27_වන_කොටස❄️
” තේජස්වි අක්කේ…… මොකද මේ….. පිස්සු හැදිලද……. අපේ අයියට මාමාගෙන් බැනුම් අහන්න ඉඩ තියන්න එපා විකාර කරලා මෙතන….. කො පැත්තකට වෙනවා…….
ගිහන්ස්‍යා කවදත් මේ අක්ක නගෝ දෙන්වට කැමති නෑ………. ගිහන්ස්‍යා ගිහින් භූමිගේ අතක එල්ලුනේ තේජස්වි එතැනින් ඉවත්ව යද්දි…….
” හොද වැඩේ…….. මොකක්ද බං මේ තේජස්විට වෙලා තියෙන්නේ….. බැළුවොත් අැත්තම් සර්ගේ ඇඟේ වෙලෙන්න යනවා ගැරඬියෙක් වගේ….
දිල්රූ කුටු කුටු ගාමින් බනින්නට විය……
” ඒක නම් ඇත්ත….. ලැජ්ජාවක් ගෑවිලාවත් නෑ……….
ජාන්වීත් දිල්රූට හූමිටි තබන්නට විය……. භූමි ගිහන්ස්‍යා හා කතා කර උඩට ගියේ කවුරුන් දෙසවත් නොබලමින්………
ගිහන්ස්‍යා තේජස්විට රවා බලා හේෂර සිටි තැනින් වාඩි වූයේ තුහී ජාන්වී හා දිල්රූ ට සුහද සිනාවක් පාමින්…….
” අපිටත් හොඳ වැඩේ නංගි මෙයාලට උදව් කරන්න ආවට…… අයියගෙයි නංගිගෙයි පුදුම ලොකු කමක්නේ තියෙන්නේ……… ඉන්නකො මං අප්පච්චි එක්ක කියන්න…….
තේජස්වි කාමරයට පිට වුනේ ගිහන්ස්යාට හොදටම දොස් කීමෙන් පසුවයි….. නමුත් ඈ නම් එය ගනන්ගත්තේ නැති තරම්……..
” ගිහන්ස්‍යා……. ඇයි ඔයා එහෙම කලේ….. අනික එයාලා ආවේ අපිට උදව් කරන්නනේ…… වැරදී එ් කතා කරපු විදිහ…. මොනා වුනත් එයාලා අපේ මාමාගේ දුවලා…. ගිහින් ටිකක් කතා කරන්න……….
හේෂර කීවේ නොරිස්සුමෙන්…….. තුහින්‍යාගේ හිතේ තිබුනේද හේෂර දැරූ අදහසමය…….
පසුදා උදෑසනින් ඔවුන් නැවතත් නුවරඑළිය බලා පැමිණියේ විශාල සතුටකුත් රැගෙනයි………. අගමැතිතුමාගේ පුතුගේ විවාහ මංගල්‍ය යනු ඉතාම වැදගත් සාමාන්යායෙන් කිසිවෙකුට හිමි නොවන අවස්ථාවකි…… භූමි නම් සිටියේ ඒ පිලිබඳ ඉමහත් සතුටින්…………
එනමුත් භූමි බොහෝ කල්පනා කලේ තුහී ගැනයි…… තුහී ඉක්මනින් වේදේශ්ගෙයි අයින් වුනොත් හොඳ යැයි භූමිට සිතේ…….
” මොකක් වුනත් වැඩක් තියෙයිද මේ අහංකාර මගුල මාත් එක්ක වචනයක් වත් කතා කරන්නෑනේ……..
භූමි සිතුවේ ඉදිරිපස කණ්නාඩියෙන් පෙනෙන තුහී ගේ රුව දෙස බලාගෙනය……..
ඔවුන් දහවල් එක පමණ වන විට නුවරඑළිය නගරයට පැමිණ සිටියහ…….
” තුහී ඉන්නවා ඔහොම අපිත් යන්නේ ඒ පැත්තටනේ ගෙවල් ගාවින් දාලා යන්නම්……. කොහොමත් අර දෙන්නා දාන්නත් යනවානේ……
භූමි කිව්වේ නිදා සිටින තේජස්වි හා මාන්වී පෙන්වමින්………
” පව් කියලත් හිතෙනවා නංගි…. මොනා වුනත්…..තේජස්වි ඔය ආදරේ නිසානේ මෙයා පස්සෙ එන්නේ….. මේ මනුස්සයා නම් මහ ඕන්නෑ……
තුහින්‍යා කිව්වේ නිදා ඉන්න අක්ක නගෝ දිහා බලාගෙන……
” අනේ මොන පිස්සුද අක්කෙ….. මෙයාලට මේ තියෙන්නේ වෙන මගුලක්… අනික පේනවානේ භූමි අයියා නම් කැමති නෑ වගේ………
සෙහන්ස්‍යා කොහොමත් ගන්නේ භූමිගේ පැත්ත කියලා සිතුව තුහී කට වහගත්තා…….
” තුහී අක්කා……..ඔයාලා අයියලා එක්ක යන්න……… අනේ හරියට කතා කරන්නත් බැරි වුනා අපි හෙට කතා කරමු….. පරෙස්සමින් යන්න…….
වාහනයට එබුන ගිහන්ස්‍යා කීවේ දෙන්නම දිහා බලලා……….
භූමි ඔවුන් හතර දෙනාවම බස්සලා පිටව ගියේ යලිත් එක් වරක් වත් ඔවුන් දෙස නොබලා………. තුහින්‍යා ඔහුගේ වාහනය නොපෙනී යනතුරු බලා හිඳ ඇතුලට ගියේ සුසුමක්ද හෙලමින්……..
💙•°•°•°•°•°•°•°•°•°•💙
ගමන් මහන්සියටත් එක්ක භූමිට හවස් වරුවම නින්ද ගියා……. ඇහැරුනේ දුරකතනය නාද වූ හඬින්……. ඇමතුම රජීව්ගෙන්……..
” භූමි උඹ තවත් නිදිද යකෝ නැගිටලා වරෙන්…….
” ඇයි බං…….. මට හරි මහන්සියි……..
” මචං……… අද සුලක්ඛණ එනවා….. අර තුහින්‍යාගේ ලෝයර්…… ටිකක් වරෙන්….. පුළුවන් නම් ඔහොමම ගිහින් නංගිගේ අප්පච්චිත් එක්ක වරෙන්……..
” හ්ම්ම්ම්ම් මං ඉක්මනින් එන්නම්…….
භූමි ඉක්මනින් නැගිටලා සූදානම් වෙද්දිත් පහ හමාරයි……. ඔහු ඉතා ඉක්මනින් තුහින්‍යාගේ නිවස දෙසට වාහනය ධාවනය කලා……….. භූමිගේ වාහනය තුහින්‍යාගේ නිවසේ මිදුල මැද නවත් වද්දි තුහින්‍යා හිටියේ මිදුල කොණේ සුදු රෝස පඳුරු අතරේ මල් නෙලමින්……… ඇය වාහනය හඳුනාගත්තා……..
“හානේ……. හැන්ඩ්සම් ඔයා……..???එන්න එන්න ඇතුලට අප්පච්චි මේ භූමි අයියා ඇවිත්……..අම්මා…… අම්මා……… අයියේ වාඩි වෙන්නකෝ…….
තුහින්‍යා මිදුලේ සිට නංගිගේ මේ හැසිරීම් විලාශය දෙස බලාගෙන සිටියාය…….
” මෙයා දැක්කම නංගිට පිස්සු හැදෙනවානේ……. මෙයාටත් එහෙම තමා හන්සයා හන්සයා කිය කිය…දෙන්නාගේ මාර ආදරයක් තියෙන්නේ……
තුහින්‍යා එහෙම හිතමින් ඇතුළට ගියේ මල් වට්ටියත් හදමින්……..
” අප්පච්චි ලෑස්ති වෙන්නකො…… සුලක්ඛණ එනවා අද……..
” මොන……?? සුලක්ඛණ සතරසිංහ…. මහත්තයාද…..??
” ඔව් අනේ….. එයා තමා……. තුහින්‍යාගේ ප්‍රශ්ණය ගැන කතා කරගන්න අපි යමු…….
” ඒක හොදයි….. මං ඉක්මනින් ලෑස්ති වෙන්නම්…….
ඔහු කාමරයට ගිය පසු භූමි නැගිට තුහින්‍යා අසලට ගියේය…….
” තුහින්‍යා……… තමුසෙ මොකද කියන්නේ………….
භූමි කිසිම පැකිලීමකින් තොරව තම නිවසේදීම මේ විදිහට ප්‍රශ්ණ කිරීම නිසා තුහින්‍යා මදක් කලබලයට පත් වුනා…..
” මොකක්ද…………
“මොකක්ද….. අහන්නේ………. මං අහන්නේ තමුසෙ දික්කසාදය ගැන මොකද කියන්නේ…….. නඩුවට යනවද වන්දි ඕනැද නැත්තම් දික්කසාද වෙන්නැතුව අර හෝතඹුවා ගාවට යනවද………
තුහින්‍යා භූමි දිහා බලාගෙන හිටියේ පුදුමයෙන්……
” මොකක්ද තුහින්‍යා මේ වෙලා තියෙන්නේ…….. ඔයා හිතුවේ මෙයා ඔයාට ආදරය කරනවා මේ ඒක කමයි අහන්න හදන්නෙ කියලද…… අනේ ඔයාට තවත් ලැජ්ජා නැති හැටි…… ආයෙම ආදරයක් ගැන හිතන්නෑ කිව්වට මේ හල්ක් දැක්ක වෙලාවේ ඉඳන් හිත ඩක් ඩක් ගාන වේගය වෙනස් වෙලා නේද
තුහින්‍යා සිතුවාය…………. භූමි තුහින්‍යාගේ ඇස් ඉදිරියෙන් අත කීප වරක් එහා මෙහා කරද්දි ඇය ගැස්සී පියවි සිහියට ආවා…….
” මොනවද හලෝ අහස පොලව ගැටලන්න කල්පනා කරන්නෙ….. අනික ඕක ඔය තරම් හිතන්න දෙයක්ද….
” ආ…..මේ…..මං…..මං කොහොමත් දික්කසාද වෙන්න කැමතී සර්…… අනික මට ඉතින් නඩුවට යන්නත් අමාරුයිනේ….. ඒ මිනිහාගෙන් මට වන්දි ඕනෙත් නෑ…….
තුහින්‍යා කියලා ඉවර වෙද්දි අප්පච්චිත් එතනට ආවා…….
” ඔව් පුතේ….. වන්දි ඕනෙ නෑ….. මගේ ලොකු ළමයාට ඒ වසවර්තියාගෙන් නිදහස් වෙන්න ලැබුනොත් ඇති……
” හ්ම්ම්ම්ම්ම්…… යමුද අප්පච්චි…..
තුහෘගේ අප්පච්චි පිටතට යනතුරු සිටි භූමි නැවතත් තුහී දෙසට හැරුනා
” තුහී……… ඉක්මනින් මං තමුසෙව ඔය මරුවැලෙන් ගලවගන්නම්……..
භූමි යන්න ගියේ ඔය ටි ක කියලා භූමිත් තුහීගේ අප්පච්චිත් රැගත් වාහනය ඉතාමත් ඉක්මනින් රාජීව්ගේ හෝටලයට යන විට රාත්‍රි හත පමණ වී තිබුණි…….
❤️•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•❤️
” ඩන්කා………… සෙට් එකට එන්න කියපන් මේ දැන්මම….. දැන්මම…..
වේදේශ් ආවේ කෑගසාගෙනමයි…… අද සිදූවූ පරාජය කම ජීවිතයේ සිදුවූ අමිහිරිම නින්දාසහගත පරාජයයි…….. කාර්යාලයට නොගොස් ඔහු නිවසට ආවේ ඉවසාගත නොහැකි කෝපයෙන්…… විනාඩි කීපයක් ගත වන්නට මත්තෙන් බ්ලැක් කැට්ස් කාණ්ඩයේ සියළුම දෙනා නිවසට රැස් වුනා……..
” මොකක්ද කේස් එක ආයෙමත් Monster orion ලද……..
රොකී ඇසුවේ වේදේශ් ලඟට ගිහින්……
” ඔව් යකෝ ඔව්…….. මේ ලෝකෙ මට ඉන්න එකම හතුරා ඒකානේ……..
” හරි දැන් මොකක්ද වෙලා තියෙන්නේ….
” මොකක්ද වෙලා තියෙන්නේ අහන ලස්සන තොපි…… යකෝ……. ප්‍රයිම් මිනිස්ටර්ගේ Function එක අපෙන් ගියා…… ඒක ගියෙත් අර ඇල්නිලම් කියන මූකලන් බස්සට…….
” නෑහ්….. බිබිලි නගින බෙලිකටු කිව්වලු ලොක්කා……… ඌ දැන් ඒමත් ගේමට එන්ටර් වෙලාද……….
කතාව අසා සිටි බූලා කිව්වේ අත වූ ආයුධය නැවතත් පිටුපස සාක්කුවට දාන ගමන්…..
” ඒ විතරක් නම් බැරියෑ……. තුහින්යත් දැන් ඌ ගාව……. මං ඕකිට ඩිවෝස් එක දෙන්නෑ……… හහ්…… හිතාගෙන ඉන්නේ මං එහෙම ලේසියෙන් ඩිවෝස් එක දෙයි කියලා වෙන්න ඇති…….. මං ඒකිට ඩිවෝස් එක දෙන්නෙ නෑ……. ඔව් දෙන්නෑ…………
වේදේශ් වියරුවෙන් කෑ ගසද්දි ඒ හඬ ඇසී කෞමදී එතැනට ආවේ කෝපයෙන් පුළුටු කරගත් මුහුණින්……..
” මේ මචං වේදි ඔය විදිහට නම් කලබල වෙලා ප්‍රශ්ණ විසඳන්න බෑ……. දෙව්සිත්මි එතන වැඩ කරනවා විතරනේ මචං……… දැන් එයා උඹේ වයිෆ් කියලා දැනගත්තම ඇල්නිලම් එයාව අයින් කරලත් දාන්න ඉඩ තියනවා……
රොකී යලිත් කීවේ ඇත්තටම එතැන සිදුවූ දේ නොදුටු හෙයින්……..
” කට වහපන් බූරුවෝ………. උඹ එතන හිටියෙ නෑනේ………. ඌගේ හිතේ ඒකි ගැන දෙයක් තියනවා ඒක මට විශ්වාසයි………..
වේදේශ් කෑගසන්නට විය…….. තවමත් කෞමදී දොර අසල මේ සිද්ධිය බලාගෙනය……….
” අද හෙටම……අද හෙටම…… ඕකුන්ට ගේමක් සෙට් කරපන් රොකී……… බඩුත් එක්ක පොලීසියට මාට්ටු කරපන් අවුරුදා ගානකටවත් එලියට එන්න බැරි වෙන්න මං රංගන අංකල් එක්ක කතා කරන්නම්……..
වෙිදේශ් කිව්වේ කෝපයෙන් හා දැඩි වෛරයෙන් දැවෙම්න්……….
” රංගනයාව නම් විශ්වාස කරන්න එපා වේදේශ්…….මං නම් හිතන්නෑ…. මොනවා වුනත් ඌ භූමිට ඒ වගේදෙයක් කරයි කියලා…. මොකද භූමි උගේ පුතා…….
රොකී පැහැදිලි කර දුන්නත් ඔහු ඒ කිසිවක් තේරුම් ගත්තේ නැත…… අවශ්‍ය වූ එකම දේ නම් භූමිගෙන් පලිගැනීමයි………..
” මං කියන දේ විතරක් කරපල්ලා බැරි නම් කියපල්ලා…………
වේදේශ් කෑ ගැසුවේ පුදුමාකාර ශබ්දයකින්……… ඒ නිසා සියළු දෙනා කිසිවක් පැවසුවේ නැත……
” හරි උඹ කියන දෙයක් කරන්නම්…….
අපි යනවා……..
වේදේශ්ගේ මිතුරන් ඔහුගෙන් සමුගෙන පිටව ගිය පසු කෞමදී එතැනට ආවාය……
” ආ… පුතා…….. මොකක්ද ඒ කිව්වේ….. තුහින්‍යාට දික්කසාදය දෙන්නෑ කියලා…… ඔයාට ඇත්තටම පිස්සුද……. තුහින්‍යාගේ ලෝයර්ත් අපේ ලෝයට කතා කරලා වැඩ ටික ඔක්කොම හරි නඩුවට දිනත් දීලා………… මොන දේ වුනත් ඔයා එයාව ඩිවෝර්ස් කරන්න ඔනි……..
කෞමදී හෙමින් නමුත් දැඩි හඬින් පැවසුවාය…….
” අමිමෙ මේ මගේ යකා අවුස්සන්නැතුව මෙතනින් යනවාද………. මං ඕකිට දික්කසාදය දෙන්නෑ……. ගිහින් කුදලගෙන අරන් ඇවිත් වද දෙනවා මං ඔ්කිට………..
වේදේශ් කිව්වේ වියරුවෙන් වගේ…….. බලාපොරොත්තු කඩ වූ කෞමදී බලාගෙන කල්පනා කලේ මී ලගට කුමක් කල යුතුද කියලාා……….
මතු සම්බන්ධයි_