තාරා ✧✧✦
සත්‍යසිදුවීමකි. #නම්ගම්සියල්ලමනඃකල්පිත_වේ.
සයවන_කොටස
මගේ අස් දිලිසුණේ සතුටට. මගේ ආදරේ අන්තිමට මට ලැබුණා. මන් සතුටටම ඒ භාහුවේ එල්ලුණේ අඩ අඩාම…
“දෝණි… දෝණි නැගිටිනවා ළමයෝ. මොකද මේ අඩන්නේ ආ.. “
අම්මා ඇවිල්ලා මාව හොල්ලලා නැගිට්ටවද්දි තමයි මන් ඇහැරුණේ. අම්මා මන් ලගට ඇවිල්ලා මාව ඇහැරව්වදි නිදිහ්ම්ගැට කඩ කඩා නැගිට්ටේ ඇයි කියන පුදුමෙන්..
“අ.. අම්මා ඇයි ම් මේ…”
“අම්මා තමා මොකද ළමයෝ අඩන්නේ කෑ ගගහා. මන් කුස්සියේ ඉදන් දුවන් ආවේ මේ කෑ ගහලා අඩන සද්දෙට…”
“මන්… මං හීන්යක් දැක්කා…”
“අඩන්න තරම්…”
මන් අම්මාට ගොත ගගහා කිවේ මන් හිනෙන් වෙන මොනා හරි කිවදෝ සැකෙන්.
“බය හිතෙන හීනයක් දැක්කේ ඉටිම්…”
“අනේ මන්දා මේ ළමයා නම්.. ගිහින් මූණ ටිකක් හොදන් ඇවිල්ලා මට උයන්න උදව් කරනවා. මෙතන කනවා බොනවා නිදියනවා විතරයි. වෙන මොකුත් කරන් නෑ…”
“අනේහ් අම්මා. අක්කාට කියන්නකෝ…”
“අක්කා වැඩට ගිහින් ආවා විතරයි. ඒ ළමයට මහන්සි. මේන් මෙහේ ඇවිල්ලා මට උයන්න උදව් කරනවා ගෙදරටම වෙලා පස්ස රත් කර කර ඉන් නැතුව….”
අම්මා මට බැනලා කාමරෙන් ගියේ පස්සටත් එකක් ගහලා හයියෙන්. මම පස්සත් අත ගගා අම්මා පිටිපස්සෙන් ගියේ ලොකු ඇණුම් දෙක තුනකුත් ඇර ඇර..
✦✧✧ තාරා ✧✧✦
කාලය කෙමින් කෙමින් ගෙවි ගිහින් මාස තුනක් යනවා දැනුනේවත් නෑ. ඒ තරම් ඉක්මනට කාලය ගෙවිලා ගියේ .
“දෝණි නැගිටිනවා ළමයෝ….”
“අනේහ් අක්කේ යනවකෝ වද නොදි නිදහසේ නිදාගන්නවත් නෑ…”
“නිදා ගන්න නෙවේ ආන් රිසාල්ට් දාලාලු…”
“හා ඉතින් මට මොකද…”
එහෙම කියලා මම අනිත් පැත්ත හැරිලා කොට්ටෙනුත් ඔලුව වහන් හොදට නිදා ගත්තා. ඒත් එකපාරටම මට රිසාල්ට් ඇවිල්ලා කියන එක ආයේ මතක් වෙද්දි එකපාරටම ඉද්ද ගැහුවා වගේ ඇදේ ඉදගත්තේ අක්කා ඉණට අත් දෙකත් තියාන මගේ දිහා බලන් ඉද්දි…
“අක්කේ ඔයා මොකද්ද කිවේ… ම්.. රිසාල්ට්…”
“රිසාල්ට් තමා. බලනවා ගිහින්…”
අක්කා මට ගස්සලා යද්දි මට මතක් උනේ දිල්නව. මහේ රිසාල්ට් බලනවට වඩා මට ඕන උනේ දිල්නගේ රිසාල්ට් එක බලන්න. මන් අම්මාගේ පුංචි ෆෝන් එක අරන් දිල්නගේ විභාග අංකය ගහලා මොබිටෙල් එකට මැසෙජ් එකක් දාන පමාවට ඔහුගේ රිසාල්ට් ආවේ. ඒ හතයි බි දෙකයි. මට උඩ පැන පැන නටන්න හිතුණා ඒ වෙලේ සතුටට. හරියට මම පාස් උනා වගේ හැගීමක් දැණුණේ…
“දෝණි රිසාල්ට් දාලානේ කොහොමද…”
“ඉන්න අම්මා මන් මේ බලනවා…”
එහෙම කියලා මගේ ඉන්ඩෙක්ස් නම්බර් එකත් මොබිටෙල් එකට මැසෙජ් එකක් දැම්මා. ඒ පමාවෙන්ම මගේ රිසාල්ට් එක එද්දි පපුව ඩිග් ඩිග් ගෑවේ ෆේල් වෙලාදෝ කියන බයෙන්. අම්මා අක්කා මල්ලි ඔක්කොම මන් ළග ඉදන් රිසාල්ට් එක කියනකම් බලන් ඉද්දි මට මැසෙජ් එක ඕපන් කරන්න බයෙන් හිටියේ.
“කෝ දෙනවා දෝණි අක්කේ මං බලන්න. තමුසේ මෙතන බයේ ගැහි ගැහි ඉන්නේ ෆේල් වෙලා වගේ..”
එහෙම කියලා මල්ලි මගෙන් අම්මාගේ දුරකථනය උදුරාගෙන මගේ රිසාල්ට් බලන්න යද්දි මගේ පපුව එකසිය ගානට ගැහි ගැහි තිබ්බේ…
“බී එකයි සී පහයි එස් තුනයි. ඇති යකෝ මන් හිතුවේ කරන පිස්සු හැටියට ෆේල් වෙලා ඇති කියලා…”
මල්ලි මහ ලොක්කා වගේ කියලා එතනින් ගියේ ඇත්තටම මගේ හිතට චූටි සහනයක් දැනෙද්දි. ඇති යන්තම් උසස්පෙල කරන්න පුලුවන් තරමින් පාස් වෙලා තියනවානේ. අම්මෝ මට ඒ ඇති…
මන් එහෙම හිත හිතා කාමරේට ගියේ උඩ පැන පැන කෑ ගහලා ඩාන්ස් කරන්න තරම් හිත පිස්සු නටද්දි. මට හොද රිසාල්ට් එකක් නැතත් දිල්නට නම් හොදම රිසාල්ට් එකක් තිබ්බානේ. එයා මැත්ස් වලින් ඒලෙවල් කරයි. මන් ඉතින් කොහොමත් ආර්ට්නේ කරන්නේ. එහෙම හිතෙද්දි නම් මගේ හිතට දුකක් දැණුනේ. අපි දෙන්නා ඕලෙවල් එනකම් එකම විශයන් ඉහන ගනිමින් එකම ක්ලාස් එකේ ඉද්දි හැමවෙලේම වගේ ළගින් හිටියේ. ඒත් එලෙවල් දලින් අපි යන්නේ පාර දෙකක. අපි දෙන්නා දෙපැත්තට වෙන් වෙනවා එහෙම හිතද්දිත් පපුවට මහ වේදනාවක් දැණුනේ…
කාලය ගෙවි ගිහින් අපි ඔක්කොම ස්කූල් එකට ගියේ අද ක්ලාස් වෙන් කරන දිනේ හින්දා. වෙනදා මන් ළගින්ම වාඩිවෙලා ඉන්න දිල්න නැති කොට මහ පාලුවක් දැණුනේ. සසදි මං ළගින්ම වාඩිවෙලා මොන මොනවාදෝ කියද්දි මගේ හිත තිබ්බේ දිල්න ගාව. ඒත් එකපාරටම…
ඊලග කොටසින් හමුවෙමු…..
මේක සත්‍ය කතාවක්. ඉතින් ඔයාලාට හිතන දේ කියන් යන්න කතාව ගැන.
❤ යේශ්නි අකේල්‍යා