරණ්‍ය වෙනස් කරයිදෝ යන සැකයෙන් වගේ. මන් ඒ ඇස් දිහා කෙලින්ම බලන් කතා කරේ කිසිම වෙනසක් නැතුව..

“ඔව් වෙනසක් නෑ මගේ තීරණයේ…”

ගෙවල් දෙකෙන්ම අකමැත්තෙන් උනත් මන් අන්තිමට නීමේෂ්ගෙම උනා නීතියෙන්ම.

සමහරවිට අක්කා එහෙම නොහැසුරානම්, අප්පච්චි එදා මාව විශ්වාස කලානම්, දිල්න අන්තිම මොහොතේ හරි මට ආදරේයි කිව්වා, මන් ඉවසුවා නම් මේ ඔක්කෝම වෙනස් වෙන්න තිබ්බා. ඒත් අතීතය ගෙවිලා ඉවරයි. අන්තිම මොහොතේ මම විවහා සහතිකයේ අත්සන් කලේ හිත දැඩි කරගෙන මොන ප්‍රශ්ණය ආවත් ජීවිතේ ඉස්සරහාට යනවා කියලා.

නිමි…

මේක සත්‍ය කතාවක්. ඉතින් ඔයාලාට හිතන දේ කියන් යන්න කතාව ගැන. තරාගේ ජිවිතේ ඉස්සරහාට මොකද උනේ ඒ හැමදේම අරන් දෙවනි කොටසකින් ආපහු එනවා. එතකම් මේ කතාව ගැන හිතුණ දේ අදහසක් දෙන්න.

❤ යේශ්නි අකේල්‍යා