✧ තාරා ✧✧✦
සත්‍යසිදුවීමකි. #නම්ගම්සියල්ලමනඃකල්පිත_වේ.
අටවන_කොටස
මම පෙරුම් පුරමින් හිටිය ඒ දවස උදා උනේ හරි ඉක්මනට. කවදාවත් පාසලෙන් කිසිදු චාරිකාවකට සහභාගි වීමට අවස්ථාවක් නොලද මට නිවසෙන් ලැබුණ එකම අවස්තාවද මෙය විය. ඊටත් වඩා දිල්න සමීපයේ දින තුනක් ඔහු අසලම දින තුනක් මා හට ගත කිරීමට ලැබුණ එකම එක අවස්ථාව වීම ඊටත් වඩා සතුටක් විය.අනුරාධපුර , පොළොන්නරුව , සීගිරිය බලා දවස් තුනක් දිවෙන මේ චාරිකාව යාමට අනෙක් අයට වඩා ආසාවෙන් දින ගැන්න එකම කෙනා මා කියා මට නොසිතුණා නොවේ. රෑට හරිය නොනින්දක් නොලබාම මා දෑස් වසා සෑම විටම මවා ගත්තේ දිල්න අසල වාඩි වී ඔහුත් සමග ගී ගයමින් සතුටු වන මාගේ රුවයි. දින දින කෙමින් ගෙවි පාසල් චාරිකාව යන දවස එළබුනේ හරි ඉක්මනට..
සිංදු කවි කරමින් කවි සිංදු කරමින් අපි චාරිකාව එළඹුනේ හැමෝගෙම සිනහා සතුට මධ්‍යයේ. කොල්ලෝ කෙල්ලෝ කියලා වෙනසක් නැතුව අපේ බස් එකේ හැමෝම එකට යද්දි අමුතුම විනෝදයක් ලැබුවේ. හැමෝගෙම උසුලු විසුලු මධ්‍යයේ අපි හැමෝම මුලින්ම ආශිර්වාදය පතා පන්සලක ගොඩ උනේ.
දිල්නට සමාන්තරව ඔහු හා මල් රැගෙන ඇවිද ගියේ හිතේ අමුතුම කෝල බවක් ඇති වෙද්දි. ඔහු අසලින්ම පිය නගමින් ඔහු පුජා කක නෙළුම් මල අසලම මාත් නෙළුම් මලක් තියා පැතුවෙ ඔහුව මටම ලැබෙන්න කියලා…
“මේ සසදි උබට හිතෙන් නැද්ද මුන් දෙන්නා අපිට කොලේ වහනවා කියලා…”
“අනිවා බන්. ඔය නොකිවාට මුන් දෙන්නා සෙට් හා නැද්ද බලන්…”
“බලන්න දෙයක් නෑ තමා පේන් නැද්ද අලුත බැදපු ජෝඩුව වගේ එකට එන හැටි…”
මමටයි දිල්නටයි ඉස්සරහියින් යමින් අපි දෙන්නාව ඔය ජෝඩු කරන්නේ වෙන කවුරුත් නෙවේ සසදියි ශෙනාලුයි.
“යකෝ කට කැඩිච්ච කතා කියන්න එපා බන්. මේකි මගේ බොක්කී…”
“ආව් යකෝ බඩට ගන්නේ ඕකට…”
“බඩට නෙවේ උබේ ගහන්නේ කට කැඩිච්ච කතා කියනවද…”
“මන් උබට…”
ශෙනාල්ගේ බඩට හයියෙන් තම වැලමිටෙන් පහරක් ගසමින් දිල්න ඔහුගේ ගෙල වටා අත යොමා මගේ දිහා බැලුවේ මුන්ගේ කතා වලට සොරි කියන්න වගේ. මන් හිනා වෙලා ඇස් වලින් කිවේ කමක් නෑ කියලා උනත් ශෙනාලුයි සසදියි ඒ කතා කරපු හැම වචනයක්ම මගේ හිත සතුටින් පිරෙව්වා.
ආදරේ කියන්නේ මහ පුදුම දෙයක්. ආදරේ හංගන් ආදරේ නෑ වගේ ඉද්දි පපුවට ඒක මහ බරක් වගේ මට. මට ඉස්සරහියි ඇවිද යන දිල්නයි ශේලුයි දිහා බලාගෙනම මම ඇවිද්දෙ ඇස් පිල්ලමක්වත් නොගහා. ඇස් වලිනුත් හිනා වෙවි දිල්න මෙහෙම යද්දි මගේ හිතට මහා ලෝභ කමක් දැණුනේ..
පන්සලෙන් පිටත් වී යලි චාරිකාව අරඹපු අපි පිටත් උනේ සිගීරිය බලා. මට එහා පැත්තේන් ඉදගෙන දිල්න හයියෙන් ඩොල්කි ගගහා සින්දු කියන දිහා මම බලන් හිටියේ හිනා වෙවි. කොච්චර ඒ මුහුණ දිහා බලන් හිටියත් එපා වෙන් නෑ ඒතරම් ලෝභ කමක් දැණුනේ..
දවස කෙමින් කෙමින් ගෙවි යද්දි අපි හවස්වරුවේ ළගා උනේ අනුරාධපුරයට.
“ඒ මැට්ටි ආන් ඔයාගේ යාළුවෝ වගයක්…”
“කෝ…”
මන් පුදුමයෙන් බැළුවේ මේහේ කවුද මගේ ඉන්න යාළුවෝ කියලා. ඒත් එක්කම මම දැක්කේ හිනා වෙවි දිල්න මට පෙන්නන රිලව් රංචුවක්…
“අනේ යන්න මෝඩයා. මගේ නෙවේ ඔයාගේ යාළුවෝ. මගෙත් යාළුවෝ ඔයාගෙත් යාළුවෝ තමා. මොකද ඔයා මගේ හොදම යාළුවානේ…”
මන් එහෙම කියලා අතේ තිබ්බ පොතින් දිල්නට ගැහුවේ මගෙන් බේරෙන්න හදන ගමන්..
“දිල්න.. තාරා.. මෙහාට එනවා…”
එකපාරටම අපේ ටිචර් අපි දෙන්නාට කෑ ගැහුවේ හයියෙන්..
“ටීචර්…”
“මෙතන අනිත් ළමයි වැදගත් හෑම දේම ලියා ගන්නවා. තමුන්ලා දෙන්නා මෙතන පිස්සු නටනවා. මෙත අපි ගිරිය කඩක් කියලා දෙන දේවල්වත් පොඩ්ඩක්වත් ඔලුවට ගන් නෑ. මේක අධ්‍යාපන චාරිකාවක් මිසක් විනෝද චාරිකාවක් නෙවේ. ලියා ගන්නවා දැන් කියපු හැම දේම…”
ටිචර් අපි දෙන්නාට කෑ ගහලා අහිංසක මුව පැටව් දෙන්නෙක් වගේ බිම බලන් හිටියේ. ටිචර් බැනලා බැනලා ගියාට පස්සේ අපි දෙන්නා හිමින් හිනා වෙමින් අපිට පිටු පා යන අපේ ගුරුතිය දිහා බැලුවා.
“මේන් මෙහේ එනවා ඕවා පස්සේ කාගෙන් හරි බලලා ලියා ගමු…”
එහෙම කියපු දිලන මාවත් ඇදගෙන ගියේ අනිත් පැත්තට. දිල්න මගේ අතින් එක පාරටම අල්ලද්දි කරන්ට් එකක් වැදුණා වගේ දැණුනේ.. හිතට මහා අමුතු සතුටක් දැණුනේ. දිල්න මගේ අතින් ඇදගෙන යන දිහා බලන් හිටියේ හිත පුරාම අමුතු මිහිරක් දැනෙද්දි…
ඇත්තට මේ චාරිකාව ජිවිතේට මට අමතක වෙන් නැති චාරිකවක් වෙයි කියලා මන් හිනෙකින්වත් හිතුවේ නෑ..
සිංදු කියලා නටලා මහන්සි වෙලා හිටිය මම ජනේලයක් අයිනේ ඉදන් ඉර බැහැගෙන යන අහස දිහා බලන් හිටියේ. මුළු අහස පුරාම රන්වන් පාටින් බබලමින් පරිසරයේ අමුතු ලස්සනක් දැක්කේ. ඒ පරිසරයට හිත පුදුම විදිහට නිව්වේ. පරිසරයේ සුව විදිමින් හිටිය මට දැනුනේ මට එහා පැත්තෙන් වාඩි උන දිල්නගේ සුපුරූ සුවඳ.
“හම්මෝ මහන්සි බන් නටලා සිංදු කියලා…”
දිල්න එහෙම කිවේ ලොකු ඇණුමකුත් අරින ගමන් මගේ දිහා බලාගෙන. ඒ ඇස් මහන්සියට නිදිමතේ පියවෙන ගමන් තිබ්බේ. මගක් දුර මම එක එක කියවා කියවා යද්දි උරහිසට දැණුනේ බර ගතියක්. නින්දේදිම දිල්නගේ හිස පහත් වෙලා මගේ උරහිසේ රැදිලා තිබ්බේ.
දිල්නගේ මුහුණ මේ තරම් ළගින් මම දැක්කාම තමා. ඇස් පියන් ඉද්දි පුදුම අහිංසකකමක් ඒ මුහුණේ දැක්කේ. ඒත් එක්කම එකපාරට වගේ මගේ සවනට ඇහුණේ අපේ පන්තියේ යහළුවන්ගේ විහිළු තහලු.
මතුවට….
මේක සත්‍ය කතාවක්. ඉතින් ඔයාලාට හිතන දේ කියන් යන්න කතාව ගැන.
❤ යේශ්නි අකේල්‍යා