ඊටපස්සෙ දිගටම උනේ සමිර කියන්නෙ කුශ් අයියමයි කියල මට හිතෙන දේවල්මයි. එයාට මාත් එක්ක ඉන්නකොට අපේ පොඩිකාලෙ දේවල් ගොඩක් මතක් උනා. මට දැනුන එයාට ඒව ලේසියෙන් අමතක කරන්න බැහැ කියල. මම ගොඩක් සතුටින් හිටියෙ. කුශ් අයියට ඇත්ත කියල එයාව එක්කන් ෆ්‍රාන්ස් වලට ගිහිල්ල ඉන්න මම හිතන් හිටියෙ. ඒත් එක දවසක් ඒ හැමදේම හැම සැලසුමක්ම වෙනස් උනා. එදා මට අහම්බෙන් ඇහුනෙ තාත්තිගෙ ෆෝන් කෝල් එකක්. එයා ඔෆිස් රූම් එකේ ඉඳන් හෙමිහිට කතා කරනව ඇහුන. මම සාමාන්‍යයෙන් එදා සිදුවීමෙන් පස්සෙ තාත්තිගෙ දේවල් හොඅන්න යන්නෙ නැහැ. ඒත් සමීරගෙ නම ඇහුන හින්ද මම අහගෙන හිටියෙ.
නැහැ අයියෙ. කෙල්ල තාම දන්නෙ නැහැ. ඒ කොල්ලද කියල.
සමීර නම. සාමාන්‍ය පවුලක කොල්ලෙක්. අපේ එකී තමයි කියන්නෙ ඒ කුශින්ත්මයි කියලා.
දන්නෙ නෑ.
මම බලන්නම් අයියෙ.
හරියටම දැනගෙන ඉවරයක් කරල දාමු.
ඔව්. මම වටින් පිටින් ආරංචි කරල බැලුව. ඒ ලමය හදාගන්න ගත්ත කියලවත් කවුරුත් කියන්නෙ නැහැ. මේ අපේ කෙල්ල තමයි කියන්නෙ.
ඔව් අයියෙ. හරි. මට ටික දවසක් දෙන්න.
මොනවද දෙයියනේ මේ වෙන්නෙ. තාත්ති කාටද ඒ කතා කලේ. එයාලා සමීරට කරදරයක් කරන්නද හදන්නෙ. දෙයියනේ මම දැන් මොකද කරන්නෙ. මම හීනෙන් වත් හිතුවෙ නැහැ තාත්ති මෙහෙම දෙයක් කරයි කියල. ඇයි ඒ?
මම ඉක්මනට එතනින් ආවෙ තාත්ති මාව දකින්න ඉස්සෙල්ල. තාත්තිට මම කියපුව ආපහු ගන්න පුලුවන් කමක් නැහැ. ඒ හින්ද මට වැරදීමක් වෙලා. ඒ ඉන්නෙ සමිඋර කියලා වෙන කොල්ලෙක් කියල ඒත්තු ගන්නන්න ඕන. මම හිතුව.
දුව.. ඔයා බැලුවද අර ලමයා ගැන. තාත්තා මගෙන් ඇහුවෙ ටික දවසකට පස්සෙ?
කවුද? මම ඇහුව.
ඇයි අර කුමුදුද කවුද කියන්නෙ. එයාගෙ ලමයා. ඒ අපේ කුශින්ත් ද?
ආ.. නෑ තාත්තෙ. මට වැරදිලා. එයා මේ වෙන කෙනෙක්. කුශ් අයිය නෙවේ. මම කිව්වෙ මට පුලුවන් උපරිම විශ්වාසවන්ත විදිහට. ඒත් තාත්තිගෙ මූණෙ තිබ්බෙ මාව විශ්වාස නොකරන බැල්මක්. කොහොමත් මට බොරු කියන්න අමාරුයි. එයාට තේරෙනව මම බොරුවක් කියද්දි.
රෝස. ඔයා මට ඔය බොරු නෙවේ නේද කියන්නේ?
නෑ තාත්ති. ඒ වෙන කෙනෙක්. මට වැරදිලා. මම ආයෙම කිව්ව. ඒ කලින් තරම් විශ්වාසයකින් නෙවේ. මට සමාවෙන්න සමීර. මට මේක කරන්න බැහැ. මට බොරු කියන්න තේරෙන්නෙ නැහැ. මම හිතෙන් කිව්වා. දෙවියනේ. සමීරට තේරෙනවනම් මට වෙලා තියෙන ප්‍රශ්නෙ.
උබ මට බොරු කියල තිබ්බොත් මම බලාගන්නම්. තාත්ත මට කිව්වෙ කවදාවත් නැතුව. මගේ ඇස් වලට කඳුලු පිරුනා. දෙයියනේ තාත්ති කවදාවත් මට ඒ විදියට කතා කරල නැහැ.
තාත්ති..මම මොන වැරද්දක් කලාට ද මට ඔහොම කතා කරන්නේ? මම ඇහුවා.
මොකද සේනක ඔයා ඔය දුවට කතා කරන විදිහ. අම්මත් ආවෙ තාත්ති මහ හයියෙන් මට බනිනව ඇහිලා.
ෆැනී මෙන්න මේකිට කියල දෙන්න මට බොරු කියන්න එපා කියල. මේකි ගිය සතියෙ කිව්වා අර කොල්ලා අපේ කුශින්ත්මයි කියලා දැන් කියනවා නැහැ කියලා. උඹට ඕන අපි ඔක්කොම අමාරුවෙ දාන්නද.
මොනවද සේනක ඔයා මේ කියන්නෙ? දුව කිව්වනේ ඒක වැරදීමක් කියල.
ඔයා තමයි ඉඳගෙන දුව ව හුරතල් කරන්නෙ. මට ඇත්ත නොකිව්වොත් උබලා දෙන්නම යහතින් ඉන්න නෙවේ.
මොනවද සේනක ඔයා මේ කියන්නෙ? මොකද ඔහොම කතා කරන්නෙ? අම්මත් ඇහුවෙ ඇස් ලොකු කරගෙන. මොකද තාත්තා කවදාවත් අපි ඉස්සරහ ඒ විදියට හැසිරිලා නැහැ. ඒ මගේ තාත්ත නෙවේ කියල මට මොහොතකට හිතුනු තරම්.
ඒ කොල්ලව හොයාගන්න ඕනෙ කොහොමහරි. තාත්ති කිව්වෙ එතන තිබ්බ මල්වාස් එකකටත් පයින් ගහල. ඒක බිඳිල කෑලි වලට කැඩුන.
තාත්ති……….
සේනක…. මේ මොකද මේ ඔයාට වෙලා තියෙන්නේ?
උබ මට බොරු කියල තිබ්බොත් මම බලාගන්නම්කො.
සේනක. අපි මෙහෙට ආවෙ ඒ දරුව හොයාගන්න තමයි. ඇයි ඔයා ඔහොම හැසිරෙන්නේ?
ඒකා හොයාගන්න ඕන කොහොමහරි. නැත්තම් අපිටත් යහතින් ඉන්න හම්බවෙන්නෙ නෑ.
ඒ කොහොමද? ඇයි අපිට මොනා වෙන්නද? අම්මි ආපහු ඇහුව. සේනක… මොනවද ඔයා අපිට නොකිය හංගන්නෙ? ඇත්ත කියන්න
මට ඔය හැමදේම පැහැදිලි කරල දෙන්න බෑ. ෆැනී කරුණාකරල මෙයාට කියන්න අර කොල්ලා ගැන විස්තර කියන්න කියලා. බොරුවට ඇඬුව කියල අපේ ප්‍රශ්න විසඳෙන්නෙ නෑනෙ.
මම මොනව කියන්නද තාත්ති. අනිතෙක මොනවද අපිට තියෙන ප්‍රශ්න. අපි කාටවත් කරදරයක් කරල නෑ.
කාටවත් කරදරයක් කරල නෑ කියල අපිට යහතින් ජීවත් වෙන්න පුලුවන් කියන්න බෑනෙ. දැන් කුශින්ත්ගෙ පවුලට ඔහොම උනේ ඒ මිනිස්සු කාටවත් කරදරයක් කරලද?
ඉතින් අපි මෙච්චර කල් හොඳට හිටියේ? දැන් මේ හදිස්සියෙ මොකද්ද අපිට තියෙන ප්‍රශ්නෙ?
ෆැනී..ප්‍රශ්න කියන ඒව කිය කිය එන්නෙ නෑ. ඔය කොල්ලව හියාගන්න ඕන. මම කියන්නෙ එච්චරයි. තාත්තා කිව්වෙ මගේ දිහා බලල.
ඊට ඉස්සෙල්ල ඔයා අපිට කියන්න මොනවද ඔයා හංගන්නෙ කියල. දුවත් දැන් පොඩි ලමයෙක් නෙවෙයි. එයාට තේරුම් ගන්න පුලුවන්.
මට ඕවට උත්තර දෙන්න බෑ. තාත්ති එහෙම කියල ඊටපස්සෙ එයා යන්න ගියා.
අපි අපිට පුලුවන් හැමදේම කරනවනෙ අම්මි. මම කිව්වා. තාත්ති මොනවහරි අපෙන් හංගනව.
ඔව් පුතේ ඒක නම් මටත් හිතුන.
මට දුකයි අම්මි තාත්ති කවදාවත් මට එහෙම කතා කරල නෑ.
ඒ ගැන වැඩිය හිතන්නෙපා පුතේ. තාත්ති මොකක් හරි ප්‍රශ්නෙක ඉන්නෙ.
අම්මි ඔයාට බැරිද තාත්තිගෙන් ඒ ගැන දැනගන්න.
මම දන්නෙ නැහැ. එයා කවදාවත් ඕව කතාකරන්නෙ නෑ මාත් එක්ක.
අම්මි බයයි තාත්තිව තරහ ගස්සන්න. එයාට බල කරල වැඩක් නෑ. මට හිතුන.
ඒ සිදුවීමෙන් පස්සෙ තාත්ති කතා කලේ නැහැ මා එක්ක.
ඊටපස්සෙ දවසෙ එයා හදිසියෙ ගෙදර ආවෙ පුදුම කලබලේකින්.
ෆැනී ෆැනී… රෝස අම්මියි මායි සාලෙට ආවෙ තාත්ති මහ හයියෙන් අපි දෙන්නට කෑගහනව ඇහිල. ඉක්මනට ගන්න තියෙන බඩුවක් ගන්න අපි මෙහෙන් යනවා.
මොනවා කොහෙ යන්නද මේ හදිස්සියෙ මට බෑ.. මම කිව්ව.
තාත්ති මම ලගට ආව. උඹ මට ඇතිකරල තියෙන ප්‍රශ්න හොඳටම ඇති. කියන දේ අහල යන්න ලෑස්ති වෙයන්. අපි තව මොහොතක් වත් මෙහෙ ඉන්නෙ නෑ.
අනේ අම්මි.. තාත්තිට කියන්නකො. මට පොඩි කට්ටිය දාල යන්න බෑ. මේ අපේ ගෙදරනෙ. අනිතෙක හදිස්සියෙ අපි යන්නෙ කොහොමද.
ෆැනී… මම හේතුවක් ඇතුව කියන්නෙ. අපි මෙහෙ ඉන්නෙ නෑ. අපි ෆ්‍රාන්ස් වලට යනවා ආයෙම.
මහත්තයො ඔයා මොනාද අපිට නොකිය හංගන්නෙ කියන්න. මෙහෙම හදිස්සියෙ ගෙවල් දාල යන්න පුලුවන්ද ?
ඕගොල්ලො දැනගන්න ඕන දේවලුත් තියෙනව නැති ඒවත් තියෙනව. දෙන්නම මගේ යකා අවුස්සන්නෙ නැතුව ලෑස්ති වෙනවද නැද්ද?
රෝස යන්න කාමරේට. ගන්න තියෙන දෙයක් ගන්න.අම්මි කිව්ව.
අනේ අම්මි මට බෑ.මට මෙහෙ ඉන්න ඕන.
කිව්වම අහල යන්න දුව.
මම එහෙනම් මගේ යාලුවන්ට කියල එන්නද? මම ඇහුවම අම්මි බැලුව තාත්ති දිහා.
අනේ තාත්ති ප්ලීස්.
දුවට යන්න දෙන්න සේනක. මොකද කාටවත් කියන්නෙ නැතුව ගිහාම මිනිස්සු උනත් බලයිනෙ මොකද කියල. ඔයාට ඕන නෑනෙ මිනිස්සු අපිට තියෙන ප්‍රශ්න දැනගන්නවට. අම්මි කිව්ව.
හ්ම්.. අම්මි එහෙම කිව්වට පස්සෙ තමයි තාත්ති කැමති වුනේ. හැබැයි කාටවත් මොනවත් අනවශ්‍ය දේවල් කියන්න බෑ. තේරුනාද? අපි ෆ්‍රාන්ස් වලට යනව කියන්න එච්චරයි. තාත්ති කිව්ව ගමන් මම දුවගෙන ආවා.
මම ඔයාලගෙ ගෙදර ලගට ගියා. මට බය හිතුන ආන්ටිට ගිහින් කතා කරන්න. මම දැනගත්ත ඔයා ගෙදර නෑ කියල. නාස්ති කරන්න වෙලාවක් තිබ්බෙ නෑ. ඒ හින්ද මම මට පුලුවන් අයට කතා කරා. එයාලවත් ඔයාට කියයිනෙ කියල. මම හිතුව ඔයා මාව හොයාගෙන එයි කියල.
මම ගෙදර යද්දි අම්මිල ලෑස්ති වෙලා හිටිය.
ගේ ඉස්සරහ කලුපාට කාර් එකක් තිබ්බ.
අම්මි.. කාගෙද මේ කාර් එක.
මගේ. තාත්ති කිව්ව. නගින්න ඉක්මනට.
තාත්ති.. අපි ඇත්තටම ෆ්‍රාන්ස් වලට යනවද?
ඔව්. යනව.
ඇයි අපි යන්නෙ. මම එහාට කැමති නෑ. සීයත් නැතුව කුශ් අයියත් නැතුව මට බැහැ එහෙ ඉන්න.
තාත්ති මොනවත් කිව්වෙ නෑ.
තාත්ති අපිව එක්කන් ගියේ ලොකු තාප්පෙකින් වට වෙච්ච ගෙදරකට.
අපි ආයෙ ෆ්‍රාන්ස් වලට යනකම් ඉන්නෙ මෙහෙ. තාත්ති කිව්ව. මේ ගෙදර කවුරුත් නෑ. අපි විතරයි ඉන්නෙ. වැඩ කරන අය නෑ.
අවශ්‍ය හැමදෙයක්ම මෙහෙ තියෙනව. එලියට යන්න බඩු ගේන්න උවමනාවක් නෑ.
ඒ කියන්නෙ අපි හිරකාරයො වගේ ඉන්න ඕන කියනෙකද?
ඇත්තටම ඔව්. තාත්ති කිව්ව. කවුරුත් දැනගන්න බෑ අපි ඉන්නෙ කොහෙද කියල. තේරුනානෙ? තාත්ති ඒ ටික නම් කිව්වෙ මට. කවුරුත් කිව්වම කවුරුත් ම දැනගන්න බෑ.
කවද්ද මේ විකාරෙ ඉවර වෙලා අපිට ගෙදර යන්න පුලුවන්
අපි ආයෙ කවදාවත් ඒ ස්කීම් එකට යන්නෙ නෑ.
මම මගේ ප්‍රශ්න ටික විසඳගන්නකම් අපි ඉන්නෙ මෙහෙ. තේරුනානෙ. තාත්ති එහෙම කිව්වා.
ඉතින් සෑහෙන කාලයක් අපි හිටියෙ ඒ ගෙදර. රට යනව කියපු හින්ද කවුරුත් අපි ගැන හොයන්නෙත් නෑනෙ.
මේක මහ වදයක් අම්මි. අපි කාගෙන්ද මෙහෙම හැංගිල ඉන්නෙ. මට මේ ගෙදර ඉඳල එපා වෙලා. මම හැමදාම අම්මිට කියනව.
තව ටික දවසක් ඉවසන්න දුව.
තාත්ති ගෙදර එන්නෙත් නෑ. අපිට බැරිද එලියට ගිහින් එන්න.
තාත්ති දැනගත්තොත් බැනුම් අහන්න වෙයි.
බැන්නට කමක් නෑ මට එලියට යන්නම ඕන. මට බෑ මේ හිර ගේ ඇතුලට වෙලා ඉන්න. අනිත් එක කවද වෙනකම්ද.
ගෙදර බඩුත් ඉවර වෙලා. එහෙනම් අපි දෙන්නා ගිහිං එමු. අම්මි අන්තිමට කැමති උනා.
ඉතින් අපි එලියට ගිහින් අපිට ඕන දේවල් ගෙනාව. තාත්ති දැනගත්තෙ නෑ. මම ඒ අතරෙදි ඔයා ගැනත් හොයල බැලුව. මට දැනගන්න ලැබුන ස්ටුඩියෝ එක ගැන. මම දැනගෙන හිටියෙ නැත්තෙ සමීරගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගැන විතරයි. අහම්බෙන් දකිනකන්ම. දැන් මට එයා ගැන කියන්න. කොහොමද එහෙම උනේ? ඩියාශි කිව්වා .
එයා මුණ ගැහිච්ච එක හරිම අහඹු සිද්දියක්. මම කිව්වා.
ඔයාගෙ ජීවිතේ අහඹු සිදුවීම් වගෙ පේන ඒව අහඹු සිදුවීම් නෙවේ. ඩියාශි කිව්වා. ඔයාට ඒ ගර්ල් විශ්වාසයිද?
මට විශ්වාසයි. එයා මෙච්චර කාලෙකට මා වැරැද්දක් කරල නෑ. මම කිවේ ඩියාශිගෙ මූණ අඳුරු වෙලා යද්දි.
එයා මට වැරැද්දක් කරල නෑ මෙච්චර කාලෙකට. මම එහෙම කියද්දි ඩියාශිගෙ මූණ අඳුරු උනා. එයා මම එහෙම කියයි කියල බලාපොරොත්තු උනේ නැතුව ඇති. ඒත් ඇත්ත ඒකයි. හිත මොනව කිවත් මට දෙන්නෙකුට බලාපොරොත්තු දෙන්න බැහැනෙ. ඒත් මගේ යටිහිත කියනවා මට කවදාවත් ඩියාශි ගැන සහෝදරියකගෙ මට්ටමින් හිතන්න බෑ කියල. එයාට ඒක නොදැනී තියෙන්න මට සෑහෙන්න මහන්සි වෙන්න වෙයි.
ඉතින් දැන් ඔයයි අම්මියි අර කිව්ව ගෙදර ඉන්නෙ තනියමද? රවීන් ඇහුව
ඔව්.
තාත්ති එතකොට.
එයා කොහෙ ඉන්නවද මම දන්නෙ නෑ. අපිට කෝල් එකක් දුන්නෙත් නෑ ගෙදර ආවෙත් නෑ
අර කලාගාරය දැනට බලා කියාගන්නෙ ඔයාගෙ තාත්තිනෙ. එයා ෆ්‍රාන්ස් වල ඇති ඒ කියන්නෙ.
ඔව් සමහරවිට තාත්ති වැඩ කරන විදිය ඇත්තටම මම දන්නෙ නෑ
ඉතින් අපි කොහොමද එතකොට මේ ප්‍රශ්නෙ අග මුලක් හොයාගන්නෙ. මම ඇහුව.
ඩියාශි මගේ දිහා බැලුව කෙලින්ම. අපිට ෆ්‍රාන්ස් යන්න වෙනව. එයා කිව්ව.
මොකක්..
ඔව්. හැබැයි කාටවත් නොදැනී තමයි යන්න ඕන. එයා කිව්වෙ නිවීහැනහිල්ලෙ
අපි එහෙ ගිහින් මොනා කරන්නද?
මම දන්නෙ නෑ. ඒත් අපේ හැම දෙයක්ම පටන් ගත්තු තැන එහේ. අපි එහෙ යන්න ඕන කියල මගේ හිත කියනව.
ඒ කතාව ඇත්ත සමීර. මොකක් හරි පොටක් පාදගන්න බැරි වෙන එකක් නෑ. රවීන් කිව්වා.
මම දැන් යන්න ඕන. ඩියාශි කිව්වේ ඔරලෝසුව දිහා බලල. ගොඩක් වෙලා ගිහින්.
අපි කවදද ෆ්‍රාන්ස් යන්නෙ එතකොට ? මම ඇහුව.
පුලුවන් ඉක්මනට. ඩියාශි කිව්ව. මගේ පාස්පෝට් එක තාත්ති ගත්ත. එයා ඒක කොහේ තිබ්බද මන්ද. ගෙදර ගිහින් හොයන්න ඕනෑ. තව ප්‍රශ්නයක් තියෙනව. එහෙම කියල ඩියාශි රවීන් දිහා බැලුවා. රවීන් මට ඔයාට ටිකක් කතා කරන්න පුලුවන්ද ?
මොකක් ගැනද?
මට දෙයක් කියන්න තියෙනව.
ඇයි මම ඉන්න තැන කියන්න බැරි දෙයක්ද? මම ඇහුවෙ සිහින් රිදුමක් වගේ හදවතට දැනෙද්දි.
ඇත්තටම නම් ඔව්. එයා කිව්වෙ කෙලින්ම මගේ දිහා බලල. ඩියාශිගෙ ඒ ගතිගුණය එයා මුණ ගැහුනු දවසෙ ඉඳන් මම දැක්කා.
ඒත් ඔයාට දැනගන්නම ඕන නම් මම කියන්නම්. එයා ආයෙම කිව්වෙ මගේ දිහා බලල.
ප්‍රශ්නෙ තියෙන්නේ සමීරගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් දැනගන්න බෑ රට යන එක ගැන. ඩියාශි කිව්වා. මට හිතුනේ එයා ගීත්නා ගැන ඉරිසියා කරනවා කියලා. මගේ හිතට ආවෙ නොපහන් හැඟුමක්.
ඔයා හිතන්නෙ ඔයාගෙ එෆෙයාර් එක ගැන මම ඔයාට ඉරිසියා කරනව කියලා නම් ඔයාට වැරදිලා සමීර. එයා ආයෙම කිව්වෙ තියුණු ඇස් වලින් මගේ දිහා බලල. පුදුම වෙලා බලන්න එපා. මට තාමත් ඔයාව කියවන්න පුලුවන් කුශ් අයියේ. එයා ඒ කියපු විදිහ මට හදවතටම දැනුනා. ඒ ඇමතුම මගේ හිත යට හැමදාම රැඳිලා තියෙයි. ඒක මගේ ආත්මයටම එකතු වෙලා වගේ. ඒ කතාව නැතුව මම ජීවත් වෙන්නෙ කොහොමද? මම ගොලු උනේ කතා කරගන්න වචන හොයාගන්න බැරුව. එයාගෙ මූණෙත් තිබ්බෙ මගේ හැඟීම් එයා තේරුම් ගත්ත වගේ හැඟීමක්. ඒක වචන වලින් කියන්නෙ නැතුව හදවත දොඩමලු වෙච්ච අවස්ථාවක්.
ඇයි ඒ? රවීන් ඇහුවෙ ඒ මොහොතෙ නිහඬතාවය බිඳල.
මොකද එයා කාගෙ කවුද කියලා අපි හරියටම දන්නෙ නෑනෙ.
ඩියාශි ඔයා මොනාහරි දැනගෙනද කතා කරන්නේ? රවීන් ඇහුවෙ සැකයක් මූණෙ තියාගෙන. ඇයි ඔයා ගීත්නාට අකමැති? ඇත්තටම මටත් දැනගන්න ඕන ඒ දේමයි.
මම දැනට නම් මොනවත් දන්නෙ නැහැ. ඒත් මට හේතු දෙකක් තියෙනව. එකක් එයා හදිසියේම අහම්බෙන් සමීරගෙ ජීවිතේට ආපු එක ගැන සැකයක් තියෙනව. ගොඩක් කාලයක් මේ ප්‍රශ්න එක්ක ඉඳල ද මන්ද මම හැමදෙනා ගැනම හැම දේම ගැනම බලන්නෙ සැකෙන්. සමහරවිට එයා අහිංසක හොඳ ගෑනු ලමයෙක් වෙන්න ඇති. අර කතාවක් තියෙනවනෙ සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා කියලා නේද?
එයා කියද්දි මට හිතුනෙ ඇත්තටම මම ගීත්නා ගැන දන්නෙ මිනවද කියල.
එතකොට අනිත් හේතුව? මට අහන්න ඕන උනත් ඇහුවෙ රවීන්මයි.
ආ ඒ හේතුව ඔයා දැන නොගත්තට කමක් නෑ. ඒක මම විතරක් දැනන් හිටියම ඇති. ඩියාශි ඒ ටික කිව්වෙ ඒ දේ ගැන මට කවදාවත් ම නොකිය ඉන්න තීරණය කරල වගේ. ඒ ගැනතවත් ප්‍රශ්න නොකල යුතුයි වගේ හැඟුමක් ඇගේ කටහඬේ තිබුන කියල මට හිතුන. මට දැනුනෙ ඇය නොකියා නැවැත්තුව දේ ගැන දැනගන්න නොඉවසිලිමත් බවක්. ඒත් මගේ සිතැඟි පෙන්වන්න පුලුවන් කමක් නෑ. අතීතයේදි අපි දෙන්න කොච්චර ලං වෙලා හිටිය උනත් දැන් වෙනකොට අපිඅතරෙ යම්කිසි දුරස් බවක් තියෙනව කියල මට හිතුන. ඒ හැඟීම මගේ හිතට ගෙනාවෙ යම්කිසි වරදකාරී හැඟීමක්. හරිහැටි කිසිම දෙයක් නොදැන මම ගීත්නාව මගේ ජීවිතේ ඇතුලට ගත්තෙ කොහොමද කියල මට ආයෙ ආයෙම හිතුන. ඒත් ඒ අහිංසකීගෙ කිසිම වැරද්දක් නැතුව මම මෙහෙම සැක කරන එකත් වැරදියි නේද? මේ කෙල්ලො නම් මට පිස්සු හදවලයි නතර වෙන්නෙ.
මම එහෙනම් යනව. දැන් නම් ගොඩාක් පරක්කුයි. ඩියාශි කිව්වෙ ඉඳගෙන හිටපුබ්තැනින් නැගිටල පැත්තක තිබ්බ ශෝල් එක ආපහු දාගෙන.
ඔයාගෙ පාස්පෝට් ඒව තියෙනවානේ. යන්න ලෑස්තිත් වෙලා එයා ආයෙම ඇහුව.
ඔව් තියෙන්න එපැයි. අවුරුදු ගානක් රට ඉඳල ආපු එකේ. ආයෙම කිව්වෙ එයාමයි. මේ කෙල්ල නම්. මොනවද එයා මම ගැන නොදන්නෙ.
අනිත් ඒව මම බලාගන්නම්. එයා ආයෙම කිව්ව.
ඊටපස්සෙ මොහොතකින් එයා ගියා. අපි දෙන්නම දොර දිහා බලං හිටියෙ හැමදේම අමතක වෙලා වගේ.
ගැටලුව විසඳගන්න කියල ඩියාශි එනාම් බලං හිටියම ඒකි ඒක තව වැඩි කරාද බං. රවීන් ඇහුවෙ තවත් මොහොතක් කල්පනා කර කර ඉඳල .
අනේ මන්ද බං මට මේ මුකුත් තේරෙන්නෙ නෑ . මම කිව්වා. ඇත්තටම මට හිතාගන්න බෑ මොනව කරන්නද කියල.
මට නම් හිතෙන්නෙ ඩියාශි හරි බං. ප්‍රශ්නෙ විසඳගන්න ඒක පටන් ගත්ත තැනට යන එක තමයි සුදුසුම.
ඇයි බං ප්‍රංශය කියන්නෙ පර්චස් දහයක විතර ඉඩමක් කියලද උඹ හිතන් ඉන්නෙ. ඒක රටක් යකෝ රටක්. මම කිව්වෙ ම්ට ඇත්තටම හිතුන දේ.
අඳුරේ අතපත ගානව වගේ මේ වැඩ කරන එක මට එපා වෙලා තිබුනෙ. නොදන්න හතුරෙක් මතක නැති අතීතයක් එක්ක මේ ගෙවන ජීවිතේ කොච්චර අමාරුද කියල තේරෙන්නෙ ඒ තත්වෙට පත් වෙච්ච කෙනෙක්ම විතරයි.
හරි බං. ඒත් අමතක කරන්න එපා සූවස් කලාගාරය කියන්නෙ ඒ රටේ තියෙන එක්තරා ප්‍රසිද්ධ හැමෝම දන්න කියන තැනක් කියන එක. අනිත් එක උඹලගෙ සීයගෙ ගෙදර ඒ කියන්නෙ උඹේ ගෙදරත් ඒ රටේ හැමෝම දන්න කියන තැනක් ගියාට පස්සෙ පොටක් පාදගන්න බැරි වෙන එකක් නෑ. රවීන් කිව්වෙ කල්පනාකාරීව. ඌ කිව්වාම තමයි මටත් ඒක ඇත්ත කියල හිතුනෙ. මගේ ඔලුව බොරවෙච්ච වතුර වගේ. හිතන්න පුලුවන් ශක්තියත් නැති වෙලාද කියල මට හිතුන.
අනිත් එක ඒ සේරමටත් වඩා උඹට ඩියාශිගෙ උදව් තියෙනවනෙ බං. රවීන් ආයෙම කිව්වා. ඒක වැදගත්නෙ සේරටම වඩා.
ඔව් ඒක නම් ඇත්ත. ඒත් ඩියාශිගෙ තාත්තා ඒ කලාගාරෙ ඉඳිද්දි අපි කොහොමද බං ඒකට යන්නෙ?
වතුරට බහින්නෙ නැතුව පීනන්න ඉගෙන ගන්න බෑ වගේ තමයි එන ප්‍රශ්න වලට දැන් විසඳුම් හොයන්න බෑ.. ඒකටත් මොකක් හරි විසඳුමක් ඇති. මට නිකමට හිතෙනව ඩියාශි මොනවහරි දෙයක් ප්ලෑන් කරගන ඇති කියලා. උඹට නොකිව්වෙ ගීත්නාට කියයි කියල බයේ වෙන්න ඇති.
ඔව්.. ඒක නම් එහෙම තමයි.
කිව්වත් වගේ දැන් අර කෙල්ලට මොකද්ද බං කියන්නේ? රවීන් ආයෙම ඇහුවෙ හදිසියෙම මතක් වෙලා වගේ.
කාටද? මොකද්ද ?
සමිර උඹ මොන සිහියෙන්ද ඉන්නෙ? ගීත්නාට බං ගීත්නාට..
මම ඒ ගැන හිතුවෙ නෑ එයාට ඔය මොකක් හරි කියන්න බැරියැ
මොකක් හරි කියන්නෙ මොකද්ද?
මන්ද බං. එයාට කියන්න ඕන නෑ. මම ඩියාශි කියන දවසක යනවා.. එයා මාව හොයාගෙන ආවොත් උඹ මොකක් හරි කියපන්. මම කිව්වෙ හිතට එකගව නෙවේ
සමිර උඹ ඔය කටින්ද කියන්නේ? රවීන් මගේ දිහා බලන් හිටියෙ මම මද මේ කතා කරන්නේ කියල හිතාගන්න බැරුව වගේ.
ඔව් නැතුව.
ඒත් කෙල්ලෙක් යකෝ.
මචං මම ඒකිට කැමති එක ඇත්ත. ඒත් මම තාමත් ඒක ආදරයක්ද කියල තීරණය කරල නෑ. එයා එක්ක හිටියත් මගේ හිතේ හිස්තැනක් තියෙනව. මම පිලිගන්න කැමති නැතිඋනත් ඩියාශි කිව්වත් වගේ ගීත්නා මගේ ජීවිතේට ආවෙ අහම්බෙන්.
උඹට ඕක මම කලින් කිව්වනෙ. ඒත් බං ඒකි අහිංසක කෙල්ලක් නම් උඹ ඒකිගෙ ජීවිතේ එක්ක සෙල්ලම් කරනව වෙනව.
ඔව් මගේ හිතට වද දෙන එකම දේ ඒකයි. මම නිකම් බොරුවට එයාව සැක කරනවද කියල. එයා ඇත්තටම අහනව ංසකයි නම් මම එයාව බඳිනව. ඒක මම මටම දෙන පොරොන්දුවක්.
උඹ ඔය ප්‍රශ්න ටික විසඳගන්න කම් දැනට ඒ ගැන නොහිත හිටපං.
එයාට කියනවා මම ආපහු නැන්ද ගාවට යනව කියල.
නෑ නෑ උඹ කියපන් අර ෆොටෝග්‍රැෆි කම්පටිශන් එකට යනව කියල.
මොන අර මැලේශියන් එක?
ඔව් ඔව් ඒක තමයි.
ඔව් එහෙම කියමු.
දැං උඹලගෙ ගෙදරට මොකෝ කියන්නේ?
තාත්තා නම් ශේප් අම්මා තමයි කේස් එකක් දැම්මොත්
අම්මලා ඔහොම තමයි බං.
ඒ උනාට එයාල දන්නව මම කොහොමත් ඔයගැන හොයන්න යනව කියල.
බලමුකො බලමුකො මොකද වෙන්නෙ කියල