✦✧✧ තාරා ✧✧✦

සත්‍යසිදුවීමකි. #නම්ගම්සියල්ලමනඃකල්පිත_වේ.

පස්වන_කොටස

“එක්සෑම් ලේසිද…”

කරේ දාගෙන හිටපු බෑග් එකේ කර පටිය අතින් ඇද ඇද ඉද්දි දිල්න දුවගෙන ඇවිත් ඇහුවේ මගෙන්

“හපොයි කතා කරන්න එපා ඒ ගැන…”

“ඇයි…”

“එක්සෑම් කවද්ද ලේසි කරේ අප්පා…”

“පාඩම් කරා නම් අමාරු නෑ ඉතින්…”

මන් ඇවිද යද්දි මට සමාන්තර ආපස්සට ඇවිද එමින් කිවේ දිල්න.

“පාඩම් කරත් මට මතක හිටින් නෑනේ ඉටිම්..”

මන් කටත් ඇද කරලා කියද්දි දිල්න බැලුවේ ඇස් දෙක චූටි කරලා..

“අනේ අම්මපා තාරෝ උබ එක්සෑම් ෆේල් උනොත් බලා ගමු…”

“අනේහ් ඉතින්…”

“තව අවුරුද්දක් නාකි වෙන්නද හදන්නේ…”

“අපෝ නෑ. ඉහලින් පාස් නොවුනත් උසස්පෙල කරන්න තරමට මං පාස් කියලා දන්නවා…”

“දැන් මොනාද් ඒලෙවල් වලට කරන්නේ…”

“දන් නෑ..”

උරහිසත් හකුලවමින් මන් කියද්දි දිල්න මිරිකුවේ මගේ කන.

“ඇත්තමයි උබ නම් බන්…”

“මේහ් බං බං ගාන්න එපා..”

“මොකක්..”

මන් එහෙම කියද්දි දිල්නගේ ඇස් පුදුමෙන් මහත් උනේ..

“ඔව්. මට බන් බන් ගාන්න එපා..”

“ඉතින් වෙනදාත් කතා කරන්නේ බන් බන් කියලානේ..”

“ඒ වෙනදානේ මේ මෙදා..”

මන් එහෙම කියලා ගස්සලා යද්දි දිල්න නැවතුනේ එතනම. මන් ටික දුරක් ගිහින් ආපහු හැරිලා බැලුවේ දිල්න දිහා..

“මොනාද කල්පනා කරන්නේ. එන් නැද්ද…”

“මන් කලපනා කරේ හැදිලා තියන පිස්සුව මොකද්ද කියලා..”

“ඇයි…”

“මෙච්චර කල් බන් කියලා කතා කරා දැන් එපාලු අනේ මන්දා..”

දිල්න උරහිසත් හකුලුවලා එහෙම කියලා ගියේ මාවත් පහු කරන්. ඔහු යන දිහා මන් බලන් හිටියේ හිස් බැල්මකින්.

“ඇයි දෙයියනේ ඔයාට මගේ හිත පොඩ්ඩක්වත් තෙරෙන් නැත්තේ. මගේ හිතේ තියන ආදරේ තෙරෙන් නැද්ද… මගෙ ආදරෙ හීනයක්ම වෙයිද දිල්න..”

“ඒ පාර මොකද. එන් නැද්ද. පාරේ ඉදන් කල්පනා කරන්නේ..”

දිල්න නැවතිලා අහද්දි මන් ව්‍යාජ මදහක් නගන් ඔලුව හෙල්ලුවේ මුකුත් නැහැ කියන්න…

දිල්න ඔහේ කියවා කියවා යද්දි මන් මොකුත් නොකියා හූ මිටි තියමින් ගියේ ඒ මුහුණ දිහා බලන්.

“ඇයි මුකුත් කියන් නැත්තේ..”

“මං…”

“ඔව් වෙන කවුරුත් නෑනේ මෙතන..”

“හ්ම්…”

“මොකද අවුලෙන්. එක්සෑම් එකෙන් පස්සේ කරන දේ කල්පනා කරනවාද..”

“හ්ම්…”

මන් කොහොම කියන්නද ඔයා ගැන කල්පනා කරේ කියලා.

“කම්පියුටර් කෝස් එකක් තියනවා යමුද…”

“කොහේද…”

“ලලිත් සර්ගේ…”

“ඔයාත් යනවාද..”.

“යන්න තමයි හිතන්නේ අරුන් දෙන්නා යන් කිවා.අං ඔයාගෙනුත් අහලා කියන්නම් කිවා…”

“අරුන් කිවේ…”

මන් ඇහුවේ පුදුමයෙන්

“ශෙනාලුයි සසදි…”

“යන් ඒනම්…”

අපි දෙන්නා කතා කර කරම ආවේ ටවුන් එකට. ටවුන් එකෙන් අපි දෙන්නා දෙපැත්තකට යන්නේ..

“එහෙනම් පරිස්සමින් මන් යනෝ.. ටටා…”

දිල්න මට යන්නම් කියලා යද්දි නොපෙනි යන ඔහු දෙස බලා සිටියේ. ඉක්මනට ගිහින් එයා බස් එකට නගින දිහා මන් බලන් හිටියේ. එයා නම් සතුටින්. ඒත් මන්…
යාලුවෝත් එක්ක කයිය ගගහා පිටිපස්සේ සීට් එකේ ඉන්න දිල්නට නම් ගානක් නෑ මන් බලන් ඉන්නේ කියලා. ටික වෙලාවක් ඔහු දෙස නෙත් යොමා සිටි මන් නික්මුනේ තවත් එතන හිටියාට වැඩක් නැති හින්දා..

දෙක හමාර විතර වෙද්දි මට ගෙදර එන්න පුලුවන් උනා. අද ඔලෙවල් එක්සෑම් ඉවර හින්දා හිතට දැණුනේ මාර නිදහසක්.

“අම්මා…”

“කොහෙද ඉන්නේ. මන් ආවෝ…”

“දෝණි දැන්ද ආවේ…”

ගේ ඇතුලේ ඉදලා අම්මා එළිය ආවේ මගේ හඩට.

“මේන් වැන්දා එක්සෑම් ගැන නම් අහන්න එපා…”

මන් අත්දෙක එකතු කරලා කියද්දි අම්මාට හිනා..

“මොකද හිනා වෙන්නේ..”

“ඇත්තමයි මේ ළමයා නම්. හැමෝගේම හුරතලේ හින්දා තමා නරක් වෙලා තියෙන්නේ…”

“මට බඩගිනි. කන්න මොනාද තියෙන්නේ..”

“වොශ් එකක් දාගෙන එන්න මන් කෑම බෙදලා තියන්නම්..”

අම්මා කුස්සිය යද්දි මන් ආවේ මගේ කාමරයට. බෑග් එකත් මෙසේ උඩට විසික්කරපු මම පැන්නේ ඇදට. ඇදේ මුනින්තලාවට පෙරලිලා මන් බලන් හිටියේ වහලේ දිහා. නොදැනීම මට ඇස් පියවුණේ ඉඹේම…

“දිල්න…”

“මට දෙයක් කියන්න ඕනි…”

“මොකද්ද…”

“හැබැයි තරහා වෙන්න බෑ…”

“ඉතින් කියන්න ළමයෝ…”

“මට තෙරෙන් නෑ දිල්න. ඔයා මගේ හොදම යාළුවා ඒත්…”

“ඇයි ඒත්…”

දිල්න ඇහුවේ ඇස් දෙකත් චූටි කරලා…

“මං ඔයාට ආදරෙයි…”

“තාරා…”

“ෂ් … මොකුත් කියන්න එපා. අද මට කියන්න දෙන්න…. මන් දන් නෑ ඒ යාළුකම ආදරේකට පෙරළුනේ කොහොමද කියලා… එත් මන් ආදරෙයි…”

මන් කතා කලේ ඇස් වල කඳුලු පුරවන්. තවත් මේ දේ මට හංගන් ඉන්න බැරි හින්දා..

“දන්නවද මට මේ දේ කියන්න බැරුව හිටියේ. මාත් ඔයාට ආදරෙයි තාරෝ. මන් හිතුවේ මන් විතරයි කියලා..”

“දිල්න…”

මගේ අස් දිලිසුණේ සතුටට. මගේ ආදරේ අන්තිමට මට ලැබුණා. මන් සතුටටම ඒ භාහුවේ එල්ලුණේ අඩ අඩාම…

ඊලග කොටසින් හමුවෙමු