සියලු බැක්ටීරියා හා වෛරස් විනාශ කිරීමට නැනෝ තාක්ෂණයෙන් යුතු බල්බයක් යොදාගත හැකි බව මීට පෙර ලාංකික පර්යේශකයෙකු වන මංජු ගුණවර්ධන මහතා විසින් සොයා ගෙන තිබූ අතර ඒ සදහා ඔහුට ඇමරිකා එක්සත් ජනපදයේ පේටන්ට් බලපත්‍රයද හිමිව තිබුණා.

එම නිසා කොරෝනා වෛරසය වාතය මගින් බෝවීම වැලක්වීමට කටුනායක ගුවන් තොටුපලේ අද මෙම නැනෝ තාක්ෂණය සහිත බල්බ ස්තාපිත කිරීමට කටයුතු යොදා තිබෙනවා. මෙම බල්බය මගින් වායුගෝලයේ ඇති විශ අංශු බැක්ටීරියා සහ වෛරස් ඉවත් කරන බවයි එම මහතා පැවසුවේ.