30_වන_කොටස❄️💦

” හැමතිස්සෙම ඔහොම මුරණ්ඩු වෙන්න එපා තුහින්‍යා එනවා යන්න මං තමුසෙව ගෙදරට දාන්නම්….. මට කොහොමත් අප්පච්චි හම්බ වෙන්න ඕනි

භූමිගේ රළු වචන වලින් යුතු විධානයට තුහින්‍යාට අවනත නොවී ඉන්න නොහැකි වුනා…… යලිත් ආපසු හැරුණ ඇය කතා නොකරම ගිහින් වාහනයට නැගුනා…….. භූමිගේ මුවෙහි ඇඳුනෙ මද හසරැල්ලක්…… භූමි කෝමත් ඕනැම දේකට අවනත වෙන ගැහැණුන්ට කැමැත්තක් නෑ….. ඔහුට කැමැත්තක් ඇති වන්නේම මේ තුහින්‍යාගේ අහංකාර ආඩම්බරයටයි………

භූමි වාහනය පණගන්වාගෙන නුවරඑළිය නගරය දෙසට වාහනය පැදවීය……. වැහිබර කාලගුණික තත්වයත් මීදුමත් නිසා හැම තැනකම විදුලි බුබුළු දල්වා තිබණි……

” තුහින්‍යා මොකද ඔය ඔරවගෙන ඉන්නේ….. තාම උදේ සීන් එකේද….. දැන් ඒක ඉවරනේ……..

භූමි කිව්වේ සැහැල්ලුවෙන් වුනත් තුහින්‍යා නම් කට කොණකින් සිනාවක් පා ඉවත බලාගත්තේ එය තවමත් ඉවර නෑ කියන්නට මෙනි…..

” හ්ම්ම්ම්ම්ම්…. මේ ගෑණු නම්…. අනේ මන්දා……

භූමි කුටු කුටු ගාන්නට විය……… නමුත් තුහින්‍යා තවමත් කවුළුවෙන් පිටත බලාගෙනය……..

” මේක හරි මගුලක් වුනානේ……. දැන් මොකද තමුසෙ මට කරන්න කියන්නේ……

” මේ සර්…… ඉස්සර වෙලාම ඔයා ඔය කතා කරන විදිහ හදාගන්න……. හරිද ආයෙම මට තමුසෙ කියන්න එපා මගේ නම තුහින්‍යා මට එහෙම කතා කරන්න….. ඔයා සර් මැඩම්ගෙන් සමාව ඉල්ලුවේ නෑ තාම….. ඒ හින්දා ඒ උදේ වෙච්ච සිද්ධිය ඉවරයි කීවට තාම ඉවර නෑ………

භූමි කිව්වේ ඔහු දෙස එක එල්ලේම බලමින්……

” මොකා…..ක්…… එ් මොන විකාරයක්ද… මං මොන එහෙකටද සමාව ඉල්ලන්නෙ……

” සර්….. ඉස්සර වෙලා ඔයාගේ ඔය උඩඟුකමයි ක්ෂණික කෝපයයි පාලනය කරගන්න……. මං ඔයාට එයාගෙන් සමාව ඉල්ලන්න කියන්නේ එයා ඔයාගේ අම්මා නිසා……

” අම්මා නම් එයා කොහොමද මාව දාලා ගියේ……..

” එයාට ඔයාව දාලා යන්න උවමනාවක් තිබුනෙ නෑ………

” ඔයා මොනවද දන්නෙ අපේ කතාව ගැන තුහී……. අම්මා නංගිවයි මල්ලිවයි අරන් ගිහින් මාව තාත්ත ගාව දාලා…..

” භූමි………………………………..🤭

තුහින්‍යා හිතුවෙ වත් නැති මොහොතක ඇයවත් හිතන්නැතුවම ඔහුගේ නමින් ඇමතීම ගැන ඇය මෙන්ම ඔහුද විමතියට පත් වුනා…..

” ම්ම්ම්ම්.. සොරි සර්….. මේ…….

” ඒකට කමක් නෑ තුහී……. ඔයා මට එහෙම කතා කරන්න…… ඔයා දැන් මට කියන්න හදන්නෙ මොකක්ද…..

” අම්මා වැරදි නෑ කියලා…….. ඔයාගේ අම්මයි තාත්තයි දෙන්නා නීතියෙන් වෙන් වෙද්දි ඔයාගේ නංගියි මල්ලියි හරිම පොඩියි…….. ඒ දෙන්නා තාත්තාට අයිති වෙන්නෑ මොකද ඒ කිරිදරුවො දෙන්නට අම්මා ඕනැ නිසා……. නීතිය වුනත් මානුෂීය නෑ කියලා කියන්න බෑ… ඒ වගේ අවස්ථාවක සානුකම්පි තීරණ ගන්නවා….. ඒ වගේමයි තාත්තගේ අනියම් සම්බන්ධය මේ දික්කසාද නඩුවට හුඟක් බලපෑවා……. දරුවො තුන් දෙනාම අම්මට අයිති වෙද්දි ඔයාගේ තාත්තා එයාගේ පිය සෙනෙහසින් ප්‍රයෝජන අරන් ඔයාව ඉල්ලුවා….. ඉතින් ඒ වෙලාවෙදි නීතිය ඔයාගේ තාත්තට සාධාරණයක් විදිහට ඔයාව එයාට දුන්නා…… ඒකෙ වරද නීතියේ මිසක් අම්මාගෙ නෙවේ…… ඒ වගේම ඔයාව අරගත්ත ඔයාගේ තාත්තට ඕනැ වුනේ එයාවගේම ඔයාවත් අර ජරා⁣ දේශපාලනයට ගේන්න……. එයා ඒ හිතුව දේ හරි….. ඒ වගේම එයාට අවශ්‍යම විදිහට ඔයා හැදුනා…… ⁣මුළු ලංකාවම හොල්ලන….. ලංකාවම බය වුන නමක් ඔයා හදාගත්තා…….. මං මේ ලගදියි දන්නෙ ඔයා තමයි Monster orion ලගේ leader කියලා…….. මොනා වුනත් ඔයාගේ තාත්තගෙ ප්‍රතික්ෂේප කිරීමෙන් ඔයා ඒ හැම දේම අත්හැරලා හොඳ පාරකට ආවා කියලත් මං දන්නවා….. ඉතින් ඔයා මේ වැරැද්දත් හදාගන්න….. එතකොට හැමදේම හරි…… ඔයා ඉස්සරහ තියෙන්නෙ හරිම ආදරණීය සුන්දර පාරක් සර්…… ඔයාට වරදින්න විදිහක් නෑ…… මං උදේ කතා කරපු විදිහට සමාවෙන්න……. ඒත් පුළුවන් නම් මං කිව්ව දේ තේරුම් අරන් අම්මට සමාව දෙන්න….. එයාට එයාගේ ලොකු පුතාව දෙන්න……. එයා එයාගේ දණහිස් වල ලේ පෙරාගෙන පන්සල් කෝවිල් ගානේ පූජා පවත්ව පවත්ව ඉල්ලන්නෙ එයාගේ ලොකු පුතාව…… ඔයාට තමයි සර් ඒ ඉල්ලීම් ඉෂ්ඨ කරන්න පුළුවන් දෙවියො ඉන්නේ ඉහල අහසේ නෙවේ මේ පොළවෙමයි…….. ඔයා පරක්කු නෑ අම්මගේ ආදරය ලබන්න ඔයා වාසනාවන්තයි……. ලස්සන ලෝකයක් ඔයා ඉස්සරහ තියනවා සර්……

තුහින්‍යා කියන වචනයක් පාසා ඔහුගේ හදවතේ ගැඹුරේ ගොස් තැන්පත් වෙයිි… අමිමාට සමාවක් දෙන්නට තවමත් හිත හැදී නැතත් තුහින්‍යාගේ උපදෙස් වලට ඇහුම්කන් දෙන්නට සිත් වෙයි……

” ඒ ලස්සන ලෝකයට යන්න ඔයා මාත් එක්ක එනවද තුහී………..

එක්වරම වාහනය පැත්තක නවත්වා භුමි කිව්වේ තුහින්‍යා⁣ එකිනෙක බැදගෙන ඇති අතක් තදින් අල්ලා ගනිමින්………

හිතුවෙ වත් නැති මොහොතක….

හිතුවෙවත් නැති විදිහට……

හරිම හැඟීම්බර විදිහට

ඇහුණ ඒ වචන ටිකට තුහින්‍යාගේ මුළු හදවතම මොහොතකට නතර වුනා…… ඇගේ හදවතම ඔය වචන ටික පැතුවා…. ඇගේ මුළු හදවතින්ම ඇය භූමිට ආදරය කලා………

එනමුත්………….

සැනෙකින් ඇයට ඇගේ මොළය ඇය තාමත් වේදේශ්ගේ විවාහක බිරිඳ බව මතක් කරලා දුන්නා……… හදවත මොහොතකින් දුකෙන් බර වුනේ නුවරඑළියට නිතරම කඩා වැටෙන වැස්ස වගේ………. තුහින්‍යා එක්වරම භූමි අල්ලාගෙන ඉන්න අත ඉවතට ඇදලා ගත්තා…….

” සීමාව පනින්න එපා සර්….. මට සර්වත් එපා වෙයි එහෙම වුනොත්…..

තුහින්‍යා කිව්වේ ඔහුගේ දෑස් දෙසවත් නොබලායි…… භූමි ඉන් මදක් පසුබෑමකට ලක් වුනත් උත්සහය අත්හරින බවක් නම් පෙනුනේ නෑ…..

” තුහී …… ඔයා ඔහොම කතා කරන්නේ තවමත් ඔයාගේ ඩිවෝර්ස් එක ලැබිලා නැති නිසා නේද….. ඔයා නිදහස ලැබුවම වත් බැරිද මං ගැන හිතන්න…..

භූමිගේ මුවෙන් අද පිට වන්නේ පුදුමාකාර වචනයි…….. නමුත් තුහින්‍යා නිහඬය……….

” හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්…….. කතාවක් නෑ කියන්නේ බෑ කියල නම් කෙලින්ම කියන්න තුහි……….

ඒත් තුහින්‍යා කිසිවක්ම පැවසුවේ නෑ……..

” ඒ නිසා තවත් ටික දවසක
ඉවසමු අපි කුමාරී…….

භූමි සෙමෙන් මිමිනුවත් ඒ වචන ටිකත් තුහින්‍යාට ඇසුනා…… කඳපොල පාර දිගේ වාහනය තුහින්‍යාගේ නිවස දෙසට ඇදුනේ…… ඇතුලේ සිටි දෙදෙනාම ගොළුවත රකින විට…….

නිවස දෙසට වාහනය හරවද්දිම මිදුලේ නවත්වා තිබූ වාහනය දැක දෙන්නම මදක් කලබලයට පත් වුනා……

” තුහින්‍යා ඒ දන්න කෙනෙක්ගේ වාහනයක්ද……

භූමි ඇසුවේ තවත් විමසිල්ලෙන් ඒ දෙස බලමින්…….

” ශිට්…. කවුද දන්නෑ…… අපරාදෙ මොකෙක්ව හරි දාගෙන එන්න තිබුනේ…….

භූමිට සැකයක් ආවා ඒ ඇවිත් ඉන්නේ වේදේශ් කියලා……..

” අැයි….. ඔයා හිතන්⁣නෙ මේ අපිත් ඔයාලා වගේ මැරයෝ ආශ්‍රය කරනව කියලද……..

තූහී කිව්වේ අවඥාසහගත සිනාවක් පාමින්……..

” මේකි එක්ක නම් වසන්න අමාරු වෙයි භූමි .

භූමි තමාටම කියාගනිමින් වාහනය නැවැත්තුවේ විමසිල්ලෙන් නිවස දෙස බලමින්…….. ඇතුලත වාඩ් වී සිටින වේදේශ් දුටු භූමි තුහින්‍යා හ⁣ට ඔහුව පෙන්නුවේ දෑසින්……. තුහින්‍යාගේ දෑස් විසල්ව අසරණව භූමි දෙසට යොමු වුනා……. එවර භූමි තුහින්‍යා දෙසට හෙළුවේ අවඥාසහගත සිනාවක්…..

” අපි නම් මැරයෝ විතරයි ආශ්‍රය කරන්නේ පුංචි නෝනා ඔයා පාතාලයම ගෙදරට ගෙනත්නේ බයත් හිතෙනවා……

” දැන් මොකද කරන්නේ…….

” මොනවා කරන්නද එනවා යන්න ඇතුලට……. ඔයාගේ ආදරණිය මහත්තයානේ ඇවිත් ඉන්නේ…..

එහෙම කියාගෙනම භූමි ඇතුලට ගියේ තුහින්‍යා⁣ගේ අප්පච්චි දිහා බලාගෙනමයි…… මොනවා වුනත් මේ වෙලාවෙදි භූමි ආව එක ලොකු දෙයක් කියලා ඔහුට සිතුනා…. භූමි වේදේශ්ව ගානන් නොගෙනම ගිහින් තුහීගේ අප්පච්චි ගාවින් වාඩි වුනා……

” අා……. ඔය ආවෙ අනාගත බෑනා…… ඈ මාමණ්ඩි ඔච්චර මටවත් ආදරයක් තිබුනේ නෑනේ…….

” ආදරය ලබන්න තරම් හොඳ බෑණා කෙනෙක් වුනේ නෑ නේද වේදේශ්….

” එතකොට දැන් මූ හදවතින්ම බෑණා කරගෙන ඉවරද……..

” වේදේශ්……. මේ ඉන්නේ මගේ දරුවා වැඩ කරන තැන ලොකු මහත්තයා….. ඒ වගේම මගේ යාළුවාගේ නංගිගේ පුතා…… මේ මං දන්න ලමයෙක් නිසි මෙහෙ එනවා මිසක් මිනිහා අනාචාරේ ගිය හින්දා කසාදෙ දාලා ආව මගේ දරුවා බඳින්න එන ගමනක් නෙවේ……..

තුහින්‍යාගේ අප්පච්චි කියපු වචන ටික රත්තරන් කියලා භූමිට හිතුනා…… කසයකින් තැලුවා වගේ කෝපයෙන් මිරිකෙමින් නැගිට්ට වේදේශ් තුහින්‍යාගේ තාත්තා ගාවට ගියා……..

” මොකක්ද මිනිහෝ උඹ කිව්වේ…… මං අනාචරයේ ගියේ නෑ……. ඒ මං ආදරය කරන කෙනා…… මේකිත් දන්නවා එයා ගැන……. උඹ කොහොමද මට එහෙම කතා කරන්නේ……

කෝපයෙන් වියරු වූ වේදේශ් එසේ කියාගෙනම තුහින්‍යාගේ අප්පච්චි වෙත පැන්නෙ කොටියෙක් වගේ…… නමුත් ඔහු ඉදිරිපිට භූමි හිටගත්තේ ඇස් වලින් ගිණි පුළිඟු පිට වෙද්දි…….

” වෙිදේශ් අත පය අකුලගෙන කතා කරපන් හරිද……..

” පැත්තට වෙයන් #@#@$% තෝ මොකෙක්ද……… මේක මගෙයි මේ මිනිහගෙයි කතාවක්…… උඹ මොන….

එචිචරමයි වේදේශ්ට කියාගන්න හම්බ වුනේ කොටියෙක් වගේ වියරු වැටුන භූමිගේ පහරවල් දරාගන්න වේදේශ්ට නොහැකි වුනා…..

” භූමි පුතා….. ඔය ඇති නවත්තන්න…

” භූමි….. නවත්තන්න…..

තුහින්‍යායි ඇගේ අප්පච්චියි කෑ ගැහුවත් භූමි නැවතුනේ නෑ……..
භූමි එල්ල කල අවසන් පා පහරෙන් විසිවෙලා ගිය වේදේශ් වැටුනේ තණ පියස්සට…….

” භූමි…… භූමි නවත්තනවා ඕක දැන්…

තුහින්‍යා ඇවිත් භූමිගේ ඩෙනිම් ෂර්ට් එකේ එල්ලෙද්දි තමයි ඔහු ටිකක් සන්සුන් වුනේ…….

” භූමි නයාට ගහලා පොල්ල වරද්දගත්තා කියලා හිතාගනින්… මං මේක ලේසියෙන් අමතක කරන්නෑ……… පස්සෙ බලාගමු……

” මොකක්ද කීවේ…. දැන් වරෙන් ආය පස්සක් මොකටද වරෙන් දැන් වරෙන්…..

වියරු භූමි අද වෙනදාටත් වඩා නොසන්සුන්………

” මං මේකෙ වාඩුව ගන්නේ මෙන්න මේකිගෙන්……

” එයා එක්ක නෙවේනේ උඹට ප්‍රශ්ණය තියෙන්නේ හරි හමන් පිරිමියෙක් නම් වරෙන් මගෙත් එක්ක ප්‍රශ්ණය විසඳගන්න….. නැතුව පො#%%#@@ වගේ ගෑණුන්ව අල්ලගන්නැතුව…..

” තවමත් මේකි මගේ කසාද ගෑණි……

වේදේශ් කියද්දි භූමි හිනාවකින් මුහුණ පුරවගෙන අතින් සිය රැවුල පිරිමදින්නට වුනා………

” අනේ මේ…… මං එදාත් උඹට කිව්වා හරිද වේදේශ්…..

එයාඋඹේවයිෆ්වෙලාහිටියා

හරිද…… එච්චරයි….තවදුරටත් නෑ……..

එවර නම් වෙිදේශ් ඔවුන් දෙස බලා අසංවරව සිනාසුනා………

” කවුද මෙයාට දික්කසාදය දෙන්නේ….. ආ………. භූමි……. උඹ හිතුවද මං එහෙම ලේසියෙන් මේකිට අයින් වෙන්න දෙයි කියලා…….. තව ටික දවසක් නටපන් දෙව්සිත්මි මං මුන් ඔක්කොටම උණ ගන්න උඹට හොඳට සලකන්නම්….. උඹ හිතන් ඉන්නේ ම⁣ගෙන් අයින් වෙලා මූව බඳින්න නම් ඒවා වානා……. උඹ ආයෙම අපේ ගෙදර එන්න ඕනි….. ඇවිත උඹ වැඩකාරියෙක් වගේ වැටිලා ඉන්න ඕනි……. මං නෙහාරා එක්ක ලස්සනට ජීවත් වෙනවා බලන් ඉන්න ඕනි……. වඳගෑණි…….

තවත් මොනවත් කියන්න ඉඩ නොතබා භූමිවැරෙන් එල්ල කල අතුල් පහරට වේදේශ්ගේ මුව තුවාල වී ලේ ගලන්නට වුනා……….

❤️••••මතු සම්බන්ධයි••••❤️