හරිනි තිලක්ෂණා වෛශාලි

🌿🌸 මලක්දෝ නුඹ අරලියා 🌸🌿

_ 🌷🌿පහලොස් වෙනි කොටස🌿🌷_

සතියක් විතර ගත වුනේ ඉතාමත් කාර්ය බහුලව………. ඒ කාලය තුලදී නම් ඇයට රන්දය හමු වුනේම නෑ………. අසෙනිය ආවේ ඒ විදිහට කෙල්ල කල්පනා කරමින් ඉන්නකොට…………..

🌷 හා ළමයා……… දැන් එක විදිහක් නේද………

🌹 මොකක්ද අසෙනිය……. ඇයි අනේ එහෙම කියන්නේ……… මං හැමදාමත් ඔයාට කතා කලානේ…….. ඔයානේ ආයෙම ගියේ………

🌷 ගියාට මං ආයේ ආවානේ………..

🌹 ඔයා ආව එක කොච්චර හොදද අනේ……….

🌷 හොඳයි…. ඒ මොකද………. ඇයි උඹ වලියක් වත් දාගත්තද………..

🌹 නෑ කියන්න හුඟක් දේවල් තියෙනවා……….

🌷 ඉතින් කියන්න………

🌹 අපි යන ගමන් කතා කරමුද………..

🌷 හ්ම්ම්ම්………..හම්ම්ම්……..

දෙන්නම ගියේ ඒ ළඟම තියන අවන්හලට…………… ගිහින් වන්දනා සිද්ධ වුන හැමදෙයක්මත් සියාතු කිව්ව දේවලුත් කිව්වා……………

🌷 ඒ කියන්නේ කතාව ඇත්ත නේද……..

🌹 හ්ම්ම්ම්ම්…..මේවා නිකම්ම නිකම් ඒවා නෙවේ කියලා ඔයාට දැන් තේරෙනවා නේද………

🌷 දැන් මොකද කරන්නේ……..

🌹තාම මොනවත් කරන්න තරම් සාක්ෂි හම්බ වෙලා නැහැ අසෙනිය……….

🌷 දැන්ම පොලීසියට කියන්නත් බැහැනේ……….එතකොට

🌹 වෙන දෙයක් බලමු නේද………

🌷 හාමුදුරුවන් වහන්සේ මුණ ගැහුනද…….

🌹 හ්ම්ම්ම්ම්………. ඔයාවත් එක්ක එන්න කිව්වා……. අද යන්ද………….

🌷 යමු යමු…………….

වන්දනා සහ අසෙනිය සල්මල් ආරාමයට ගියේය………………..

💙💚💙💚💙💚💙💚

වන්දනා යලිත් නෙළුම්දෙණිය වලව්වට එන විට සවස් වී තිබූණි…………. පෝටිකෝව තුල නවතා තිබූ වාහන දෙක දුටු ඇයට කවුරුන් හෝ පැමිණ ඇති බව සිතුනි………….

ආලින්දයේ වාඩිවී සිටින සම්මානිත් ඇගේ දුව රිතූත් ඇතුල් වන තැනදීම ඇය දුටු අතර පිටුපා වාඩි වී සිටින පුද්ගලයා නොදුටුවේය……………

🌹 good evening mrs sammani……..

🥀 good evening vandana

වන්දනා යන නම ඇසෙත්ම පිටුපා සිටි පුද්ගලයා එක්වරම හිස හරවා බැලුවෙිය………. ඒ රන්දයයි…………. වන්දනා ඔහුව දුටු විට පුදුමයට පත් විය…………

🌹🌹 මෙයා මොකද මෙහෙ……….. ඒත් මෙයත් මාව කලින් දන්න බව හඟවන්නේ නැහැනේ මාත් දන්නෑ වගේ ඉන්නවා……….

🌹 මිසිස් සම්මානි………… ඉතින් කොහොමද…….

🥀 හොඳින් ඉන්නවා දුව……… මේ ඒක නෙවේ…….. මේ ඉන්නේ Mr රන්දය……..එයා හෙට ඉඳන් මේ ගෙදර අනිත් පැත්තේ ඉන්නවා…… කමක් නැහැනේ නේද………..

🌹🌹 එතකොට මේ මෝඩයත් මේක අස්සේ රිංගන්නද හදන්නේ………. කමක් නෑ එනවකෝ…… මං බලාගන්නම්………

🌹 ආ…. ඒක මට ප්‍රශණයක් නැහැ මිසිස් සම්මානි……. මං කොහොමත් වැඩි හරියක් ඉන්නේ hospital එකේ……..

🥀 thank u මං හිතුවා එදා ඔයා අපේ පුතා ආව දවසේ අකැමති වුනා වගේ වෙයි කියලා…………..

🌹 එයා වගේ බලපෑම් කරන්න ආවොත් මෙයාටත් වෙන්නේ ඒ ටික තමා මිසිස් සම්මානි……….

🥀 සොරි වන්දනා…….. ඒ කොල්ලා හැදෙනවා කිසි කමකට නෑ……….

🌹🌹 අමිමා වගේ නැතෑ දරුවනුත් කිසිකමකට නෑ……..

වන්දනා සිතින් මිමිණුවාය………..

🌹 එහෙනම් මං room එකට යනවා……..

🥀 හොදයි දරුවෝ……..

💘💘 මේ හොල්මනත් එතකොට මෙහෙද ඉන්නේ………… අපෝ මේකි එක්ක නම් මේ වැඩේ කරගන්න වෙන්නේ නැහැ

රන්දයට සිතුනා………… නමුත් ඔහුගේ සිත තුල සියුම් සතුටක්ද ඇති වෙමින් තිබුනේ යම් තාක් දුරට වන්දනා තම සිත ආක්‍රමණය කරමින් සිටියේ………..

වන්දනාගේ සිතෙත් ඒ වගේම සතුටක් ඇති වුනා මොකද වන්දනාටත් රන්දය ට කැමැත්තක් තිබුන නිසා……….

රාත්‍රි කෑමෙන් පසු වන්දනා ඇඳ ගාව තිබුණු අම්මාගේ බඩු දාපු පෙට්ටිය විවර කලේ මොනාම හරි දෙයක් හොයාගන්න තියෙයි කියලා…………. ඒකෙ අම්මා ඇඳපු ඇඳුම් තව ෆයිල් වගයක් ඒවයේ තිබුනේ ඔප්පු කියලා ඇයට තේරුණා…….. ඒ ඔප්පු ටික ඇය මදක් කියවා බැලුවා………… නෙළුම්දෙණිය වලව්ව ඇතුලුව තාත්තා දැන් පාවිච්චි කරන හැමදේකම අයිති කාරි අම්මා කියලා වන්දනාට තේරුනා………

ඊට පස්සේ තිබුනේ photos ගොඩක්……. වන්දනා ඒ ටික පරෙස්සමට අරගෙන පැත්තකින් තැබුවේ අල්මාරියේ තියන ඇල්බම් එකට දාන්න හිතාගෙන…………

ඊට යටින් තිබුනේ අම්මාගේ දින පොත………… ඔව් මෙය ඇයට හොඳාන් මතකයි…………. රෝස පාට දිනපොත……… ඒක ටිකක් විශාලයි……. අම්මාගේ ජීව්ත කතාවම මේකෙ තියනවා කියලා කෙල්ලට හොඳටම විශ්වාසයි…………..

ඇය එහි පලමු පිටුව පෙරලුවේ ගැහෙන දෑතින්……………..

ඉදිරියෙන්ම තිබූ කොලය ඇය දිගහැරියා…………

අරලියා…………,,,,
මේ ඔයාටයි මං කියන්නේ……….. ඔයා තමයි අපිට සාධාරණයක් ඉෂ්ඨ කරන එකම කෙනා…………… මගේ කතාව ඔයා හොඳින් කියවන්න…….. ඒ වගේම පරෙස්සම් වෙන්න……….. ඔවා මං ඈතට යැව්වත්……. මේ රහස් හොයන්න ඔයා දවසක එනවා කියලා මං දන්නවා පුතේ……………

අම්මා……… ආනන්දිතා….

වන්දනාගේ ඇස් වලට කඳුලු පිරුනිි…. ඒවා ඇගේ කම්මුල් දිගේ ගලා ගියේය………

🌹🌹 අනේ අම්මේ…. මාව ඒ තරමටම විශ්වාසද ඔයාට………

කෙල්ල පරෙස්සමට දින පොත ඇගේ බෑග් එකට දැමුවේ හෙට ඒක පොඩිහාමුදුරුවන්ට ගිහින් දෙන්න හිතාගෙන………..

මොකද මේ ලෝකෙ ඇයට විශ්වාසවන්ත එකම කෙනා පොඩිහාමුදුරුවෝ විතරයි……………. අනිත් අතට මේ දිනපොතට ආරක්ෂාවක් තියෙන්නේ පන්සලේ විතරයි…………

කෙල්ල තවත් පෙට්ටිය ඇවිස්සුවා…………… රතු පාට ෆයිල් එක වන්දනා දැක්කේ පතුලෙම තියෙනවා……….. ඇය ඒක ඇදලා ගත්තේ චකිතයෙන්………….. ඒ තිබුණු දේ දැකලා වන්දනාගේ ඇස් උඩ ගියා…………. ඇය එහෙමම ඇඳත් අල්ලන් බිම වාඩි වුනා……………..

෴ මතු සබැඳියි ෴

ලියන්නේ