තාරා ✧✧✦
සත්‍යසිදුවීමකි. #නම්ගම්සියල්ලමනඃකල්පිත_වේ.
දෙවන_කොටස
එහෙම කියලා දිල්න එකපාරටම එයාගේ පොත මට දිලා මගේ පොත එයා ගත්තේ මට හිතා ගන්නවත් බැරි වෙද්දි.
“ද්…”
මම දිල්නට කතා කරන්න යද්දිම අපේ සයන්ස් ටිචර් අපි දෙන්න ඉස්සරහා…
“කෝ ගන්නවා පොත්…”
සයන්ස් ටිචර් දිල්න අර ගත්ත මගේ පොත අරන් බැලුවේ තරහින්.
“මෙතන පණ දාගෙන උගන්නවා මෙලෝ දෙයක් ඉගනගන් නෑ. මට හම්බුණ ජරාම පන්තියන්. වැඩ කරන් නැතුව කොහොම ගන්නවද මන්දා ලකුණු. දික් කරනවා අත…”
දිල්නට බැනලා බැනලා අතට ගැහුවේ වේ වැලකින්. මන් හින්දා ගුටි කන දිල්න දැක්කාම මගේ දෑසට කඳුළු ඉනුවේ ඉබේම.
දිල්නට වේවැල් පහර ගහද්දි මගේ හිතයි රිදුනේ.
“යනවා ගිහින් එලියේ දනගහගන්නවා…”
පන්තියෙන් එලියට දාපු දිල්න අව්වේ දන ගහන් ඉන්න දිහා මන් බලද්දි දිල්න මගේ දිහා බලලා කිවේ අවුලක් නෑ බන් කියන බැල්මෙන්. ටිචර් යනකන් මන් බොහොම අමාරුවෙන් ඇස් හංගන් හිටියේ. ටිචර් මගේ පොතත් බලලා පිටිපස්සට යද්දිම මගේ ඇස් අග දග කරපු කඳුලක් වැටුනේ පොතට. කවුරුත් දකින්න කලින් මන් කඳුල පිසදා ගත්තත් දිල්න මගේ කඳුල දැකලා තිබුණා කියලා තෙරුනේ ඒ තරවටු බැල්මෙන්…
සයන්ස් පිරියඩ් එක ඉවර වෙනකම්ම දිල්න පන්තිය ඉස්සරහා දන ගහගෙන හිටියේ. සයන්ස් පිරියඩ් එකේ ඉගැන්නුවේ මොනවද කියලාවත් මගේ මොළයට වැටුනේ නම් නෑ. සයන්ස් පිරියඩ් එක ඉවර වෙලා ටිචර් පන්තියෙන් ගියාට පස්සේ දිල්න ආවේ මගේ ලගට…
“ඒ පිස්සි මොකද මේ දුකින්…”
“ම්..ම…ං..හි..න්.. දා..නේ…”
“ඒ පිස්සි අඩනවද…”
මන් බොහොම අමාරුවෙන් ඉකිය වලක්වාගෙන කතා කරත් මන් අඩනවා කියලා දිල්නට තෙරූනා..
“ඇයි මං ගුටි කන්න තිබ්බ එක ඔයා භාරගත්තේ. මමනේ හෝම් වර් කරේ නැත්තේ…”
“උබ මගේ හොදම යාළුවා තාරා. හොදම යාළුවා. අපි දෙන්නා පොඩි කාලේ ඉදන්නේ හොදම යාළුවෝ. හරියට අපි දෙන්නා අයියායි නංගි වගේ. උබ මගේ නංගි වගේ බන්…”
“ඒ උනාට…”
“ඒ උනාට මේ උනාට නෙවේ. ඔය හිටු පිහදන් ලෑස්ති වෙනවා. ඊලගට ඉන්ග්ලිශ් පිරියඩ් එක…”
ඉන්ග්ලිශ් කියද්දි මගේ කට ඇද උනේ ඉඹේම…
“මොකද කට ඇද කරන්… “
“නින්ද යන පිරියඩ් එකනේ අප්පා…”
“ඔව් උබට නින්ද යන් නැත්තේ මින පිරියඩ් එකේද කියපන්කෝ බන්…”
“අනේහ් ඉතින්…”
“අනේහ් හුනේ තමා…”
මට ඇද කරල එයා ඉන්ග්ලිශ් පොත් ටික පෙරලා ගද්දි මන් බලන් හිටියේ ඒ මුහුණ දිහා.
“ඔයා නම් මායවක් දිල්න. ඔයාට මාව හොදම යාළුවා සහොදරියක් වගේ. ඒත් මට…”
“කවදාවත් මගේ හිතේ තියෙන ආදරේ ඔයාට දැනෙන් නැති වෙයිද දිල්න. කවදාවත් මට ඔයාට ආදරෙයි කියන්න බැදි වෙයිද මන් දන් නෑ. ඒත් මං ආදරෙයි. #හිමිඋනත්අහිමි_උනත් මේ හිතට දැණුන කුලුදුල්ම ආදරේ ඔයා…”
මන් දිල්න දිහා බල බලා කල්පනා කරද්දි දිල්න මගේ දිහා බලලා මුහුණෙන් ඇහුවේ ඇයි කියා… මම මුහුනට බොහොම අමාරුවෙන් මදහසක් නගන් කිවේ මොකුත් නෑ කියලා…
____💕💕💕____
“දෝණි… ඇවිල්ලා පොල් ටිකක් ගාන්න…”
ඇදේ එහෙ මෙහේ පෙරලි පෙරලි හිටිය මට ඇහුණේ අම්මා කතා කරන සද්දේ…
“මට බෑ…”
“දෝණි මගෙන් ගුටි කන් නැතුව ඇවිල්ලා පොල් ටිකක් ගානවා…”
“අක්කාට කියන්නකෝ අප්පා…”
මම සීට් එහෙන්ම ඔලුව වහන් ඇදේ ගුලි උනේ කම්මැලි කමට.
“මාව කාමරේට ගෙන්න ගන්නවද එනවද…”
“අප්පා. මාවමයි පේන්නේ ඔයාලට..”
මම සීට් එකත් ගුලි ගහලා ඇදට දාලා කොණ්ඩේ ගුලියක් වගේ බැදන් කුස්සියට ගියේ මරන්න ගෙනියන සතෙක් වගේ…
“හුරතල් කරලා තමා ඔය. පුදුම කමැලිකමක්.. කවදා හරි බැදලා ගිය දවසට නැන්දම්මා බනින්නේ අපිට…”
අම්මා බැන බැන උයද්දි මට එකපාරටම මතක් උනේ දිල්නව. එයා ගැන හිත හිතාම අම්මාට උයන්න උදව් උන මම උයලා ඉවර වෙලා වොෂ් එකකුත් දාන් ආවේ මගේ කාමරේට.
එයාට ලස්සනට චිත්‍ර අදින්න පුලුවන්. එයායි මායි එකට ඉන්න එයා ඇදපු චිත්‍රයක් මට දිලා තිබ්බා. මන් ඒ චිත්‍රය පරිස්සමට අරන් තියලා තිබ්බේ. අල්මාරියෙන් ඒ චිත්‍රය ගත්ත මම ඇදේ ඉදන් ඒක දිහා බලන් හිටියේ.
ඒ චිත්‍රය පරිස්සමින් අරන් තිබ්බ මම ගත්තේ මගේ ඩයිරිය. මේ ඩයිරිය පුරාවටම මං එයා ගැන ලියපු නිසදෙස් තියෙන්නේ…
නුඹේ ඇස් පත්ලේ
මගේ රුව ඇද්දෝ සිතමින්
මේ සිත වද වෙන තරම්
නුඹ දන්නවා නම්
සිතන් නෑ නුඹ මා සොයුරියක් විලසින්
මා නුඹට පෙම් කරන තරම්
නුඹ නමින් මගේ හද ගැහෙන තරම්
දන්නවානම් නුඹ…
නුඹට මගේ සිතේ ඇති
ආදරේ නොපෙනෙන්නේ
පෙර කරපු පවකටදැයි
නොදනිමි මා සබඳ…
ඩයිරියේ මට දැණුනු හැගීමක් අකුරු කරේ මන් එහෙම. ඩයිරිය වහලා පරිස්සමට ලාච්චුවට දාපු මම ගියේ කාමරෙන් එලියට. යනකොට මල්ලි ඉන්නවා ෆිල්ම් එකක් බල බල…
“මොකද්ද මල්ලි බලන්නේ…”
“ෆිල්ම් එකක් ධනූෂ් ඉන්න…”
“මොකද මෝඩයෝ කතා කරේ නැත්තේ…”
“ආව්…”
මල්ලිට ටොක්කකුත් ගහලා මම ඉදගත්තේ එතන තිබ්බ පුටුවේ.
එයා හරියට දනූෂ් වගේ. ඒ හින්දම මගේ ආසම නළුවා උනෙත් දනූෂ්. මන් කවදාවත් දනූෂ් ඉන්න ෆිල්ම් එකක් මග අරින්නෙම නෑ.
“ආව් මෝඩි… ඔච්චර ධනූෂ්ට ආසානම් ගිහින් බැදගන්නවාකෝ වදේ…”
“මට බදින්න ඔන් නෑ… දනුෂ් වගේම කොල්ලෙක් මටත් ඉන්නවා…”
මුල ටික හයියෙන් කියලා අන්තිම ටික මන් හිතට තනියම මුමුණා ගත්තේ. ඒ ටික ඇහුනා නම් මන් ඉදලා ඉවරයි.
ඊලග කොටසින් හම්බෙමු…..
මේක සත්‍ය කතාවක්. ඉතින් ඔයාලාට හිතන දේ කියන් යන්න කතාව ගැන