මලක්දෝ නුඹ අරලියා 🌸🌿
🌿දාහත් වෙනි කොටස🌿🌷_
වන්දනා අසෙනිය ඉන්නවා දැක්කේ රන්දයට මල් මල් හිනාවක් දාලා හැරෙනකොටමයි……….. ගිණි ගෙන දැවෙන රතු පාට ඇස් වලින් තමන් දිහා බලාගෙන ඉන්න අසෙනිය දෙස කෙල්ල බැලුවේ හිනාවෙන ගමන්මයි……… නමුත් ඒ මුහුණට හිනාවක් නම් ආවේ නෑ…….
🌷මොකද පෙරහැරක් යනවද මගේ මූනේ……
වන්දනා ඇහුවේ විහිළුවෙන් වුනත් අසෙනිය තාම එහෙමමයි………….
🌷මොකද හලෝ උදේම යකෙක් වගේ ඉන්නේ……. පිස්සුද…… නැත්තම් හැටිද……
අසෙනිය කිසිවක්ම නොකියන තැන වන්දනා යන්නට හැදුවේ ඇතුලට ඒත් අසෙනියගේ අතක් අඬුවක් වගේ වන්දනාගේ අතක් තද කරගත්තා……..
🌷 ආව්…. අත්හරිනවා අසෙනිය…….පිස්සු හැදිලාද මිනිස්සුත් බලාගෙන ඉන්නවා…….
අසෙනිය පෙරටත් වඩා ඒ අත තද කලා…… දැන් නම් වේදනාවටම වන්දනාගේ මුහුණ කෝපයෙන් රතු වෙලයි තිබුනේ….
💙 මොකා ඒක්කද ඒ උඹ ආවේ………
අසෙනියගේ සංවරයක් නැති වචන වලට වන්දනාගේ හිතේ ඇති වුනේ අපැහැදීමක්…………
🌷 මේ අසෙනිය……… එහෙම අහන්නෙ කොහොමද ඔයා මගෙන්……. ඔයා මගේ යාළුවා විතරයි……හරිද තාත්තා නෙවේ……….
වන්දනා එහෙම කියලා ගස්සගෙන ඇතුලට ගියේ කේන්තියෙන්මයි……….
🌷🌷 මහ විකාරයක්නේ…… හරියට මං එයාගේ කෙල්ල වගේනේ තරහ ගිහින් තියෙන්නේ……… සමයන්………
වන්දනා සිතුවේ කේන්තියෙන්මයි……. අසෙනිය ඇවිත් තමා ඉදිරිපිට අසුනේ වාඩි වුනෙත් කෙල්ල දිහා බලාගෙනමයි….. දැන් නම් අර ගතිය අඩු වෙලා සාමාන්‍ය තත්වයට පත් වෙලයි හිටියේ………… වන්දනා ඔහු දෙස නොබලාම හෙදියත් සමග කරගෙනපආ කතා බහ දිගටම කරගෙන ගියා……..
💙 පාරමී අර patient ගෙ reports පරක්කු ඇයි බලන්න…………
වන්දනා එක්ක කතා කර කර හිටපු හෙදිය පාරමීට අසෙනිය අණ කලා…….
ඊටත් පස්සේ වන්දනා දෙස බලලා අතේ තිබුණු පෑන ඉවතට විසිකලා…….. ඇත්තටම මේ හැසිරෙන විදිහ හරි නෑ කියලා අසෙනියට නොතේරෙනවා නෙවේ…… ඒත් මොනවා කරන්නද…… කෙල්ල අහිමි කරගන්න බෑ………..එහෙම වුනොත් ඔහුට හිත හදාගන්නත් බෑ……. වන්දනා අයිති තමාට කියලා තමයි අසෙනිය හිතන්නේ………..
💙 වන්දනා……. කවුද ඒ කොල්ලා…….
🌷 මං නැවතිලා ඉන්න මගේ ගෙදර rent එකට ඉන්න අනිත් කෙනො තමයි ඒ….. රන්දය තමයි නම……..
වන්දනා ගනන් ගන්නෙ නැතුවම කියලා දැම්මා…….. ගණන් ගන්න දේකුත් එතන තිබුනේ නෑ අසෙනිය වලිගෙ පාගගෙන කෑ ගැහුවට………..
💙 මොනවා ඌ නැවතිලා ඉන්නෙත් තමුසෙ ඉන්න ගෙදරද………. විකාරද……. මේ ඔය රහස් පරීක්ෂක කෙරුවාව ඇති…….. මං හොයලා දෙන්නම් තැනක්…
🌷 මේ අසෙනිය……. තේරුම් ගන්න හරිද…. මං ලංකාවට ආවේ අරමුණක් ඇතිව…….. please ඔයා මගේ හොද යාළුවෙක් නම් මට උදව් කරන්න…… අනික මොකද මේ පොඩි ළමයි රණ්ඩු වෙනවා වගේ…….. මගේ කාර් එක start වුනේ නෑ………… ඉතින් ඒ මනුස්සයා මාව ගෙනත් දැම්මා……… ඔයා හරියට කෑ ගහන්නේ මං වරදක් කලා වගේනේ……
💙 මං කැමති නෑ………….
අසෙනිය කිව්වේ බිම බලාගෙන……… වන්දනාට තවත් කේන්තියි……. ඒත් ඉතින් අසෙනිය තරහ කරගෙනත් බෑ…….මොකද කෙල්ලට ඉතින් දුකට සතුටට හැම එකටම ඉන්නේ අසෙනි තමයි………
🌷 අසෙනි මේ…….. පිස්සු කරන්නැතුව ඉන්න………….. හරි අපි දැන් ඒ කතාව නවත්තමු………..
💙 දැන් හවසටත් එනව කිව්වද……..
වන්දනාට තවත් මෙතන ඉන්න බෑ කියලා හිතුනා ඇත්තම කියනවා නම් අසෙනියගේ මේ හැසිරීම ඇගේ් හිතේ ඔහු ගැන ඇති කලේම අප්‍රසාදයක්…….. වන්දනා නැගිට ward 04 එකට ගියේ අසනිය දෙසවත් නොබලා…………
අසෙනියට දුකයි තරහයි……… අසෙනිය ඇත්තටම වන්දනාට ආදරෙයි…….. ඒකෙ කතා දෙකක් නෑ……. ඒත් වන්දනා නම් හිතන්නේ ඔහු තම හොඳම මිතුරා කියලා…………. අසෙනිය හිත හදාගෙන ඒක අමතක කරන්න හැදුවත් මතකයට එන්නෙම රන්දයව……….. ගානට වවපු රැවුල……….. උකුස්සෙකුගේ වගේ තීක්ෂණ ඇස් දෙක……. ආරෝහ පරිනාහ දේහධාරි විලාශය…… ඒ සියල්ලෙන්ම රන්දය පරිපූර්ණ පිරිමියෙක්…….. ඔහු සතුව මනා පෞර්ෂයක් තිබුණු බව නම් අසෙනියට සැකයක් නෑ………. ඒ හින්දමයි අසෙනියගේ හිතට දැඩි ඊර්ෂ්‍යාවක් දැනෙන්නේ………
නමුත් වන්දනා නම් හිටියේ හිතෙන් අසෙනියට බනිමින්……..වෙනදාට කන්නත් එකට යන දෙන්නා අද කෑවේත් නෑ ගියෙත් නෑ………
💦 මොකද අද ඩොක්ටර් නිකම් මලානික වෙලා වගේ…….
එහෙම ඇහුවේ ward 04 එකට අලුතින් ආව චූටි නර්ස් නොනා…… නම විහඟි…..
🌷 එහෙම මොනවත් නෑ විහඟි……….. කෝ දෙන්න බලන්න ඔය කාගේ reports ද………
💦 අද delivery කරන්න ඉන්න අම්මගේ……
🌷 ආහ්…… එයාට සීසර් නේද සර් ලියලා තියෙන්නේ………..
💦ඔව් ඩොක්ටර් අද සර් තාම ආවේ නෑනේ……..
🌷ඒකනේ මං call එකක් දීලා බලන්නද……….
Call එකක් ගන්න උනේ නෑ…….. ward එකේ කවුන්ටර් එකේ හිටිය හෙදිය අැයට කතා කලා……
❣️ඩොක්ටර් වන්දනා…….. ඔයාට ලොකු සර් ගන්නේ……..
ඔවුන් ලොකු සර් යැයි පවසන්නේ මේ වාට්ටුව භාර ජ්‍යේෂ්ඨ වෛද්‍යවරයාය……..
🌷 Good morning සර්…….
〽️ Good morning වන්දනා…….. ඔයා මොකද කරන්නේ…
🌷 මොනවත් නෑ සර්……. ඒත් මේ සීසර එකක් තියනවානේ අද…..
〽️ ඒක කියන්න තමා මං ගත්තේ වන්දනා……….. මං එනකොට පමා වෙයි……. ඔයාට පුළුවන් නේද කරන්න….. හඅමදාම බපාගෙන ඉදලම හරියන්නෑනේ පුරුදු වෙන්නත් ඕනෙ……..
🌷අනේ මට බයයි සර්……
〽️ වන්දනා……….ඔයාට පුළුවන්……..
🌷 සර් අත්හදාබැලීම් කරන්න බෑ ජීවිත එක්ක…….අනික මෙතන ජීවිත දෙකක්…………..
〽️ අත්හදා බැලීමක් නෙවේ වන්දනා…. ඔයා මාත් එක්ක කොච්චර සීසේරියස් සැත්කම් කරලා තියනවද…….. අනික ඔයාට ඒකට හොඳ පලපුරුද්දක් තියනවානේ…….. ගන්න ගන්න මං එනවා ඉක්මනට……….
🌷 ඒත් මං තනියෙන් කරලා නෑ ඒකයි…….
〽️ අසෙනියටයි වේදක ටයි කතා කරන්න……. ready කරගෙන පටන් ගන්න මං එන්නම්………..
වන්දනා චකිතයකින් යුතුව බැලුවේ විහඟි දිහා……… ඒත් ඉතින් බය වෙලත් බෑ කියලා වන්දනා දන්නවා…………
🌷 විහඟි සීසර් එක ready කරන්න කියන්න………….
❣️ හොඳයි ඩොක්ටර්……..
විහඟි ගියාම වන්දනා අසෙනියට ඇමතුමක් ගත්තා………. ඇගේ ඇමතුමෙන් අසෙනිය පුදුමයට පත් වුනත් අර පරණ කේන්තියෙන්ම එය සම්බන්ධ කරගත්තා…….
💙මොකෝ……….
🌷 අසෙනිය සීසර් එකක් මටයි ඔයාටයි වේදකටයි කරන්න කියලා ලොකු සර් කියනවා……….
එය රාජකාරි ඇමතුමකි………
💙 එන්නම්……….
අසෙනියට කතා කර පසුව ඇය වේදකටත් කතා කලාය………….. තුන් දෙනාම සැත්කම ආරම්භ කලේ ටිකක් බයෙන් වුනත් කරගෙන යන විට සියල්ල නිවැරදිව නිවැරදිම නීති රීති වලට අනුවම සිදු විය…………… ලොකු සර් පැමිනෙන විට ඔවුන් ඒ සැත්කම සාර්ථකව සිදු කර අවසන්ය…….. නමුත් දවස ඇතුලත සැත්කම් තුනක් පමණ කිරීමට ඔවුන්ට සිදු විය…………..
සවස පහට පමණ රන්දයගෙන් ඇමතුමක් ලැබුනේ අසෙනියත් එතැන ඉන්නා විටමය……….. නමුත් ඇමතුම සම්බන්ධ කර ගැනීමට ඇය මදක් මැලි වූවාය………. ඒත් එය සම්බන්ධ කර නොගෙනත් බැරිය……… නැත්නම් රන්දය
මෙතනට එනු නිසැකය……….. ඇය මදක් පසෙකට විය……..
🌷 රන්දය කියන්න………………
💖 දොස්තර නෝනා දැන්මම ගෙදර යනවද………..
🌷 දැන්මම නම් එන්න බැරි වෙයි…….
💖 මං එන්නද………
🌷 එපා ඕනෙ නෑ……. මගේ යාළුවා ඉන්නවා………. මං එයා එක්ක යන්නම් Thanks……..
💖 හ්ම්ම්ම්…හම්ම්ම්ම්…. නැති වුනොත් මට call එකක් දෙන්න මමත් තාම HQඑකේ ඉන්නේ…………
🌷 හා………… තියන්නම් bye….
ඇය ඇමතුම විසන්ධි කර අසෙනිය දෙසට ගියේය………
💙 වන්දනා……. දැන් කොහොමද යන්නේ…….. එනවා කිව්වද එක්ක යන්න………
වන්දනා කිසිවක් නොකීවාය……. නමුත් අසෙනිය මේ ආකාරයෙන් හැසිරෙනු ඇතැයි ඇය නොසිතුවාය………. එය ඇයට ඉතාමත් වදයක් සේ හැඟුනි………… රන්දයට එන්නට එපා යැයි පැවසුවේ අසෙනිය ඇරලාවි යැයි සිතූ නිසාය……. නමුත් මෙවන් අවලාද ඇනුම් බැනුම් මත අැයට ඔහු හා යාමටත් සිත් නොදේ……..
🌷 ඔව්………… එනවා කිව්වා………
වන්දනා එපමණක් පවසා යලිත් ඇතුලට ගියාය………. ඇය හෑන්ඩ් බෑග් එකත් අරගෙන එන විට අසෙනියගේ වාහනය යනු දුටුවාය…………… සුසුමක් හෙළුෑ ඇය cab service එකකට කතා කරන්න දුරකතනය අරගෙනත් එම අදහස අත්හැර රන්දයටම ඇමතුමක් ගත්තාය……………..
෴ මතු සබැඳියි ෴