💙💦❄️ #29_වන_කොටස❄️
තුහින්‍යා පිටතට එන විටම දුටුවේ ඔවුන්ගේ කතාවට සවන් දෙමින් සිටින හේෂරව……….
” කොහොම ස්තූතියි කියන්නද තේරෙන්නෑ……… ඒත් ස්තූතියි….. අද ඔයා මේ කරපු දේට මං ණයගැතී ඔයාට……. පුළුවන් නම් ඔහොමම අයියගේ ජීවිතේ ගොඩ දාලා දෙන්න…..
හේෂරගේ කතාවට තුහින්‍යා ඇස් දෙකත් ලොකු කරලා ඔහු දිහා බැලුවේ පුදුමයෙන්…..
” ආයෙත් නම් ඔය රකුස් එක්ක මං කතා කරන්නෑ…….. මට පේන්න බෑ මෙයාව…..
” එහෙම කියන්න එපා තුහී……. ඔයාට තමයි අපේ අයියව හදාගන්න පුළුවන්…. ඔයා දන්නවද තුහී අපේ අයියා තමයි ඉස්සර කැම්පස් එකේ මැරයා…… එයා ඒ පුරුද්ද කැම්පස් එකෙන් එලියට ඇවිල්ලත් අත්හැරියේ නෑ….. හිරෙත් ඉදලා තියනවා මනුස්සයෙක්ව මරලා….. මරලාද මරන තැන ඉඳලද දන්නෑ……… ඒත් අපේ අයියා කියන්නෙ හොඳ මිනිහෙක් නෙවේ…… මේ අද ඔයාගේ වචනයට මෙයාගේ කට වහගත්තට කවදාවත් මෙයා මෙහෙම ඉඳලා නෑ….. ඒ කියන්නේ ඔයාට එයාව හදාගන්න පුළුවන්…….
” මට කාවවත් හදන්න ඕනි නෑ මිස්ටර් හේෂර……..
හේෂර සුසුමක් හෙළුවේ තුහින්‍යා සහ භූමි කිසිදා එකම අරමුණකට ගෙන ඒමට හැකි නොවන හෙයින්………
” මිස්ටර් කෑල්ලක් එපා මට හේෂර කියන්න…..
” හරි හේෂර…….. ඇත්තටම එයා හදනවා කියන්නේම මිරිඟුවක්…… ඔන්න බලන්නකො ආයෙමත් එයා මේ දේම කරන්නැද්ද කියලා……. දැන් ඇවිත් කියයි මට අයින් වෙලා යන්න කියලා….. ඊට කලින් මං රිසයින් ලෙටර් එක දෙනවා……
” ආ යු මෑඩ් තුහී…… විකාරද ඔයාට…….
නමුත් තූහී ඔහු කියනා දේ නෑසුනාක් මෙන් යන්නට ගියාය….. ඒ වන විටත් හේෂර විසින් නන්දිතා පිටත් කර යවා තිබුණා………….
” අයියේ……….
” හේෂ්………..
” මට……. ආරංචි වුනා වෙච්ච දේ………
” අර තුහින්‍යා…………….🤬🤬🤬😠 මට දැන් හුඟක් දේවල් කියලා ගියා……..
” හ්ම්ම්ම්ම්ම්ම්ම්…. තුහින්‍යා යන්නම යයි……
හේෂර භූමි දෙස විමසිල්ලෙන් බලමින් කීවේය…… ඔහු සිතුවා හරිය…… භූමි ගැස්සී ඔහු දෙස බැලුවේ එක්වරමයි…..
” ඇයි දැන් එයාට මෙතනින් යන්න දෙයක් වුනාද…….
” මං නම් දන්නෑ….මොකද වුනේ කියලා දන්නේ ඔය දෙන්නානේ……
හේෂර ඇඟට පතට නොදැනී කිව්වේ තව තවත් භූමිගේ හැසිරීම් වලට නෙත් යොමු කරන ගමන්…….. භූමි තුහින්‍යා ගැන උනන්දුයි කියලා හේෂරට ඉව වැටිලයි තිබුනේ………
දවල් එකට විතර තුහින්‍යා ඇවිත් භූමිගේ කාර්යාලයේ දොරට තට්ටු කලා…..
” එන්න……
භූමිගේ වචන සන්සුන්……… ඔහු තමා ඉදිරියට එන තුහින්‍යා දෙස බලා සිටියේද සන්සුන්වයි………. තුහින්‍යා ඔහු ලගට විත් අත වූ ලියුම් කවරය ඔහු වෙතට පෑවාය……….. භූමි ලියුම් කවරය දෙසත් ඇය දෙසත් බලා එහි වූ ලිපිය අතට ගත්තේය…….. මෙය ඇගේ ඉල්ලා අස්වීම බව ඔහු හොඳින්ම දැන සිටියේය…… භූමි එය දැනගෙනම විවර කර බැළුවේ කෝපයෙන් හා වේදනාවෙන් දැවෙමින්…….. නමුත් තුහින්‍යා පුදුමයට පත් කරමින් ඔහු ඇය දුන් අස්වීමේ ලිපිය කෑලි කෑලි වලට ඉරා දැමුවේය…….. වේගයෙන් පුටුව පිටුපසට කර නැගී සිටියේය……… ඉන්පසු පැමිණ ඇගේ අතෙහි ඉහල බාහුව තද කර අල්ලා ගත්තේය…….. දෙදෙනාගේම දෑස් තියුණු ලෙස එක්වී තිබුණි..
” තමුසෙට ඕනැ වෙනකොට එන්නයි එපා වෙනකොට යන්නයි මේක මොකක් කියලද හිතාගෙන ඉන්නේ තුහින්‍යා……. තමුසෙට හම්බවුන අනිත් වුන් තමුසෙව ඕනැවෙද්දි අරන් එපා වෙද්දි අයින් කරන්න ඇති ඒත් මට එහෙම කරන්න බෑ………….. මොන දේ වුනත් තමුසෙ ඉන්න ඕනි මට පේන තැනක……. මං තමුසෙට මෙතනින් යන්න දෙන්නෑ…… කවදාවත් යන්න දෙන්නෑ……. තවත් මගේ යකා අවුස්සන්නැතුව ගිහින් වැඩක් කරනවා……. පිස්සු මොංගල් වැඩ කරන්නැතුව………
භූමි ඇගේ අත අත්හැර දැමුවේය…… ඔහුගේ දෑස් වල වූයේ ඉතිරී යන ස්නේහයකි………. එය තුහින්‍යා හට හොඳින්ම වැටහෙයි…….. හේෂර කියූ වදන් එකින් එක ඇයට සිහිවන්නට විය……….
” දැන් යනවා…….. තවත් මෙතන මං දිහා බලන් ඉන්නැතුව……. ගිහින් වැඩක් බලාගන්නවා………
භූමි තවත් වේගයෙන් කියද්දි තුහී කාමරෙන් පිට වෙලත් ඉවරයි……. ඇය කාර්යාලයට යන විට ජාන්වීත් දිල්රූත් බලාගෙන හිටියේ ඇය එන පෙරමඟ…..
” මොකද වුනේ තුහී…….. සර් රිසයින් ලෙටර් එක ගත්තද…….
ජාන්වී ඇසුවාය…………
” නෑ……..
” තූහී……. පොඩිවුන් වගේ මෝඩ වැඩ නොකර හිටපන්…… දැන් ඒ දේ වුනා ඉවරයි……
දිල්රූ ද කිව්වේ අවවාදාත්මක ස්වරයෙන්..
” ඔයාලා කියන්නේ ඒ වගේ මනුස්සයෙක් එක්ක තවත් මට වැඩ කරන්න කියලද දිල්…… එපා වෙනවානේ…. අනික මං දැන් ඒ මිනිහට හොදටම බැනලා ඉන්නේ…. තවත් තරහ ඇති දැන්…….
ඊට නම් ජාන්වී ඇය දෙසටට හෙළුවේ සරදම් සිනාවක්…….
” ඒක නම් වෙන්නෙ නෑ………
ජානවී යමක් කියන්නත් කලින් දිල්රූ කිව්වාය
” ඇයි……….
” ඇයි අහන්නේ…… උඹ දන්නෙම නෑ….. උඹට තේරෙන්නෙම නෑ නේද…..අනේ මේ නිකම් හිටපන්……..
ජාන්වී කිව්වේ අත වූ පොත්පත් ටික මේසය මතින් තබමින් හරිබරි ගැහී වාඩි වෙන ගමන්……
” මොකක්ද ඒ කතාව…….
” කතාව මේකයි….. වහෙන් ඔරෝ ඕන්නෑනෙ…… අපි නම් කියන්නේ භූමි සර් උඹට කැමතී…… උඹත් කැමතී……
පොල්ලකින් ගැහුවා වගේ දිල්රූ කියද්දි තුහින්‍යා කෝපයටත් ලැජ්ජාවටත් පත් විය……….
” පිස්සු හැදිලද මොනවද ඔය කියන්නේ…. කවුරුහරි අහගෙන ඇති…. ආයෙත් නම් ඔය වගේ මෝඩ කතා කියන්න එපා හරිද……. මං බැඳපු කෙනෙක් ඒක මතක තියාගන්න……
තුහින්‍යා එහෙම කියලා ඇගේ අසුනේ වාඩි වෙලා ලෙජර් එක පෙරලගත්තේ ජාන්වී හා දිල්රූ දෙස යලිත් නොබලමින්….
” කාටද උඹ ඔය බොරු කරන්නේ තුහී….. හරි අපිට කමක් නෑ….. අපි මොනාත් කියන්නෙත් නෑ….. ඒත් උඹේ යටිහිත දන්නවානේ තුහී උඹ භූමි සර්ට කැමතී කියලා……… උගුරට හොරා බෙහෙත් බොන්න බෑ ඒක මතක තියාගනින්….. අනිත් එක ඕනැ දේකට අපි දෙන්නා ඉන්නවා ඒකත් උඹ හොදින් මතක තියාගනින්….. දැන් ඔහොම ගස්සලා පද්දලා අපිට රැව්වට මට නම් විශ්වාසයි ලස්සන ආදර කතාවක් පටන් ගනී කියලා…….
ජාන්වී ඉක්මනින් නැගිටලා එතැනින් පිට වුනේ තූහී ඇඟට කඩා පනී කියලා……..
හදිස්සියේ දිල්රූගේ දුරකතනය නාද වුනේ ඔවුන් කෑම කමින් සිටින අතරෙදි……. දිල්රූ ඉක්මනින් අතත් සෝදගෙන ඇමතුම සම්බන්ධ කරගත්තා……
.
.
.
” එහෙමද………. මං ඉක්මනින් එන්නම්…
දිල්රූගේ මුහුණම යම් කිසි බියක සේයාවකින් වැසී ගොස් තිබුනා…..
” දිල් ඇයි……
කන එකත් නවත්තලා තුහී ඇහුවේ ඇගේ වෙව්ලන දෑත අල්ලාගෙන….
” අනේ තුහී….. අප්පච්චි හොස්පිටල් ඇඩ්මිට් කරලා……. මං හාෆ්ඩේ දානවා……
දිල්රූට ඇඬෙන්නට මෙනි……. තූහී ඇගේ පිට අතගාමින් හිත හදන්නට විය….
” දිල් කලබල වෙන්න එපා….. මොනවත් වෙන්නෑ….. ඉක්මනින් සර් ඉන්න වෙලාවේ කියලා වරෙන්…. අපි හාෆ්ඩේ එක දාන්නම්……
තුහී එහෙම කිව්වම කෙල්ල එක පිම්මට උඩට දුවගෙන ගියේ භූමි හොයාගෙන….
” මට නම් බයයිත් එක්ක….. අර රකුස් දිල්ගේ ඇඟට කඩා පනීද කියලා….. එහෙම වුනොත් දිල්ට තව දුක හිතෙයි…..
” පිස්සුද තුහී….. අනේ ඇත්තට ඔය වැරදිවට හිතන එක කවද්ද උඹ නවත්තන්නේ…….
ජාන්වී තුහීට දොස් පවරමින් ඉහල මාලයට ඇස් යැව්වේ දිල් එනතුරු…… ටික වේලාවකින් දිල්රූ දුවගෙන ආවා….
” මොකද කිව්වේ රකුස්…… අවුලක් නෑ නේද යන්න කිව්වද
තුහින්‍යා එක දිගට ප්‍රශ්ණ වැලක් ඇහුවා….
” ඔව් තුහී…. යන්න කීවා මං ඉක්මනට යන්නම්………
දිල්රූ අත්බෑගය කරට දාගෙන යන්න හදන විටම භූමි එතෙන්ට ආවේ කලබලෙන් වගේ…….
” යමුකො නංගි……… මාත් එන්නම්…. මොකද දන්නෑනේ වෙලා තියෙන්නේ…. ඔයා තනියම ගිහින් මොනා කරන්නද…. අනික අම්මයි නංගියි විතරයි ඉන්නෙත්….. යමු යමු…..
තුහින්‍යාගේ ඇස් නලලට ගියේ භූමිගේ මේ කරුණාවට…….. ඇත්තටම ඒ භූමිගේ හැටිය….. කාට හෝ කරදරයක් වුවහොත් ඔහු එතැනය…… ජාන්වී තුහින්‍යාට සරදම් සිනාවක් පා යලිත් වාඩි වූයේ භූමිත් දිල්රූත් නික්ම ගිය පසුය…. තුහින්‍යා කතාවක් නැත….. ඇය ඇගේ සිතුවිලි අතර අතරමංව සිටියාය…… භුමිගේ මේ දෙබිඩි පිලිවෙත ඇයට තේරුම් ගත නොහැකිය………..
💙💙💙💙💙💙💙💙💙
භූමි අතර මගින් තෙනුක වත් ගමනට සම්බන්ධ කරගත්තෙ හේතුවක් ඇතුවයි…….. තෙනුක දිල්රූ දුටුදා සිටම ඇයට ආදරය කරන බව පවසමින් භූමිට කරදර කරයි…….. තෙනුක යනු නරක යාළුවෙක් නොවන හෙයින් දිල්රූ වැනි හොද වැදගත් ගැහැණු ළමයෙක් ඔහුට ගැලපෙන බව භූමිද තේරුම්ගෙන සිටියේය…….
දිල්රූගේ පියාගේ රෝගී තත්වය එතරම් බරපතල නොවූවත් තෙනුක ඔවුන් හා රෝහලේ රැඳුනි…….. දිල්රූගේ මවගෙන් වුවද තෙනුකට ලැබුනේ හොඳ පිළිගැනීමකි……… එ් සියල්ල භූමි නිසාය….. වැඩිමල් සොයුරෙකු සේ ඔහු දුව පැන සියල්ල සිදු කර දුන්නේය…….
” මචං වාහනේ තියලා යන්නද…….
භූමි කිව්වේ පිටව යන්නට සූදානමින්….. යන්නට පෙර එක්වරක් තුහින්‍යා දැකීමේ ආශාවක් ඔහුට උපන්නේය….
” නෑ එපා මචං……. උඹ පලයන්…… ගිහින් රෑ වෙලා වරෙන්…… මං අද දිල්රූගේ අප්පච්චි ගාව නවතිනවා…..
ඇත්තටම මේ වෙලාවේ එය දිල්රූ අැතුළු පවුලේ අයට ලොකු දෙයක් විය…….
භූමි ඔවුන්ගෙන් සමුගෙන යලිත් කාර්යාලය දෙසට එනවිට සවස් වී තිබුණි……
” ශ්ට්….. පරක්කු වුනා නේද…… මෙයා ගිහින්වත්ද……
භූමි වේගයෙන් වාහනය කාර්යාල භූමියට හැරෙව්වේය….. ඒ වන විටත් ඔවුන් නික්ම ගොස් සිටියහ…….
තුහින්‍යා බසයක් එනතුරු සීතාඅම්මාන් කෝවිල තුලට ගොස් සිටි හෙයින් භූමි ඇයව නොදුටුවේය………. බලාපොරොත්තු කඩ වූ භූමි එහෙමම යලිත් වාහනය පුධාන පාරට දැමුවේ උදාසීන හැගීමෙනි……. නමුත් එක්වරම සීතාඅම්මාන් කෝවිල අසලදී තුහින්‍යාගේ රුව දකින විට භූමිට සැනසුම් සුසුමක් හෙළුනේ ඉබේමයි…….. භූමි පරෙස්සමින් වාහනය ඇය අසලින් නවත්වා ඇගේ පස වූ කවුළුව පහත් කලේය………. නමුත් තුහින්‍යා ඔහුව ගනන් නොගෙන මදක් ඉදිරියට ගියාය……. එවිට යලිත් භූමිගේ කුකුල්කේන්තිය හිස මත රඟදෙන්නට විය………… ඔහු වාහනයෙන් බැස ඇය අසලට ගියේ රවමින්………