මලක්දෝ නුඹ අරලියා 🌸🌿

_ 🌷🌿දහඅට වෙනි කොටස🌿🌷_

රන්දය මූලස්ථානයෙන් පිටතට ආවේ පැවැත්වූ සුවිශේෂී දේශණය අවසන් වීමෙන් පසුවය……….. වන්දනාගේ අංකයෙන් තිබුණු මඟහැරුණු ඇමතුම් දෙක දුටු රන්දය වහාම ඇයට ඇමතුමක් ගත්තේය………..

❤️ වන්දනා කොහේද ඉන්නේ…. ඇයි මට ගත්තේ…………

🌷 මේ පැත්තෙන් යනව නම් එනවද……. මට යන්න විදිහක් නෑ අප්පා…..

රන්දයගේ මුහුනේ ඇඳුනේ සුන්දර හසරැල්ලක්………

❤️❤️ මේ නපුරු රැජිණ ඉතින් මගෙන් වැඩක් ගන්නකම් විතරයි ඔය හුරතලේ……… නැත්තම් බලන්න ඕනි මේකිගේ කටේ සැර…………

❤️ මං එන්නම්…………..

වන්දනාට පුදුම සිතෙන්නේ තමා මේ තරම් රන්දය මත විශ්වාසය තබන් නේ ඇයිද කියායි……….. ඔහු අනුරුද්ධ පොඩිහාමුදුරුවන්ගේ මිතුරෙකු වීම එයට එක් හේතුවක් වන්නට ඇත………. නමුත් හිත පතුලින් ඇති වන්නේ ඊට හාත්පසින්ම වෙනත් දෙයකි………….. අඩහෝරාවකින් පමණ රන්දය එන විටත් වන්දනා සිටියේ රාත්‍රී සේවයට පැමිණි හෙදිය හා කතා කරමිනි…………. වන්දනාගේ සිනා පිරුනු මුහුණ රන්දයට ගෙන ආවේ ඇත්තටම කියනවා නම් ආදරයකි………….

❤️❤️ පිස්සු හැදෙන හිනාවක් ඒක දොස්තර නෝනේ…….. අනේ මන්දා මං නිකම් කාන්දමකට ඇදෙන යකඩයක් වගේ ඔයා දිහාටම ඇදෙනවා………….

වන්දනා ඇවිත් අනෙක් පසින් වාහනයට ගොඩවුනා………..

🌷 මං හින්දා ඔයාට හරි කරදරයි නේද රන්දය………. මට පස්සෙයි මතක් වුනේ මං කලේ වැරදි වැඩක් කියලා…….. අපි මෙහෙම යන එක ඔයාගේ girl friend වත් දැක්කොත් ඉවරයි……

❤️ මොකක්……. ඔයා කවුරු කියලද කිව්වේ………..

රන්දය ඇය දෙස හෙළුවේ අවඥාසහගත බැල්මකි………

🌷 girl friend……..

❤️ ආ…… ඒකට ඔය තරම් දේවල් කියන්න ඕනෙ නැහැනේ දොස්තර නොනේ………. මට කෙල්ලක් ඉන්නවද කියලා කෙලින්ම ඇහුවා නම් මං කියනවා නේ…………..

වන්දනාට හිනා යන්නට ආවත් එය අපහසුවෙන් වලක්වාගෙන මුහුණට නගාගත්තේ බොරු කේන්තියක්………

🌹 අනේ මට මොකද ඔයාට කෙල්ලක් නෙවේ කෙල්ලෝ දහයක් හිටියත්……. පිස්සුනේ………….

❤️ මට ඇති කෙල්ලක් නෑ වන්දනා………

🌹හිටියත් මට මොකද ඉතින්……..

❤️❤️මේකි යකෝ…….හොස්ස ලගින් මැස්සා යන්න බෑනේ……….. රන්දේ……… අමාරුකාරියක් වගේ……….

වන්දනා කිසිදෙයක් කතා කලේ නෑ………. ඒත් රන්දය Queens එක ගාව වාහනය නැවැත්තුවා………

🌹 ඒ සැරේ මොකද………

❤️ අපි මොනවා හරි බීලා යමු…… මට බඩගිනියි දවල්ට කාලත් නෑ

ඇත්තටම රන්දයට ඕනැ වුනේ වන්දනා එක්ක ටිකක් කතා කරන්න…….. ඊටත් වඩා ඇය හා ටිකක් කාලය ගත කරන්න……. ඇය හා මිතුරු වන්නට ඇය කොයි වගේ කෙනෙක්ද කියලා හඳුනගන්න………….. වන්දනාටත් රන්දය කරන්නේ බොරුවක් කියලා තේරුනත් ඔහු සමගින්ම ඇයත් වාහනෙන් බැස්සා……………… දෙන්නම එකටම ගිහින් ටිකක් සෙනග අඩු පැත්තකින් වාඩි වුනා……………… දැන් නම් සීතල හොඳටම එනවා………… වන්දනා දෑත් අකුලවාගෙන වටපිට බැලුවා……..

❤️ අපි තේ බොමු නේද……….

කෙල්ල දිහා බලලා රන්දය ඇහුවත් ඒ වෙද්දිත් ඔහු ඕඩර් කරලා ඉවරයි……….

❤️මේ මොකද මේ…. හිටියේ නම් එංගලන්තෙලු……. මේ පොඩි සීතල ඉවසන්න බැරිද වන්දනා…….

🌹 හුඟක් සීතල ඉවසන්න පුළුවන් මේක මේ පොඩි සීතලක් ඒකයි ඉවසන්න බැරි…………….

❤️ හ්ම්ම්ම්….. ඒකත් එහෙමද………. මේ වන්දනා………. දැන් මේ මාත් එක්ක ඉදලා ඔයාට ප්‍රශ්ණයක් වෙන්නැද්ද……. i mean…. boyfriend……

වන්දනාට ඊට නම් හයියෙන්ම හිනා ගියේ වට පිට ඉන්න අයගේත් අවධානය ඇය වෙත යොමු වෙද්දි……….

❤️ මොකද හිනාවෙන්නේ……….

🌹හිනා යන්නැද්ද මං අහපුවා මගෙන්ම ආපහු අහනකොට………

❤️ මං එහෙම ඇහුවේ කොයි වෙලාවේ හරි ඔයාගේ කොල්ලා ඇවිත් මගේ බෙල්ලෙන් අල්ලගනී කියලා…….

🌹 මට ඇති කොල්ලෙක් නෑ………..

වන්දනා පැවසුවේ වේටර් වරයා ගෙනා තේ දෙකෙන් එකක් රන්දය අසලින් තබමිනි…………..

❤️ වෙන්න බෑ…………..

🌹 ආ ඔව්නේ මට කොල්ලෙක් ඉන්නවා…… මෙහේ නෙවේ ඉන්නේ රට අපි ආදරෙන් ඉන්නවා………… ඒකනේ ඔයාට ඕනැ කරපු උත්තරය නේද……..

වන්දනා කියාගෙන කියාගෙන ගියේ ගිරවියක් වගේ……. රන්දය සුසුමක් හෙලා සිනාමුසු මුහුණින් යුතුවපතේ එකත් අතට අරන් කවුළුවෙන් පිටතට ඇස් යොමු කලා………. වන්දනා ඉවත බලාගෙන ඉන්න රන්දය දිහා ටිකක් වේලා බලාගෙනම හිටියා………. විශේෂයි….. ඇත්තටම මොකක්ද හුරුපුරුදු බවක් විශේෂත්වයක් තියනවා ඒ මුහුණෙ………. හදවත රිදීගෙන අසාමාන්‍ය ලෝබකමක් මුළු හදවතම වසාගෙන පැතිරෙන්නට වුනා…………

🌹🌹 අනේ මන්දා….. මට මේ හිතෙන්නේ මොන විකාරයක්ද………

❤️ වන්දනා………. මේකයි….. මං ඔයාගේ යාළුවෙක් කියලා හිතනවා කියලා මං දන්නවා……….. මොකද නැත්තම් ඔයා මට කතා කරන්නෙ නෑනේ එක්ක යන්න එන්න කියලා නේද………

🌹 හ්ම්ම්ම්ම්ම්…. ඔව්……….. මං හිතනවා ඔයා හොඳ කෙනෙක් කියලා……..අනික ඉතින් ඔයා පොලිස් ඔෆිසර් කෙනෙක්නේ…

❤️ විහිළු නෙවේ……. ඇත්තටම මං පොලිස් ඔෆිසර් කෙනෙක් තමයි……… මං අපරාධ විමර්ශණ අංශයේ මහනුවර OIC………

වන්දනාගේ දෑස් විසල් වුනා……… ඇය ඔහු දෙසම බලාගෙන හිටියා………..

❤️ කට වහගන්නවා මැස්සෝ රිංගයි…….. ඔන්න මං ගැන කිව්වා……. දැන් දොස්තර නෝනත් කියන්න මං ආසයි දැනගන්න…….

🌹 මට නම් කියන්න විශේෂ දෙයක් නෑ රන්දය…….. මං වන්දනා…….. වන්දනා මේඝනාවි වික්‍රමනායක……. අම්මයි තාත්තයි එක්ක ENGLAND ඉඳලා අවුරුදු විස්මකට පස්සෙ තමයි මෙහෙ ආවේ….. ආ…. මං ඩොක්ටර් කෙනෙක්……. PHD එක කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා…….. තෝරගන්නේ GYNECOLOGY තමා………..

❤️ වාව්…. නියමයි වන්දනා………. මට සතුටුයි ඔයා හඳුනගන්න ලැබුණු එක……

🌹මටත් එහෙම තමයි රන්දේ…… මේ ඒක නෙවේ ඇත්තටම ඔයා මේ පලාතේ OIC නම් මොකද මේ අර ගෙදර නවතින්න ආවේ…… ඇයි ඔයාට QUARTERS නැද්ද………

❤️ මොකක්ද කිව්වේ වන්දනා….. ඒක ආයෙම කියන්න……..

🌹 ඒ කිව්වේ……….

❤️ මගේ නම……..

එතකොටයි වන්දනාට සිහිවුනේ තමා ඔහුගේ නම කෙටි කරලයි කිව්වේ කියලා……

🌹 ඇයි…. ඔයා ඒකට කැමති නැත්ද…..මං හිතලා නෙවේ…. එහෙම කිව්වේ……..

❤️ අපෝ නෑ නෑ………ඒක හරි ආදරණියයි….. ඒකයි…….. මට කවුරුත් එහෙම කතා කරලා නෑ…….. රන්දේ කියලා…… ඔහොම ආදරෙන්…….

🌹 ආ…… දැන හිතන්නේ මං ආදරෙන් කතා කලා කියලද…. පිස්සු හැදිලද අනේ……. ඉතින් කියන්නකෝ…. ඇයි අර ගෙදරට ආවේ……

❤️ CID OFFICER කෙනෙක් බබා………. ඒක මතක තියාගන්න……….

🌹 ඒ කියන්නේ මොනවා හරි හොයනවා….. එහෙමද……

කෙල්ල ඇහුවේ රහසින්…….. හරිම හුරතල් ඒක අහපු විදිහ……….

❤️ ඔව් මං දෙයක් හොයනවා…… ම්ම්ම්ම්… ඒක ගැන මං පස්සේ කියන්නම්කෝ….. දැන් යමුද…..

කෙල්ලත් හිස වනලා ඔහු පසුපසින් වැටුනා………. රන්දයගේ ලඟින්ම ඒ හා සමානවම පාද තබන වන්දනා දෙස බලන් හිටිය අසෙනිය සුසුමක් හෙළුවේ ඔහුගේ සිතුවිල්ල හරියටම හරි කියලා අද ඔප්පු වුන නිසා……….. අසෙනියට ඇය ගැන තරහක් ඇති වුනෙත් නෑ……. ඒත් ඒ වෙනුවට දැඩි වේදනාවක් ඇති වුනා……..

💙💙මේ කවුද වන්දනා……… කවුද මේ…………

අසෙනිය එසේ තමාගෙන්ම විමසුවත් වන්දනා සමගින් මේ ඉන්න රන්දය උපතින්ම ඇගේ හිමිකරුවෙකු වෙයි…… කතාවක් තියනවානේ නෑනා අයිති මස්සිනාට කියලා……. ඉතින් මේ ඉන්නේ වන්දනාගේ ඇවැස්ස මස්සිනා……. ඇගේ මාමා වන සදහම් දෑලබණ්ඩාරගේ එකම පුතා………………

ඊටත් වඩා අයිතියක් තවත් තියනවද………. වන්දනාට රන්දයවත් රන්දයට වන්දනාවත් මෙතරම්ම හුරු පුරුදු ලෙස දැනෙන්නේ එනිසයි……. ඒ බැදීම නිසයි…………. නමුත් දෙන්නට දෙන්නා දන්නෙ නෑ…. මේ දෙන්නාගේ අනන්‍යතාවය………….

🌿🌷🌿🌷🌿🌷🌿🌷🌿🌷🌿🌷🌿🌷

කාලයක් නිහඬව හිටිය සුලක්ඛණා මැණිකේ ඔන්න ආයෙමත් කරලියට එන්නයි හදන්නේ……….. ආයෙමත් විවාහ යෝජනාවක්……….. හැබැයි මේ වතාවේ නම් පහුගිය ඒවා වගේ නෙවේ……. අැය හොයාගෙන තියෙන්නේ කාටවත් වචනයක්වත් කියන්න බැරි කෙනෙක්ව……..

එහෙම තමයි සුලක්ඛණා මැණිකේ හිතාගෙන ඉන්නේ…….. ඇය #දුෂේරා_මඩුගල්ලේ නුවර පලාතේ ප්‍රධාන අමාත්‍යවරයා වන උපුල් මඩුගල්ලේගේ එකම දියණිය……….. වචනයක් වත් කියන්න බැරි කෙනෙක් කිව්වේ ඇයි කියලා දැන් තේරෙනවානේ……..

අැය ඇමති දියණියක්……. හැබැයි ඇය හොඳට ඉගෙන ගත්ත උපාධිධාරිනියක්,,, පියාගේ ව්‍යාපාරයන් පාලනය කරන්නේ ඇය…… ඇත්තටම ඇය දක්ෂ ව්‍යාපාරික කාන්තාවක්…….. ඒ වගේම පාතාලය සමග සම්බන්ධතා පැවැත්වූ අයෙක්……. ඒ බව නම් කවුරුත් දන්නෙ නෑ….. මොකද දුෂේරා සමාජයට පෙන්නගෙන ඉන්නේ ඉතාමත් හොඳ කෙනෙක් වගේ……….. රන්දයව විවාහ කරගැනීමත් එක්තරා ආකාරයකට ඔවුන්ගේ සැලැස්මක්ම තමයි……..

🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹🌿❤️🌹

෴ මතු සබැඳියි ෴