සත්‍යසිදුවීමකි. #නම්ගම්සියල්ලමනඃකල්පිත_වේ.

එකලොස්වන_කොටස

පොඩි අක්කා නොඋනෙවත් නැති බොරු ගොඩාක් අප්පච්චිට කිවේ මන් දිහා සමච්චලේට බලන් අද බලවකෝ තමුසෙට වෙන වැඩේ කියලා වගේ..

“අප්පච්…”

මන් අප්පච්චිට ඒ ඔක්කොම කියන්න කට ඇරියත් උනේ කවදාවත් නොවිච්ච දෙයක්…

“පොඩි කාලේ ඉදන් මලක් වගේ පරිස්සම් කරලා, අක්කාලා දෙන්නාටත් වඩා ආදරේ කරපු හින්දාද කොහෙවත් යන හිගන්නෙක් එක්ක යාළු උනේ දෝණි. මේ ගෙදර අපි මොන අඩුපාඩුව කරාටද ආ… මලක් වගේ පරිස්සම් කරලා දුක් මහන්සි කරලා ඉගැන්නුවේ කොහෙවත් ඉන්න හිගන්නෙකුට දෙන්න නෙවේ. ඒක මතක තියා ගන්නවා…”

කවදාවත් නැතුව අප්පච්චි මට මෙහෙම බොරුවට කෑ ගහලා බනිද්දි ඇස් වලින් කඳුළු ගැලුවේ ඒ චෝදනා දරා ගන්න බැරුව..

“අප්පච්චි ඔය ඔක්කොම බොරු. මාන් කාත් එක්කවත් යාළු වෙලා නෑ දෙයියනේ. ඇයි ඔයාලා මාව විශ්වාස කරන් නැය්හ්තේ දෙයියනේ… ඒ අයියා මගෙන් වෙලාව ඇහුවා. මට වෙලාව ආහපුවාම නොකියා ගස්සලා එන්නද කියන්නේ. අනික ගමේ කෙනෙක්. වෙලාව කිවාට පස්සේ දන්න කෙනෙක් හින්දා කතා කරා මිසක් මන් මහ ලොකුවට එයාව දන්නේ නැ දෙයියනේ. මෙන්න මේකි මේකි බොරු කියන්නේ අප්පච්චි. ඕන් නම් ගිහින් සහන් අයියාගෙන්ම අහගන්න උන දේවල්…”

මන් කෑ ගහලා කීවත් අප්පච්චිගේ මුහුණේ මාව අද විශ්වාස කරන පාටක්වත් තිබ්බේ නෑ..

“අප්පච්චි අපිට වඩා නංගිට ආදරේ විශ්වාස කරන හින්දානේ මෙච්චර කල් අපි කියපු කිසිම දෙයක් විශ්වාස නොකලේ. ඕන් නම් අක්කාගෙනුත් අහන්න එයත් කියයි මේකි ගැන හොද…”

පොඩි අක්කා ඇවිලෙන ඉන්නට පිදුරු දාද්දි මට පුදුම තරහක් ආවේ එයා ගැණ. දෙයියනේ තමන්ගේ නංගි ගැන මෙහෙමත් බොරු කියන්න පුලුවන්ද අක්කෙක්ට..

“පොඩි අක්කා බොරු කියන්න එපා… එකිත් එකයි තමුසෙත් එකයි. හෙන ගහයි ඔය කියන බොරු වලට.. නිකන් පද හදන් නැතුව ඉන්නවා ඉරිසියාකාරි.. එක්සෑම් කියලා බලන් නැතුව තමුසේ මගෙන් ගන්න පුලුවන් හැම වැඩක්ම ගන්නවා වහලියක් වගේ. තමුසෙලා මගේ අක්කලා උනෙත් මගේ කරුමෙට..”

මන් තරහාටම ඒ මුහුණට ඇඟිල්ල දික් කරලා වෙනා නැති තරහකින් කෑ ගැහුවේ අඩ අඩාම මෙච්චර කල් හිතේ තිබ්බ දුක වේදනාව පිට කර ගන්න ගමන්…”

“ඕන් දැක්කද අප්පච්චි අපි වගේ අක්කලා හම්බුණේ කරුමෙටලු. දැක්කද මෙකි ගැන හොයලා බලන මෙකිගේ පන්ති වලට ක්ලාස් පීස් දෙන අපි කරුමෙටලු හම්බුණේ. දැක්කද අප්පච්චි…”

“ඔව් කරුමෙට තමා. තමුසෙලා දෙන ක්ලාස් පීස් වලටනේ මගෙන් මර මරා වැඩ ගන්නේ. අතට පයට ඔක්කොම කරලා දෙන්න ඕන වැඩ කාරියක් වගේ…”

හිතේ තියන වේදනාවට දුකට මන් කෑ ගහලා බැන්නේ අක්කාට ගහන්න බැරි කමට. ඒත් අක්කා තව තවත් බොරු කියමින් ගේ ඇතුලේම මගේ චරිතේ ඝාතනේ කරද්දි කොහොමද දෙයියනේ ඉවසන් ඉන්නේ.

“දෝණි…”

මන් අක්කාට කෑ ගහලා බනිද්දි අප්ප්පච්චි වෙනදාට වඩා තරහෙන් කෑ ගහුවේ මට ගහන්න අත උස්සන ගමන්. තාත්තගේ අති පහරක් කන්න තියන බයටම මගේ ඇස් පියවෙලා තත්පර ගානක් යනකනුත් මොකුත් නොවෙද්දි මන් ඇස් ඇරලා බැලුවේඑ ඇය් අප්පච්චිගෙන් පහරක් වැදුන් නැත්තේ කියලා. මට ගහන් නැඨ්හුව අප්පච්චි කාමරයට යද්දි මන් අක්කාවත් තල්ලු කරන් කාමරේට ගියේ අඩ අඩාම.

කාමරයට ආපු මම දොරත් තදින් වහලා ඇදට පැන්නේ හයියෙන් අඩ අඩාම. මොන කරුම්මාකාර ජිවිතයක්ද කියලා හිතුණා මට මන් ගැනම. අම්මා අප්පච්චි මල්ලි පණ වගේ ආදරේ කරද්දි අක්කලා දෙන්නා මට මෙහෙම වෙනස්කම් කරන හේතුව අදටත් රහසක්.

මම පිස්සියක් වගේ කාමරෙ තියන බඩු මුට්ටු පොලේ ගහමින් ඇදේ තිබ්බ කොට්ට බේඩ් ශීට් එහෙ මෙහේ විසිකරමින් ඇඩුවේ දරා ගන්න බැරි තැනම.

දිල්නවත් හිටියා නම් මට මේ දුක කියලා හිත නිදහස් කරගන්න තිබ්බානේ කියලා හිතුණා. මගේ හොදම යාළුවෙක් වගේ මගේ ළැගින් හිටපු දිල්නත් වෙනස් උනේ කාලයාගෙ ඇවෙන්. දැන් ගෙදර අයගේ මේ වෙසකම් නිසාත් මම හිටියේ ගොඩාක් මනසින් වැටිලා…

“නෝනේ මන් පන්සලේ සල්පිලට යනවා කන අයට කාලා නිදා ගන්න කියන්න..”

අප්පච්චි අම්මාට එහෙම කියලා යන්වා මන් අහගෙන හිටියේ. කන්න කෑම නෙවේ වහ ටිකක් දෙන්න එකපාරම මැරිලා යන්න එහෙම හිත හිතා මන් කොට්ටෙ මුහුණ ඔබන් ඇඩුවේ මහ හයියෙන්..

“දෝණි මේ දොර අරිනවා. ගබඩගින්නේ ඉන් නැතුව කලා නිදා ගන්නවා…”

විනාඩි වීසකට විතර පස්සේ මම කාමරේට වෙලා අඩ අඩා ඉද්දි අම්මා දොරට ගහලා කතා කරේ මට කන්න එන්න කියලා..

“මට එපා. මට ඕනෙම නෑ. බඩගින්නේ ඉදලා මැරිලා ගියාවේ. අඩුගානේ වතුර බිදක්වත් එපා. මම මැරුණාමවත් මේ ගෙදර ඉන්න සමහර එවුන් සතුටින් ඉදිනේ…”

මන් හයියෙන් එහෙම කියලා ආපහු කොට්ටේ මුහුණ හොවන් අඩද්දි..

මතුවට….

මේක සත්‍ය කතාවක්. ඉතින් ඔයාලාට හිතන දේ කියන් යන්න කතාව ගැන.

❤ යේශ්නි අකේල්‍යා