·
✦✧✧ තාරා ✧✧✦

සත්‍යසිදුවීමකි. #නම්ගම්සියල්ලමනඃකල්පිත_වේ.

සත්වන_කොටස

කාලය ගෙවි ගිහින් අපි ඔක්කොම ස්කූල් එකට ගියේ අද ක්ලාස් වෙන් කරන දිනේ හින්දා. වෙනදා මන් ළගින්ම වාඩිවෙලා ඉන්න දිල්න නැති කොට මහ පාලුවක් දැණුනේ. සසදි මං ළගින්ම වාඩිවෙලා මොන මොනවාදෝ කියද්දි මගේ හිත තිබ්බේ දිල්න ගාව. ඒත් එකපාරටම දැණුනේ මගෙ ළගින් හුරු පුරුදු සුවඳක්…

“ඔයා…”

“ඇයි පුදුම වෙලා…”

ඒ හිටියේ දිල්න. මැත්ස් කරනවා කියලා ආපු එයා අද මට එහා පැත්තෙන් වාඩි වෙලා ආර්ට් පන්තියේ. මම පුදුම වෙලා බලන් හිටියේ එයා දිහා.

“ඔයා මොකද මෙහේ…”

“මාත් ආර්ට් කරනවා…”

“ඈ..”

“ඈ එනේ ඔව්. අහන් ඉන්නවා කියන ඒවා…”

එහෙම කියපු දිල්න මගේ නිකටින් අල්ලලා ඉස්සරහාට හැරෙව්වෙ මන් පුදුමයෙන් වගේ බලාන ඉද්දි. පුදුම නැද්ද දෙයියනේ. මැත්ස් කරනව කිය කියා හිටපු දිල්න මාත් එක්කම මට එහා පැඨ්හ්තේ ඉදන් ඉන්නවා ආර්ට් කරන්න. සතුට වැඩි කමට මගේ හිත ඇතුලේ ඩොල්කි ගහන ගමන් තිබ්බේ. කොහොමෙන් කොහොම හරි අපි දෙන්නාවම එකම ක්ලාස් එකකට වැටුණේ දෙවියෝ බැලුවා වගේ.

“ඈ බන් උබට ප්‍රියම්භිකාව නැතුව ඉන්න බෑද…”

ඔලෙවල් ක්ලාස් එකේදි අපේ ක්ලාස් එකේ හිටපු සහන් අපි දෙන්නාට විහිළු කරේ දිල්න මැත්ස් නොකර එකපාරටම ආර්ට් කරන්න ආව හින්දා…

“උඔට විකාරද යකු…”

“විකාරද අහන්නේ. ඔලෙවල් වලට හොද රිසාල්ට් එකක් තියන් මෙන්න මෙකා මෙච්චර කල් මැත්ස් කරනවා කියලා එකපාරටම ආර්ට් කරන්න ඇවිත්…”

“මේකි මගේ බොක්කි යකෝ…”

“ඒ හින්දාම විතරයි….”

“ඔව්. ඒ හින්දාම විතරයි…”

“උබ එනවා මාව තම්බන්න..නැද්ද මචං. බලපන් මූට අනිවා මේකි නැතුව ඉන්න බැරි හින්දා තමා ක්ලාස් එකට ඇවිල්ලා තියෙන්නේ…”

යහළුවෝ කොච්චර විහිළු කරලා කිවත් දිල්නගෙ හිතේ අන් ගැන යාළුකමට එහා බැඳීමක් නෑ කියලා දැනෙද්දි මේ පපුවට දැණුනේ දරා ගන්න බැරි වේදනාවක්. හැමෝටම පේන්න හිනා වෙලා හිටියාත් දිල්න හැමෝටම කියද්දි මන් එයාගේ යාළුවා ව්තරයි කියලා දැනෙන වේදනාව අකුරකට හරවන්නවත් මට වචන නෑ වගේ දැණුනේ.

කාලය සෙමින් ගෙවි ගියත් දිල්නට මගේ හිතේ තියන අදහස කියන්න කියලා හැදුවත් ඒ හැම වෙලේම මාව හිර වෙන්නේ වචනයක්වත් පිට කරන්න බැරි විදිහට. ආදරේ නොකියා හිතේ හංගන් ඉන්න එක කොච්චර අමාරුද කියලා මට තෙරුණේ මන් දිල්නට හිතින් ආදරය කරද්දි. මන් කොච්චර ආදරෙන් එයා දිහා බැළුවත් ඒ ඇස් වල මන් කෙරෙ ආදරයක් දැක්කෙම නෑ.

“දිල්න…”

සුපුරුදු විදිහට මහජන පුස්ථකාලට ආපු දිල්න ළගට මම ගිහින් කතා කරේ හිමින්..

“කියහන් මැට්ටි…”

“ඇත්තටම ඌබට කෙල්ලෙක්ට ආදරේ හිතෙන්නෙම නැද්ද…”

මන් එහෙම අහන කොට දිල්න ඇස් ලොකු කරලා මගේ දිහා බැලුවේ පුදුමයෙන්…

“මොකක්…”

“ඇත්තටම ඇයි කාටවත් තාම ආදරය නොකරන්නේ…”

“උබට වෙන ප්‍රශ්ණයක් ඇත්තෙම නැද්ද බන් ඕකම අහන්නේ. ඒ ලෙවල් වලට තව අවුරුද්දක්වත් නෑ. උබ පොතක් පතක් බලනවා වෙනුවට මට මඟුලක් හොයන්නද දැන් හදන්නේ…”

දිල්න පොතක් පෙරල පෙරලා අහද්දි මන් පොත් රාක්කෙට හේත්තු වෙලා රවාගෙන ඔහු දෙස බැළුවේ.

“ඇයි දෙයියනේ ඒක කොච්චර වැදගත් ප්‍රශ්ණයක්ද කියලා මේ බුරු වහන්සේට නොතෙරෙණ හැටියක්. යකෝ කෙල්ලෙක් ඉන්නවද නැත්තන් හිතේ කෙනෙක් ඉන්නවද කියලා දැනගන්නනේ ඇහුවේ. මෙකා වටේ යනවා. උබට හොද වැඩේ තාරෝ. අනේ ඇත්තමයි උබටත් හිත ගියානේ මූටම…”

මන් හිතින් මටම බැණ බැන පොතක් තෝරන්න ගත්තේ දිල්නටත් හොරෙන් රව රවා. කොහොම හරි පුස්ථකාලෙන් පොතකුත් අරන් මන් දිල්නව ගනන් නොගෙන ආවේ දිල්න මට කතා කරද්දි…

“තාරා.. ඔහොම ඉන්නවකෝ…”

මන් ඇහුන් නෑ වගේ යද්දි දිල්න ඇවිත් මගේ ළගින් හිට ගත්තේ මගේ ගමන හරස් කරලා. මන් ඔහුවත් ගනන් නොගෙනම යන්න හදද්දි දිල්න ආපහු මගේ ඉස්සරහින් ඇවිල්ලා හිටගත්තේ ආයෙමත් මගේ ගමන හරස් කරමින්..

“අනේ ඇත්තමයි යකෝ. උබට ඩෝන් යන්න තරම් මොකද දැන් උනෙ…”

“මුකුත් නෑ. කෝ මට යන්න දෙන්න…”

“බෑ. දැන් මොකද්ද ප්‍රශ්නේ. මට කෙල්ලෙක් නැත්තේ ඇයි කියන එකටද…”

දිල්න එහෙම අහද්දි මන් අහක බලාගත්තේ ඔහුව ගනන් ගන් නැ වගේ පෙන්නන්න…

“යකෝ මට කෙල්ලෙක් ඉන්නවා නම් උඹට නොකියා ඉන්නවද. උඹ මගේ බොක්කිනේ. අනික මට හිත හරියන කෙල්ලෙක් හම්බුණේ නෑ. මගේ හිතේ ඉන්න විදිහේ කෙල්ලෙක්…”

“මොන වගේ කෙල්ලෙක්ද හොයන්නේ…”

මන් එක පාරටම එහෙම අහද්දි දිල්න ඇස් චුටි කරලා මගේ දිහා බැලුවේ පුදුමයෙන්…

“උබට මොකද බන් මේ එකපාරටම වෙලා තියෙන්නේ…”

“මොකුත් නෑ අනේ. කියන්නකෝ…”

“අම්මා වගේ කෙනෙක්. මට ගොඩාක් ආදරේ කරන. එයාගේ අම්මාට වගේම මගේ අම්මාටත් ආදරේ කරන, රසට උයන්න පුලුවන් කෙනෙක්… දැන් හරිද උත්තරේ හම්බුණාද…”

“ඔව්. ..”

මන් එහෙම කියලා හිනා වෙවි දිල්නවත් දාලා ගියේ දිල්න කැමති මොන වගේ කෙනෙක්ටද කියලා දැනගත්ත හින්දා…

අනේ තාත්ති මන් ඒ ට්‍රිප් එක යන්නම්ද…”

“ඕන් නෑ…”

“මන් මෙච්චර කල් ගියෙත් නැනේ. මේ ස්කෝලෙන් යන අන්තිම ට්‍රිප් එක අප්පච්චි. මන් අනිත් හැම පාරම ගියේ නෑ. ඔයාලා යන්න දුන් නෑ මන් කොච්චර ඇහුවත්…”

“බෑ යන්න දෙන්න. අනික එක දවසක් නම් කමක් නැ දවස් තුනක්. කීයටවත් බෑ දෝණි…”

“අනේ මොකද්ද තාත්ති. මන් යන අන්තිම ට්‍රිප් එකවත් යන දෙන් නැත්තේ මොකද. අක්කාටත් යන්න දුන්නා. මල්ලිටත් යන්න දෙනවා මට විතරයි මේ වෙනස්කම්. මන් හදා ගත්ත ළමයෙක්ද කියලා හිතෙනවා ඔයාලා ඔය කරන වැඩත් එක්ක තාත්ති…”

එහෙම කියපු මම අඩාගෙන මගේ කාමරේට ගියේ දුකින්. මේ ස්කෝලේ ගිය අවුරුදු දොලහාටම මට ගෙදරින් කිසිම ට්‍රිප් එකක් යන්න දුන් නෑ. අනිත් යාළුවෝ ට්‍රිප් ගිහින් විනෝද වෙලා ඇවිල්ලා කියන ඒවා මන් කරේ හැමදාමත් අහගෙන හිටපු එක. හැමවෙලේම මාව ගෙදරින් කොහේ හරි යන්න අවසර ඉල්ලද්දි මට යන්න දෙන්නෙම නෑ. මන් කාමරේට වෙලා අඩ අඩා ඉද්දි එකපාරට ආවේ තාත්තා. මන් දැක්කේ නෑ වගේ අනිත් පැත්ත හැරිලා නිදා ගත්තේ දුකටම තරහයි වගේ පෙන්නන්න…

“දෝණි…”

තාත්ති ඇවිල්ලා මගේ ඇදේ ඉදගෙන මගේ හිස පිරිමදිමින් කතා කලත් මන් ඇහුන් නෑ වගේ අඩ අඩා හිටියේ බොරුවටත් එක්ක.

“හරි දැන් යන්නම ඕනද…”

“යන්න ඕන හින්දානි අවසර ඉල්ලුවේ අප්පා…”

“හ්ම්… හරි මේ අවසාන ට්‍රිප් එකනේ යන්න හැබැයි පරිස්සමින්. ඔයාට තියන ආදරේට ආරක්ෂාවටයි අපි මෙහෙම යවන් නැත්තේ දෝණි. ඔයත් ආසයි තමා යන්න. මේ පාර විතරක් යන්න…”

“තාත්ති. අනේ ආදරෙයි ගොඩාක්…”

තාත්තා මට ට්‍රිප් එක යන්න අවසර දුන්න එකටත් එක්කම සතුටින් මම නැගිටලා ඔහුගේ බෙල්ල බදා ගත්තේ සතුටින් අඩ අඩා.

මේක සත්‍ය කතාවක්. ඉතින් ඔයාලාට හිතන දේ කියන් යන්න කතාව ගැන.

❤ යේශ්නි අකේල්‍යා