“රෑට නින්දෙනුත් කියෝලා ඒ මදිවට ලැජ්ජාවක් නැතුව මගෙ ඉස්සරත් ඒකිගෙ නම කියන්න ගත්තද පටන් ගත්තද ත/මු/සෙ?කතා කරනවා කව්ද චේතනා කියන්නෙ?මං තමුන්ගෙන් අහන්නෙ ප්‍රදීප්.කව්ද චේතනා කියන්නෙ?තමුසෙ ඊයෙ රෑත් චේතනා චේතනා කියලා කියෙව්වා…”
පුදුමයෙන් වගේ ඇස් දෙකත් ලොකු කරගෙන තේනුක ඇඳෙන් නැගිටිද්දි චේතනා මුවට ඇඟිල්ල තියලා නිශ්ෂබ්ද වෙන්න කියලා ඉඟි කරා.එයින් යමක් වටහා ගත් කාමරේ පුරාවටම ඇස් යොමු කරද්දි චේතනා ඔහුගෙ අතටයමක් ලියූ කඩදාසි කැබැල්ලක් දුන්නා.
මනුලි මැඩම් අපේ ඇඳ යට කැමරාවක් හයි කරලා ගියා.අපි කියන දේවල් එයා එයාගෙ කාමරේ ඉඳන් අහගෙනයි ඉන්නෙ.ඒ නිසා ගොඩක් පරිස්සමෙන් මහත්තයා
සේරම ඉවරයි කියන්නා වගේ නලලට අත තියාගත් තේනුක ඇඳ අයිනෙ බැලුවා. ඇත්තටම එහි පොඩි කැමරාවක් සවි කරලා තියනවා.ඔහුගෙ හිතට පොඩි තිගැස්මක් ඇති උනා.
“ගො/ළු/වෙ/ක් වගේ ඉඳලා ප්‍රශ්න විසඳන්න බෑ ප්‍රදීප්.කරුණාකරලා කරලා කියන්න කව්ද චේතනා කියන්නෙ?බිම බලාගෙන ඉන්න නෙවෙයි මට උත්තර දෙන්න…”
චේතනා බොරුවට කෑ ගහද්දි තේනුක අතින් කට තද කරගෙන හිනා වෙනවා.මාස ගානකට පස්සෙ චේතනා ඔහුගෙ මුහුණෙන් මේ විදියට හිනාවක් දැක්කමයි.
“මගෙ කන් දෙක ඇහෙනවා සමාධි.පොඩ්ඩක් කෑනුගහ ඉන්නවකො.බඩගින්නෙ ඉවසන්න බැරුව කන්න හිතාගෙන ගෙදර ආවා.කනක් ඇහිලා ඉන්න නෑ රෙ ද් ද…”
“මං කෑ ගහන්නෙ ඔයාගෙ වැරදි නිසා ප්‍රදීප්. කව්ද චේතනා කියන්නෙ?ඔයාට මට ඒකට උත්තරයක් දෙන්න බැරි කමක් නෑනෙ?…”
දැන් තේනුක කල්පනා කරනවා ඒකට දෙන්න උත්තරයක්.බොරුවක් උනත් එකපාරටම ඔලුවට එන්නෙත් නෑ.
“චේතනා කියන්නෙ…. මේ…. මගෙ යාළුවෙක්. ඒලෙවල් කරද්දි අපේ ක්ලාස් එකේ හිටියෙ. මේ ළඟදි මට චේතනාව ටව්න් එකේදි හම්බ වෙලා පොඩ්ඩක් කතා කරා එච්චරයි…”
“පොඩ්ඩක් කතා කරලා ඒකිගෙ නම හීනෙනුත් කියවලා දැන් මගෙ ඉස්සරහ ඇත්තටමත් කියවුනේ කොහොමද?හීනෙන් කියපු එකට සමාව දෙන්නම්කො.ඒක හිතලා කියන්නෙ නෑනෙ.ඔයා ඒකි ගැනම හිත හිතා ඉන්න නිසානෙ මගෙ ඉස්සරහදි ඒකිගෙ නම කියවුනේ?ඔයාගෙයි චේතනාගෙයි මොකක් හරි සම්බන්දකමක් තියනවා නේද ප්‍රදීප්?මට බොරු කරන්න ලෑස්ති වෙන්න එපා.ඇත්ත කියන්න…”
මේ ගෑ/ණි මේ කතාව නවත්තන්නෙම නෑනෙ මගුල.කියෝනවා කියෝනවා කෝච්චිය වගේ.මෙහෙම දිගටම කියවන්න මෙච්චර දේවල් කොහොම හිතට එනවද මන්දා.දැන් මේ ප්‍රශ්නෙට මං මොකක්ද එකපාරටම දෙන උත්තරේ?
මොකුත් හිතට එන්නෑනෙ.මං චේතනා අහන දේට උත්තරයක් දෙන්න පරක්කු උනොත් අර ගෑ/ණි අපි ගැන තවත් සැක හිතයි.
කැමරාව ගාවට වෙලා චේතනා බොරුවට අඬන්න පටන් ගත්තා.තේනුකගෙ ඇස් උඩ ගියා ඒ පාර.ඔහු පුදුමයෙන් වගේ කටට අත තියාගෙන බලන් හිටියා චේතනා අඬන දිහා.
යකෝ මේකිට මෙහෙම බොරුවටත් අඬන්නත් පුලුවන්ද?රඟපාන්න යැව්වා නම් සම්මාන පිට සම්මාන ගන්නවා ශුවර්.නිළි රැජින පරාදයි මේකිගෙ මේ බොරු ඇඬිල්ලට.
“ඔව්.මගෙයි චේතනාගෙයි සම්බන්දයක් තිබුනා තමයි.හැබැයි ඒ එදා.අද නෙවෙයි.මං කාලයක් චේතනාට පන ඇරලා ආදරේ කරා සමාධි.ඒත් ඒ/කි මගෙ ආදරේට ද්‍රෝහි උනා. මාව නැත්තටම නැති උනා ඒ/කි/ට ආදරේ කරලා.මාව විශ්වාස කරන්න සමාධි මං මේ කියන්නෙ ඇත්තමයි.මගෙයි චේතනාගෙයි එහෙම කිසිම සම්බන්දයක් නෑ.
එදා චේතනාව දැක්කම මට අතීතෙ මතක් උනා තමයි.එතකොට මට දැනුනෙ කේන්තියක්.අපරාදෙ මගෙ ජීවිතේ ඒකිට ආදරේ කරලා අපතෙ ගිය කාලය කියලා හිතුනා.ආයෙ කවදාවත් මගෙ හිතේ චේතනා ගැන ආදරයක් ඇති වෙන්නෑ.මේ ඇත්තමයි සමාධි.ඔයාට මාව විශ්වාසයි නේද?…”
තේනුක මහත්තයා ඒ ටික කිව්වෙ බොරුවක් කියන විදියට නෙවෙයි.එයාගෙ මුහුණෙන් දිස් උනේ විහිළු කරන ස්වරූපයකුත් නෙවෙයි.කොහොමින් කොහොම හරි එයා මට ආදරේ නෑ කියලා ඇත්තටම කියලා දැම්මා.මට දුක හිතුනා.හොඳටෝම දුක හිතුනා.
“ත/මු/සෙ/ට මාව විශ්වාස නැද්ද සමාධි?…”
“විශ්වාසයි…”
“හ්ම්ම්…”
“අම්මේ ඇති යාන්තං.මට හරිම බඩගිනියි. බත් එක බෙදාගෙන එන්න…”
“හ්ම්ම්…”
තේනුකගෙත් චේතනාගෙත් කතාවට සවන් දීගෙන හිටපු මනුලි ඇගේ කාමරෙන් පිටතට පැමිණියා.ඇගේ හිත දෙගිඩියාවෙන් පෙලී ගියා.ඇයට අවශ්‍ය කතා බහක් ඔවුන් දෙදෙනා අතරෙ සිද්ද උනේ නැහැ.අඩුම තරමෙ තමා ඔවුන්ගෙ කාමරේට පැමිණි එකවත් ඇය ඔහු සමඟ පැවසුවෙ නැහැ.
කමක් නෑ.රෑට ආයෙත් අහගෙන ඉන්න ඕනි මුන් දෙන්නා මොනවද කතා කරන්නෙ කියලා.
“ලෑස්ති වෙනවා ගමනක් යන්න…”
තේනුක චේතනාගෙ කනට කරලා රහසෙන් එහෙම කිව්වා.
“කොහෙද?…”
චේතනාත් එහෙම ඇහුවෙ රහසෙන්.
“ඒක මෙතන කියන්න බෑ.පොඩි ගමනක් යමු. කවුරු හරි ඇහුවොත් කියමු පන්සල් යනවා කියලා…”
“ඉතින් අපි ඇත්තටම පන්සල් යමුකො මහත්තයා…”
“හ්ම්ම්.යමු…”
අපි දෙන්නා හවස් වෙලා පන්සල් ආවා.හිතට පුදුම සහනයක් දැනුනෙ පන්සල් භූමියෙදි. මාස ගානකට පස්සෙයි මෙහෙම පන්සලකට එන්නෙ ලැබුනෙ.මුලින්ම අපි මල් පූජා කරලා බුදුන් වැඳලා පහන් වැටකුත් පත්තු කරා.
“අර ගෑ/ණි අපේ කාමරේ කැමරා හයි කරලා යනකල් ත/මු/සෙ උඩ බලාගෙනද හිටියෙ?ත/මු/සෙ/ට ඒ මගුල කඩලා විසික් කරන්න බැරි උනාද?ඔයිට වඩා දෙයක් කරලා ගියත් ත/මු/සෙ උඩ බලාගෙන ඉඳියි…”
“මේක ගෙදර නෙවෙයි පන්සල.ඔහොම කතා කරන්න එපා.මහත්තයට පව් පිරෙයි…”
මං හිමින් කිව්වා.එයා මාත් එක්ක පන්සලෙන් එලියට ඇවිත් පාර දිගේ මුහුද පැත්තට ඇවිදගෙන ආවා.ඒ ආවෙ මුහුද බලන්න තියන තියන උවමනාවට නෙවෙයි. ඉස්සරහට කරන්න තියන දේවල් ගැන කතා කරගන්න.
“ගොළු වෙලා වගේ ඉන්නැතුව දැන් කියනවා. ත/මු/සෙ කොයි ලෝකෙද හිටියෙ අර ගෑ/ණි අපේ කාමරේ කැමරා හයි කරලා යනකල්…”
“මනුලි මැඩම් කැමරාවක් හයි කරනවා මං දැක්කෙ නෑ මහත්තයා.උදේ මනුලි මැඩමුයි අනෝමා ඇන්ටියි ආවා අපේ කාමරේට.මනුලි මැඩම් මගෙන් එක එක ප්‍රශ්න ඇහුවා.ඒ අතරෙ එයා අපේ කාමරේ ඇඳ යටයි හැම තැනකම අර එදා වගේ බැලුවා…”
“ඊට පස්සෙ?…”
තේනුක මහත්තයා මං කියන දේවල් හොඳ අවධානෙන් අහගෙන හිටියා.කතාවෙන් කතාවෙන් අපි දෙන්නා ගලධාරි හොටෙල් එක කිට්ටුවටම ආවා.පාරෙන් එහා පැත්තෙ තියෙන්නෙ ජනාධිපති ලේකම් කාර්යාලය.අපි ආවෙ ඒ පැත්තෙන්.
ඉස්සර දවසක් තේනුක මහත්තයා මාව ගලධාරි හොටෙල් එකේ රෑ කෑමකට එක්කන් ආවා.ඒ අපි දෙන්නා ආදරේ කරන කාලෙ. ගෙවල් වලට හොරෙන් තමයි ඒ ගමන ආවෙ. එදා තමයි මං පළවෙනි වතාවට මේ වගේ ලොකු හෝටලේකට ආවෙ.අම්මෝ…. එදා නම් ගොඩක් පුදුම උනා හෝටලෙ ඇතුල දැකලා.එක එක පාට ලයිට් දාලා මඟුල් ගෙදරකට සරසලා වගේ.
“ඒ කියන්නෙ අපි අද අහු නොවී බේරුනේ අනෝමා ඇන්ටි නිසා.ඒ කියන්නෙ එයා දන්නවද ආරණ්‍යා දුව අපේ කියලා?…”
තේනුක ඇහුවෙ මදක් බියෙන් වගේ.අනෝමා කියන්නෙ මාලකගෙ නිවසේ මුළුතැන්ගෙයි මෙහෙකාරිය.යම්කිසි හෙයකින් තමන් සඟවන රහස ඇයත් දන්න බව මාලකට හෝ මනුලිට දැනුනොත් සිදු වන්නේ ලොකු විනාසයක්.
“ඒක නම් කියන්න අමාරුයි මහත්තයා.මං ශේප් එකේ අනෝමා ඇන්ටිගෙන් මොනවා හරි අහන්නම්…”
“හ්ම්ම්.හැබැයි ප්‍රවේශවෙමෙන්.ගෙදරදි මොකුත් අහන්න එපා.ඔය ගෑ/ණි ගේ ඇතුලෙ තව කොහෙ කොහෙ කැමරා හයි කරලද දන්නෑ.මාකට් එකට එළවළු එහෙම ගන්න යද්දි ත/මු/සෙ/ත් යන්න බලනවා අනෝමා ඇන්ටිත් එක්ක.ඒ වගේම කිසිම වෙලාවක දොර ලොක් කරන්නැතුව එහෙම එලියට යන්න එපා…”
“හා මහත්තයා…”
“ත/මු/සෙ ඔය කොහෙද ඔලුව කරකව කරකව බලන්නෙ?…”
“මහත්තයට මතකද අර හෝටලේ?…”
චේතනා ගලධාරි හොටෙල් එක දෙසට අත දිගු කරලා පෙන්නුවා.තේනුක කට කොනකින් හිනා උනා.
“ඇයි මහත්තයා ඔහොම හිනා වෙන්නෙ?මහත්තයට මතක නැද්ද මීට අවුරුදු පහකට විතර කලින් මාව මහත්තයා ඔය හෝටලේ රෑ කෑම කන්න එක්කන් ආවෙ…”
“මොකද මතක නැත්තෙ?මං කී සැරයක් ඕකට ගිහින් තියනවද.ඕකට විතරක් නෙවෙයි.කිංග්ස්බරි,ශ්‍රැන්ග්‍රිලා,හිල්ටන්,සිනමන් ලේක් සයිඩ්…. ඔය හැම හොටෙල් එකකටම මං ගිහින් තියනවා.ඒ දවස් වල මං වැඩිපුරම ලන්ච් එකට,ඩිනර් එකට එන්නෙ හිල්ටන් එකට…”
මට දුක හිතුනා.ඒ ඔහුත් සමඟ ආයෙමත් එවැනි ලොකු හෝටලේකින් කෑමක් කන්න තරම් ලොකු වත්කමක් නැති නිසා නෙවෙයි. ධනවත් පව්ලක සැප සම්පත් ගොඩාක් මැද්දෙ හැදුනු වැඩුනු ඔහුට අද මං නිසා ඒ හැම සැප සම්පතක්ම අහිමි වෙලා ගිහින්.
කෝටි ගානක දේපලක් අතෑරලා ඔහු මුඩුක්කුවක ඉපදුනු මාව තෝර ගත්තා.ඔහු කෙරූ ඒ සුවිසල් කැපකිරීමට මට නියම වටිනාකමක් දෙන්න බැරි උනා.ඒ ගැන මං අද දුක් වෙනවා.
“මට සමාවෙන්න මහත්තයා.මං හින්දා ඔයාට හැම දෙයක්ම නැති උනා.රාජ කුමාරයෙක් වගේ ජීවත් වෙච්චි ඔයා මං නිසා දුප්පතෙක් උනා…”
“එදා මං කෝටි ගානක දේපලක් අතෑරපු එකට අද දුක් වෙන්නෑ.ඔයා එපා කියද්දි පවා එදා ඒ තීරණේ මං ගත්තෙ මගේ කැමැත්තෙන්.ඒකට කවුරුවත් වග කියන්න ඕන්නෑ.මං ඒ හැම දෙයක්ම කරේ ත/මු/සෙ/ත් එක්ක ලස්සන ජීවිතයක් ගත කරන්න හිතාගෙන.මගෙ බලාපොරොත්තු හැම දෙයක්ම ත/මු/සෙ විනාශ කරලා දැම්මා…”
“අනේ පුලුවන් නම් මට සමාව දෙන්න මහත්තයා…”
මං එයාගෙ කකුල් දෙක අල්ලගෙන බිම වාඩි උනා.
“නැගිටිනවා චේතනා.ත/මු/සෙ/ට පි/ස්/සු හැදීගෙන එනවද?මිනිස්සු දකියි…”
මතු සම්බන්දයි.
හැමෝම ලයික් එකක් දාගෙන යන්න. අදහසකුත් කියන්න.