“හරි වැඩේනෙ උනේ මහත්තයා.ඔයා ගියාට පස්සෙ මනුලි මැඩම් ආවා කාමරේට…”

තේනුක මහත්තයා ආපු ගමන්ම මං එයාට මනුලි මැඩම් ආපු විස්තරේ කිව්වා.මං වගේම තේනුක මහත්තයත් කලබල වෙලා කල්පනා කරන්න ගත්තා ඒ ගැන.එකපාරටම මතක් උනා වගේ එයා ටක්ගාලා ගිහින් අල්මාරිය ඇරලා ඇඳුම් ටික අවුස්සලා බැලුවා.

“ඩීඑන්ඒ ටෙස්ට් එකේ රිපෝට් එක ඔයා කොහෙද තිබ්බෙ චේතනා?…”

“මං ඒක කලින්ම අරන් ඇඳේ මෙට්ට කවරෙ අස්සෙ හැංගුවා මහත්තයා.මං වෙලාවට එහෙම කරේ.මනුලි මැඩම් අල්මාරියත් ඇරලා හොඳට අවුස්සලා බැලුවා…”

එයා ඔලුවට අත තියාගෙන ඇඳෙන් වාඩි උනා.

“මං හිතන්නෙ ගෑ/ණි/ට අපි ගැන සැක හිතිලා වගේ චේතනා.එහෙනම් ඕකි අපි ගැන ඉස්සරහට තව සෙවිල්ලෙන් ඉඳියි.අපි යන එන ගමන් බිමන් ගැන පවා සෝදිසියෙන් ඉන්න පුලුවන්.අපි ගොඩක් ප්‍රවේශමෙන් ඉන්න ඕනි…”

“ඔව් මහත්තයා.එකපාරටම කඩාගෙන බිඳගෙන කාමරේට ආපු විදියට මං හොඳටම බය උනා.මහත්තයා කියලා දීපු විදියටම මං අඬ අඬා වගේ අර ටික කිව්වා.ඊට පස්සෙ” අයැම් සොරි සමාධි”කියලා යන්න ගියා.මං හිතන්නෙ මනුලි මැඩම් මං කියපුවා විශ්වාස කරා මහත්තයා…”

“බම්බුව තමයි.ඒ ගෑ/ණි ත/මු/සෙ කියපුවා විශ්වාස කරලා නෑ.ඕකත් ඒකිගෙ ප්ලෑන් එකක්.විශ්වාස කරා වගේ උඩින් පෙන්නලා යටින් මොන ගේම් එකක් අදින්න බලාගෙන ඉන්නවද දන්නෑ.මේ ඔක්කොම උ/ඹේ වැරදි චේතනා.උ/ඹ තමයි ඒ ගෑ/ණි/ගෙ හිතට සැකයක් එන විදියට වැඩ කරේ…”

“අනේ මහත්තයා මං මොන වරදක් කරාටද මට බනින්නෙ?මහත්තයා කියපු විදියටනෙ මං හිටියෙ…”

“උ/ඹ/ට බනින්නෙ උ/ඹ වැරැද්දක් කරපු නිසා චේතනා.උ/ඹ අඬලා වැලපිලා දරුවගෙ අසනීපෙ ගැන අහද්දියි ඒකිට සැක හිතුනෙ…”

තේනුක මහත්තයා මට හරියට කෑ ගහන්නෙ මං හිතා මතාම මනුලි මැඩම්ගෙ හිතට සැකයක් ඇති වෙන විදියට වැඩ කරා වගෙයි. දරුවා ගැන මගෙ ප/පු/වෙ තියන වේදනාව එයාට තේරෙන්නෑ.දවසින් දවස මගෙ හිත කඩන් වැටෙනවා.දරුවා ගැන මතක් වෙද්දි කෑ ගහලා අඬන්න හිතෙනවා.මෙහෙම ගියොත් මං පි/ස්/සු හැදිලයි නවතින්නෙ.

“අම්මා කෙනෙකුගෙ හදවතේ තියන දරු කැක්කුම ඔයාට තේරෙන්නෑ මහත්තයා.මං කොහොමද දෙයියනේ වාවගෙන ඉන්නෙ මගෙ දරුවා වෙන කෙනෙකුට අම්මා කියද්දි?මං කොහොමද මහත්තයා එයාලා මගෙ දරුවව බලෙන්ම අයිති කරන් ඉන්නැද්දි ඇස් කන් පියාගෙන බලන් ඉන්නෙ?…”

මං අඬ අඬ එයාගෙන් ඇහුවා.කඳුලු වලට මං දැන් ඇබ්බැහි වෙලා වගේ.දරුවා ගැන සිහිපත් කරමින් මං දවස ගානෙ කඳුලු හලනවා.හැමදාම රෑට ඇඳට යන්නෙ කඳුලු හල හල.තේනුක මහත්තයට මං ගැන ගානක්වත් නැහැ.

“මීට අවුරුදු හතරකට පහකට කලින් උ/ඹේ ඔය මව් සෙනෙහස කොහෙද තිබ්බෙ චේතනා?මට අන්න ඒක කි/ය/ප/න්?දරුවා ගැන උ/ඹ/ට කැක්කුමක් දැනුනෙ මං හිරෙන් නිදහස් වෙලා ආවට පස්සෙද?දැන් උ/ඹේ ඔය ප/පු/වෙ තියන දරු කැක්කුම එදත් තිබ්බා නම් අද අපේ දරුවා මෙහෙම වෙන කෙනෙක් අයිති කරගන්නෑ.

මං උ/ඹ ගාවට ඇවිත් මාස තුනක් යද්දි උ/ඹේ අම්මගෙ හැටි දැන ගත්තා. ඒත් අවුරුදු දහ අටක් එකට ඉඳලත් උ/ඹ/ට එයාව අඳුරගන්න බැරි උනා.අම්මා අපේ දරුවව මු/න්/ට විකුණන්න හදනවා කියලා උ/ඹ කලින්ම දැනගෙන හිටියා නේද?එහෙම දැනගෙන ඉඳලත් උ/ඹ දරුවත් අරන් පැනලා නොයා ඒ ගෙදරටම වෙලා හිටියා?ඇයි උ/ඹ එහෙම කරේ චේතනා?…”

එයා මගෙ නිකටෙන් උස්සලා ඇස් දෙක දිහා කෙලින් බලාගෙන කේන්තියෙන් එහෙම ඇහුවා.මං ඇත්ත කිව්වත් එයා විශ්වාස කරන්නෑ.එයාගෙන් හංගන්න කිසිම දෙයක් මගෙ ජීවිතේ නැහැ.මේක මගෙ මෝ/ඩ/ක/ම. ඕනි දෙයක් වෙච්චාවෙ කියලා හිතලා එදා මට තේනුක මහත්තයගෙ පැත්ත ගන්නයි තිබුනෙ.

“අනේ…. මං ගැන එහෙම…. හිතන්න එපා මහත්තයා….. අම්මා අපේ දුවව මෙයාලට…. විකුණන්න හදනවා කියලා…. මං දැනගෙන හිටියෙ නෑ මගෙ දෙයියො….. අම්මා දරුවට ගොඩක් ආදරෙන් හිටියෙ…. මං කවදාවත් හිතුවෙ නෑ ඒ ආදරේ බොරුවක් කියලා…”

මං අඬ අඬා එහෙම කිව්වා.ඒත් තේනුක මහත්තයගෙ කේන්තියෙ නම් කිසිම අඩුවක් උනේ නැහැ.රෑ දොළහටත් කිට්ටුයි වෙලාව. එයා නිදාගන්න පාටක් තිබුනෙ නැහැ.ඇඳ වියලට කොට්ටෙ හේත්තු කරගෙන ලොකු කල්පනාවකයි හිටියෙ.

“ත/මු/සෙ/ව/ත් ගානට රවට්ටගෙන බොරු ආදරයක් පෙන්නලා අන්තිමේ මගෙ දරුවව මු/න්/ට විකිණුවා.අම්මා කියනම උතුම් නමට ත/මු/සෙ/ගෙ අම්මා සාපයක් චේතනා. ත/මු/සෙ/ට කවදාවත් අම්මගෙ වෙනසක් දැනුනෙවත් නැද්ද?…”

“නෑ මහත්තයා.ඒත් ම්…

“නෑ.එක්කො ඕන්නෑ.දැන් මං ඕවා ඇහුවා කියලා වැඩක් නෑනෙ.නිකන් බොරුවට ඇඟේ $ල් ටික පු ච් ච ගන්නවා විතරයි.ත/මු/සෙ/ගෙ වෙලාවද මගෙ වෙලාවද කියන්න දන්නෑ. හැබැයි මං හිරෙන් නිදහස් වෙලා එද්දි ත/මු/සෙ/ගෙ අම්මා ජීවතුන් අතර හිටියා නම් මට සිද්ද වෙන්නෙ එයාව ම/@/ලා ආපහු ගිහින් හිරේ ලගින්න…”

“මගෙ ජීවිතේ ගියත් මං කොහොම හරි දුවව ඔයාට අයිති කරලා දෙනවා මහත්තයා. ඔයාගෙ පන ඩිංග සදහටම මෙයාලගෙ වෙන්න මං ඉඩ තියන්නෑ…”

“මට නිදිමතයි.දැන් නිදාගන්නවා.උදේම මාලකයගෙ චන්ද වැඩ වගේකට යන්න තියනවා…”

ගොඩක් වෙලා නිදිමතේම හිටපු නිසා ඇස් දෙක පියාගත්තු ගමන්ම මට නින්ද ගියා.රෑ මං අපේ දූ පැටික්කිව හීනෙන් දැක්කා.මගෙ පුංචි සුරංගනාවිව මාලක වඩාගෙන හිටියෙ. මාලක ළඟින් මනුලි මැඩමුත් හිටියා.මාවයි තේනුක මහත්තයවයි දැකපු ගමන්ම අපේ දූ පැටික්කි මාලකගෙ අතින් බිමට පැනලා අපි ගාවට දුවගෙන ඇවිත් අපි දෙන්නව බදා ගත්තා.

ඒ හීනෙ අපිට සුබ ආරංචියක්ද ගෙනාවෙ කියලා මං උදේ කල්පනා කරා.අපේ දුවව අපිට ලබා දෙන්න කියලා මං උදේ හවා දෙවියන් බුදුන් පවා සිහිපත් කරලා ප්‍රාර්ථනා කරනවනෙ.

බොහොම ඉක්මනින් ඒ ප්‍රාර්ථනාව ඉශ්ඨ වෙන සළකුණු ඒ හීනෙන් පෙන්නුම් කරාදෝ කියලා මට හිතුනා.

“දුවගෙ ටිකට් කපලා අද ගෙදර එක්කන් එනවලු.අර ගෑ/ණි කතා කරොත් මිසක් ත/මු/සෙ එහෙම යන්න එපා.ගියත් අඬන්න එපා.මහ ලොකු දුකක් පෙන්නන්න එහෙමත් එපා.ඔය ගෑ/ණි අපි ගැන තවමත් ඉන්නවා ඇත්තෙ සැකෙන්.කෝකටත් ප්‍රවේශමෙන් ඉන්නවා…”

“හා මහත්තයා.ඔයා දුවව බලන්න හොස්පිටල් එකට ගියාද?…”

“ඊයෙ ඇමතිතුමා එක්ක ගියා.ගොඩක් වෙලා මට දුවව බලන්න හම්බුනේ නැහැ.අර යස්සනී ආවනෙ…”

“කව්ද?මනුලි මැඩම්ද?…”

“නෑ.ඒ/කි/ගෙ අම්මා.ආපු ගමන් කෑ ගැහුවා දරුවට විශබීජ යනවා එලියට යන්න කියලා. අනුන්ගෙ ළමේක්ව හො ර ක ම් කරගෙන ඇවිත් ලොකුකම් පෙන්නනවා.තව ටික දවසයිනෙ.ඔහොම යමුකො.චන්දෙ ඉවර උනාම මං ගානට ඇමතිගෙ ගෑස් බස්සන්නම්…”

තේනුක මහත්තයා එහෙම කිව්වෙ අනාගතය ගැන යමක් පැහැදිලිව දකිමින්. එයාගෙ හිතේ ලොකු විශ්වාසයක් ගොඩ නැගිලා තියනවා දරුවව අපි ගාවට ගන්න පුලුවන් කියලා.හැබැයි ඒක කරගන්න නම් ඇමතිව කොහොම හරි මේ පාර චන්දෙන් පරාද කරන්න ඕනි.එතකොට එයාගෙ බලය අඩු වෙනවා.

“අපේ දුව ගොඩක් අමාරුවෙන්ද හිටියෙ මහත්තයා?…”

“අපේ පැටියට එච්චර ලොකු අමාරුවක් තිබ්බෙ නැහැ චේතනා.ඩොක්ටර්ලා එයාව හොඳට බලාගත්තනෙ.කෙ/ල්ල මං දැක්කම හිනා වෙලා මගෙ දිහා බැලුවා.ඒ හිනාව ඇති මගෙ මුළු හිතම පිරෙන්න…”

“ඇමතිව මේ චන්දෙන් පරාද කරන්න පුලුවන් වෙයි නේද මහත්තයා?…”

“ඒක ටිකක් අමාරු වැඩක් චේතනා.මාලකව පරද්දන්න එක අපි හිතන තරම් ලේසි නෑ. විරුද්ධ පක්ෂෙ කීප දෙනෙක්ම මේ වෙද්දි මාලකගෙ පැත්තට පැනලා…”

“මාලකත් එක්ක විරුද්ධ පක්ෂෙන් චන්දෙ ඉල්ලන කෙනාව හම්බුනොත් අපිට ලේසියෙන්ම මාලකව වට්ටන්න පුලුවන් වෙයි නේද මහත්තයා?…”

“විරුද්ධ පක්ෂෙන් චන්දෙ ඉල්ලන්නෙ සාගර කියලා මන්ත්‍රී කෙනෙක්.මිනිහටත් සෑහෙන සෙනඟක් ඉන්නවා.උදේ තියන රැස්වීමට
මිනිහත් එනවලු.මට මිනිහගෙ ෆෝන් නම්බර් එක හොඳ විශ්වාසවන්ත කෙනෙක්ගෙන් හම්බ උනා…”

“ඉතින් මහත්තයා ඒ නම්බර් එකට කෝල් එකක් අරන් විස්තරේ කියන්නකො. මහත්තයා කව්ද කියලා කියන්න එපා…”

එයා කාමරේ ඇතුලෙ ඇවිද ඇවිද සෑහෙන වෙලාවක් කල්පනා කරා.දුවගෙ ටිකට් කපාගෙන ගෙදර එක්කන් ඇවිත් ඉන්න නිසා මං ඉවසිල්ලක් නැතුව ඉන්නෙ මගෙ පැටියව බලන්න මනුලි මැඩම් කතා කරනකල්.

“ඔය මොකක්ද මැඩම්?…”

මනුලිගෙ අතේ අමුතු යමක් තිබෙනු දුටු මෙහෙකාරිය එලෙස ඇසුවා.

“මේක පොඩි කැමරාවක් අනෝමා.මාත් එක්ක පොඩි ගමනක් යන්න එන්නකො…”

“විනාඩියක් ඉන්න මැඩම්.මං ටක්ගාලා මා ළු එක ලිපෙන් බාලා එන්නම්…”

තමුන්ගෙ හොර සේරම මං අල්ලගන්නෙ මෙන්න මේ පුංචි කැමරාවෙන් සමාධි. ඔහේගෙ සෙල්ලම් අද රෑම මට දැනගන්න ලැබෙයි.

“හරි මැඩම්.අපි දැන් කොහෙද යන්නෙ?…”

“අපි දෙන්නා සමාධිගෙ කාමරේට ගිහින් මෙන්න මේ පුංචි කැමරාව ඒකිගෙ ඇඳේ හයි කරන්න ඕනි අනෝමා.එතකොට ඒකි කතා කරන හැම දෙයක්ම මට ඇහෙනවා…”

“මේක ගොඩක් පුංචි කැමරාවක්නෙ මැඩම්. මේකෙන් කොහොමද එච්චර දුරක කියන දේවල් ඇහෙන්නෙ?…”

“කැමරාව පුංචි උනාට මේකෙන් මට ඕනි දේ හරියටම වෙනවා අනෝමා.මේකෙන් මීටර් දෙසීයක් දුර ඉඳන් කියන දේවල් අහගෙන ඉන්න පුලුවන්.බලමුකො උන් දෙන්නගෙ රහස මොකක්ද කියලා…”

මනුලි අනෝමාත් එක්ක චේතනාගෙ වෙසෙන කාමරේට ඇවිත් ඇයව කයියට අල්ලගෙන ශේප් එකේ කැමරාව හයි කරලා ආවා.

දවල් දෙකට විතර තේනුක කාමරේට ආවෙ ගොඩක් බඩගිනි වෙලා.ඔහු එද්දි චේතනා දවල්ට කෑම උයමිනුයි හිටියෙ.

“අද නම් හරිම බඩගිනියි චේතනා.ඉක්මනට බත් එක බෙදලා දෙනවකො…”

තේනුක කියන දේවල් මනුලි ඇගේ කාමරේ ඉඳන් අහගෙනයි හිටියෙ.

මතු සම්බන්දයි.

අහු උනා නේද වැඩේ.