සත්‍යසිදුවීමකි. #නම්ගම්සියල්ලමනඃකල්පිත_වේ.

නවවන_කොටස

දිල්නගේ මුහුණ මේ තරම් ළගින් මම දැක්කාම තමා. ඇස් පියන් ඉද්දි පුදුම අහිංසකකමක් ඒ මුහුණේ දැක්කේ. ඒත් එක්කම එකපාරට වගේ මගේ සවනට ඇහුණේ අපේ පන්තියේ යහළුවන්ගේ විහිළු තහලු.

“හම්මෝ ජෝඩුව බලකෝ කවිෂ්ක… උරහිසේ ඔලුව තියන් ආදරෙන් බලන්…”

“ආයෙත් අහලා කියලා වැඩක් නෑ සහන්… ඒකත් ජය සිරි මංගලම් වගේ…”

සහන්ගෙයි කවිශ්කගෙයි මේ විහිළු වල හිත ඇතුලෙන් සතුටු හිතුනත් මාව විලියෙන් රතු උනේ ලැජ්ජාවට..

“අනේ යන්න අප්පා ඔයාලා බොරු කතා නොහදා. දිල්නයි මායි හොද යාළුවෝ. ඇයි අනේ කෙල්ලෙකුටයි කොල්ලෙකුයි හොදම යාළුවෝ වෙන්න බෑද…”

“හරි ඉතින් අපි බෑ කිවේ නෑනේ නේද කවියා…”

“හාම්. කෙල්ලෙකුයි කොල්ලෙකුයි හොදම යාළුවෝ වෙන්න පුලුවන්. ඒත්…”

“ඒත් ඇයි…”

සහන් අමුතු විදිහට අපි දෙන්නා දිහා බලලා කියද්දි මන් ඇස් චුටි කරලා ඔවුන් දෙස බැලුවේ ඊලගට කියන්න යන්නේ මොන වගේ කතාවක්ද සැකයෙන්.

“නෑ ඉතින් වෙන කෙල්ලො කොල්ලෝ හොදම යාළුවෝ උනාට උඹලා දෙන්නා ඒම නෑනේ. කොයි වෙලෙත් එකට හරියට ගෑණියි මිනිහයි වගේ..”

“අනේ යනවා යන්න සහන්. කිවොත් කියන්නේ කට කැඩිච්ච කතාවක්…”

“අනේ බන් මුන්ට කියලා වැඩක් නෑ. කටවහන් ඉමු අපිට නෙවේ වගේ…”

දිල්න ඇස් දෙක පොඩි කර කර නැගිටලා සහන්ටයි කවිෂ්කටයි ඔරවලා එහෙම කියලා ආපහු මගේ උරහිසේ ඔලුව තියා ගත්තේ යාලුවෝ අපි දෙන්නාට මොන මොනවද කියලා හිනාවෙද්දි.. සහන් කවිෂ්ක ඒ කියපු වදන් වලට මගේ හිත පිස්සුවෙන් ආසා කලත් ආයේ ආයේ දිල්නගේ හිතේ මන් ගැන හොද යහළුවෙකුට එහා කිසිම බැදීමක් නෑ කියලා ඔප්පු වෙද්දි මහ හයියෙන් හිත කෑ ගහලා ඇඩුවේ දුකට.

“දිල්න ඔය හිතේ මන් වෙනුවෙන් පොඩිම පොඩි හැගිමක්වත් නැද්ද. අඩු ගානේ මේ මගේ ඇස් දෙකෙන් ඔයාට තෙරෙන්නේවත් නැද්ද මගේ හිතේ තියන ආදරේ. මේ ආදරේ තවත් මෙහෙම හංගන් ඉන්න බෑ දෙයියනේ. පොඩ්ඩක්වත් ඔයාට මාව දැනෙන් නැද්ද…”

අපි වාඩි වී සිටි අසුන අසල ජනේලයේ විවෘතව ඇති නිසා ජනේලය අතරින් ආ සීත සුළං රැළි විත් දිල්නගේ මුහූණ සිපගෙන මුහුණ මත කුඩා කෙරැල්ලක් දග කරන දිහා මන් බලාගෙන හිතින් හිතුවේ. ඇස් පියන් දිල්න අපුරූවට මගේ උරහිසේ නිදන් ඉද්දි මට මහ ලෝභ කමක් දැණුනේ ඔහු ගැන.

දිල්න අසලින්ම තවත් දිනක් මේ විදිහට චාරිකාව ගෙවෙද්දි ඔහු දිහාම මන් බලන් හිටියේ අනන්තවත්.ඇස් වලින් හිනා වෙඉ අනිත් අය එක්ක පිස්සු කෙල කෙල සතුටු වෙද්දි ඔහුගේ හිනාව දැකලා මාත් සතුටු උනේ හද පත්ලෙන්ම.

අද ට්‍රිප් එකේ අන්තිම දවස. මගේ හිත කියන්නේම දිල්නගෙන් අද ආදරෙයි කියලා කොහොම හරි කියවගන්න කියලා. දිල්න මට එහා පැත්තේ ඉද්දි මට ඒකට පොඩි අයිඩියා එකක් ආවා. මම ඇමතුමක් ලබා ගන්නවා වගේ දිල්නට ඇහෙන්න කතා කලේ ගමේදි මගේ පස්සෙන් ආදරේ කිය කියා ආව කොල්ලෙක්ට. ආමි එකේ වැඩ කර ඔහු නමින් නිමේෂ්.

“හෙලෝ නිමේෂ්…”

_

“නෑ අනේ අද අන්තිම දවසනේ. සිංදු කියනවා නටනවා. ගොඩාක් ජොලි අප්පා…”

__

“ඔයාටද. ඔයා ඉතින් දොදොල් කන්න පෙරෙතයිනේ මං දොදොල් ගත්තා…”

__

“තව ඉතින් ගත්තා. ආවම දෙන්නම්කෝ අනේ…”

දිල්නට ඇහෙන්න මම හිනා වෙවි නිමේෂ් එක්ක කතා කරනවා වගේ රගපෑවේ දිල්න දිහා ඇස් කොනෙන් බලන්. ඔහු මගේ කතාව අහන් ඉන්නවා කියලා හොදටම තෙරුණත් ඔහුගේ මුහුණේ කිසිම ඉරිසියාවක් කලඹලයක් පෙණුනේ නෑ. තවත් විනාඩි දහයක් පමණ මන් නිමේෂ් එක්ක කතා කරනවා වගේ රගපාද්දි දිල්න එකපාරටම නැගිටලා අපේ පන්තියට අලුතින් ආපු අමන්දි ගාවට ගිහින් කයිය ගහන්න ගත්තේ මන් දිහාවත් නොබලා. දිල්න මාව ගන් නොගෙනම අමන්දි ළගින් ඉදගෙන කතා කලේ මටත් වඩා අමන්දිව දන්නවා වගේ. දිල්න ලවා මට ආදරේ කියා ගන්න මන් නිමේෂ් එක්ක ආදරෙන් පෙම් බස් දොඩනවා වගේ රගපෑවේ ඔහුට ඉරිසියා හිතෙයි කියලා මන් වෙන කෙනෙක්ට ආදරේ කරන නිසා. ඒත් දිල්න ඒ ගැන ගානක්වත් නැතුව අමන්දි එක්ක කතා කර කර යද්දි මගේ හිතයි ඉරිසියාවෙන් පිරුණේ.

අපි ඊළග නැවතුම පරාක්‍රම සමුද්‍රයට වෙද්දි දිල්න මාත් එක්ක යනවා වෙනුවට අමන්දි එක්ක ගියේ ඈට ගොඩාක් දේවල් කියලා දෙන ගමන්.

ඒත් නොහිතුව විදිහට මෙච්චර වෙලා මටයි දිල්නටයි කතා හද හද විහිළු කරපු ළමයි දිල්නටයි අමන්දිටයි විහිළු කරන්න පටන් ගත්තා…

“අඩෝ දිල්නයා කන්ග්‍රැජුලේශන්ස්…”

“උබට එහෙනම් මේ ට්‍රිප් එකෙන් හරි ගියා නේ…”

යහළුවන්ගේ නේක විහිළු මැද දිල්න හිනා වෙලා මොන මොනවාද පවසද්දි මම ගිනි ගොඩක් මැද්දේ දැවෙනවා වගේ හැගීමක් දැණුනේ. මගේ ඇස් ඉස්සරහාම දිල්න වෙන කෙනෙක් එක්ක යනවා දකිද්දි මුළු ලොකෙන්ම මම තනිවෙලා වගේ හැගීමක් දැණුනේ.

එතැන් පටන් දිල්නට මම කියලා කෙනෙක් උන්නාද ගානක්වත් නෑ වගේ හැසිරුණේ. අමන්දි ළගින්ම අසුන් ගෙන අමන්දි එක්කම සිංදු කිය කියා එයා සතුටු වෙද්දි හඩන්න බැරිකමට මන් හිනා වෙවි පැත්තකට වෙලා උන්නේ මගේ හිස කකියනවා යැයි පවසමින්. වෙනදා මට පුංචි අසනීපයක් හැදුණත් මන් ගැන බලන දිල්න මගේ දිහා අද මොහොතකටවත් නොබැලුවේ මට වඩා එයාගේ ලෝකේ අමන්දි කියලා මට පසක් කරවන ගමන්.

මතුවට….

මේක සත්‍ය කතාවක්. ඉතින් ඔයාලාට හිතන දේ කියන් යන්න කතාව ගැන