Episode (බෝනස් කොටස)
“බේබි කෝ මැඩම්?කාමරේ නෑනෙ.ඇමතිතුමා ගාවද?…”
මං උදෙන්ම දුවව හොයාගෙන කාමරේට ගියත් දුව කාමරේ හිටියෙ නෑ.මනුලි මැඩමුත් හොඳට ඇඳ පැළඳගෙන කොහෙදෝ යන්න ලෑස්ති වෙලා පඩිපෙළ බැහැගෙන පහලට ආවා.
“බේබිට හොඳටම අසනීප වෙලා ඊයෙ රෑ හොස්පිටල් ඇඩ්මිට් කරා සමාධි.මං දැන් මේ හොස්පිටල් එකට යන ගමන්.ඔයා බේබිගෙ ඇඳුම් ටිකක් ලෑස්ති කරලා තියන්න මට දවල්ට ගෙනියන්න…”
දෙයියනේ….. මගෙ හුස්මත් හිර උනා වගේ දැනුනා මනුලි මැඩම් එහෙම කියද්දි.මගෙ ප/පු/ව රත් උනා.ඊයෙත් හොඳට හිටපු මගෙ ආරණ්‍යාට මොකක්ද එකපාරටම මේ සිද්ද උනේ?
“අනේ දෙයියනේ….. මැඩම් බේබිට මොකද උනේ එකපාරටම?ඊයෙත් හොඳට හිටියනෙ…”
කලබලෙන් වගේ බය වෙලා චේතනා ඇස් දෙක ලොකු කරගෙන එහෙම අහනකොට මනුලි පුදුම වෙලා වගේ බැලුවා.
“බේබි ගැන ඔයාට ඔච්චර කැක්කුමක් ආවෙ කොහෙන්ද සමාධි?ඔයා බේබිව බලාගන්න සවන්ට් මිසක් අම්මා නෙවෙයි…”
ඔයා අම්මා නෙවෙයි කියද්දි චේතනාට මනුලි ගැන කේන්තියක් දැනුනත් ඇය ඉවසගෙන හිටියෙ දරුවගෙ අසනීප තත්වය ගැන දැන ගන්න ඕනි නිසයි.
“මං අම්මා නෙවෙයි වෙන්න ඇති මැඩම්. දරුවෙක් වදන්න ඕනිම නෑනෙ අම්මා කෙනෙක් වෙන්න.මං බේබිව බලා ගන්නෙ මගේම දරුවා කියලා හිතලයි.ඒකයි බේබිට අසනීප උනා කිව්වම මට එකපාරටම දරාගන්න බැරුව ගියේ…”
ඇස් දෙක බිමට බර කරගෙන මහා දුකක් හිත යට දරාගෙන චේතනා එහෙම කිව්වා.
“සමාධි අම්මා කෙනෙක් වගේ බේබිව බලා ගන්න එක අපිට ලොකු සතුටක්.ඒක තමයි අපි ඔයාගෙන් බලාපොරොත්තු වෙන එකම දේ…”
“බේබිට මොකද උනේ මැඩම්?ඊයෙ රෑ වෙනකලුත් මාත් එක්ක හොඳට සෙල්ලම් කර කර හිටියනෙ.කිසිම අසනීප ගතියක් පෙනුනෙ නැහැ…”
“සමාධි බය නැතුව ඉන්නකො.බේබිට ඉක්මනින් සනීප වෙනවා.ඩොක්ටර්ලා එයා ගැන විශේෂයෙන් බලනවා…”
ඇයි මනුලි මැඩම් දුවට තියන අසනීපෙ මගෙන් හංගන්නෙ?එයාට ඇයි ඒක මට කියන්න බැරි.අනේ දෙවියනේ මගෙ පුංචි පැටික්කිගෙ ජීවිතේට කිසිම නපුරක් නම් වෙන්න එපා.එහෙම උනොත් මට ඒක දරා ගන්න බැරි වෙයි.මගෙ ආරණ්‍යාව දෙවියොම ආරක්ෂා කරන්න ඕනි.
චේතනා එහෙම හිත හිතා මනුලිගෙ පස්සෙන් සාලෙ දොරකඩට ගාවටම ගියා. ආරණ්‍යාට තිබෙන අසනීපෙ ගැන කොහොම හරි දැනගන්න ඕනි කියලා චේතනාට හිතුනා.
“අනේ මැඩම් බේබිට තියන අසනීපෙ මොකක්ද?එයාට ගොඩක් අමාරුද?…”
චේතනා ඇස් දෙකේ කඳුලු පුරවගෙන අසරණව මනුලි ඉදිරියේ බැගෑපත් උනා. චේතනාගෙ අසීමිත මව් සෙනෙහස ඉදිරියේ මනුලිට ආවෙ කේන්තියක්.
“බේබිට මොන අසනීපෙ තිබ්බත් සමාධිට මොකටද ඒකෙ වගක්?බේබිව බලාගන්නවට මං තමුන්ට පඩියක් ගෙවනවනෙ.තමන්ගෙ තත්වෙ දැනගෙන ඉන්නවා බේබිගෙ අම්මා වෙන්න එන්නැතුව…”
හිතක් ප/පු/ව/ක් නැති විදියට මනුලි මැඩම් මට බැනලා බැනලා යන්න ගියා.ඇය දන්නෑ මං ආරණ්‍යාව මේ ලෝකෙට බිහි කරපු අම්මා බව.මගෙ ප/පු/වෙ ඇවිලෙන ගින්දර දන්නෙ උඩ ඉන්න දෙවියො විතරයි.තේනුක මහත්තයත් දවසෙන් දවස එක එක දේවල් කියලා මගෙ හිත රිද්දනවා.මගෙ දුක එයාටවත් තේරෙන්නෑ.
කාමරේට ඇවිත් ඇඳට වැටිලා මං හොඳටම ඇඬුවා.ඉස්සරහට කරන්නෙ මොකක්ද කියලා මට හිතාගන්නවත් බැරුව ගියා. බඩගින්න දැනුනත් කන්න බොන්නවත් හිතක් නෑ දරුවගෙ අසනීපෙ ගැන මතක් වෙද්දි.මනුලි මැඩම් මට මොකුත්ම කියන්නෑ. ඒ ගැන කාගෙන් දැනගන්නද.ඇමතිගෙන් අහන්නත් බැහැ.එයා එන්නෙ වෙන වෙන දේවල් වලටනෙ.
දවල් වෙද්දි පු/පු/ර/න්/න තරම් හිසේ කැක්කුමක් දැනුනත් ඉවසගෙන ඇස් පියාගෙනම හිටියා.මනුලි මැඩම් ඉස්පිරිතාලෙ ගිහින් දැන් ගෙදර ඇවිල්ලත් ඇති.ආයෙමත් මනුලි මැඩම් ගාවට ගිහින් දරුවගෙ අසනීපෙ ගැන අහන්න මට බැහැ. ඇහුවත් එයා මට කියන්නෑ.
හතර පස් වතාවක්ම ෆෝන් එක නාද උනත් මං ඇඳෙන් නැගිට්ටෙම නැහැ.ඔලුව රිදෙනවා ඉවසන්න බැහැ.හරිම අමාරුයි.පැයක් විතර යද්දි තේනුක මහත්තයා කාමරේට ආවා.
“චේතනා ත/මු/සෙ මොකද මේ වෙලා තියෙන්නෙ?ආන් අර ගෑ/ණි ත/මු/සෙ/ව හොයනවා.කෝල් ගත්තට ෆෝන් එක ආන්සර් කරේ නැතිලු…”
“අනේ අපේ දරුවා අසනීප වෙලා ඉස්පිරිතාලෙ නතර කරලලු මහත්තයා. මනුලි මැඩම්ගෙන් ඇහුවත් එයා මට දුවගෙ අසනීපෙ ගැන මොකුත්ම කිව්වෙ නෑ.අනේ මගෙ දරුවට මොකද දෙයියනේ මේ උනේ?මගෙ ප/පු/ව පැ/ලෙ/න්/න වගේ එනවා. ඊයෙත් මාත් එක්ක හොඳට සෙල්ලම් කර කර හිටියෙ…”
චේතනා තේනුකගෙ උරහිසේ ඔලුව තියාගෙන වැලහින්නක් වගේ ඇඬුවා. ආරණ්‍යාගෙ අසනීපෙ මොකක්ද කියලා දැනගන්න විදියක් නැතුව ඇයට දැන් පි/ස්/සු වගේ.
“කලබල වෙන්නැතුව ඉන්න චේතනා.මං දරුවා ගැන සේරම විස්තරේ ඇමතිගෙන් අහගත්තා…”
“ඇමතිතුමා මොනවද කිව්වෙ මහත්තයා?අපේ දුවට මොකක්ද තියන අසනීපෙ?…”
චේතනාගෙ පපුව වේගයෙන් ගැහෙනවා.ඇය කඳුලු පිසදාගෙන ඇසි පිය නොහෙලා තේනුක දෙස බලාගෙන හිටියා.
“අපේ දුවගෙ හාට් එකේ ප්‍රශ්නෙ තියෙන්නෙ චේතනා.ඒකට ඔපරේෂන් එකක් කරන්න ඕනිලු.දුව තාම පුංචි වැඩි නිසා ඩොක්ටර්ලා කියලා තියෙන්නෙ අවුරුදු හතක්වත් යනකල් ඔපරේෂන් එක කරන්න බැරිලු.ඊට කලින් කරොත් ජීවිත අවධානම වැඩියිලු…”
“අනේ… මගෙ…. දරු… වා
චේතනාට කියාගත හැකි වූයේ එපමණකි. ඇය සිහිසුන්ව ඇද වැටුනි.වහා ක්‍රියාත්මක වූ තේනුක බෝතලයෙන් වතුර බිඳක් ගෙන ඇගේ මුහුණේත් ගෙල දෙපසත් තැවරුවා.
“චේතනා…. චේතනා…. කතා කරන්න.ඔයාට මොකද උනේ?මාව ඇහෙනවා නේද?චේතනා…”
විනාඩි කිහිපයක් යද්දි චේතනා පියවි සිහියට ආවත් ඇය උන්නෙ ප්‍රාණය පිටව ගිය ම/ල ක/ඳ/ක් සේය.තම දියණියගේ අසනීප තත්වය ගැනම සිතා ඇය හඬමින් දුක් වූවාය.
“අර ගෑ/ණි කෝල් කරනවා.ත/මු/සෙ සද්දෙ නැතුව ඉන්නවා.මං ෆෝන් එක ආන්සර් කරන්නම්…”
“චේතනාට ටිකක් උණ වගේ මැඩම්.මං කාමරේට එද්දි නින්ද ගිහින්…. නෑ ලොකු අමාරුවක් නෑ….. හා මැඩම්…. හරි හරි…”
තේනුක ෆෝන් එක තියලා චේතනා ළඟට ආවා.ඇගේ දෑස් මැලවිලා ගිහින් ලෙඩ පාටයි මූණත් එක්ක.මේ පැය කිහිපයට ඇය දරුවා ගැන සිහිපත් කරමින් ලතැවුනා.
“බෙහෙත් ටිකක් ගේන්න යමු චේතනා.රෑ වෙද්දි ඔයාට ඔලුව කැක්කුම වැඩි වෙලා උණ ගනියි…”
“මාව මැ/@/ලා ගිය දෙන් මහත්තයා….. මගෙ දරුවට….. මෙහෙම අසනීපයක් තියෙද්දි…. මං ජීවත් වෙලා මොකටද?….. මෙච්චර කාලයක් මං සතුටින් නැතත්…. හිත එකලාසයක් කරගෙන….. මෙහෙම හරි….. ජීවත් උනේ…. මගෙ දුව කොහෙ හරි හොඳින්….. සතුටින් සැපෙන් ජීවත් වෙනවා…. කියලා හිතාගෙනයි…. මං මැරුනම අඬන්න කවුරුවත් නෑනෙ….. මහත්තයා උනත් සතුටින් ඉඳියිනෙ එතකොට….. මහත්තයට හොඳ ලස්සන….. නෝනා කෙනෙක්ව කසාද බැඳලා….. සතුටින් ජීවත් වෙන්න පුලුවන්…”
“ත/මු/සෙ/ගෙ ඔලුව හොඳ නැති වීගෙන එනවද චේතනා?මොනවද මේ කියවන විකාර කතා?මේක මේ මැ/@/න්/න තරම් ලොකු අසනීපයක් නෙවෙයි.මේ ඩිංගට ඔයා හිතින් ගොඩක් දුර්වල වෙලා චේතනා.ඒකයි ඔය.අපේ දුවට මොකුත් වෙන්නෑ.ලංකාවෙ හොඳම ඩොක්ටර්ලා එයාව බලන්නෙ.හැම දෙයක්ම හොඳින් සිද්ද වෙයි.ඒ නිසා සුබවාදීව හිතන්න පුරුදු වෙන්න.දැන් මූණ කට හෝදගෙන ලෑස්ති වෙන්න බෙහෙත් ගේන්න යමු…”
චේතනා පුදුමයෙන් වගේ තේනුක දිහා ඇසි පිය නොහෙලා බලාගෙන ඉන්නවා.තමාට වෛ/ර කරන,ආයෙ කිසිම ආත්මෙක තමාව මුණ ගැසෙන්න එපා කියලා පවා ප්‍රාර්ථනා කෙරූ ඔහු මෙලෙස ආදරෙන් කතා කිරීම ඇයට මහත් පුදුමයකි.
“මොකද?…”
“මං හිතුවෙ මං අසනීප වෙලා ඉන්නැද්දි මහත්තයා සතුටු වෙයි කියලා.ඔයා ඔහොම හොඳින් කතා කරද්දි මට හරිම පුදුමයි මහත්තයා…”
“ත/මු/සෙ මගෙ දරුවගෙ අම්මා චේතනා. මොන දේ උනත් මට ඒක අමතක කරන්න බැහැ.පහුගිය කාලෙ වෙච්චි වැරදි දැන් අමතක කරන්න මට බැහැ.ඒත් මං පුලුවන් උපරිමයෙන් උත්සහ කරනවා ත/මු/සෙ/ට සමාව දෙන්න.ඒත් මං දන්නෑ කලින් මගෙ හිතේ ත/මු/සෙ ගැන තිබ්බ ආදරේ ආයෙමත් ඇති වෙයිද කියලා…”
හිනාවෙන්නද අඬන්නද හිතට සතුටක් ලබන්නද කියලා මටම තේරෙන්නෑ.ඔහුගෙ හිතේ මං ගැන කලින් තිබ්බ වෛ/ර/ය දැන් ඩිංගෙන් ඩිංග අඩු වෙලා යනවා කියලා නම් මට දැනුනා.ඒත් ආදරේ කොහොම වෙයිද කියලා මට හිතා ගන්න බැහැ.
එදා එයා මං වෙනුවෙන් කෝටි ගානක දේපළක් අතෑරියා.ඒ විතරක් නෙවෙයි.ආදරේ වෙනුවෙන් තමන්ගෙ දෙමව්පියන්ට පවා ඔහු විරුද්ධ වෙලා මාව ලබා ගත්තා.ඒ මට තියන අසීමිත ආදරය නිසා.
ඉස්සර තේනුක මහත්තයා මට කියනවා “මගෙ පනත් හරි ඔයත් හරි” කියලා.මුළු ලෝකෙටම විරුද්ධ වෙලා ඔහු මාව ඔහුගෙම කර ගත්තා.ඒ ශක්තිමත් ප්‍රේමනීය ආදරේ ආයෙමත් ලබාගන්න මට පුලුවන් වෙයිද?
තේනුක මහත්තයා බෙහෙත් ගන්න මාව එක්කරගෙන ආවෙ දුව නතර වෙලා ඉන්න ප්‍රයිවට් හොස්පිටල් එකට.මේ ආපු ගමනෙ මගෙ එකම අරමුණ උනේ එක තප්පරේකට හරි මගෙ දරුවව දැක ගන්නයි.
“අපේ දරුවා කොයි වාට්ටුවෙද ඉන්නෙ මහත්තයා?අනේ අපි දෙන්නත් එයාව බලන්න යමුකො.මට මගෙ දරු පැටියව නොදැක ඉන්න බෑ දෙයියනේ…”
“දුව ගාව මනුලිගෙ අම්මා ඉන්නවා චේතනා. ඔයා දුවව බලන්න ගියොත් ඒ ගෑ/ණි දුවට කියයි ඔයා ආවා කියලා.උදෙත් ඒකි ඔයාට බැන්නනෙ දරුවගෙ අසනීපෙ ගැන අහද්දි. එහෙම බැනුම් අහගෙන ඔයා දුවව බලන්න ගියොත් ඒ ගෑණි අපි ගැන සැක හිතයි.
බැරි වෙලාවත් මනුලි දැන ගත්තොත් අපි දෙන්නා දුවගෙ දෙමව්පියො කියලා. එතකොට අපිට කවදාවත් දුවව ලබා ගන්න බැරි වෙයි චේතනා.මේ වෙලාවෙ අපි ගොඩක් ප්‍රවේශමෙන් වැඩ කරන්න ඕනි.ප්ලීස් තේරුම් ගන්න.ඉක්මන් වෙලා හැම දෙයක්ම විනාශ කරගන්න එපා…”
ඇස් දෙකේ කඳුලු පුරවගෙන චේතනා තේනුකගෙ අතේ එල්ලිලා රෝහල් භූමියෙන් පිටතට ආවෙ පුංචි ආරණ්‍යාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමිනුයි.
මතු සම්බන්දයි.
ඔන්න කිව්වා වගේම බෝනස් එකකුත් දුන්නා.ලයික් එකක් දාගෙනම යන්න හැමෝම