මලක්දෝ නුඹ අරලියා 🌸🌿
දහසය වෙනි කොටස🌿🌷_
පරණ වෙලා කහ ගැහිච්ච ඒ පත්ඉරු දිග හරිද්දි වන්දනාගේ අත් ගැහෙන්නට විය……. එහි තිබුනේ ආනන්දිතා දෑලබණ්ඩාරගේ අන්තිම කැමති පත්‍රයයි………… වන්දනා එය සම්පූර්ණයෙන්ම දිගහැරියාය…….. නමුත් සුමනා ඇගේ දොරට තට්ටු කල බැවින් ඇය සියල්ල නැවතත් පෙට්ටයට දමා එය ඇඳ යටට තල්ලු කලාය…………..
🌹 සුමනා අත්තම්මා……….
👇 කන්න එන්න සුදු මැණිකේ………….
🌹 හා…… මං එන්නම්………….
වන්දනා ටිකකින් කෑමට පහලට යන විට රන්දය කෑම කාමරයට වී සිටියේය…………
🌹🌹 මේ මෝඩයත් දැන්ද කන්නේ………
ඇය පුටුව ටිකක් ඈත් කර වාඩි විය………රන්දය ඇයට මද සිනාවක් පෑවේය……………..
❤️ Good evening දොස්තර නෝනා………. මොකද මේ මෙච්චර රෑ වෙනකම් ඉන්නේ කන්න……………
🌹අද ටිකක් පරක්කු වුනා……………
❤️ ඔයා දැන් ගොඩක් දවස් ඉඳන්ද මෙහෙ ඉන්නේ වන්දනා…………..
🌹 ඔව් ටික දවසක් වෙනවා…………..
රෑට තිබුනේ ඉඳි ආප්පයි පොල් සම්බලුයි මාළු මිරිසටයි අල හොදියි…………. කෙල්ල කන්න අකැමතිම කෑම වට්ටෝරුව……….. එහෙමත් නැත්තම් කෙල්ලට සැරට කාලා පුරුදුම නෑ………..ඒකයි……….. අනික අල කිරි හොද්දෙත් නයි කොච්චි උඩ පාවෙනවා………. කෙල්ල මුහුණ ඇඹුල් කරගෙන සුමනා අත්තම්මා දිහා බැලුවා……………..
👇 සුදු මැණිකේ……… ඔය අල කිරි හොද්දටත් මං හොදට නයි කොච්චි දාලා තියෙන්නේ………. මං මැණිකෙට කිරි හොදි හදලා තියෙන්නේ………….
රන්දය කන එක පැත්තකින් තියලා හිනාවෙන්න ගත්තා…………..
🌹 මොකද හිනාවෙන්නේ………….
❤️ හිනා යන්නේනැද්ද……… කොච්චි කරල වගේ සැර වුනාට ගෑණු ලමයාට සැර කන්නම බෑ වගේ………… ඇයි ඒ පුරුදු නැත්තේ…………
🌹 ලංකාවට ආවේ මීට මාස තුනකට කලින් අනේ…….මං කවදාවත් මෙච්චර සැරට කාලා නෑ රට ඉන්නකොට………..
❤️ ඔයා කොහේද හිටියේ……. මං අහන්නේ හිටිය රට…………
🌹 මං හිටියේ එංගලන්තේ…………. ගොඩක් කල් එහෙ තමා හිටියේ මට වයස අවුරුදු පහේ ඉඳන්…………….
👇 ආ……. සුදු මැණිකේ…………..
සුමනා අත්තම්මා ගෙනාවේ කිරි හොදි දීසියත්,,, ලාවට ගම්මිරිස් පමණක් යෙදූ ඔම්ලට් එකකි…………..
🌹හිනාවෙන්න එපා හරිද රන්දය……..
සුමනාද හිනාවෙමින් කුස්සියට ගියාය……..
කෑමෙන් පසු වන්දනා යළිත් සියකාමරයට ගොස් දොර වසා ගත්තාය………… ඇයට අවශ්‍ය අම්මාගේ අවසන් කැමති පත්‍රය බැලීමටයි…………
වන්දනා යලිත් එය අතට ගත්තාය………………….
“ආනන්දිතා දෑලබණ්ඩාර වන මාගේ අවසන් කැමති පත්‍රය මෙසේ ලියා තබමි……………………………..
අක්කර හතක නෙළුම්දෙණිය වලව්ව ඇතුළු ඉඩමද,,,,, මිලියන ගණනක ආදායම් ලබන ව්‍යාපාරයන් දෙක හා ඇහැලේපොල වලව්වට යාබද ඉඩම මෙන්ම දැනට දළදාමාලිගයට පවරා ඇති අක්කර දහයක ඉඩම් වලද අයිතිකාරිය නිත්‍යානුකූලව මම වෙමි……….. මගෙන් පසු මේ සියල්ලෙහිම එකම අයිතිකාරිය මගේ දියණිය අරලියා යශෝරාවි නෙළුම්දෙණිය හෙවත් වන්දනා මේඝනාවි වික්‍රමනායක වේ………….. මගෙන් පසු මේ සියල්ල ඇයට අයිති වන අතර ඇය හැර කිසිම අනුප්‍රාප්තිකයෙකු මා ඉදිරිපත් නොකරමි……….. මේ කිසිවක් මගෙන් පසු මගේ සැම්යා හට අයිති නොවිය යුතුය……………………
උඩින් පල්ලෙන් එය කියවා දැමුවත් මේ දැඩි සීතලෙත් වන්දනා හට දහඩිය දමමින් තිබුනි…………..
🌹🌹 අම්මේ…….. දැන් මං මොකක්ද කරන්න ඕනි……… මට තේරෙන්නෙ නෑ…..
වන්දනා යලිත් දින පොත පෙරලුවාය……….. එහි අවසන් දින කිපයේ එක් සටහනක ඇගේ නෙත නැවතුනි………………
💘💘💘 අරලියා………….. අවසන් කැමති පත්‍රය ඔයා හොයාගනී………… හැබැයි ඒ වෙනකොට මේ නීතිඥමහත්තයා ඉදීද දන්නෙ නැහැ………… එයාව හොයාගන්න……………. එයාගේ නම නන්දන සමරසේකර……… පදිංචි වෙලා හිටියේ පේරාදෙණියේ……….. එයා තමයි ඔයාට උදව් කරන්න පුළුවන් එකම කෙනා………………….
🌹🌹 කවුද මේ………….. නන්දන සමරසේකර………. හෙටම එයාව හොයන්න වෙයි…………
එළියෙන් උස්ව ඇහෙන කට හඬ කවුදැයි බැලීමට වන්දනා ජනෙල් රෙද්ද මෑත් කලාය…………… වැව අසල සියාතු සීයාත් රන්දයත් බර කතාවකය…………..
කොයි වෙලාවේ නින්ද ගියාදැයි වන්දනා නොදත්තාය…………….. උදෑසන අවදි වනවිට වේලාව හයට පමණ විය………. අද ඇය හත වන විට රෝහලේ සිටිය යුතුය……….
ඉක්මනින් නැගිට සූදානම් වූ ඇය අද ඇන්දේ තද නිල් පැහැ ඔසරියකි…….. පහලට එන විට සුමනා අත්තම්මා කෑම ලෑස්ති කර තිබුනත් කන්න වෙලාවක් නැති නිසා ඇය කෑම මේසයට වාඩි වුනේ නැත…………….
රන්දයද පහලට ආවේ අද විශේෂ සාකච්ඡාවක් පවතින බැවිනුත් එය ඉක්මනින් ඉවර කර යලිත් මෙහි පැමිණ ඊයේ සියාතු කියූ කතාවේ ඉතිරිය අසා ගැනීමටත් තිබුණු හෙයිනි…………
වන්දනා දෙවරක්ම වාහනය පනගැන්වීමට උත්සහ කලත් වාහනය පණගැන්වුනේ නැත………….
🌹 ශිට්…….. පරක්කු වුන දවසට තමා හැම එකක්ම වෙන්නේ………….
ඇය වාහනෙන් බැස සියාතුට කතා කලාය…….
🌹 සියාතු සීයා මගේ වාහනේ ස්ටාර්ට් වෙන්නෙ නෑ ටිකක් බලන්න………..
සියාතු දිව විත් බැලුවත් මේ අළුත් හයිබ්‍රිඩ් වාහන හදන්නට තරම් ඔහුට දැනුමක් නොවීය…………….
✔️ මට නම් මේක හදන්න බෑ වගේ සුදු මැණිකේ…………
🌹 දැන් මොකද කරන්නේ………….. කරන්න දෙයක් නෑ……….. මං taxi එකක් වත් ගන්නම්…………
වන්දනා යන්න හදද්දිම රන්දය එතෙන්ට ආවා…….. ඔහු ඈත තියාම දැක්කා වාහනේ මොකක් හරි අවුලක් කියලා……..
❤️ මොකද දොස්තර නෝනා….. වාහනේ වද දෙනවද………
🌹 මේ මට හැම වෙලාවේම දොස්තර නෝනා කියන්න එපා හරිද මට නමක් තියනවා මං වන්දනා………….
❤️❤️ මේකිගේ සැර යකෝ……………. රන්දයට එහෙම හිතුනා විතරක් නෙවේ මුහුණ පුරා හිනාවකුත් ඇදුනා……….
❤️ යං……. මං ඔයාව hospital එකට දාගෙනම යන්නම්………
🌹 නෑ එපා…………..
❤️❤️ දෙන්න හිතෙනවා දෙකක්…….. අම්මපා දැක්කයින් දැක්කේ නෑ මේ වගේ අහංකාර නපුරු කෙල්ලක්…….. නපුරු කමත් මේ තරම් ලස්සනයි කියලා මීට කලින් දැකලා තිබුනේ නෑ…….
❤️ මේ……………. ගිහින් නගිනවා වාහනේට වන්දනා මෙතන පිස්සු කරන්නෙ නැතුව මටත් පරක්කු වෙනවා
ඒ පාර නම් වන්දනා ටිකක් සන්සුන් වෙලා ගිහින් රන්දයගේ වාහනෙන් වාඩි වුනා…………….. රන්දයත් වාහනය පණගන්වාගෙන ගියා වුනත් වචනයක් වත් කතා කලේ නැ……………
🌹🌹 මෙයා මොකද මේ කතා වත් නැත්තේ………… හොඳටම කේන්ති ගියා වගේ මං කියපු එකට…….. අනේ මට මොකද………………
වන්දනා හෙමිහිට මුමුණන්නට විය……….
❤️ මට ඒක ඇහුනා වන්දනා……………
🌹 ඇත්තද………. හා කියන්න බලන්න මං මොකද්ද කිව්වේ කියලා………….
❤️ මං රන්දයට මෙච්චර ආදරය කරද්දි එයා මං දිහා බලන්නෙවත් නෑ….. කියලා නේද කීවේ………..
🌹 අපෝ හරි වැඩේමයි ඔයාට ආදරේ කරන්න…………….
වන්දනා ඒක කිව්වේ හිනාවෙන ගමන්………. රන්දයත් ඒ හිනාවට එකතු වුනා………..
🌹 මේ……… රන්දය…….. අපි ටිකක් මාලිගාවටත් යමුකෝ…….. please
වන්දනා පුරුද්දක් වශයෙන් හැමදාමත් උදේට මාල්ගිවට ගිහින් දළදා හාමුදුරුවන් වහන්සේ වැඳපුදා ගන්න අමතක කලේ නෑ…………. දෙන්නත් එක්ක ගිහින් මල්පූජා කරලා වැඳලා එනකොට උදේ හයයි පනස් පහට විතර ඇති………….
රන්දය රෝහල් බිමට වාහනය දමද්දි එතැන හිටිය කීප දෙනෙක්ම බැලුවෙ වන්දනා දිහා………. මොකද වෙනදට වන්දනා එන්නේ තනියෙන් නිසා………..
💎 ෂා…….. මාර matching couple එක නේද……
💝 doctor වන්දනාගේ husband වෙන්න ඇති……….
ETU එකේ හිටිය nurse ලා දෙන්නා කතාවෙනවා අසෙනිය අහගෙන……….. ඔහුත් ඒ දෙස බැලුවේ එය ඇත්තක්ද කියලා සැකයෙන්…………
එය තහවුරු කරගන්න ඔහු එහෙමම එළියට ගියා…………. යද්දිත් වාහකය ලඟ වන්දනා තාමත් රන්දය එක්ක කතාවක්……………….
❤️ මං එහෙනම් යන්නම් වන්දනා…….. හවසට මොකද කරන්නේ මං මේ පැත්තෙන් එන්නද……….
🌹 ඕනි නෑ………….. මං කොහොමහරි යන්නම්……..
❤️ ඔයා ඉතින් එපා කියන්නේ හා කියලා තමා…….. වැඩ ඉවර වුනාම මට call එකක් දෙන්නකෝ……….
එහෙම කියපු රන්දය වාහනේ පණගන්වගෙන යන්න ගියා……… මොකද්දෝ හේතුවකට වන්දනාගේ හිතට දැනුනේ පුදුමම සතුටක්……… ඒ සතුටු සිනාවෙන්ම ආපසු හැරුණු වන්දනා දුටුවේ කෝපයෙන් රතු කරගත් නෙතින් තමා දෙස බලා සිටින අසෙනියව……..
෴ මතු සබැඳියි ෴
ලියන්නේ