තාරා ✧✧✦

සත්‍යසිදුවීමකි. #නම්ගම්සියල්ලමනඃකල්පිත_වේ.

හතරවන_කොටස

කාලය සෙමින් සෙමින් ගෙවි ගිහින් අපිට ඔලෙවල් ලගා වුණේ හරි ඉක්මනින්. පාඩම් වැඩ ගොඩ ගැහුණත් මට දිල්නව නම් මතක් වෙන වාර අනන්තයි.

“තාරා…”

“ම්හ්…”

“මොකද පෑන කන්නේ. පාඩම් කරපන්…”

“මට තෙරෙන් නෑ දිල්න…”

මෝඩ පාට් එකෙන් වගේ මම කිව්වේ කට ඇද කරලා.

“තෙරෙන් නැත්තන් අහන්න එපායේ ළමයෝ. පෑන කාලා හරියනවාද…”

“ආව්…”

දිල්න ටොක්කක් ඇණලා කියද්දි මට කෑ ගැහුණේ ඉබේම හයියෙන්

“ඒ මැට්ටි පිස්සුද පුස්තකාලේ කෑ ගහන්නේ…”

දිල්න වටපිට බල බලා මට රහසින් ඒත් සැරෙන් කතා කරේ..

“ඉතින් ඔයානේ ගැහුවේ මට රිදුණා…”

හුරතල් මුහුණකුත් මවාගෙන මම කිවේ ඇගිල්ලෙන් බිම හාර හාරා…

“පිස්සියක්. එනවා මෙහේ කියලා දෙන්න…”

දිල්න එකෛන් එක පරිස්සමට සමීකරණ ටික කියලා දෙද්දි මගේ දැස් රැදුණේ ඔහුගේ මුහුණේ. දිල්න කියලා දෙන කිසිම සමීකරනයක් නම් මගේ ඔලිවට ගියේ නම් නෑ.

“දැන් හරිද…”

දිල්න අහද්දියි මම පියවි සිහියට ආවේ…

“අහ්.. ම්. අහ් හරි තේරුණා..”

කලබලෙන් ඇස් වටපිට බලමින් මන් කිවත් ඇත්තටම මොනවත්ම මන් අහගෙන නම් හිටියේ නෑ…

“ගුඩ්.. නොතේරෙන තැනක් තිබ්බොත් අහන්න..”

එහෙම කියපු දිල්න පාඩමට යොමුවෙද්දි මන් බලන් හිටියේ එයා දිහා.

පුස්තකාලේ ඉදලා ගෙදර ආපු මම කෙලින්ම පැන්නේ ඇදට ඇඳුමක්වත් මාරු නොකර. හිත ඇතුලුන් දිල්නව ඉල්ලද්දි හිතම එයාව පතද්දි මට මහ අසරණකමක් දැනෙන්නේ. ජීවිතේ පලවෙනි පාරට මට ආදරයක් හිතුණේ එයා ගැන. ඒත්..

“හ්ම්…”

ලොකු හුස්මකුත් අරන් ඇදේ පෙරලි පෙරලි ඉද්දි කාමරයට ආවේ අම්මා..

“දෝණි…”

“දෝණී… ළමයෝ…”

අම්මා පලවෙනි පාර කතා කරද්දි මට ඇහුනේ නැති තැන මට හිමිහිට ගහලයි කතා කරේ..

“දෝණි මොකෝ ළමයෝ මේ. කීයේ ඉදන්ද මන් කතා කරන්නේ…”

“අම්මා. මේහ්.. මට ඇහුන් නෑනේ…”

“ඇහෙන්න සිහියකින්ද හිටියේ. මොන ලෝකේද ළමයෝ හිටියේ…”

“අ.. මේ අම්මේ මන් මේ එක්සෑම් එක ගැන හිත හිතා හිටියේ…”

“ඇදුමක්වත් මාරු නිකර මොකද මේ ආපු පිටින්ම ඇදට පැනලා…”

“මහන්සි අප්පා…”

“ගිහින් වොශ් එකක් දා ගන්න නැත්ටම් ඇදම දාඩිය ගද ගහනවා. කෑම බෙදලා තියෙන්නේ වොශ් එකක් දාලා කන්න. මන් යනවා කාන්ති ඇනිටිලාගේ ගෙදර…”

“හරි අම්මා…”

අම්මා කාමරෙන් ගියාට පස්සේ මම ආපහු පෙරලුනේ ඇදේ… ටිකක් වෙලා ඇදේ පෙරලි පෙරලි හිටිය මම වොශ් එකකුත් දාන් කෑම එකත් අරන් ගියේ සාලේට. අක්කා නම් නිදි. මල්ලි තාම ඇවිල්ලා නෑ. මන් කෑම එකත් අරන් ගිහින් පුටුවේ වාඩි වෙලා ටිපෝ එක උඩ කකුල් දෙකත් තියලා ටිවි එක ඔන් කරේ. ටිවි එක ඔන් කරනකොටම ප්ලේ විවි තිබ්බේ ධනුෂ්ගේ අලුත් ෆිල්ම් එකක්. මට ඉතින් කෑමත් ඕනම නෑ.

කෑම එකත් අත ගගා මන් කකේ ධනුෂ්ගේ ෆිල්ම් එක බලපු එක.

“දෝණි තමුසේ ඔය කනවද අතගානවද කෑම එක..”

එකපාරටම කන ළගින් ඇහුණ අක්කාගේ කට හඩට මම ඉඩ ගියේ ෆිල්ම් එකේ සිහියෙන් හිටිය හින්දා…

“කනවා අක්කෝ පේන් නැද්ද…”

“පේනවා පේනවා මෙතන ෆිල්ම් එක කනවා කියලා. ඇත්තමයි දෝණි තමුසේ මේ එක්සෑම් කටේ තියන් ෆිල්ම් බලන්නේ පාඩම් කරන්න නැද්ද…”

“අනේ අප්පා ආවා විතරනේ. අනික කන ගමන් ෆිල්ම් එක බලන්නේ.. “

“ආවා විතරයි. බලනවා වෙලාව හතරටත් ලගයි. තමුසේ නම් හැදෙන් නෑ දෝණි…”

අක්කා එහෙම කියනකොට මන් බැලුවේ ඔරලෝසුව දිහා. හතරට දහයයි වෙලාව. මන් දෙකහමාරේ ඉදන් කාලා.

“අම්මායි තාත්තායි හුරතල් කරන හින්දා තමා මේ හැමදේම. එක්සෑම් ඇනගන්නවාකෝ. එදාට බලාගන්නවා…”

අක්කා මට තරවටු කරලා කාමරයට යද්දි මන් මට නෙවේ වගේ ආපහු හොදට ඉදගෙන ෆිල්ම් එක බැලුවේ.

හවස පහ විතර වෙනකම් ෆිල්ම් එක ගියේ. ෆිල්ම් එක ඉවරවෙනකම් මම නෙවේ එතනින් නැගිට්ටේ. ෆිල්ම් එක බලලා කෑම කාපු පිගානත් හෝදලා මම ආවේ කාමරයට.

එක්සෑම් ලග හින්දා වෙනදා අමතර ක්ලාස් තියනවා. අද විතරයි ෆ්‍රී. ඒ උනාට හෝම් වර්ක් නම් බර තොගයක් දීලා තිබ්බා. මන් ඒ ටික කරන්න කියලා පොත් ටික මේසේ උවින් තියලා මුලින්ම ගත්තේ ඉතිහාසය පොත. ඒත් එක්කම මන් දැක්කේ මගේ පොතේ දිල්න ඇදපු චිත්‍රයක්. දිල්නට ලස්සනට චිත්‍ර අදින්න පුලුවන්. මන් කිවාම එයා ලස්සනම චිත්‍ර ඇදලා දෙනවා එහෙම ඇදපු චිත්‍රයක් තමා මේ. මං ගාව වෙනම පොතක් තියනවා දිල්නට චිත්‍ර අදින්න. එක එක විදිහේ ලස්සන චිත්‍ර එයා මට ඇදලා දෙනවා.

ගැහැණු ළමයෙක් ලස්සන මලන් අරන් ඉන්න ෆොටෝ එකක්. මන් එකේ පොඩි නෝට් එකක් දැම්මා.

“ජීවිතය කටුක වන්නේ පතන දේ ලැබෙන තුරු නොඉවසිල්ලිමත් වීම නිසායි”

ඇත්ත ඒ මට දැණුන දේ ලිවේ. මට මොන දේ තිබ්බත් ජිවිතේ හිස්කමක් දැනෙන්නේ. අම්මා තාත්තා අක්කා මල්ලි හැමෝගේම ආදරේ ලැබෙද්දි දිල්නගෙ ආදරේ මන් හෙව්වා.

ඊලග කොටසින් හම්බෙමු…..