“මට නම් අර සමාධි ගැන සැකයි වගේ මාලක.ඔයා පොඩ්ඩක් ඒකියි ප්‍රදීපුයි ගැන විස්තර හොයලා බලන්නකො…”

“ඒ මොකද?සමාධි මොනවද කරලා තියෙන්නෙ?…”

“දුවව හොස්පිටල් ඇඩ්මිට් කරා කියලා කියද්දි සමාධි හොඳටම බය වෙලා ඇස් දෙකේ කඳුලුත් පුරවගත්තා.ඒකි මගෙන් දුවවගෙ අසනීපෙ ගැනත් ඇහුවා.මං කිව්වෙ නැහැ.ඒ පාර මගෙ ළඟ දෙකට නැවිලා වැඳ වැටීගෙන අඬ අඬා ඇහුවෙ.මං දෙකක් කියලා බැනලා හොස්පිටල් ගියා.ඊට පස්සෙ දවල් ඕකි ආවෙ නෑ වැඩට.උණ හැදිලා කියලා ප්‍රදීප් කිව්වා…”

“හරි ඉතින්.දැන් ඕකෙ මොකක්ද සමාධි ගැන හොයන්න තියන විස්තරේ?ඔයා කියද්දි මං හිතුවෙ සමාධි මොනවා හරි හොරකම් කරන්නවත් හදලද කියලා…”

මනුලි කියපු දේ මාලක එතරම් ගනන් ගත්තෙ නැහැ.චේතනා ගැන සැකයක් අහිතක් මාලකගෙ හිතට දැනෙන්නෙ නැහැ. ඒත් චේතනාව දකිද්දි මාලකගෙ හිතට අමුතු හැඟීමක් ඇති වෙනවා.ඒක මොකක්ද කියලා ගලපලා තේරුම් ගන්න මාලක උත්සහ කරේ නැහැ.

“ඇමති කෙනෙක් වෙලත් ඔයාට මොළයක් කියලා දෙයක් නැද්ද මාලක?පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.සමාධි කියන්නෙ අපේ දුව බලාගන්න ඉන්න සවන්ට්.ඒත් දුවට අසනීපයි කියද්දි ඒ/කි දුක් උනේ හැසිරුනේ දුවගෙ අම්මා ගානට.මට සැකයක් දැනෙනවා සමාධි ඇත්තටම දුවගෙ අම්මද කියලා.උන් දෙන්නා මෙහාට ආවෙ දරුවව අපෙන් උදුර ගන්නද දන්නෑ…”

“ඔයාට පි/ස්/සු හැදීගෙන එනවද මනුලි?මොනවද මේ කියවන විකාර කතා. ආරණ්‍යාගෙ අම්මා මුඩුක්කු වත්තෙ හිටපු ප්‍රේමාගෙ දුව.අනික ළමයව අරන් එද්දි ප්‍රේමාගෙ දුව හිටියෙ සිහිය නැතුව.ඒ/කි කොහොම දැන ගන්නද ළමයව ගෙනිච්චෙ කව්ද කියලා…”

“ඒ උනාට මාලක ප්‍රේමා ඒ/කි/ට පස්සෙ කිව්වද දන්නෑනෙ දරුවව ගෙනිච්චෙ අපි කියලා.අනික ඔයා ප්‍රේමාව දැක්කට ඒ/කි/ගෙ දුවව දැකලා නෑනෙ…”

“ඔව්.ඒත් සමාධි කියන්නෙ ප්‍රේමාගෙ දුව නෙවෙයි…”

මාලක ඒක කිව්වෙ දැඩි ස්ත්‍රීර බවකින්.ඒත් මනුලිගෙ හිතේ චේතනා ගැන තිබ්බ සැකය නැති උනේ නැහැ.

“ඔයා කොහොමද ඒක හරියටම කියන්නෙ?…”

“ඔයා සමාධි ගැන සැක හිතන්නෙ සමාධි අපේ දුවට වැඩියෙන් ආදරේ කරන නිසා නේද?ඒකට හේතුව මං කියන්නම්.සමාධි කලින් ප්‍රෙග්නන්ට් වෙලා ඉඳලා තියනවා. මාස හතේදි දරුවා නැති වෙලා.දුවෙක්ලු ලැබෙන්න ඉඳලා තියෙන්නෙ.සමාධි එයාගෙ දුවට දාන්න ඉඳලා තියන නමත් ආරණ්‍යා. අපේ ආරණ්‍යාව දකිද්දි සමාධිට එයාට ලැබෙන්න හිටපු දරුවව මතක් වෙන්න ඇති.

ඒ හිතේ අපේ දරුවා ගැන තියන ආදරේ සෙනෙහස වැරදියට දකින්න එපා මනුලි. සමාධි ආරණ්‍යාව බලාගන්න සවන්ට් උනත් එයා ආරණ්‍යාට සළකන්නෙ එයාගෙම දරුවෙකුට වගේ නම් අපි ඒකට සතුටු වෙන්න ඕනි.අපි සමාධිගෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඒකනෙ.අනික ආරණ්‍යාත් සමාධිට ගොඩක් ආදරෙයි.ඔයා මෙතන නැති ප්‍රශ්න ඇති කරලා දූගෙ හිත රිදෙන වැඩක් එහෙම කරන්න එපා.ඩොක්ටර් කියපු දේවල් මතකයිනෙ?…”

“හ්ම්ම්…”

මාලක කොහොම කිව්වත් මනුලිගෙ හිතේ චේතනා ගැන තියන සැකය බිඳුනෙම නැහැ. මාලකට හොරෙන් චේතනා ගැන හොයන්න ඕනි කියලා මනුලි හිතාගත්තා.

“ඔලුව කැක්කුම තියෙද්දි ත/මු/සෙ නෑවද චේතනා?ඒ පාර හිතුවක්කාර වැඩ කරලා කාවද මට්ටු කරන්න හදන්නෙ?…”

රෑ වීගෙන එද්දි චේතනා නාගෙන ඇවිත් කොණ්ඩෙ පීරනවා දැකලා තේනුක ඇයට කෑ ගැහුවා.

“කෑ ගහන්න එපා මහත්තයා.මට දැන් සනීපයිනෙ.අනික මං බෙහෙත් ටික බිව්වනෙ…”

නෑ නෑ කියලා කිව්වට ඔයා මට ආදරෙයි මහත්තයා.ඒකනෙ මං ගැන මෙහෙම වද වෙන්නෙ.මං ඔයාට ගොඩක් වැරදි කරා තමයි.ඒත් ඒ වැරදි පුලුවන් විදියට ආපහු හරි ගස්සන්න මං උත්සහ කරනවා.

“මොකද ඒ පාර මගෙ දිහා බලාගෙන භාවනා කරනවද?…”

“නෑ.කාලෙකට පස්සෙ මගෙ මහත්තයට මෙහෙම මං ගැන වද වෙන්නෙ ඇයි කියලා බැලුවෙ…”

මං එහෙම කිව්වෙ එයා දෙස ආදරණීය බැල්මක් හෙලමින්.ඒත් ඒ ආදරණීය බැල්මට පෙරලා ඔහුගෙන් ලැබුනෙ නපුරු බැල්මක්.

“ත/මු/සෙ ගැන වද වෙන්නෙ අහවල් අමාරුවකට නෙවෙයි.තමුසෙ මගෙ දරුවගෙ අම්මා නිසයි මං මෙහෙම ඉවසගෙන ඉන්නෙ…”

“එතකොට….. මහත්තයගෙ හිතේ…. මං ගැන පුංචිම පුංචි හරි….. ආදරයක් නැද්ද?

මං දුකින් වගේ එහෙම ඇහුවා.

නෝන්ඩියට වගේ හිනා වෙලා තේනුක මහත්තයා මගෙ දිහා බැලුවා.මං ඇස් බිමට බර කරගත්තා.

“මටයි මගෙ දරුවටයි කරපු දේවල් මතක් වෙද්දි ත/මු/සෙ ගැන මට දැනෙන්නෙ ආදරයක් නෙවෙයි වෛ/ර/ය/ක් චේතනා.ත/මු/සෙ කවදාවත් ආදරයක් ලබන්න සුදුසු කෙනෙක් නෙවෙයි.මගෙ ජීවිතේ කෑවා උ/ඹ. එදා උ/ඹ/ට දරු පැටියවත් අරගෙන අම්මට හොරෙන් කොහෙ හරි යන්නයි තිබුනෙ.

එහෙම කරා නම් අද මෙහෙම දුක් විඳින්න ඕන්නෑ.ලෝයර් කෙනෙක්ගෙ මාර්ගයෙන්වත් උ/ඹ/ට තිබුනෙ උසාවියට ඇත්ත කියන්න චේතනා.මගෙයි වරද.මං උ/ඹේ අම්මට මගේම අම්මට වගේ සළකලා අර මුඩුක්කුවෙන් එක්කන් ඇවිත් අලුත් ගෙදරක ජීවත් වෙන්න හදලා දුන්නා.කන්න දීපු අත හපා කෑවා…”

අසල තිබූ පුටුවට වැරෙන් පහරක් එල්ල කෙරූ ඔහු කේන්තියෙන් හිඳිමින් මටත් නොකියාම එලියට බැහැලා කොහෙදෝ යන්න ගියා.මං එයාගෙ කේන්තිය ඇවිස්සුවාදෝ කියලා මට හිතුනා.ඒ හිතේ මං ගැන ආදරයක් නෑ කියලා දැන දැනම මං අරහෙම අහපු එක වැරදියි.

රෑ හත හතාමාර වෙද්දිවත් තේනුක මහත්තයා ගෙදර එයි කියලා හිතුවත් ආවෙ නැහැ.අටට විතර කෝල් කරලා කිව්වා ඇමති තුමා එක්ක කොහෙදෝ යනවා කියලා.මං තනියම කාමරේට වෙලා දොරත් වහගෙන හිටියා.

රෑ නවයට විතර කව්දෝ දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා.මට බයත් හිතුනා රෑ වෙලා නිසා.තේනුක මහත්තයා නම් වෙන්න බෑ. එයා ගෙදර එද්දි එකොළහ විතර වෙනවා කියලා ඉස්සෙල්ලා කෝල් කරපු වෙලාවෙ කිව්වා.

මං දොර අරින්නැතුව සද්දෙ නැතුවම හිටියා. තේනුක මහත්තයා මට කියලා තියෙන්නෙ එයා ඇමතිතුමා එක්ක රෑ එලියට ගියාම කවුරු හරි ඇවිත් තට්ටු කරොත් දොර එහෙම අරින්න එපා කියලයි.

“සමාධි දොර අරින්න.මං මනුලි මැඩම්…”

දෙයියනේ මනුලි මැඩම් මොකටද මේ වෙලාවෙ අපේ කාමරේට එන්නෙ?මොකක් හරි උවමනාවක් උනොත් එයා වෙනදාට කෝල් කරනවනෙ.

හිත දෙගිඩියාවෙන් ගිහින් මං හිමින් සීරුවෙ දොර ඇරියා.මනුලි මැඩම් ඇවිත් හිටියෙ තනියම නෙවෙයි කුස්සියෙ වැඩ කරන ගෑණු කෙනෙකුත් එක්ක.

මනුලි මැඩම්ට මේ වෙලාවෙ හදිස්සියෙ වගේ අපි ඉන්න කාමරේට එන්න තියන උවමනාව මොකක්ද?

“ඇයි මැඩම් මොකක් හරි හදිස්සියක්ද?කෝල් එකක් දුන්නා නම් මං ටක්ගාලා එනවනෙ…”

“හදිස්සියක් නෙවෙයි සමාධි.මට ඔයාගෙන් දැන ගන්න පොඩි කාරණා වගයක් තියනවා…”

එහෙම කියලා මනුලි මැඩම් පුටුවෙන් වාඩි උනේ කාමරේ පුරාවටම ඇස් දෙක කරකවලා බලමිනුයි.අපේ හොර අල්ලන්න ආවා වගේනෙ එයා හැසිරෙන්නෙ.

ඇත්තටම මනුලි මැඩම් ආවෙ අපි ගැන මොකක් හරි සැකයක් හිතිලද දන්නෑ.එදා දුවගෙ අසනීපෙ ගැන අහපු වෙලාවෙ මනුලි මැඩම් කතා කරේ මං ගැන සැකෙන්.එයා මට බැන්නත් එක්කනෙ මං දුවගෙ අම්මා වෙන්න හදනවා කියලා.

“මොන කාරණාද මැඩම්?…”

අහපු දේට උත්තරයක් නොදී මනුලි මැඩම් පුටුවෙන් නැගිටලා ගිහින් අපේ ඇඳුම් දාලා තියන අල්මාරිය ඇරලා ඒකෙ ලාච්චුවත් ඇරලා ඒක ඇතුලෙ තියන දේවල් හොඳට බැලුවා.හරියට එයාලගෙ නැති වෙච්චි දෙයක් හොයනවා වගේ.

ඇයි මනුලි මැඩම් මෙහෙම හැසිරෙන්නෙ?අපි එයාලගෙ තැනක හිටියත් මෙහෙම අපේ දේවල් වලට ඇඟිලි ගහන්න අයිතියක් නෑනෙ.

“ඇයි මැඩම් මේ?මැඩම්ගෙ මොනවා හරි දෙයක් නැති උනාද?…”

“මොකුත් නැති උනේ නෑ.නැති වෙන්න කලිනුයි හොයලා බැලුවෙ…”

මොකක්ද ඒ කතාවෙ තේරුම?…. මෙයාට මං ගැන සැක හිතිලා වගේ.

“මට තේරුන්නෑ මැඩම්…”

මං කියන දේ ඇහුනෙ නෑ වගේ ඉඳලා මනුලි මැඩම් අල්මාරිය වහලා දාලා ඇඳ යටයි ඇඳේ මෙට්ටෙ උස්සලයි කොට්ට අස්සෙයි හොඳට හොඳට බැලුවා.

“මං මේ අහන දේට ඔයා දැන් හරියට උත්තර දෙන්න ඕනි සමාධි.හැබැයි බොරුවක් එහෙම කියලා අහු උනොත් මං නරකයි කියන්න එපා.දන්නවනෙ මං කව්ද කියලා?…”

“ඕනිම දෙයක් අහන්න මැඩම්.මං ඇත්ත කියන්නම්…”

“සමාධි මෙහාට මොන අරමුණක් නිසාද?…”

එහෙනම් මං හිතපු දේ හරියටම හරි.මනුලි මැඩම්ට මං ගැන සැක හිතිලා.ඒකයි ප්‍රදීප් නැති වෙලාවෙම කාමරේට ඇවිත් මෙහෙම දේවල් අහන්නෙ.

හිතාගෙන ඇති මාව බය කරලා හැම දෙයක්ම අහගන්න.මිනිහගෙ ඇමති පට්ටමේ හයිය අරගෙන වෙන්න ඇති අනුන්ගෙ දරුවෙක් හොරකම් කරේ.මගෙ දරු පැටියව මගෙන් උදුරගෙන ඇවිත් අපේ සැනසීම නැති කරලා මගෙ මුළු ජීවිතේම අපායක් කරා.මං කොහොම හරි මගෙ දරුවව මගේ ළඟට ගන්නවා.

“මට තේරෙන්නෑ මැඩම් මොනවද කියන්නෙ කියලා.මායි ප්‍රදීපුයි ගමෙන් මෙහාට ආවෙ රස්සාවක් හොයාගෙන සල්ලි කීයක් හරි ඉතුරු කරගෙන ඉඩමක් අරන් ගෙයක් එහෙම හදාගන්න.අපිට අපි දෙන්නගෙ අනාගතේ ගැන මහ ලොකු හීන තිබුනෙ නැහැ මැඩම්.

සමහර විට මැඩම් දන්නැතුව ඇති.මට දරුවෙක් ලැබෙන්න හිටපු බව.ඒ දරුවා මාස හතේදි නැති උනා.ඊට පස්සෙ මං ජීවත් උනේ කඳුලු හල හල.දරු පැටියව මතක් වෙද්දි ප/පු/ව පැලෙන්න එනවා.අපි එයාට දාන්න හිටපු නමත් ආරණ්‍යා.

බේබිගෙ නමත් ආරණ්‍යා නිසා තමයි මට බේබි ගැන මෙච්චර ආදරයක් සෙනෙහසක් දැනුනෙ.මට සමාවෙන්න මැඩම් බේබිට ගොඩක් ආදරේ කරාට.මැඩම් කියපු දේ හරි. අපි මැඩම්ලාගෙ වැඩකාරයො.අපි ඉන්න ඕනි අපේ තත්වෙ මොකක්ද කියලා දැනගෙන…”

කඳුලු හල හල මං කතා කරපුවට මනුලි මැඩම් ගානට ලස්සනට අහු උනා වගේ පෙනුනා.එයා ඊට පස්සෙ මගෙන් මොනවත් ඇහුවෙ නැහැ.ටිකක් වෙලා බලන් ඉඳලා “අයැම් සොරි සමාධි” කියලා යන්න ගියා.

අපි මෝ/ඩ/යො කියලා ඇමති බිරිඳ හිතාගෙන ඇත්තෙ.අපි දෙන්නගෙ සත්‍යය තොරතුරු කිසිම දෙයක් අපි මෙහාට අරන් ආවෙ නැහැ.

මතු සම්බන්දයි