ධ්‍රෝණ..ඒ සිංදු නේද?ටොබී මට කියලා දුන්නා ඒවා ගැන

ඇසෙන ගීතයටහොදින් කන් යොමා ගෙන ඕරා පවසයි

ඔව්..අපි ඩාන්ස් කරමු..

හා ටොබියි මායි ඩාන්ස් කළා එදා ගොඩක්

මොකක්

ඕරා වටයක් කරකවමින් ධ්‍රෝණ විමසයි.

ඔව්.ටොබියි මායි..

දින කිහිපයට ඕරා ටොබී සමග බැදී ඇත්තේ පුදුමාකාර ලෙසය.ඈ තමාට වඩා ටොබීව ප්‍රිය කරන බැව් ධ්‍රෝණ දනී.එහෙත් එහි වැදගත්කමක් ඔහු දුටුවේ නැත.

ඇති ඕරා..ෆොගෙට් ටොබී..

ඕරාගේ බද වටා දෙඅත් යොමා ගෙන පසුපසින් ඈ වැළදගෙන ඇගේ උරහිසක් සිපගනිමින් ධ්‍රෝණ පැවසුවේ කෝපයෙනි. භෂ්මා බලා සිටින බැව් ඔහු දනී. ඕරා අකමැත්තෙන් වුවද ඔහු ඉවතා සිටියේ මෙය රගපෑමක් බැව් සිතට දැනුම් දෙමිනි. තමාගේ යහපත් හැසිරීම මත ඔහු තමාව මව් ලෝකයට ඇරලනු ඇති බවට ඇගේ විශ්වාසය විය.එහෙත් ධ්‍රෝණගේ සිතෙහි වූ සැලසුම් දන්නේ ඔහු පමණය.

සංගීත හඩ වැඩි වෙද්දී ඔහු ඕරා තමා දෙසට හරවාගෙන ඇගේ පාදයක් තමාගේ පාදයක් මතට ඔසවා ගෙන ඈ පහතට නැමුවේ අනුරාගී බැල්මක් නෙතට ගෙනය.

ටොබී එහෙම කලේ නෑ නේද?

යුවතියගේ සවන සිපගනිමින් ඔහු විමසයි.

නෑ..

හ්හ..ටෙබී නොදන්න ගොඩක් දේවල් මන් දන්නවා ඕරා.අයි කැන් ටීච් යූ..

යූ ආ මෑඩ් බෝයි

ඕරා නිවැරදි ලෙස ඉංග්‍රීසි උච්චාරණය කරයි.

ගුඩ් ගර්ල්.ඉක්මණට ඉගෙන ගෙන හැමදේම.

ධ්‍රෝණ පැවැසුවේ ප්‍රශංසාත්මකවය.

ඕරා කැමතිද ඉතිහාස ගත වෙන්න

මොකක්ද?

කවදාවත් කවුරුවත් කරලා නැති වැඩක් කරන්න කැමති නැද්ද

ඕරා විමතියෙන් ලා සිටියදී ධ්‍රෝණ ඇසකින් ඉගි කලේය.

ෆොගෙට් ඉට්

ඔහු පැවැසුවේ ය. තවත් පැය කාලක් පමණ නර්තනයේ යෙදී සිට ධ්‍රෝණ ඕරා කැදවාගෙන ශාලාවෙන් ඉවතට ගියේ නෙත් කොනින් භෂ්මා සිටි දෙස බලමිනි.

අපි කොහෙද යන්නෙ ධ්‍රෝණ

ඕරා විමසුවද පිළිතුරක් නොදුන් ධ්‍රෝණ ඈව අදුරු බිත්තියකට හේත්තු කර ගත්තේය.

ෂ්.ෂ්..ඔයා හරි ඇට්‍රෑක්ටිව් ඕරා..අයි ෆීල් ක්‍රේසි අබවුට් යූ.

ඕරාගේ දෙතොලට බරවෙමින් ධ්‍රෝණ පැවසුවේ අනුරාගී හඩිනි. මෙහි භෂ්මා හෝ වෙනත් යමෙකු නොමැති බැවින් තමා රගපෑ යුත්තේ ඇයි දැයි වටහා ගත නොහැකි වූ ඕරා විමතියෙන් ඔහුගෙන් මිදීමට තැත් දැරුවද ධ්‍රෝණගේ දැඩි ග්‍රහණය මදකින් හෝ ලිහිල් නොවුණි.මදකින් ඕරාද ඔහුට නතුවෙමින් සිය ගෙල පුරා ළැම පුරා ඔහුගේ උණුසුම් සුසුම් තැවරීමට ඉඩ ලබාදුනි.

ඈත සිටි භෂ්මා අඩ අදුරේ සිදුවන්න වටහා ගෙන දෑසට නැගෙන කදුලු බිදු පිස ගත්තීය.

අපි තුන්දෙනාගෙන් කාටහරි එයාව අයිති වුණා නම් හිත හදාගන්න පුලුවන්.ඒත් මොනවද මේ වෙන්නෙ

නීලියා විමසුවේ බිදී ගිය හඩිනි.

එයාලා ගොඩක් දුර ගිහින්..දැන් ධ්‍රෝණ එයාට වශී වෙලා ඉවරයි. ඒ නිසයි මේ වගේ තැනකට ඇවිල්ලා වත් අතඅරින් නැත්තෙ

අපි ඒ වශී බන්ධනේ බිදමු..

නීලියා ඉදිරියට ගියේ යුවතියන් විමතියෙන් බලා සිටියදීය

අහ්ම්..

පසුපසින් ඇසුනු උගුර පාදන හඩින් ධ්‍රෝණ ඕරාගෙන් මිදුණේ අකමැත්තෙන් මෙනි.ඔහු නීලියා දෙස හෙලුවේ කෝපාන්විත බැල්මකි.ධ්‍රෝණගේ රත්පැහැ ගැන්වූ අඩවන් දෑස දුටු විට නීලියා තිගැස්සුණි. ඔහුව ළං කර ගැනීම තමන් තිදෙනාට දැන් සිහිනයකි.

මොකද නිලී

සර්…අපි මේ මේ මිස්ව එක්ක යන්නද?

ඒ මොකටද?

එයා සර්ගෙ වයිෆ් වෙනවනෙ.ඉතින් අපි කැමතියි අදුනගන්න.ටිකක් ආශ්‍රය කරන්න. කොහොමත් අපිට ඉස්සරහට වැඩ කරන්න වෙන්නෙ එයා එක්කනෙ.

ඒත්

ප්ලීස් සර්

නීලියා ඕරාගේ අතක් අල්වා ගත්තේ ඈ වෙතට අපූරු සිනහවක් තිළිණ කරමිනි.

මිස්ගෙ නම මොකද්ද?

මන් ඕරා.. මිස් කියන්න එපා..ඕරා කියන්න

අනේ ස්වීට් ඔයා ..අපි යමුද?

ඕරාට දැනුනේ සතුටකි.මේ යුවතිය හුරුබුහුටිය.කටකාරය.තමාට ආශ්‍රයට සුදුසුය.ඈ ධ්‍රෝණ දෙස බැල්මක් හෙලුවේ අවසර පතාය.

ඔහු දෑසින් එපා යැයි කියද්දී ඈ ඔහු නොවැටහුණු ගාණට නීලියා සමග ඉදිරියට ඇදුණේ ධ්‍රෝණ නොසන්සුන් දෑසින් ඉවත බලද්දීය..ඕරා සමග පැමිනෙන නීලියා දෙස භෂ්මා සහ නුරානි විමතියෙන් බලා සිටියහ.

නීලියා ඔවුන්ට ඇසක් වසා ඉගි කළාය.

මේ ඕරා..අපේ සර්ගෙ ෆියුචර් වයිෆ්..එයා හරි හොදයි අනේ.අපි යමුකො ඇතුලට.ඕරා මේ භෂ්මා..මේ

ඕරා ඔවුන් සමග සුහදව සිනහාසුනේ සිතෙහි උපන් සතුටිනි. කෙසේ හෝ ධ්‍රෝණගෙන් ගැලවෙන්නට ලැබීම භාග්‍යකි. ඔහුගේ ග්‍රහණයෙන් මිදීමට ඔවුන් තමන්ට උපකාර කරනු ඇතිද? ඕරා සිතන්නට වූවාය.
ඔවුන් යුවතිය නැවතත් ශාලාව තුලට කැටුව ගියහ
.
ඉතින් ඕරා..ඔයාගෙ ලෝකෙ ගැන අපිට විස්තර කියන්න බලන්න

භෂ්මාගෙන් දැනගත් තොරතුරු අනුව නීලියා කතාවට මුල පිරුවේ වට මේසයක් අසල අසුන්ගත් පසුවය.

ලෝකෙ..මොන ලෝකෙද?

ඕරා විමසුවේ කලබලයෙනි.ධ්‍රෝණ තමා පිළිබද ඇති තතු ඔවුන්ට පවසා ඇතද? ඈ දන්නේ නැත.

ඔහ් ඕරා..අපි දන්නවා ඔයා ආවෙ ඖරාඩ් වලින් කියලා.ධ්‍රෝණ ඔයාව කිඩ්නැප් කළා කියලත්..

ආ..

ඕරා විමතියෙන් වටපිට බැලුවේ ධ්‍රෝණ කුමක් කිරීමට සිතා සිටිනවාදැයි සිතා ගත නොහැකිවය.

ඕරා.ඔයා අපිට ඇත්ත කීවොත් අපිට පුලුවන් ඔයාට උදව් කරන්න

උදව්..

ඔව්..ඔයා ධ්‍රෝණ එක්ක ඉන්නෙ කැමැත්තෙන්ද? අකමැත්තෙන්ද?

ඕරා පිළිතුරක් දීගත නොහී කල්පනාවට වැටුණි. මොවුන් ධ්‍රෝණගේ හිතවතියන්ය. තමාව මෙවැනි තැනකට රැගෙන ආවේ කිසියම් පරීක්ෂාවක් උදෙසාවත්ද?ඔවුන්ව විශ්වාසයට ගත හැකිද?

ඕරා..ඔයා බයවෙන්න එපා.. අපිට වැඩි වෙලාවක් නෑ.ධ්‍රෝණ ටික වෙලාවකින් මෙතෙනට ඒවි. ඔයා ඇත්තටම එයා එක්ක ඉන්නෙ කැමැත්තනේ නම් අපි මේ ගැන අමතක කරන්නම්.. ඒත් ඔයා ඉන්නෙ අකමැත්තෙන් නම් අපි උදව් කරන්නම් ඔයාට ඔයාගෙ ලෝකෙට යන්න

ඔය ඇත්තමද?

ඔව්..

අපිට පුලුව්න ඖරාඩ් වලට පණිවිඩයක් යවන්න..

පණිවිඩයක්

ඔව්..ඔයා දන්න කෙනෙක් ඉන්නවද?

ඒත් ඔයාලා කොහොමද එහෙම යවන්නෙ

ඔයාට අමතකද අපි ධ්‍රෝණගෙ ළග වැඩ කරන්නෙ.එයා ළග මැෂින් තියෙනවා ඖරාඩ් එක්ක ගණුදෙනු
කරන.

ඔයාලා ධ්‍රෝණට කියවනද මේ කතා වෙන ඒවා

නෑ ඕරා..පිස්සුද ඔයාට.අපි ධ්‍රෝණට වැඩ කළාට අපි දන්නවා එයාගෙ නරක වැඩ ගැන..ඒ වගේම එයා ධ්‍රැව වල හිර කරගෙන ඉ්නන ජීවියො ගැන.

ඕරා එවර භෂ්මාගේ සුරතින් අල්වා ගත්තීය.

ඒත් ධ්‍රෝණ මට ප්‍රොමිස් වුණා. එයාට කීකරුව හිටියොත් මාව ඇරලවනවා කියලා

භෂ්මා පෑවේ උපහාසාත්මක සිනහවකි

ඇයි ඔයා හිනාවෙන්නෙ

ධ්‍රෝණ කවදාවත් ඔයාව යවන්නෙ නෑ ඕරා. එයාගෙ හිතට වැදුණොත් ඔයාට අත අරින් නෑ.එයාව විශ්වාස කරන්න තරම් ඔයා මෝඩද?අනික අපි දැක්කනෙ.එයා ඔයාව ළං කරගන්න හැටි.පිස්සුවෙන් වගේ ඉඹින හැටි. එයා ඔය කෙල්ලෙක්ට ආස වුණාමයි. අපි තුන් දෙනා ඔච්චර පස්සෙන් ගිහිල්ලත් වැඩක් වුණාද?අපි දිහා හැරිලාවත් බැලුවද?දැන් ඉන්නෙ කලින් ධ්‍රෝණ නෙවෙයි. ඔයාට පිස්සු වැටුණු අමුතු ධ්‍රෝණ කෙනෙක්

ඕරා මදක් කල්පනා කළාය

චාරුන්..චාර්නට පණිවිඩේ යවන්න..මාව ධ්‍රෝණ මෙහෙට අරන් ඇවිත් කියලා.බේරග්න්න එන්න කියලා.ප්ලීස්

චාරුන්..

ඔව්..

ධ්‍රැව අතර වන
සුවිසල් අවකාශයක

ඔබද සිරවී මමද සිරවී
සසර එක බැදීමක

ලයික් කමෙන්ට් හොදටම මදි…කියවන හැමෝම ලයික් කරන්න..
©රුවනි ලියන්ගොල්ල©

☠️කතෘගේ අවසරයකින් තොරව කතාව කොපි කිරීම..වෙනත් ග්රූප් වල හෝ වට්ස්අප් හෝ වෙනත් සමාජ මාධ්‍යජාලයක කිසිදු අයුරින් පළ කිරීම තහනම්☠️