✦✧✧ තාරා ✧✧✦

සත්‍යසිදුවීමකි. #නම්ගම්සියල්ලමනඃකල්පිත_වේ.

දහවන_කොටස

එතැන් පටන් දිල්නට මම කියලා කෙනෙක් උන්නාද ගානක්වත් නෑ වගේ හැසිරුණේ. අමන්දි ළගින්ම අසුන් ගෙන අමන්දි එක්කම සිංදු කිය කියා එයා සතුටු වෙද්දි හඩන්න බැරිකමට මන් හිනා වෙවි පැත්තකට වෙලා උන්නේ මගේ හිස කකියනවා යැයි පවසමින්. වෙනදා මට පුංචි අසනීපයක් හැදුණත් මන් ගැන බලන දිල්න මගේ දිහා අද මොහොතකටවත් නොබැලුවේ මට වඩා එයාගේ ලෝකේ අමන්දි කියලා මට පසක් කරවන ගමන්.

“අමන්දි අමන්දි අමන්දි මෙච්චර වෙලා හිටිය නැති අමන්දි එකපාරටම මෙයාට වටිනවා. අඩු ගානේ තාරා කියලා කෙනෙක් හිටියද මතක නෑ…”

මට දිල්න ගැනයි දිල්න ළගට වෙලා කොමල පාන අමන්දි ගැනයි තරහක් ඇති උනේ.

මන් හැමෝගෙන්ම ඈත් වෙලා තනි වෙලා වගේ දැනෙද්දි සෙමින් හිස හරවා බැලුවේ දිල්න දිහා. මේ ට්‍රිප් එක එනකොට තිබ්බ හැම සතුටක්ම ගෙවි ගිය දින දෙකේ තිබුණ හැම සතුටක්ම නැතිවෙලා ගියේ දිල්නගේ හැසිරිම මත. අඩු ගානේ මගේ දිහාවත් බලන් නැතුව දිල්න අමන්දි එක්ක හිනා වෙවි කතා කරේ මට වඩා එයාට අමන්දිව වටිනවා වගේ මට දැනෙද්දි…

“තාරෝ වරෙන්කෝ සිංදුවක් කියන්න…”

“බෑ බන් ඔලුව කකියනවා ටිකක්. මන් ටිකකින් එන්නම්…”

සසදි කතා කරලා මට එන්න කිවත් මන් එහෙම කිවේ දිල්නටත් එක්ක ඇහෙන්නමයි. සසදිට එහා පැත්තේ හිටිය දිල්නට ඒක ඇහුනේ නෑ කියන්න බෑ. මන් එහෙම කියද්දිත් මගේ දිහා එක පාරක් බලපු දිල්න ආපහු අමන්දි එක්ක එකතුවෙලා ඩොල්කි ගගා සිංදු කියන්න ගත්තේ මාව ගනනකටවත් ගන් නැතුව…

ට්‍රිප් එක ඉවර වෙලා පාසලට එනතුරුම දිල්න මාත් එක්ක කතා කරේම නෑ. අප්පච්චි මාව එක්ක යන්න ඇවිල්ල හිටිය හින්දාම දිල්නා යනවා කියන්න බැලුවත් ඔහු හිටියේ නෑ පෙන්න…

“දිල්නද හොයන්නේ. ඌ ගියා නිදි මතයි කියලා…”

“කාත් එක්කද…”

“අමන්දිත් ඒ පැත්තට යන්නෙ කියලා එයලාගේ වීල් එකේ ගියා…”

ශෙනාල් එහෙම කියලා නික්මෙද්දි මගේ පපුව දැණුනේ සිහින් වේදනාවක්. කවදාවත් මෙහෙම හැසිරිලා නැති දිල්නගේ මේ වෙනස් වීම මට මහ වදයක් වගේ දැණුනේ.

අප්පච්චිත් එක්ක ගෙදර ආපු මම වොශ් එකත් දාගෙන ඇදට වැටුණේ තෝන්තුවෙන් වගේ. දිල්න ඇයි මෙහෙම වෙනස් උනේ , ඇයි එයා මට මෙහෙම සලක්න්නේ කියලා කල්පනා කරන ගමන් මන් නින්දට වැටුණේ කොයි වෙලේද දන්නේ නෑ…

ඉන් ගෙවුණු දින කිහිපයෙදිම දිල්නගේ මේ වෙනස් වීම මාව හොදටම රිදවලයි තිබුණේ. ඉගනීම පවා මට එපා කරමින් දිල්න හැසිරෙද්දි ගුරුවරුන්ගෙන් අනන්තව බැණුම් අහද්දිත් දිල්න වෙනදා වගේ මාව බේර ගන්න ඉදිරිපත් නොවෙද්දි මට තෙරුණේ මගේ ආදරේ මගෙන් දුරස් වෙලා වගේ හැඟීමක්..

“දෝණි මොකෝ නිකන් පැත්තකට වෙලා මූණ එල්ලන් කල්පනා කරන්නේ කොයි වෙලෙත් මුල්ල ගහලා…”

“මුකුත් නෑ අම්මා. එක්සෑම් එක ගැන හිතුවෙ…”

“මට නම් ශුවර් නෑ අම්මා. ශුවර් එකටම කොල්ලෙක් ගැන හිතනවා ඇති…”

පැත්තක ඉදන් මගේයි අම්මාගෙයි කතාව පැන්නේ පොඩි අක්කා. පොඩි අක්කා වගේම ලොකු අක්කාත් එදා ඉදන්ම මාත් එක්ක පුදුම තරහක් තිබ්බේ. හේතුව මට හිතා ගන්න බෑ ඇයි අක්කලා එහෙම කියලා… කොයි වෙලෙත් මන් ගැන ගෙදරට වැරදි අදහසක්මයි දෙන්න බැලුවේ එයාලා.

“මට ඇති කොල්ලෙක් නෑ පොඩි අක්කා. බොරුවට පද හදන් නැතුව ඉන්නවා…”

“හොදයි දෝණි මට කොයි වෙලේ හරි කොල්ලෙක් එක්ක ඉදලා අහුවෙයිනේ. එදාට බලා ගන්නවා මේ පොඩි අක්කාගේ තරම…”

පොඩි අක්කා ඒ කියපු දේට මට තරහා ගිහින් ගස්සලා කාමරේට ගියේ අක්කා කෑ ගහලා එහෙම කියද්දි. රැවුල ගිනි අරන් ඉද්දි අක්කා මෙතන සුරුට්ටු පත්තු කරන්න හදන එක තමා මට ගොඩාක්ම තරහා. ස්කෝලේ ගියත් ක්ලාස් ගියත් මන් පස්සෙන් එන්නේ හරියට මන් හොර ගමන් යනවා වගේ ඒ දෙන්නා. ලොකු අක්කා නම් මේ වෙද්දි බැදලා හිටියේ. බැදලා කියලා නෑ පොඩි අක්කායි ලොකු අක්කායි එකතු උනොත් මාව කන්නමයි බලන්නේ ඒ දෙන්නා.

ටික ටික කාලය ගෙවිලා ගිහින් මන් ගියපු පරිගණක පන්තියේ එක්සෑම් එක වැටුණේ පෝය දිනක. දිල්නගේ ප්‍රශ්නේ හින්දා හරියට පාඩම්වත් නොකරපු මම ප්‍රශ්ණ පත්‍රයට ඕනවට එපාවට උත්තර ලියලා ගෙදර එන්න බස් නැවතුම්පොළට ආවේ තනියම…

“තාරා නංගි. කොහෙද මේ…”

“අහ් සහන් අයියා. අද එක්සෑම් එකක් අයියේ…”

“නංගි පොඩ්ඩක් වෙලාව කියනවද. මගේ ඔරලෝසුවේ වෙලාව නැවතිලා අප්පා…”

“දෙකයි විස්සයි…”

ටිකක් වෙලා සහන් අයියා මාත් එක්ක කතා කරලා එයා ආපු ගමන යන්න ගියේ මට පරිස්සමින් යන්න කියලා. ගමේ උනත් මාත් එක්ක ගොඩාක් අය හොදින් කතා කරලා ඉන්නවා. සහන් අයියා ගියා විතරයි එක පාරටම මන් ළගට ආවේ පොඩි අක්කා…

“ආහ් කුමාරිහාමි. කොහෙද දන් නෑ ගියේ කොල්ලාත් එක්ක…”

“පොඩි අක්කා. මොන කොල්ලාද…”

“ඇයි දැන් ගියේ ළග ඉදලා…”

“පොඩි අක්කා නිකන් කතා හදන් නැතුව ඉන්නවා. අද මට එක්සෑම් එකක් කම්පියුටර් ක්ලාස් එකේ. මන් කොහෙවත් කොල්ලෝ එක්ක ගියේ නෑ…”

අක්කා මට පාර කියලා බලන් නැතුව එහෙම කතා කරද්දි මන් මහත් ආයාසයෙන් තරහා පාලනය කරන් කතා කරේ මොනා උනත් අක්කානේ කියලා හිතලා…

“ඇත්තට. එනවා යන්න ක්ලාස් එකට. මන්ම ගිහින් අහන්නම්කෝ…”

එහෙම කියලා අක්කා මාව ක්ලාස් එකට ඇදන් ගියේ පාරේ මිනිස්සු බලන් ඉද්දි. ක්ලාස් එකේ මිස්ගෙන් මන් ගැන අහද්දි මට ඇති උනේ ලැජ්ජාවක්. මන් ක්ලාස් එකේ එක්සෑම් එකට ආවා කියලා මිස් කිවේ මන් දිහාත් අමුතුවට බලලා.

“හොදයි මන් හියා ගන්නම්කෝ අර කොල්ලා ගැන…”

එහෙම කියලා අක්කා මාව ඇදන් ආවේ පන්තියේ මිස්ලා අපි දෙන්නා දිහා බල බලා මොනාදෝ කියද්දි. මට මන් ගැනම තරහක් ආවේ. අක්කලා දෙන්නා මගේ පන්ති වලට ගාස්තු ගෙවන හින්දානේ මේ හැම දෙයක්ම කියලා මට හිතුණා. පොඩි අක්කා මට පන්ති ගාස්තු දෙන හින්දා මන් ලව්වා එයාගේ වැඩ පවා කරගන්නේ මට එක්සෑම් ළගයි කියලා කිසි හිතක් පපුවක් නැතුව. ලොකු අක්කා බැඳලා හින්දා මට එයාගේ වැඩ කරන්න නැතත් එයාගේ ඒවාටත් හරියන්න මගෙන් වැඩ ගන්නේ. එයාගේ රෙදි හෝදන්නයි වැඩ ඇරිලා එනකොට වතුර උණුකරන්නයි හැම දේම මන් කරන ඔනි එයාගේ වහලියක් වගේ.

අක්කලා මන් ගැන මේ විදිහට පස්සෙන් ඇවිත් හොයන්නේ ආදරේකට නෙවෙ කියලා මන් දැන ගත්තේ පස්සේ. අක්කාගේ ගමේ සල්ලිකාර කෙනෙක් මන් ගැන හිතේ අදහසක් තියාගෙන. ඉතින් අක්කලාට කියලා මට කොල්ලෙක් ඉන්නවද කියලා හොයලා බලන්න කියලා. දිල්නගෙන් එහා කෙනෙක් ගැන හිතලා නැති මට අක්කලා මටවත් නොකියා වෙන කෙනෙක්ට මාව යෝජනා කරලා තියනවා කියලා දැන ගද්දි ලොකු තරහක් ආවේ…

කොහොම හරි අක්කා මාවත් ඇදන් ගෙදර ආවේ මට හොදටම බැන බැන. මන් ගැනම මට කලකිරිලා තිබ්බේ. අපි ගෙදර එනකොට අප්පච්චිත් ගෙදර ඇවිල්ලා හිටියේ.

“අප්පච්චි දන්නවද වැඩ…”

“මොකද්ද පොඩ්ඩි…”

තාත්තා කියව කියවා හිටිය පත්තරේ පැත්තකින් තියලා පොඩි අක්කා දිහා බැලුවේ මගේ දිහාත් බලන ගමන්.

“මන් අද වැඩට ගිහින් කලින් ආවානේ අපච්චි. මන් එද්දි මෙකී කොල්ලෙක් එක්ක කයිය ගගහා බස් හෝල්ට් එකේ. මන් ගිහින් කතා කරා මෙකි මාව ගනන් ගන්නෙවත් නැතුව ඌ එක්ක කතා කරේ අප්පච්චි. හරියට මන් අක්කා කියලා අදුන්වලා දෙන්න ලැජ්ජාවේ වගේ…”

පොඩි අක්කා නොඋනෙවත් නැති බොරු ගොඩාක් අප්පච්චිට කිවේ මන් දිහා සමච්චලේට බලන් අද බලවකෝ තමුසෙට වෙන වැඩේ කියලා වගේ..

“අප්පච්…”

මන් අප්පච්චිට ඒ ඔක්කොම කියන්න කට ඇරියත් උනේ කවදාවත් නොවිච්ච දෙයක්…

මතුවට….

මේක සත්‍ය කතාවක්. ඉතින් ඔයාලාට හිතන දේ කියන් යන්න කතාව ගැන.

❤ යේශ්නි අකේල්‍යා