28_වන_කොටස❄️💦
තුහින්‍යා උදේ හත පමණ වන විට කාර්යාලයට ආවේ වැස්සත් අරගෙනමයි………. ඇය දිගු කොරිඩෝවට ගොඩ වන විටම දුටුවේ කණුවකට හේත්තු වී වැස්ස දෙස බලා සිටින නන්දිතා සමරවික්‍රම මහත්මියයි…… කටුක සීතලට අත් හකුලාගෙන සිටින ඇගේ මුව සැලෙයි……. තුහින්‍යා ඉක්මනින් ඇය වෙත ගියාය…….
“මැඩම්…… ඇයි දෙයියනේ මේ සීතලේ එලියට වෙලා ඉන්නෙ…….. යමු යමු ඇතුලට……..
තුහින්‍යා ඇය ලගට ගියේම එලෙස පවසමින්………
” තුහින්‍යා උදේ පාන්දරම එන්නෙ ඇයි….
” මට බස් එකක් තියෙන්නේ ඔය වෙලාවට තමා මැඩම්….. අනිත් එකේ ආවොත් මට පරක්කු වෙනවා…….
තුහින්‍යා කුඩය දිගහැර පැත්තකින් තබා පැවසුවාය………
” මැඩම් ඇයි මේ පාන්දර…….
දිගු සුසුමක් හෙළුෑ නන්දිතා තුහින්‍යා දෙස හෙළුවේ දුක්මුසු බැල්මක්……
” මං මේ කෝවිලට යන්න ආවේ දරුවෝ….. සීතාඅම්මාන් කෝවිලට මං භාරයක් වුනා….. ලොකු පුතා වෙනුවෙන්…… එයා මං ගැන හිතන විදිහ වෙනස් කරලා දෙන්න කියලා….. අද ඒකෙ පූජාවේ පස් වෙනි දවස……… මං වැස්ස ටිකක් අඩු වෙනකම් හිටියේ
තුහින්‍යා හට ඇය ගැන ඇති වුනෙ අනුකම්පාවක්…….
” මොනවා වුනත් අම්මා කෙනෙක්නෙ දෙයියනේ…….. දුක ඇති…….. අර මෝඩ රකුස් මේ මනුස්සයාට බැනගත්ත ගමන් මනේ ඉන්නේ….. මොන පිස්සෙක්ද මන්දා එයා……..
තුහින්‍යා සිතුවේ භූමිව සිහි කරමින්……. වැස්ස තරමක අඩු විය……..
” වැස්ස නම් අඩු වුනා…….. දුවට පුළුවන්ද මාත් එකක චුට්ටක් කෝවිලට යන්න එන්න…… අද තනියම යන්න බෑ කියලා හිතෙනවා………
තුහින්‍යා ඊට එක පයින් කැමති වුනේ ඇයි කියලා ඇයටම හිතාගන්න බෑ……… ඇය කොහොමත් දෙවියන් විශ්වාස කරන්නෑ…….. ඒත් ගරු කරනවා…… ඇය අදහන්නේ බුදුදහම විතරයි…… ඇත්තටම හිතට කොච්චර බොරු කලත් තමා මේ ගමනට කැමති වුනේ එය භූමි සම්බන්ධ දෙයක් නිසා කියලා ඇය දන්නවා………… ඇයත් නොදැනීම ඇගේ සිත භූමිට බැඳිලා……. ඒත් ඇය විවාහකයි කියන හැඟීම භූමි ගැන හිතෙ තියන ආදරණීය හැඟීම සියල්ල වසා දමා තිබුනා………..
තුහින්‍යා නන්දිතාට කුඩය අල්ලාගෙන සීතලේ ගැහෙමින් පාරට බැස්සා…… දෙන්නත් එක්ක වැස්සෙම කෝවිල ඇතුලට ගියා……… ඒ වෙද්දිත් වැස්සෙම පූජාව ආරම්භ වෙලා තිබුනා…….
” දරුවො……… මේ කිරි බෝතල් ටික අර පුජකතුමාට දෙන්න……
නන්දිතා තුහීන්‍යා අතට කිරි බෝතල් දෙක දෙමින් කීවාය……….. ඉන්පසු ඇය පූජා වට්ටියත් ගෙන දෙවියන් අභියසට ගොස් දණ බිම ඔබා වාඩි විය……. තුහින්‍යා ඇය දෙස බලා සිටියේ පුදුමයෙනි………. දණ බිම ඔබමින් යළි නැගිටිමින් නොවත්වාම ඇය දෙවියන්ට කන්නලව් කරයි…….. කඩතොළු සහිත සිමෙන්ති බිමෙහි වැදී ඇගේ දණහිස් තුවාල වී ඇත…
” දෙවියනේ මැඩම් පව්……… මෙයා කොච්චර අර රකුස්ට ආදරේ ඇත්ද……
තුහින්‍යා ඉක්මනින් ඇය වෙතට දිව ගියාය……
” අනේ මැඩම්…… මොකද මේ…… ඔය බලන්නකො ඔයාගේ දණිසයි වැලමිටයි තුවාල වෙලා………
” ටිකක් පැත්තකින් ඉන්න තුහින්‍යා මං තවම දෙවියන් වැදලා ඉවර නෑ……..
තුහින්‍යා වේදනාවෙන්ම පසෙකට වූවාය………… අඩ හෝරාවක් පමණ වන්දනා කල ඇය නැගී සිටියේ පූජා වට්ටිය ජූජකතුමා අතට දෙමින්…….
” නෝන මහත්තයා…….. දෙවියන් මේ නෝනා දිහා බලයි…….. බය වෙන්න කාරි නෑ…….. පුතණ්ඩිය තේරුම් ගනී…….
සොම්නසින් යුතුව නන්දිතා පූජාවත් ගෙන ආපසු හැරුණේ තුහින්‍යාගේ අතකින්ද අල්ලාගෙනයි…….
” මැඩම් මොකක්ද මේ කරන්නේ….. බලන්නකො තුවාල වෙලා……
“බය වෙන්න එපා තුහින්‍යා….. මේක මේ පුංචි තුවාලයක්නේ…….. ඒක ගානක් නෑ…. මේ තුවාල මොනවද ළමයෝ මගේ දරුවා මට සමාව දෙනවා නම්…..
ඇගේ වියපත් දෑස් වල ඇත්තේ බලාපොරොත්තුවේ සේයාවන්ය……..
“මැඩම් ඇයි සර් ඔය තරම් තරහෙන්….. ඇත්තටම ඇයි මැඩම් එයාව දාලා ආවේ…..
සුසුමක් හෙලූ නන්දිතා තුහින්‍යා දෙසට හෙළුවේ අසරණ බැල්මක්……..
” තුහින්‍යා භූමි කියන්නේ මගෙයි රංගනගෙයි දරුවෙක් නෙවේ….. ඇත්තම කියනවා නම් එයා රංගනගෙයි මීට අවුරුදු තිහකට එහා මැරුණ එයාගේ කලින් නෝනා ඒ කියන්නේ මගේ අක්කාගෙයි දරුවා………. භූමි ලැබෙද්දි අක්කා මැරුණා……. ඉතින් ඒ කාලෙ අපේ තාත්තා මාව එයාට බන්දලා දුන්නේ භූමිට වෙන ගෑණියෙක්ගෙ වෙනස් කම් වලට ලක් වෙන්න වෙයි කියලා……. ඒත් අවාසනාවකට ඒ දේම වුනා දුව……
. රංගනගේ සැබෑ ස්වරූපය එලියට ආවේ මට හේෂර ලැබෙන්න ඉද්දි……… එයා ඔය නිළිය එක්ක සම්බන්ධයක් තිබුනා කියලා මං දන්නවා….. ඒත් මාව අත්හරී කියලා හිතුවේ නෑ……. හේෂරට අවුරුද්දක් වෙද්දි මට ගිහන්ස්‍යා හම්බවෙන්න ආවා……..
හැබැයි එයා ලැබෙද්දිත් මමය රංගනයි වෙන් වෙලා හිටියේ…….. ඒ මිනිහා මට භූමිව දෙන්න බෑ කිව්වා……….. ඌ දික්කසාද නඩුවෙදි භූමි ඒ මිනිහාගෙයි අක්කගෙයි දරුවා කියලා එයාව මගෙන් උදුරගත්තා…..
මගේ අහිංසක දරුව….ව වි….නා…..ශ ක…..ලා…. ඔයාටම පේනවා නේද තුහින්‍යා ඒක….. ආ දරුවෝ…… මං ඔයාව විශ්වාස කරලා මේ ටික කිව්වේ….. එයාට ඒක දැනගන්න ඉඩ තියන්න එපා…. මට පොරොන්දු වෙන්න……..
” අනේ මං පොරොන්දු වෙනවා මැඩම්……..
නන්දිතා කතාව අවසන් කලේ හඬමින්…… වැස්ස නැවතුන හෙයින් ඔවුන් දෙදෙනා යලිත් කාර්යාලයට යන විට කොරිඩෝවට මායිම් වූ දොරටුව අසල ඉඳ ඔවුන් දිහා කෝපයෙන් බලා සිටියේ භූමි………
” රකුස් මොකද මේ…….
තුහින්‍යා සිතුවේ විමසිල්ලෙන් භූමි දෙස බලමින්……. කෝපාග්නියෙන් දැවෙන නෙතු යොමු වී තිබුනේ නන්දිතා දෙසට………..
” තමුසෙට මං කිව්වා නේද මං ඉන්න වෙලාවට මේ පැත්ත පලාතේ එන්න එපා කියලා…….. තමුසෙට සිංහල තේරෙන්නෙ නැද්ද මගුල…… ආවා මෙතන මුස්පේන්තු කමට මූණ පෙන්නලා යන්න…….. ආයෙ එහෙම මේ පැත්තේ ආවොත් මං හොද වැඩක් කරනවා……. යනවා යනවා මගේ දෑහැට නොපෙනී……. තුහින්‍යා තමුසෙත් එනවා යන්න…… වැඩ කරන්න ආවා නම් ඒ ටික කරගෙන ඉන්නවා එක එකාගේ පස්සෙ කඩේ යන්නැතුව……….
භූමි ගියේ තුහින්‍යාටත් බැනවදිමින්……. තුහින්‍යාගේ හිත තුල කාලෙකට පස්සෙ හැංගිලා තිබුන කෝපය දැවෙමින් නැගී සිටියේ මෙි අසරණ අම්මාගෙ කඳුළු දැකය……..
” මැඩම් කොහේවත් යන්න එපා ඔහොම ඉන්න……. අපි හේෂර සර් ආවම යමු……. ඔයා ඔෆිස් එකේ ඉන්න…… මං එන්නම් ඉක්මනින්……..
තූහී ඉක්මන් ගමනින් භූමිගේ කාර්යාලීය කාමරයට ගියේ නන්දිතාව ජාන්වීට භාර දෙමින්…….. ඇය ඉකිගසමින් හඬමින් සිටියා…….. හැමෝම ඇය දෙස හෙළුවේ අනුකම්පාසහගත බැල්මක්………..
තුහින්‍යා සාරි පොටත් පැත්තකට කරලා අල්ලගෙන කාමරයට ඇතුළු වුනේම කෝපයෙන් දැවෙමින්……..
” ආ…… ආවද……… තුහින්‍යා දැන් තමුසෙට හැදුන අමාරුව මොකක්ද අර ගෑණිත් එක්ක කෝවිල් අස්සෙ යන්න……
මේ තරම් වත් තිබුණ ඉවසීමේ රතුකට්ට පැන්න ගමන් තුහින්‍යා යක්ෂාවේශ වුනා………..
” මේහ්……… මිස්ටර් භූමි……… තමුන් කවුරු කියලද හිතාගෙන ඉන්නේ ආ……. තමුන් අද මාව රස්සාවෙන් අස් කලත් මට කමක් නෑ….. ඒත් මට කියන්න තියෙනදේ අද කියනවා මයි……… අනික තමුන් වගේ හිතක් පපුවක් නැති මිනිහෙක් ලඟ වැඩ කරන්න තව දුරටත් මං කැමතිත් නෑ…………
” තු…….හී………
තුහින්‍යාගේ වචන වලට භූමිගේ හිත පලම වතාවට බිය කියන හැගීමෙන් වෙලී ගියා…….
” පොඩ්ඩක් ඉන්න…. මං කතා කරලා ඉවර නෑ……… ඔයා මොකක්ද අර මැඩම්ට මං ඉස්සරහ කතා කරපු විදිහ සර්………. ඒ මනුස්සයා තමා මේ හැමදේකම අයිතිකාරි…….. ඒ මනුස්සයාට ආත්ම ගෞරවයක් කියලා දෙයක් තියනවා ඔයාට නැති වුනාට..
ඔය විදිහට සේවකයෝ ඉස්සරහ එයාට අපහස කරපුවම එයාට ඇති වෙන හැඟීම ගැන නිකම්වත් හිතුවද……. ටිකක් කතා කරන්න ඉගෙන ගන්න….. ඔයාගේ ඔය මැර කම් ඒවට හරියන අයට දාන්න….. ඔයාලා වගේ මැරයෝ දන්නෙ ඕවා තමයි…… මිනිස්සු අපහසුතාවයට පත් කරන්නයි බනින්නයි ගහන්නයි මිනිස්සු මරන්නයි…. එච්චරනේ දන්නේ…….
” තුහී ඔය ඇති………
භූමි කිව්වේ වෙව්ලමින්……. ඔහුගේ හදවත අසාමාන්‍ය හැගීම් සමුදායකින් පිරී ගොසින්………
මේ සිදුවීම නිසා තුහින්‍යාගේ සිතේ ඔහු ගැනඇති සුළු පැහැහැදීමත් නැති වීම ගැන ඔහුගේ හිතේ ඇති වුනේ අපමණ දුකක්………..
” ශිට් මෝඩයෙක් වගේ මෙයා ඉස්සරහම කෑ ගැහුවානේ දැන් මොකද කරන්නේ…. මේකි එක්ක නම් ලේසි වෙන්නෑ…. කටු අත්ත වගේ එල්ලෙනවා
භූමි මදක් සිතුවේය…….. නමුත් තුහින්‍යා නවත්වන පාටක් නැත……
” වෙන කවුරුත් නෙවේනේ මේ ඉන්නේ ඔයාගේ අම්මා……. අම්මට කතා කරන්නේ ඔහොමද…….. ඔයාට හැදියාව කියලා දෙයක් යන්තම්වත් නැද්ද…….. ආ…….. ඔය ඔළු ගෙඩිය අස්සෙ තියෙන්නෙ මැරකම විතරද………. ඒ අම්මා තමන්ගේ දරුවා වෙනුවෙන් පුදුම දුකක් විඳින්නේ…… එකම එක සුහද වචනයක් බලාපොරොත්තුවෙන්…….
එකම එක ආදරණිය වැලඳගැනීමක් බලාපොරොත්තුවෙන්…….. පව්……. ඒ අම්මා………. මාත් මේ මොනවා කියනවාද මන්දා…….. ඔයාට ඉතින් හදවතක් නෑනේ ඒ හැඟීම් තේරෙන්න……. ඔයා මොනවද ආදරය ගැන දන්නේ…… අම්මට ඔහොම කතා කරන සලකන මනුස්සයෙකුගෙන් ගැහැණියක්ට ගෞරවයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද…….ඔයත් තවත් අර වේදේශ් වගේ සාකේත් වගේ එ් ජාතියෙම වෙන මනුස්සයෙක් කිසි වෙනසක් නෑ……… .
කිසිසේත්ම බලාපොරොත්තු නොවුන තුහින්‍යාගේ වචන වලින් භූමි සම්පූර්ණයෙන්ම පරාජයට පත් විය…….. ඔහුගේ හදවත දැඩි සේ වේදනාදෙමින් තිබුනි……. ඇගේ වචන ඔහුගේ දෙසවන් පාරමින් දෝංකාර දෙන්නට විය……..
” මං කැමති මෙහෙන් අයින් වෙලා යන්න……..
තුහින්‍යා එපමණක් කියා පිටතටගියේ හදවතම සැහැල්ලු කරමින් සුසුමක් හෙලමිනි………
මතු සම්බන්ධයි