තාරා ✧✧✦
සත්‍යසිදුවීමකි. #නම්ගම්සියල්ලමනඃකල්පිත_වේ.
තෙවන_කොටස
මගේ හිතේ හැමදාම දිල්න ගැන ආදරේ වැඩි උනා මිසක් කවදාවත් අඩු උනේ නම් නෑ. ආදරේ කියන්නේ එක විදිහක පිස්සුවක් වගෙ. මට බලන බලන තැන පේන්නේ දිල්න. කොගේ ගියත් පෙන්නේ එයාව. නිදා ගත්තත් මතකයට එන්නෙම් එයාව. කොටින්ම කිවොත් බලන බලන හැමතැනම පේන්නේ එයාව. ඉනාවක්. ඔව් මට එක විදිහකට ඉනාවක් දිල්න…
“ඒ යමන් පීටී පිරියඩ් එක පිට්ටනියට…”
දිල්න ගැන හිත හිතා හිටපු මට සසදි කතා කරද්දියි පියවි සිහියට පැමිණියේ. මං ගැස්සිලා වගේ බලද්දි දිල්න ශෙනාල් එක්ක පන්තිය ඉස්සරහාට වෙලා ඉන්නවා.
“යමන්…”
පිටි පොරියඩ් එක තමා ආසම මන්. අපි ඒ වෙලාවට කරන්නේ ඉතින් සෙල්ලම් කරන එකම තමා. අදත් පිටි සර් නැති හින්දා අපි සෙල්ලම් කරන්න පිට්ටනියට ගියේ…
“තාරා ..”
“කියන්න දිල්න…”
“ඊයේ කියලා දුන්න ගනන් ටික තේරුණාද…”
“ටිකක්…”
මන් බෙල්ලත් ඇල කරලා නවලා කිවෙ විරිත්තලා වගේ. ඇයි මන් ආසම නැති විෂයක්නේ මැත්ස් කියන්නේ. හැබැයි දිල්න කියලා දෙද්දි හැම විෂයක්ම මට ලේසි වගේ.
“ටිකක් කියන්නේ. ඊයේ තෙරුණා කිවේ…”
“ඊයේ තෙරුණා හොදටම. ඒත් උදේ වෙද්දි ටිකයි අමතක…”
මං එහෙම කියදි දිල්න අතින් ගහගත්තේ ඔලුවට…
“අනේ ඇත්තමයි…”
“මොකු…”
“ඒ කපල් එක නැලවි නැලවි හිටියා ඇති මෙහේ වරෙන් සෙල්ලම් කරන්න…”
දිල්නත් එක්ක කතා කර කරම පිට්ටනියට ආපු අපි දෙන්නා පුබුදුගේ කෑ ගැහිල්ලෙනුයි ඒ පැත්ත බැලුවේ. හැමෝම ඇපි දිහා බලන් ඉන්නවා.
කපල් එක කියද්දි ඇමුතු හැගීමක් මට දැණුනෙ..
“ඒ පිස්සුද බන්. අපි හොද යාළුවෝ විතරයි…”
දිල්න හයියෙන් කෑ ගහලා කියමින් ඒ පැත්තට යද්දි සත්තයි මට දුක හිතුණා. එයාගේ හිතේ මන් ගැන යාලුකමට වඩා හැගීමක් නෑ වගේ මට දැණුනෙ…
“යමන් බන්…”
සසදි එකපාරටම පිටට ගහගෙන ඉස්සරහාට යද්දි අමාරුවෙන් මුහුනට මදහසක් නගාගෙන මන් ඉස්සරහාට ගියේ. පිටි පිරයඩ් එකේ අපි ගොඩාක් වෙලාවට කරන්නේ අල්ලන් සෙල්ල්ම්. අල්ලන් සෙල්ලම් කිවේ එක්කෙනෙක් රෙදි පටියකින් ඇස් වහන් අනිත් අයව අල්ලන එක. මේ සෙල්ලම කරද්දි කල් යනවා දැනෙනෙවත් නැහැ…
“ඔහේ නෙවේ…”
“දකුණට දකුණට…”
“ඕන් ඉස්සරහා ගහක්…”
හැමෝම කෑ ගගහා ඔය නොමග යවන්නේ දිල්නව… දිල්නගේ ඇස් පටියකින් බැදලා තිබ්බේ. හැමෝම කෑ ගගහා දිල්නව නොමග යවද්දි දිල්නත් ඒවා ඇත්ත කියලා එයා ඒ තැන් මග හැර ගියේ. ඒත් එකපාරටම දිල්න අල්ලා ගත්තේ අපේ ක්ලාස් එකේ කුමුදුව… දිල්න වෙන කෙල්ලෙක් අල්ලද්දි මට ඇත්තටම තරහයි. ඒ තරහටම මන් අතේ තිබ්බ ලේන්සුව අඹර අඹරා ගැට ගැහුවේ ඒ කුමුදු කියලා හිතන්.
“දැන් කුමියාගේ වාරේ…”
හැමෝම සතුටු වෙද්දි මට තරහයි . මගේ හිතේ ඉරිසියාවක් ඇති උනේ දිල්න වෙන කෙල්ලෙක්ව අල්ලද්දි. කුමුදු ඇස් දෙකේ පටිය බැදගන්න හදනකොටම පිරියඩ් එක ඉවර බෙල් එක වැදුනේ මගේ හිත සතුටින් පිනුම් ගහද්දි.
මම දිල්නවත් ගනන් නොගෙන ක්ලාස් එකට ගියේ හිතේ තිබ්බ ඉරිසියාවටමයි.
“තාරා… ඔහොම ඉන්න මන් එනකම්…”
“තාරා…”
දිල්න හයියෙන් කතා කරනවා ඇහුණත් මම නැහුණා වගේ ගියේ. ක්ලාස් එකට ගිහින් මන් වතුර ටිකකුත් බිලා සිංහල පොත් ටික අරන් පිරියඩ් එකට ලෑස්ති උනේ. ඒත් එක්කම මගේ එහා පැත්තේ ඩෙස්ජ් එකෙන් ඇවිත් ඉද ගත්තේ දිල්න. මම ගනන් නොගෙනම පොත පෙරලද්දි එයා පොත ඇදලා ගත්තේ මන් එයා දිහා බලද්දි.
“මොකද මේ. මං අච්චර කතා කරා ඇහුන් නැද්ද…”
“නෑ. ඔයා කතා කරාද…”
“ඔච්චර හයියෙන් කතා කරලාත් ඇහුන් නෑ…”
“ඇහුන් නෑ අනේ. දෙන්නකෝ පොත. දැන් ක්ලාස් එකට ටිචර් එයි…”
මම දිල්නගෙන් පොත ඇදලා ගන්න හැදුවත් දිල්න නෙවේ පොත දුන්නේ. ඔහු පොත පිටිපස්සට කරමින් මගේ මුහුණෙහි දෑස් රැන්දුවේ…
“මොකද මේ තරහා ගිහින් වගේ…”
“මට තරහා ගිහින් නෑ ඔය පේන හැටි…”
“මගේ යාළුවාගේ පුංචි වෙනසක් උනත් මට දැණෙනවා…”
“ඒ බොරු . එහෙනම් මේ වෙද්දි ඔයාට මාව දැනිලා තියෙන්න ඕනි…”
මන් එහෙම කියලා එයාගෙන් පොත උදුරාගෙන දුන්න හෝම් වර්ක් ආපහු මුල ඉදන් බැලුවේ ගනන් නොගෙන…
“මොකද්ද ඒ කතාවේ තෙරුම…”
“මොකුත් නෑ…”
ඒත් එක්කම ක්ලාස් එකට ආවේ අපේ සිංහල ටිචර්. සිංහල පිරියඩ් එකේ ඉදන් උගන්නපු කිසිම පිරියඩ් එකක දෙයක් මගේ ඔලුවට වැටුණේ නම් නෑ.
එයාගේ හිතේ මන් ගැන ආදරයක් නෑ කියලා දැන දැනම පස්සෙන් යන එක මෝඩකමක්ද කියලා මට වෙලාවකට හිතෙනවා. ආදරේ කියන්නේ මහ පුදුම දෙයක්. ආදරේ ඉස්සරහා මන් ගොඩාක් අසරණයි. දිල්න දිහා වෙන කෙල්ලෙක් බැලුවත් මට ඉරිසියායි. දිල්න වෙන කෙක්ලෙක් දිහා බැලුවත් ඉරිසියයි ප් මේ ආදරේ මෙහෙම හිරකරන් ඉදලා මාව පුපුරලා මැරෙයි කියලාමයි හිතෙන්නේ…
නෙත් කෙවෙනි අවදි වුණි
නුඹේ රුව දැකගන්න
බෝ තුටින් බලාවුණි
දොඩමලුව හිදින්නට
නුඹේ රුව ඈතකයි
ලං වෙන්න බැරි නිසා
මගෙ පැතුම් බොදවෙලා
සිනා මල් වියැකිලා…
කෙලි කවට බස් දෙඩු
මුවද අද ගොලුවෙලා
හදේ නැති සුසුම් පොදි
බොල් අහසේ හිරවෙලා
නුඹේ රුව දකින විට
කදුලු බිදු දගකලා
ඒ නිසා ඔබ ලගදි මුනිවතින්
ගතකලා 💔💔💔
ඊලග කොටසින් හම්බෙමු.